කොළඹ දිසා අධිකරණයේ එම තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින්, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
2009 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ තමන්, විපක්ෂයට පිල් මාරු කිරීමෙන් අනතුරුව, සිළුමිණ පුවත්පතේ පිටු දෙකක තමන් සම්බන්ධයෙන් පළ කරන ලද ලිපි වලින් සිය කීර්තියට හානි සිදු වූ බව සඳහන් කරමින්, රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා විජයදාස රාජපක්ෂ විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.
එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය 2013 වසරේ ජූලි මස 05 වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, අදාළ ලිපිවලින් විජයදාස රාජපක්ෂගේ කීර්තියට හානියක් සිදු වී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමට නියෝග කර තිබුණා.
එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද, එම අධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කළ අතර, ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, කොළඹ දිසා අධිකරණය විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14) තහවුරු කර තිබෙනවා.

ලොල් කගේ අතින්ද ගෙව්වුවොත් සල්ලි යන්නේ ඕකට ?