විජය වගේ මාවත් මරන්නද යන්නේ කියල සැකයි. චන්ද්‍රිකා JVP ආණ්ඩුවෙන් අසයි!

monson

Well-known member
  • May 7, 2007
    25,816
    29,029
    113
    වස පල් එක :lol:

    තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

    තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබේ.


    අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවය.

    අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායම් ලබාදෙන අතර, තමාට පමණක් ආරක්ෂකයින් 30ක් ලබාදීමට තීන්දු කළේ කුමන නිර්ණායකයන්ට අනුව දැයි තමාට ප්‍රහේළිකාවක් බව අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

    එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත.

    විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇතැයි ද හිටපු ජනාධිපතිනිය ලිපියේ දක්වා තිබේ.

    එසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180කින් යුත් ආරක්ෂක නිලධාරීන් 243 දෙනෙක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලිස් නිලධාරීන් 109ක්, ගෝඨාභය රාජපක්ෂ මහතාට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200කගේ ආරක්ෂාවක් සිටිය දී තමාගේ ආරක්ෂාව 50 සිට 30ට අඩුකර ඇති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

    ජනාධිපතිවරණ සමයේ තමන් බලයට පැමිණි විට ප්‍රභූ ආරක්ෂාව ලබා නොගන්නා බව ජවිපෙ නායකයින් පැවසුව ද ඔවුන් බලයට පත්වූ පසුව රජයේ නායකයින්ට සිය ගණනින් ආරක්ෂක බලමුළු සපයා ඇත්තේ රජය ද අප රටේ ප්‍රභූවරුන්ට යම්කිසි ආරක්ෂාවක් තිබිය යුතු බව පිළිගන්නා නිසා නොවේ ද යන්න හිටපු ජනාධිපතිනිය අදාළ ලිපියෙන් ප්‍රශ්න කර තිබේ.




    - https://sinhala.adaderana.lk/news/202932
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ane man dan nae bn mun hithanne hamudawe 200 withara ona kiyala munta jiwath wenda. 😝
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ggQbxcl.gif

    මානසික ගැටළු...
    ආරක්ෂාව පත්තියං වෙලා තියෙන්නෙ, ගමනක් යද්දි ලොරි පුරවලා වටේ ඉන්න ඕන ආරක්ෂකයෝ...
    මනස හැදිලා තියෙන්නෙ එහෙමයි.
    අරූට මෙච්චරයි, මූට මෙච්චරයි මටත් ඕන වගේ සීන් එකක්...
    හැබැයි එක අත්සනයි තියෙන්නෙ ලිපියෙ.. ගැටේ ගහපු රනිල් ලොක්කාගෙ එක නෑ...
    මේ වයසට අතහැරීම පුරුදු වෙන්න ඕන...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    JVP නොන්ඩි වෙනවා නේද ? එළු රැවුලා මුකුත් කියලා නැද්ද ?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,993
    113
    kandy
    හමෙන් රබානක් හදන්න නම් හොදයි ..
    වෙන නම් මරුවා කියලා අත් වෙන සෙතක් නෑ :lol:
     

    Similar threads