විචාර බුද්ධියට ඇරයුමක්

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
විචාර බුද්ධියට ඇරයුමක්

ලොව සියළු දෑ මූලික වශයෙන් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහාමද? පරිසරය ඉමහත් ලෙස වෙනස් කළ හැක්කේ මිනිසාට පමණක්ද? ඔහුට මෙම සුවිශේෂී හැකියාව ලැබී තිබෙන්නේ කුමක් නිසාද? මිනිසා පරපුරෙන් පරපුරට මිහිතලයේ පාලකයා ලෙස ක්‍රියා කරන බව සත්‍යක් සේ පිළිගැනීමට අපට දුෂ්කර තාවයක් තිබේද? පාලකයෙකුට යහ පාලනයක් සඳහා මඟ පෙන්වීමක් හා නීති පද්ධතියක් අවශ්‍ය නොවන්නේද? මෙම මඟ පෙන්වීම හා නීති ක්‍රමය ඔහුටම සාදාගත හැකි එකක්ද? මේ සියල්ල හැසිරවීමට ඔහුටම සුවිශේෂීවූ ඥාණයක් අවශ්‍ය නොවන්නේද? සත්ව ලෝකයේ මිනිසාටම පමණක් ඇති විචාර බුද්ධිය උපයෝගී කරගෙන මිනිසා පිලිබඳව කරන්නාවූ විමසුමකට අපහා එක්වන්න.

මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. මිනිසා සත්ව ලෝකයේ උසස්තම සත්වයා ලෙස හැඳින්වීම අප සැමගේ සම්මත පිළිවෙතයි. එහෙයින් පළමුව මිනිසා හා පොදුවේ අනෙකුත් සතුන් අතර ඇති සමාන හා අසමාන කම් ගැන සාකච්ඡා කරමු. කුසගින්න, පිපාසය, ලිංගික උත්තේජනය (ප්‍රජනනය) නින්ද හා ආරක්ෂණය පිළිබද හැඟීම සතුන්ට හා මිනිසාට පොදුවු ලක්ෂණ ලෙස පිළිගෙන ඇත. මෙම සාධකයන් මිනිසා තුළ පිහිටි සත්ව ලක්ෂණයන් ලෙසත් ඒවා පාදක කරගෙන විවිධ චිත්ත ප්‍රවේගයන් මිනිසාගේ චෛතසිකයේ උත්පාදනය විය හැකි බවත් අපි දනිමු. මිනිසා සත්ව ලෝකයේ උසස්ම සත්වයා වන්නට නම් අනිවාර්යයෙන්ම එම උසස් භාවය සාධාරණීය කරවන මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ මිනිසාට තිබිය යුතුය. මනෝ විද්‍යාත්මක කෝණයෙන් මෙම කරුණු විග්‍රහ කර ඇති අයුරු විමසා බලමු. විචාර බුද්ධිය, (ලැජ්ජාභය මත පදනම් වු) සදාචාරය, තෝරා ගැනීමේ නිදහස, හරි වැරදි (සම්මා හා අසම්මා) ක්‍රියා පිළිබඳ හැඟීම හා මිහිතලය ඇතුළුව මුළුමහත් විශ්වයටම පාලක පරම අධිපති බලයක් ඇත්තේය යන හැඟුම මිනිසාට පමණක් සුවිශේෂ වු ලක්ෂණ ලෙස සැළකේ. මෙහි අවසානයට සඳහන් කරුණ වඩාත් පැහැදිලිව අවබෝධ කරගැනීම සදහා විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු බව අපි පිළිගනිමු. මෙම ලිපියේ අපගේ අවධානය වැඩිපුර යොමුවන්නේ ඉහතින් සඳහන් කළ සුවිශේෂි ලක්ෂණයන්ගෙන් එකක් වු විචාර බුද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමටය.
විචාර බුද්ධිය

