විජේවීරගේ_පුතා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විජේවීරගේ_පුතා

    රට වෙනුවෙන් මම සූදානම් – විජේවීරගේ පුත් උවිඳු

    cvr-39.jpg

    ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය දෙමාපියන්ගේ අඩිපාරේ බැවිනි. එනමුත් රෝහණ විජේවීරගේ දූදරුවන් ගැන වැඩි විස්තරයක් හෙළි නොවූවේ ඔවුන් දිගු කලක් හමුදාවේ රැකවරණය යටතේ සිටි නිසාය. විජේවීරගේ පුතු උවිඳු විජේවීර සිටින්නේ රුසියාවේ වෙල්යාබින්ස්ක්හි දකුණු ඌරුල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමිනි. අපේ ලියුම්කරුට උවිඳු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පසුගිය දිනක හැකි විය. මේ ඔහු උවිඳු සමග කළ සාකච්ඡාවය.

    මීට වසර 57කට පෙර රුසියාවේ පැට්රිස් ලුමුම්බා සරසවියේ ශිෂ්‍යත්ව ලැබ ලංකාවෙන් ගිය මුල්ම කණ්ඩායමේ අයෙක් ඔබේ පියා. පියා සේම ඔබත් දැන් අධ්‍යාපනය ලබන්න රුසියාව තෝරා ගත්තේ ඇයි?

    මූලිකවම කියන්න ඕනෙ මම සාහිත්‍ය ‍පොතපතට ඇලුම් කළ කෙනෙක්. විශේෂයෙන්ම අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංග්‍රීසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය ‍පොතපත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් ‍පොතපත කියෙව්වා. ඒ අභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නේ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. ‍පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමගින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍යය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩනැගී තිබුණා. එම ‍පොතපතෙන් අපි දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා. එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙළඹවූයේ. පාසල් අධ්‍යාපන කටයුතුවල අවසාන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමට. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමු වන්නේ.

    රුසියාවේ අධ්‍යාපනය ලැබිම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාර වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද?

    ඔව්, බොහෝ දෙනෙක් සිටිනවා. පළමුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය ලරිසා දව්දෝවා මහත්මිය මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ‍ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.

    රුසියාව සමග ඔබට ඓතිහාසික පසුබිමකුත් තිබෙනවා. එවැනි පසුබිමක් තුළ රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීම ගැන ඔබට ඇත්තේ කවර හැඟීමක්ද?

    මම කුඩා කල සිටම මම රුසියාවට සියැසින් ආදරය කළ කෙනෙක්. ඒ වගේම රුසියානු සාහිත්‍යයට. මෙලෙස රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකි වීමත් එහි ජන ජීවිතය හා කුඩා කල සිටම ආදරය කළ රුසියාව දැක ගැනීමට හැකි වීමත් සම්බන්ධයෙන් ලොකු සතුටක් මට තිබෙනවා. ඔබ කිවූ හැටියට ඇත්ත වශයෙන්ම එම ඓතිහාසික පසුබිම මගේ පියාගේ ඒ දේශපාලන හා අධ්‍යාපන පසුබිමත් සමගින් ඇති වූ දෙයක්. විශේෂයෙන්ම ඒ ගැන ලොකු ආඩම්බරයක් මට තියෙනවා. නමුත් බොහෝ දුරට රුසියාව හා එහි ජනතාව ගැන ඇති ආදරය මා තුළ ඇති වන්නේ සාහිත්‍යය සමගින්. එය දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක්. නමුත් රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීමත් එහි ජන ජීවිතයේ සුවඳ විඳීමට හැකිවීමත් ගැන විශේෂයෙන්ම ආඩම්බරයක් හා යහපත් හැඟීමක් මා තුළ තිබෙනවා.

    ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත් වූ කෙනෙක්. ඔහු 1960 දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්?

