රාඡපක‍්ෂ මෘගයන් පලිගත් රණ විරුවන්
2010 ජනාධීපතිවරණයෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ එකතුව හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අත්පත් කරගැනීමට කටයුතු කලා යැයි චෝදනා කරමින් උසස් හමුදා නිලධාරීන් 13 දෙනෙක් 2010-01-30 වෙනි දින හමුදාවෙන් නෙරපා දමන ලදී. සමහර නිලධාරීන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන, විශ්‍රාමික මේජර් ඡෙන්රාල් උපාලි එදිරිසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් සිල්වා ද ඒ අතර වූහ. අනෙක් නිලධාරින් රහස් පොලිසියට කැඳවමින් දිගටම ප්‍රශ්න කරන ලදී. පසුව මෙවැනි හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ බව අධිකරණයේදී තහවුරුවීමෙන් පසුව මෙම නිලධාරීන් නිදොස් කොට නිදහස් කරන ලදී.
එසේ නිදහස් වුවද මෙම නිලධාරීන්ට රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු රැකියාවකට යා නොහැකි වන ලෙස අසාදුලේඛණ (Black List) ගතකර යුද හමුදාවෙන් බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන ලදී. ඊට අමතරව මෙම නිලධාරීන්ට විශ්‍රාම වැටුපෙන් 30% ක ප්‍රතිශතයක් පමණක් ගෙවන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ විසින් ලිඛිතව නියෝග කෙළේය.
බ්‍රිගේඩියර් දුමින්ද කැප්පිටිවලාන අත් අඩංගුවේ සිටින විට එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක විසින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ජෙනරාල් සරත් ෆොන්සේකාගේ අනු දැනුම ඇතුව සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කරන ලෙස බලකළේය. එසේ ප්‍රකාශ කළහොත් සියලුම වරප්‍රසාද සහිතව සිය පවුල සමග විදේශ රටක ජීවත්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කළේය. එහෙත් එම නිලධාරියා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කෙළේය.
පසුකාලීනව මර්වින් සිල්වා ඇමතිතුමා විසින් ලසන්ත වික්‍රමතුංගගේ මිනීමරුවන් කවුරුන්ද යැයි මේ වන විට රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම නිලධාරීන් හට චරපුරුෂයන් යොදවමින් නිරන්තරයෙන් කරදර කිරීම හේතුවෙන් බහුතරයක් නිලධාරීහු පවුල් පිටින් ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටවලට ගොස් දේශපාලන රැකවරන ඉල්ලා සිටියහ. මූලිකව ඉවත් කරනලද මෙම නිලධාරීන් 13 දෙනාට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ යුධ ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ කැපවීම් කළ පහත සඳහන් නිලධාරින්ද සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්කරන ලදී.
නි/අංකය නම රෙජිමේන්තුව විශ්‍රාම ගැන්වූ දිනය
නි/50808 මේ.ජෙනරාල් J.J.P.S.T. ලියනගේ SLA 30.01.2010
නි/5087 මේ.ජෙනරාල් G.P.R. ද සිල්වා VIR 30.01.2010
නි/50882 මේ.ජෙනරාල් L.A.D. අමරතුංග SLSR 03.01.2011
නි/50959 මේ.ජෙනරාල් M.K. ජයවර්ධන GW 05-05-2011
නි/50909 මේ.ජෙනරාල් D.M.D. අල්විස් SLE 06-02-2011
නි/50922 මේ.ජෙනරාල් A.D.G.A. ජයවර්ධන SLA 06-11-2011
නි/60163 බ්‍රිගේඩියර් D.A. අමුණුගම SLLI 09-10-2011
නි/50867 බ්‍රිගේඩියර් T.F. මීඩීන් SLSC 05-02-2011
නි/50917 බ්‍රිගේඩියර් S.M.A.W.B. පාදෙණිය SLSC 05-12-2011
නි/50875 බ්‍රිගේඩියර් G.S. පදුමදාස SLEME 01-03-2011
නි/60496 කර්නල් W.A.K.B. උදලුපොල SLSR 16-01-2012
නි/60503 කර්නල් J.M.U.D. ජයසිංහ GR 16-01-2012
නි/61476 මේජර් S. ගජධීර SLCMP 05-04-2014
නි/60065 බ්‍රිගේඩියර් B.N. කොස්වත්ත SLCMP 16-04-2014
නි/63204 මේජර් H.S. ප්‍රියදර්ශණ SLCMP 31-12-2014
නි/62850 මේජර් M.M.P. මහේෂ්කුමාර SLCMP 31-12-2014
නි/61022 ලුතිනන් කර්නල් මහින්දකන්ද SLA 31-05-2010
නි/62026 මේජර් H.S.G.P. ප්‍රනාන්දු SLSR 29-04-2011
නි/63283 ලුතිනන් H.S. අබේසූරිය SLSR 30-09-2011
මෙම නිලධාරින් කිසිම හේතුවක් නොමැතිව ඔවුන්ගේ නිල වල උපරිම සේවා කාලය සපුරන දිනවලට ප්‍රථමව සේවය අනවශ්‍ය ලෙස සලකා බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වා ඇත. සාමාන‍්‍යයෙන් නිලධාරියෙකු විශ්‍රාම යනවිට වසරකට පෙර දැනුම් දිය යුතු අතර විශ්‍රාම යාමට පෙර මාස තුනක නිවාඩු ලබා දිය යුතුය. නමුත් මෙම නිලධාරින්ව, සාමාන්‍යය විශ්‍රාම ගන්වන එකී ක්‍රමවේදයන්ට පටහැනිව කෂණිකව විශ්‍රාම ගන්නවා ඇත.
යහපාලන රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වී ඇත. ඒ අනුව, හිටපු අගවිනිසුරුතුමිය නැවත සේවයේ පිහිටුවීම, ජෙනරාල් ෆොන්සේකාට අහිමි කරන ලද සියලු වරප්‍රසාද නැවත ලබාදීම සිදුවිය. එමෙන්ම පළමුව හමුදාවෙන් නෙරපන ලද නිලධාරින් 13 දෙනාගෙන් තව දුරටත් සේවය කිරීමට හැකි නිලධාරීන් කොටසක් නැවත සේවයේ පිහිටුවන ලදී. ඒ අතරින් නිලධාරින් 06 දෙනෙකු සේවයට වාර්තා කර ඇත. නැවත සේවයේ පිහිටුවන ලද නිලධාරින්ගෙන් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හැර අන් අය තත්වයට නොගැලපෙන තනතුරුවල පිහිටුවා කොන් කිරීමක් සිදුකර ඇත. මෙයින් පෙනීයන්නේ යහපාලන රජය යටතේ ද රාජපක‍්ෂවාදීන් ඉතා සක්‍රීයව ක්‍රියාකරන බවයි. පසුකාලීනව සැලසුම් සහගත ලෙස පලිගැනීමට ලක්වූ නිලධාරින්ව පෙබරවාරී මස ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඉක්මනින්ම නැවත සේවයේ පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රතිඥා දුන් නමුත් තවමත් ආරක‍්ෂක අමාත‍්‍යාංශයේ රාජපක‍්ෂලාට සට්ටැඹිකම් කරන නිලධාරීන් එය ප්‍රමාද කිරීමට කටයුතු කිරීම ජනාධිපතිතුමාගේ නියෝග පවා නොසලකා හැරීමක් බව මැනවින් පෙනේ.