සත්වයින් තම පසිඳුරන්ට ගෝචර වන සාධක කෙරෙහි සෘජු ප්‍රතිචාර පමණක් දක්වන අතර එම සාධකයන් තම චින්තනයට පාත්‍ර කොට එහි විවිධ පැති කඩයන් පිළිබඳව විචාරාත්මකව සළකා බැලීමේ හැකියාවක් ඔවුන්ට ඇති බව සොයා ගෙන නොමැත. පසිඳුරන්ගෙන් ලබාගන්නාවු තොරතුරු පිළිබඳව සෘජු ප්‍රතිචාර දැක්වීමට මෙන්ම එම තොරතුරු පිළිබඳව විචාරාත්මකව විමසා බැලීමේ හැකියාවද මිනිසාට ඇත. ලබාගන්නා තොරතුරු විචාරාත්මකව සමාලෝචනයට ලක් කොට නව නිගමනයකට එළැඹිමට මිනිසාට හැකියාවක් ඇත. මෙය උදාහරණයක් මගින් විමසා බැලීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. පසුගිය කාලවකවානුව තුළ මෙරට පැවැති අවාසනාවන්ත සිවිල් යුද්ධ සමයේදී ත්‍රස්ත්‍රවාදීන් විසින් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයට පහර දුන් සිද්ධිය අපගේ මතකයෙන් ඉවත් නොවන කරුණක් බවට පත් වි ඇත. මෙය සිදුවු අවස්ථාවේ කොලොන්නාවේ සිට කි.මි. 20 පමණ ඈතින් සිටි අයට වුවද අහස් ගැබ තුළට නැග ආ අති විශාල දුම් කන්දරාව දැක ගැන්මේ අවස්ථාව ලැබුණි. ත්‍රස්ත්‍ර පහරදීමක් ගැන නොදැන සිටි මෙම ජනයා පළමුවට දෑසින් දුටුවේ මෙම ප්‍රහාරයෙන් නැගුණු අතිමහත් දුම් කන්දරාව පමණි. මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ජනයා වහාම මෙම සිදුවීම තම විචාරයට ලක්කරන්නට පටන් ගත්හ. මෙය තම ගෙවත්ත අතුගා එකතු වු වියළි අතු කොළ ගිනි තැබිමෙන් මතු වු දුමක් නොවන බව ඔවුන් හොඳින් දැන සිටියහ. එමෙන්ම මෙය කර්මාන්ත ශාලාවක දුම් කවුළුවකින් මතු වු දුමක් නොවන බවද ඔවුන්ට පැහැදිළිවූ කරුණකි. මෙලෙස මෙතරම් විශාල දුම් කන්දරාවක් අහස් ගැබ තුළට නැග එන්නට හේතු විය හැකි සාධක ගැන විචාරයක යෙදී නිසැකව, සැවොම ඒකමතිකව එළඹුණු පැහැදිළි නිගමනය නම් නිශ්චිත වශයෙන්ම මෙය මහා ගින්නක් හේතු කොටගෙන මතු වු දුමක් බවයි. මෙම අවසාන නිගමනය පිළිබඳව ඔවුන්ගේ සිත් තුළ සැකයක් නොතිබුනි. ඉන්පසු ඔවුන් විචාරන්නට වුයේ මෙම විශාල ගින්න ඇති වන්නට හේතු වු කරුණු ගැන හා ගින්න ඇතිවු ස්ථානය පිලිබඳවයි. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණය නම් කොලොන්නාවේ සිට කි.මි. 20 ක් හෝ 25 ක් ඈතින් සිටි ජනයා අහස් ගැබට නැගුණු දුම දෙස බලා මහා ගින්නක් ඇති බව නිගමනයකට පැමිණියේ එම ගින්න සෘජුව දැකීමෙන් නොවේ. එනම් පසිඳුරන්‍ට ගෝචර වු කරුණු විචාරයට ලක් කිරීමෙන් සෘජු ව දැකිය නොහැකි හෝ නොදුටු දෙයක් සත්‍යය බව පිළිගැනීමට මිනිසාට හැකියාවක් ඇති බව මේ අනුව පහසුවෙන් අවබෝධ කර ගැන්මට හැකිවෙනවා නොවේද? එනම් එක් සංඥාවක් හෝ සංඥා මගින් අන්දෙයක සත්‍යතාවය අවබෝධ කර ගැන්මට හා පිළිගැනීමට මිනිසාට හැකියාව තිබේ.