    ඔව්, මගේ පියා ගැන කතා කරනවානම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙනවා. වයස අවුරුදු 15 දී පමණ ඔහුට උසස් පෙළ අවසන් කිරීමට හැකිවෙනවා. ඒ ඔහුගේ විශිෂ්ට දක්ෂතාව මත. ඉතින් ඔහු ලුමුම්බා සරසවියට ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක්. ඒ සම්බන්ධයෙන් කතා කළහොත් මං හිතන්නේ රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා. දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවානම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපනය ලබන්න වරම් ලබා එහි අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස දක්ෂ ලෙස නිම කිරීමටත් විෂය හා විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වීමටත් ඔහුට හැකි වුණා. මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරයන්ගේ පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටුකිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් නැත්නම් සුදු හුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නොවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබිමට ගොස් දැක්වූ දක්ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.

    පියා නැති වෙනවිට ඔබේ වයස කීයද?

    පියා නැති වනවිට මට වයස අවුරුදු එකහමාරක් වගේ. මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ.

    ඔබේ ළමා කාලය මතක් කළොත් ?

    මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ.

    සෝවියට් දේශය ගැන පියාගෙන් ලද බලපෑම කෙබඳුද?

    අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබා ගැනීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා ‍පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසු කාලීනව අපි කොළඹ වැලිසර නාවික කඳවුරට පැමිණීමත් සමග සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමග ‍පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමගින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදා වෙනව. ඒ සමග තමයි මගේ පියාගේ බලපෑම් මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා සේ දැකීමටත්, ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබිමටත් . ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වනවිට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ ජීවන ගමන පිළිබඳවත් .පියාගේ බලපෑම නැතැයි කීවොත් මං හිතන්නේ එය සාධාරණ පිළිතුරක් වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට ‍නෙවෙයි. මගේ පියා අධ්‍යාපනය අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරදියි කියලයි. එය ඔහුගේ දේශපාලන ගමන් මග. ඉතින් මට කියන්න උවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මග දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.

    පියාගේ පිය සටහන් ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව් හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමතියිද?

    මං හිතන්නේ ඔබ ඔය පැනය මතු කරන්නේ පසුගිය සමයේ සමාජජාලා වබේ අඩවියක පළ කර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යාපනය අවසන් කළ මට මොස්කව් නුවරට යන්නට අවස්ථාවක් ලැබෙනවා. එම අනඟි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යාමේ භාග්‍යය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට සිට ගත් ඡායාරූපයක් සමාජ ජාලා වබේ අඩවියක පළ වුණා. එහි මම කෙටි සටහනක් තැබුවා. පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා.

    රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලා‍පොරොත්තු කෙබඳුද?

    රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලා‍පොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද පවතින සමාජ දේශපාලන තත්ත්වය තව දුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’ එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම වියයුත්තේ තමාගේ දේශයට, ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන්, ‘ඉටුකම්’ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම සඳහායි මා බලා‍පොරොත්තු වන්නේ.

    මල්රේණු කස්තුරිරත්න
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.
     
    • Like
    Reactions: BINGU_PUTHA
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?
     
    • Like
    Reactions: WhiteWalker

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තාත්තා කල දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ. තාත්තාට නම් car-brand එකකුත් තියෙනවා 'අත්තනායක මොඩල්' කියල 😛

    අනික ඉක්මනටම ඇවිත් ඔබගේ වටිනා සේවය රටට දෙන්න මහත්තයෝ... මොකද මුන් අපේ identity card එක වෙනස් කරන්න යන්නේ finger Mark දාලා. තාත්තාට ටෞහුකන්න sorry පිං සිද්දවෙන්න කාලයක් ඔය identity card කරදරයෙන් ගැලවුනා. දැන් ආයෙත් පුශ්න ගොඩයි. පාරේ යන්න අමාරුයි බස් වැඩියි. Transformers වලට නං අත තියන්න එපා දෙයියෝ මේ රස්නේ ඉවසන්න බැහැ. ඕනිමනං පොඩ්ඩක් සලකලා බැලුවාට කමක් නැහැ අර Mini Hydro Project ටික ගැන නං.
    තව වර්තමාන කලා කාරයෝ කියාගන්න හිකනලුන්ට කරන්න ඕනි දේවල් එහෙම ගොඩක් තියෙනවා. පස්සෙ ලියන්න බලමු. දෙයියනේ කියල තාත්තා නං ඒ කාලයේ හිටපු සුපිරිම, සමාවෙන්න ජාති දෝහීන්ට කලු කුඩු බශ්මෙන් සැලකුවා.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.

