විජයදාස රාජපක්ෂට කෝටි 50ක ස්විප් එකක් ඇදෙයි! 🤑🤑

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    547841302_1392523536207772_5067967954537083698_n.jpg

    🔴
    සිළුමිණ පුවත්පතේ පළ කරනු ලැබූ ලිපියකින් හිටපු ඇමති විජයදාස රාජපක්ෂට එල්ල වූ අපහාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.

    කොළඹ දිසා අධිකරණයේ එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින්, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

    2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තමන්, විපක්ෂයට පිල් මාරු කිරීමෙන් අනතුරුව, සිළුමිණ පුවත්පතේ පිටු දෙකක තමන් සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි වලින් සිය කීර්තියට හානි සිදු වූ බව සඳහන් කරමින්, රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා විජයදාස රාජපක්ෂ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

    එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය 2013 වසරේ ජූලි මස 05 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ ලිපිවලින් විජයදාස රාජපක්ෂගේ කීර්තියට හානියක් සිදු වී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට නියෝග කර තිබුණා.

    එම තීන්දුවට එරෙහිව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද, එම අධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කළ අතර, ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    අර හිරේට දාන අවුරුදු ගාන සාමාන්‍ය අවුරුද්දකට වඩා දින වලින් අඩුයි වගේ මේකෙ මිලියන 500 කියන අගය සාමාන්‍ය අගයකට වඩා අඩු ඇති නේද? 🤔
     
    • Like
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    2009 නඩුවක් 2014 දී තීන්දුව දීල ඇපැල විභාග කරල ඉවර වෙන්නෙ 2025

    ඔන්න මොන ආණ්ඩුවකින් හරි විසදනවනන් ප්‍රශ්ණ

    ඕක පොනිලුත් කරන්න හිටියෙ බං
     
    • Haha
    Reactions: Rick Sanchezz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,353
    8,386
    113
    Galaha
    මීඩියා වලටනම් ඔහොම දැන්නෙන්න දඩ ගහන එක හොඳයි. අනුන්ගෙ කක්කුස්සි අස්සෙත් එක්ක රිංගන එකට ඊගාවට නඩු දාලා වන්දි ඉල්ලන්න තියෙන්නෙ මිනිස්සුන්ට. :yes:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    අර හිරේට දාන අවුරුදු ගාන සාමාන්‍ය අවුරුද්දකට වඩා දින වලින් අඩුයි වගේ මේකෙ මිලියන 500 කියන අගය සාමාන්‍ය අගයකට වඩා අඩු ඇති නේද? 🤔
    oya 500M tax free da?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    2009 නඩුවක් 2014 දී තීන්දුව දීල ඇපැල විභාග කරල ඉවර වෙන්නෙ 2025

    ඔන්න මොන ආණ්ඩුවකින් හරි විසදනවනන් ප්‍රශ්ණ
    මුට වාසි, 2022ට කලින් ඕක හම්බුනා නන් කෙලින්ම 3 ගුණයක් value එක අඩු වෙනවා. දැන් බලපන්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    මීඩියා වලටනම් ඔහොම දැන්නෙන්න දඩ ගහන එක හොඳයි. අනුන්ගෙ කක්කුස්සි අස්සෙත් එක්ක රිංගන එකට ඊගාවට නඩු දාලා වන්දි ඉල්ලන්න තියෙන්නෙ මිනිස්සුන්ට. :yes:
    :lol: ලොල් කගේ අතින්ද ගෙව්වුවොත් සල්ලි යන්නේ ඕකට ?
    රජයේ අපේ බදු සල්ලි වලින් ගෙවනවද ?
     
    • Wow
    Reactions: ozykolla

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මුට වාසි, 2022ට කලින් ඕක හම්බුනා නන් කෙලින්ම 3 ගුණයක් value එක අඩු වෙනවා. දැන් බලපන්.
    2022 ta kalin hamba wunaa nam uta 500M walata thava interest ekak hamba wenava bank ekata damma nam. dan ekath na. ethakota paadui neda parakku wechcha eka? :unsure:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    2022 ta kalin hamba wunaa nam uta 500M walata thava interest ekak hamba wenava bank ekata damma nam. dan ekath na. ethakota paadui neda parakku wechcha eka? :unsure:
    E itin mu 2022 wenakan oka thiyan idala damma nan ne bank eke. Kohomat itin u e kale oken land vehicle wage gatta nan value eka tynwa. Mn keewe cash walin thibba nan. Anika bank walath cap ekak thibba neda loku poliyata fd danna puluwn e kale? Koti 4k d khd???
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අර හිරේට දාන අවුරුදු ගාන සාමාන්‍ය අවුරුද්දකට වඩා දින වලින් අඩුයි වගේ මේකෙ මිලියන 500 කියන අගය සාමාන්‍ය අගයකට වඩා අඩු ඇති නේද? 🤔
    ehema adu wenne ne man hitanne😐😐
     
    • Wow
    Reactions: Heshan Daminda