ඉහත උදාහරණය අප සතුන්ට අදාල කර බැලුවහොත් සතුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් බව අපි හොඳින් දන්නෙමු. අප බොහෝවිට පක්ෂීන්ගෙන් දකින්නේ දුමෙන් වැසුනු අහසින් මතුවන අන්ධකාරය දුටුවිට එය රෑ කාලයේ ආරම්භය ලෙස සළකා තමන්ගේ කැදැල්ල කරා පියාඹන්නට සුදානම් වීමයි. එයින් එහා සිතීමේ හැකියාව සතුන්ට ලැබී නොමැත. මිනිසාගේ ස්වභාවය මෙයට හාත්පසින්ම වෙනස් තත්වයකි. මෙලෙසම නොදුටු දෙවිඳුන් සත්‍යය බව විශ්වාස කිරීමට මිනිසාට හැකි වි තිබෙන එක ප්‍රධාන හේතුවක් නම් මිනිසාට ජන්මයෙන්ම ලැබී ඇති මෙම විචාර බුද්ධියයි. දෙවිඳුන්ගේ සංඥා දෙස අවධානය යොමු කරන මිනිසාට එම සංඥා පිටිපස නියත වශයෙන්ම පාලක පරම අධිපති බලයක් ඇති බව ඔහු ඉතා පහසුවෙන්ම හඳුනා ගනී. මෙම කරුණ පිළිබඳවද උදාහරණයක් මගින් සාකච්ඡා කලහොත් වඩාත් සුදුසු යි කියා සිතන්නෙමු.

මෙයට පෙර කිසිවෙකු විසින් දැක නොමැති එමෙන්ම ඒ ගැන කිසිවෙකුට කිසිදු දැනුමක් නොමැති යන්ත්‍රයක් අප ඉදිරියේ ගෙනැවිත් තබා එහි ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය ගැන දන්නේ කවරෙක්ද කියා අපෙන් විමසුවහොත් අප නිසැකවම ඉදිරිපත් කරන පිළිතුර කුමක් විය හැකිද? දෙවැනි අදහසකට ඉඩක් නොමැතිව කවුරුත් දෙන පිළිතුර වන්නේ එම යන්ත්‍රය පිළිබඳව දන්නේ එහි නිර්මාතෘ බවයි. ඉස්ලාමයේ උගන්වන්නේද විශ්වය හා එහි ඇති සියළු දෑ නිර්මාතෘ කෙනෙකු විසින් නිර්මාණය කර ඇති බවයි. මෙම නිර්මාතෘ හා මෙයට පෙර සඳහන් කළ විශ්වයේ පාලක පරම අධිපති එක් බලයක් බවත් ඉස්ලාමය අපට උගන්වයි. මෙය එක් අතකින් ක්ෂණිකව ඇදහීමට අපහසු දෙයක් ලෙස යමෙකුට පෙනෙන්නට ඉඩ ඇත. එමනිසා මෙයට අදාළ විද්‍යාත්මක කරුණු අනිවාර්යෙන් අපට සාකච්ඡා කිරීමට සිදුවේ. විශ්වයේ බිහිවීම පිළිබඳව ඇති සම්මත විද්‍යාත්මක සිද්ධාන්තය වන්නේ “මහා පිපුරුම් න්‍යාය” වේ. මෙයට පසුබිම් වු හේතුද සළකා බලමු. 1929 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේදි ඇමරිකානු තාරකා විද්‍යාඥ එඩ්වින් හබල් විසින් ඉතා ඓතිහාසික මෙන්ම අති වැදගත් සොයා ගැනීමක් තාරකා විද්‍යා කේෂත්‍රයේ කරණු ලැබිණි. පළමුව එඩ්වින් හබල් නිරීක්ෂණය කලේ සියළුම ග්‍රහ වස්තු පෘථිවියෙන් ඈතට දිව යන බවයි. වැඩිදුර නිරීක්ෂණයේදි ඔහුට සනාථ වුයේ සියළු ග්‍රහ වස්තු පෘථිවියෙන් ඉවතට දිව යනවා පමණක් නොව, සියළුම ග්‍රහවස්තු එකිනෙකින් ඈතට දිව යන බවයි. එනම් විශ්වය පුළුල් වෙමින් පවතින බව මෙම නිරීක්ෂණයේදි අවධාරණය විය.