    :baffled: :baffled:
     
    banjo

    Member
    Oct 26, 2008
    33
    0
    0
    Colombo
    විජේවීර කියන්නෙ මානසික රෝගියෙක්. අහින්සක කොල්ලොන්ව කුලප්පු කරලා ලංකාවේ චේ වෙන්න හිතන් හිටියෙ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?

    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඇශ්කෙනාසි යුදෙව් කාර්ල් මාක්ස් ගෙ ඩේලි මැනුවල් එකෙන් මොලෙ කුරුවල් කරගත්ත එකෙක් තමා විජේවීර.
    හැදුවා චෙ ගුවෙරා වෙන්න. රට කාබාසිනියා කළා.
    පුතත් එනවා ඇති ඒකම කරන්න.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?
    :yes:

    තාත්තා කල දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ. තාත්තාට නම් car-brand එකකුත් තියෙනවා 'අත්තනායක මොඩල්' කියල 😛

    අනික ඉක්මනටම ඇවිත් ඔබගේ වටිනා සේවය රටට දෙන්න මහත්තයෝ... මොකද මුන් අපේ identity card එක වෙනස් කරන්න යන්නේ finger Mark දාලා. තාත්තාට ටෞහුකන්න sorry පිං සිද්දවෙන්න කාලයක් ඔය identity card කරදරයෙන් ගැලවුනා. දැන් ආයෙත් පුශ්න ගොඩයි. පාරේ යන්න අමාරුයි බස් වැඩියි. Transformers වලට නං අත තියන්න එපා දෙයියෝ මේ රස්නේ ඉවසන්න බැහැ. ඕනිමනං පොඩ්ඩක් සලකලා බැලුවාට කමක් නැහැ අර Mini Hydro Project ටික ගැන නං.
    තව වර්තමාන කලා කාරයෝ කියාගන්න හිකනලුන්ට කරන්න ඕනි දේවල් එහෙම ගොඩක් තියෙනවා. පස්සෙ ලියන්න බලමු. දෙයියනේ කියල තාත්තා නං ඒ කාලයේ හිටපු සුපිරිම, සමාවෙන්න ජාති දෝහීන්ට කලු කුඩු බශ්මෙන් සැලකුවා.

    :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රට වෙනුවෙන් මම සූදානම් – විජේවීරගේ පුත් උවිඳු

    View attachment 68221

    ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය දෙමාපියන්ගේ අඩිපාරේ බැවිනි. එනමුත් රෝහණ විජේවීරගේ දූදරුවන් ගැන වැඩි විස්තරයක් හෙළි නොවූවේ ඔවුන් දිගු කලක් හමුදාවේ රැකවරණය යටතේ සිටි නිසාය. විජේවීරගේ පුතු උවිඳු විජේවීර සිටින්නේ රුසියාවේ වෙල්යාබින්ස්ක්හි දකුණු ඌරුල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමිනි. අපේ ලියුම්කරුට උවිඳු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පසුගිය දිනක හැකි විය. මේ ඔහු උවිඳු සමග කළ සාකච්ඡාවය.

    මීට වසර 57කට පෙර රුසියාවේ පැට්රිස් ලුමුම්බා සරසවියේ ශිෂ්‍යත්ව ලැබ ලංකාවෙන් ගිය මුල්ම කණ්ඩායමේ අයෙක් ඔබේ පියා. පියා සේම ඔබත් දැන් අධ්‍යාපනය ලබන්න රුසියාව තෝරා ගත්තේ ඇයි?

    මූලිකවම කියන්න ඕනෙ මම සාහිත්‍ය ‍පොතපතට ඇලුම් කළ කෙනෙක්. විශේෂයෙන්ම අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංග්‍රීසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය ‍පොතපත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් ‍පොතපත කියෙව්වා. ඒ අභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නේ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. ‍පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමගින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍යය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩනැගී තිබුණා. එම ‍පොතපතෙන් අපි දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා. එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙළඹවූයේ. පාසල් අධ්‍යාපන කටයුතුවල අවසාන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමට. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමු වන්නේ.