විසිවන සියවසේ ජීවත් වු ‍ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වු ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් තුළින් නියත වශයෙන්ම විශ්වය ස්ථිතික (Static Universe) එකක් නොවන බව ඔහු විසින් සොයා ගෙන තිබුනි. මේ අනුව ඇල්බට් අයින්ස්ටයින්ද එඩ්වින් හබල් විසින් සොයා ගන්නා ලද පුළුල් වන විශ්ව සිද්ධාන්තය අනුමත කරමින් එයට පදනම් වු න්‍යායාත්මක භෞතික විද්‍යා ගණනය කිරීම් ඉදිරිපත් කරන ලදී. පුළුල් වන විශ්ව සිද්ධාන්තය විසින් සනාථ කරණු ලැබු තවත් එක් සත්‍යයක් නම් කාලයේ ආපස්සට ගමන් කළහොත් එකිනෙකින් ඈතට දිව යන සියළු ග්‍රහලෝක හා අභ්‍යාවකාශ වස්තු එක් ලක්ෂ්‍යකට ඒකරාශී වන බවයි.‍ මහා පිපිරුම් සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ මෙම එක් ලක්ෂය පිපිරීම තුළින් මුළු මහත් විශ්වයම නිර්මාණය වු බවයි. මහා පිපිරුම් න්‍යායට පදනම් වු වැදගත් සාධක දෙක නම් මුළු මහත් විශ්වයම එක් ඒකකයක් වශයෙන් පළමුව තිබීම හා ඉන්පසු එය පිපිරීයෑමෙන් ඇති වු ගතික බලය (Dynamic Force) හේතුවෙන් පිපිරීමෙන් බිහි වු ග්‍රහලෝක අදත් අපගේ පියවි ඇසට නොදැනුනාට එකිනෙකින් ඈත් වෙමින් විශ්වය පුළුල් වෙමින් පවතින බවය. මෙම කරුණු දෙක සොයා ගනු ලැබුවේ 1929 වර්ෂයට පසුවයි. එයට ශතවර්ෂ ගණනකට පෙර විද්‍යාත්මක පර්යේෂණ වාර්තා කිසිවක් ඉදිරිපත් නොකොට තමන් විසින් විශ්වය නිර්මාණය කළ බවත්, නිර්මාණය කළ ආකාරය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අල්ප මාත්‍රයක පරස්පරතාවයකින් තොරව සනාථ වන්නේ නම් එසේ පවසන්නා විශ්වයේ නිර්මාතෘ බව පිළිගැනුමට අපට අපහසුතාවයක් ඇතිවේ යැයි නොසිතන්නෙමු.

නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහල කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල්-කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරයකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම් එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්‍රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“විශ්වය අපි අපගේ (නිර්මාණාත්මක) බලයෙන් පිහිටෙව්වෙමු. එය පුළුල් කරමින් සිටින්නේ අපමය ” (අල් කුර්ආනයේ 51 වන පරිච්ඡේදයේ 47 වැනි වැකිය)

මෙය පුළුල් වන විශ්වය (Expanding Universe) සිද්ධාන්තය සනාථ කරවන අල්කුර්ආන් පණිවිඩයයි. දැන් පහත අල් කුර්ආන් වාක්‍යය කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු.

“විශ්වයේ (අන් ග්‍රහලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණයකොට) තිබි අප පුපුරුවා හැර (විශ්වයේ නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහිද? ජීව ඇති සියළු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේද?” (අල් කුර්ආන් 21 වන පරිච්ඡේදය -30 වැනි වැකිය)

මෙම වැකියෙන් ඉදිරිපත් කරවන විද්‍යාත්මක සත්‍යය අවුරුදු 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජීවත් වු අයෙකුට කොහෙත්ම ඔහුගේ ස්වයං දැනුම පදනම් කරගෙන ඉදිරිපත් කළ හැකි අදහස් නොවේ. එම වැකියේම ජීවයේ පදනම ගැන සඳහන් කරුණු ගැනද විමසා බලමු. නුතන විද්‍යාව අපට උගන්වන්නේ ප්‍රෝටෝප්ලාස්මය හෙවත් ජීවයේ භෞතික පදනමේ සංයුත්තියෙන් 80% කට වඩා වැඩියෙන් ඇත්තේ ජලය බවයි. ජල හිඟයෙන් දුක් විඳින කර්කශ කාන්තාරයේ ජීවත් වු අයෙකු ජීවයේ භෞතික පදනම ලෙස ඇති ජලය පිළිබඳව සඳහන් කිරීම කිසිසේත්ම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එසේ සඳහන් වන්නේ නම් එය සැබැවින්ම සියල්ල දන්නාවු තැනකින් ලැබුණු පණිවිඩයක් බව පිළිගන්නට අපට සිදුවෙනවා නොවේද? අපි නැවතත් විශ්ව නිර්මාණයේ විද්‍යාත්මක පදනම වෙතට අවධානය යොමු කරමු. 1948 දි ජෝර්ජ් ගැමොව් නම් තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් න්‍යාය විද්‍යාත්මක සිද්ධාන්තයක් වන්නට නම් අනිවාර්යෙන්ම තිබිය යුතු සාධකයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. එනම් මහා පිපුරුම ක්ෂණිකව සිදුවුවාක් නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිශ්චිත ප්‍රමාණයක විකිරණයක් විශ්වයේ ශේෂව තිබිය යුතු අතර එය මුළු විශ්වය පුරාම ඒකාකාරි අයුරින් පැතිර තිබිය යුතු බවත්ය.
 

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    නුතන විද්‍යාවේ අල්පයකුදු නොදැන සිටි යුගයක එනම් වසර 1400 කට පෙර අරාබි කාන්තාරයේ ජිවත් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) නම් වූ ලියන්නට හා කියවන්නට නොදැන සිටි එඩේර ජීවිතයක් ගත කළ පුද්ගලයාට විශ්වයේ පාලක පරම අධිපති විසින් අවුරුදු 23 ක් තිස්සේ පහල කරනු ලැබුවේ යැයි පවසන පණිවිඩයන්ගේ එකතුවක් වු අල්-කුර්ආනය විශ්වයේ නිර්මාණය පිළිබඳව නුතන විද්‍යාවට අල්ප මාත්‍රයක පරස්පරයකින් තොරව විස්තර ඉදිරිපත් කරන්නේ නම් එය නියත වශයෙන්ම සුවිශේෂි වු ප්‍රාතිහාර්යයක් විය යුතුමය. මේ පිළිබඳව එහි අඩංගු වැකි ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු

     
    • Like
    Reactions: king_pandukabaya

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    “විශ්වයේ (අන් ග්‍රහලෝක) හා පොළොව එක් ඒකකයක් වශයෙන් (නිර්මාණයකොට) තිබි අප පුපුරුවා හැර (විශ්වයේ නිර්මාණය කළ) බව විශ්වාස නොකරන්නන් නොදන්නෙහිද? ජීව ඇති සියළු දෙය අප ජලයෙන් නිර්මාණය කළෙමු. එසේ නම් ඔවුන් විශ්වාස නොකරන්නේද?” (අල් කුර්ආන් 21 වන පරිච්ඡේදය -30 වැනි වැකිය)


    ජලය මැව්වේ කොහේ සිටද ?

     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල විකිරණය) යනුවෙන් නම් කරන ලදී. මෙම විකිරණය සඳහා නිශ්චිත ප්‍රභවයක් (එයට මුල්වු ස්ථානයක්) නොතිබු අතර එය අභ්‍යාවකාශය පුරාවට ඒකාකාරිව විහිදී ඇති බවද ඔවුන් විසින් සොයා ගන්නා ලදී. පෙන්සියාස් හා විල්සන් ට මෙම සොයා ගැනීම සදහා නොබෙල් ත්‍යාගයද පිරිනමන ලදී. 1989 දි ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් වු නාසා (NASA) ආයතනය මගින් COBE (Cosmic Background Explorer) නමින් මෙම විකිරණය පිරික්සීම සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම විශ්විය පසුතල විකිරණය හඳුනා ගැනීමට මෙම චන්ද්‍රිකාවේ තිබු ඉතා සියුම් හා සංවේදි උපකරණයන්ට අවශ්‍ය වුයේ විනාඩි අටක පමණ කාලයක් පමණි. ඉන්පසුව COBE 2 යනුවෙන්ද මේ සඳහා චන්ද්‍රකාවක් යවන ලද අතර එය විසින්ද මෙම විකිරණය පිළිබඳවූ සියළු කරුණු සනාථ කරන ලදී. මෙම විද්‍යාත්මක පසුබිම ඉදිරිපත් කළේ දැනට විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස සනාථ වි ඇති මහා පිපිරුම් න්‍යායේ සත්‍යභාවය ඔබට පැහැදිළි කිරිම සඳහාය. අප ඔබට ආරාධනා කරන්නේ විචාර බුද්ධිය උපයෝගි කරගෙන විශ්වයේ නිර්මාතෘ හඳුනා ගැනිම සදහා ඉහත සදහන් කරුණු වෙත නැවත නැවතත් ඔබගේ අවධානය යොමු කරවන ලෙසයි. අප ආරම්භ‍යේ සදහන් කළ පරිදි මෙයට පෙර කිසිවෙකු නොදැන සිටි හා මෙයට පෙර කිසිවෙකු නොදුටු යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය හා එහි ව්‍යුහය දන්නේ නියත වශයෙන් ම එහි නිෂ්පාදකයා හෝ නිර්මාතෘ බව පිළිගත් පදනම මත පිහිටා විශ්වයේ නිර්මාණයේ විස්තර ඉතාමත්ම නිරවද්‍යතාවයකින් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව මෙයට අවුරුදු 1400 කට පෙර යමෙක් පවසන්නේ නම් ඔහු නිසැකවම එහි නිර්මාතෘ බවට පිළිගැනිමට අපට කිසිදු අපහසුවක් හෝ බාධාවක් තිබිය නොහැක. ජෝර්ජ් පොලිස්ටර් නම් ප්‍රංශ දර්ශන වාදියාගේ මතය නම් විශ්වය නිර්මාණය කළ එකක් නම් මෙම නිර්මාණයට පෙර විශ්වයෙන් තොර වු තත්ත්වයක් තිබිය යුතු බවය. එනම් නුතන විශ්වය නොමැතිතාවයක් තිබිය යුතු බවය. මෙම තත්ත්වය තුළ තිබිය හැක්කේ නිර්මාතෘ බලය පමණකි. කිර්තිධර විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමත් සමගය. අවකාශය හා භෞතික පදාර්ථ බිහිවන්නේ විශ්ව නිර්මාණයෙන් පසුවය. බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ඩී. බරොව් විසින් ප්‍රකාශිත “Origin of The Universe” යන ග්‍රන්ථයේ 3-6 පිටුවලින් ඉදිරිපත් කොට ඇත්තේද මෙම මතයයි. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ බිහිවිමෙන් පසුව නම් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර වු අයෙකු විය යුතුය. එනම් විශ්වයේ නිර්මාතෘට කාලය පදනම් කරගත් ආරම්භයක් තිබිය නොහැකි බව මෙම තොරතුරු පිළිබඳව තර්කානුකුලව සිතන විට අපට පිළිගන්නට සිදුවේ. මෙය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුල වු සංකල්පයකි.
    සමහර දහම් විශ්වයට ආරම්භයක් නොමැති බවත් එය මිනිස් චින්තනයට අවබෝධ කරගත නොහැකි දෙයක් ලෙසත් දක්වා ඇති හෙයින් මෙම සංකල්පයේ විද්‍යාත්මක පසුබිම විචාරයට ලක් කිරීම සුදුසු යැයි සිතන්නෙමු. මේ සඳහා අපට උපයෝගි කරගැන්මට පහසුම විද්‍යාත්මක සිද්ධාන්තය නම් තාපගති විද්‍යාවේ සිද්ධාන්තයන්ය (Laws of Thermodynamics). මෙහි සිද්ධාන්තයන් දෙකක් ඇති අතර එය පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
    පළමු සිද්ධාන්තය
    :- විශ්වයේ ඇති සම්පුර්ණ ස්කන්ධ -ශක්තිය නියතයකි (The Total Amount Of Mass Energy in the universe is constant)
    දෙවන සිද්ධාන්තය
    :- ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය ඌණ වෙමින් පවතී. කාර්යයන්ට උපයෝගි කරගත නොහැකි ශක්ති ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. The Amount of the Energy Available For Work Is Running Out or Entropy Is Increasing To a Maximum)
    විශ්වයේ ස්කන්ධ – ශක්ති (Mass Energy) ප්‍රමාණය නියතයක් නම් හා ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රමාණය සිඝ්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ නම් ඉතා විද්‍යානුකුල මතය විශ්වය සදාකාලිකව පවතින්නක් විය නොහැක යන්නය. එසේ සදාකාලිකව පවතින්නක් නම් දැනටමත් ප්‍රයෝජනයට ගතහැකි ශක්ති ප්‍රමාණය අහෝසි වි විශ්වය තාප අභාවයකට (Heat Death) පත් වි තිබිය යුතුය. විශ්වයේ බලශක්ති සැපයිමේ මුලික ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. අපගේ ග්‍රහ මණ්ඩලයේ ස්වයං දීප්තිමත් තාරකාව වන්නේ සූර්යයාය. එහි විෂ්කම්භය සැතපුම් 865000 පමණ වන අතර එය පෘථිවිය මෙන්ම 330000 වාරයක් බර බව නුතන විද්‍යාව සොයා ගෙන ඇත. හිරුගේ ඉන්ධනය වන්නේ හයිඩ්‍රජන්ය. එය දවාලීමෙන් හීලියම් උත්පාදනය වන්නේය. එහි තත්පරයකට කිලෝ ග්‍රෑම් බිලියන පහක පමණ ඉන්ධන දවාලන බවද සොයා ගෙන ඇත. මෙම විශ්ව බලශක්ති සැපයිමේ හයිඩ්‍රජන් ප්‍රමාණය ක්‍රමයෙන් හිනවෙමින් පවතින අතර එය සහ මුලින්ම අහෝසි වි යෑමට තව බොහෝ කල් ඇති බවද විද්‍යාව විසින් සොයා ගෙන ඇත. විශ්වය සදාතනික එකක් නම් මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය අහෝසි වි දැනටමත් විශ්වයේ තාප අභාවයකට මුහුණ දි තිබිය යුතුය. සදාතනික විශ්ව සංකල්පය කොහෙත්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකුලතාවයක් දක්වන්නක් නොවේ. මේ අනුව විද්‍යාත්මකව ඔප්පු වන්නේ විශ්වයට ආරම්භයක් ඇති බවය. එම ආරම්භය සිදුවුයේ මහා පිපිරුම් සිද්ධාන්තය පදනම් කරගෙන බව මෙයට පෙර සාකච්ඡා කළෙමු. මෙම සත්‍යතාවයන් තුළින් අපට පහත සදහන් නිවැරදි හා නිශ්චිත නිගමනයන්ට එළඹිය හැකි වන්නේය.
    1. විශ්වයට (කාලය ඇතුළුව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්‍යාත්මක සිද්ධාන්තයන් පදනම් කරගෙන සනාථ වන කරුණකි.
    2. ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන්ම හේතුවක් තිබිය යුතුය. මේවා හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්‍යාත්මක හා යථාර්තවාදි සංකල්පයන් නොවේ.
    3. එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය.
    4. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය.
    5. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්වය අතර තිබිය හැක්කේ විශ්වය උත්පාදනය කළ හේතුවක් පමණි.
    6. එහෙයින් විශ්වයේ නිර්මාතෘ කාලයෙන් පරිබාහිර බලයක් වන හෙයින් විශ්වයේ නිර්මාතෘට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික විය යුතුය.
    7. ආරම්භයක් නොමැතිව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එහෙයින් විශ්ව‍යේ නිර්මාතෘට හේතුවක් නොමැත.
    8. මෙහි අප සාකච්ඡා කලේ භෞතික වශයෙන් ගිණිය හැකි කාලය සම්බන්ධවය. මෙම භෞතික කාලයට පෙරද කාලයක් තිබිය යුතු වන්නේය. එම පරම සත්‍යය කාලය අන් කිසිවක් නොව කාලයේ නිර්මාතෘම විය යුතුය යන්න අපගේ මතයයි.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අල්ලාහ් දෙවිඳුන් සුදුද ? කළුද ? අල්ලාහ් අරාබිය කාන්තාරයක් කලේ ඇයි ? මිත්‍යාදෘෂ්ටික සිංහල රට දිව්‍ය විමානයක් කලේ ඇයි.?