    රුසියාවේ අධ්‍යාපනය ලැබිම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාර වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද?

    ඔව්, බොහෝ දෙනෙක් සිටිනවා. පළමුව කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය ලරිසා දව්දෝවා මහත්මිය මම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ‍ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.

    රුසියාව සමග ඔබට ඓතිහාසික පසුබිමකුත් තිබෙනවා. එවැනි පසුබිමක් තුළ රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීම ගැන ඔබට ඇත්තේ කවර හැඟීමක්ද?

    මම කුඩා කල සිටම මම රුසියාවට සියැසින් ආදරය කළ කෙනෙක්. ඒ වගේම රුසියානු සාහිත්‍යයට. මෙලෙස රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකි වීමත් එහි ජන ජීවිතය හා කුඩා කල සිටම ආදරය කළ රුසියාව දැක ගැනීමට හැකි වීමත් සම්බන්ධයෙන් ලොකු සතුටක් මට තිබෙනවා. ඔබ කිවූ හැටියට ඇත්ත වශයෙන්ම එම ඓතිහාසික පසුබිම මගේ පියාගේ ඒ දේශපාලන හා අධ්‍යාපන පසුබිමත් සමගින් ඇති වූ දෙයක්. විශේෂයෙන්ම ඒ ගැන ලොකු ආඩම්බරයක් මට තියෙනවා. නමුත් බොහෝ දුරට රුසියාව හා එහි ජනතාව ගැන ඇති ආදරය මා තුළ ඇති වන්නේ සාහිත්‍යය සමගින්. එය දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක්. නමුත් රුසියාවේ අධ්‍යාපනය ලැබිමට හැකිවීමත් එහි ජන ජීවිතයේ සුවඳ විඳීමට හැකිවීමත් ගැන විශේෂයෙන්ම ආඩම්බරයක් හා යහපත් හැඟීමක් මා තුළ තිබෙනවා.

    ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත් වූ කෙනෙක්. ඔහු 1960 දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්?

    ඔව්, මගේ පියා ගැන කතා කරනවානම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා තේරෙනවා. වයස අවුරුදු 15 දී පමණ ඔහුට උසස් පෙළ අවසන් කිරීමට හැකිවෙනවා. ඒ ඔහුගේ විශිෂ්ට දක්ෂතාව මත. ඉතින් ඔහු ලුමුම්බා සරසවියට ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක්. ඒ සම්බන්ධයෙන් කතා කළහොත් මං හිතන්නේ රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා. දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවානම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපනය ලබන්න වරම් ලබා එහි අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස දක්ෂ ලෙස නිම කිරීමටත් විෂය හා විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වීමටත් ඔහුට හැකි වුණා. මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරයන්ගේ පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටුකිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් නැත්නම් සුදු හුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නොවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබිමට ගොස් දැක්වූ දක්ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.

    පියා නැති වෙනවිට ඔබේ වයස කීයද?

    පියා නැති වනවිට මට වයස අවුරුදු එකහමාරක් වගේ. මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ.

    ඔබේ ළමා කාලය මතක් කළොත් ?

    මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ.

    සෝවියට් දේශය ගැන පියාගෙන් ලද බලපෑම කෙබඳුද?

    අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබා ගැනීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා ‍පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසු කාලීනව අපි කොළඹ වැලිසර නාවික කඳවුරට පැමිණීමත් සමග සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමග ‍පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමගින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදා වෙනව. ඒ සමග තමයි මගේ පියාගේ බලපෑම් මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා සේ දැකීමටත්, ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබිමටත් . ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වනවිට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ ජීවන ගමන පිළිබඳවත් .පියාගේ බලපෑම නැතැයි කීවොත් මං හිතන්නේ එය සාධාරණ පිළිතුරක් වෙන්නේ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට ‍නෙවෙයි. මගේ පියා අධ්‍යාපනය අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරදියි කියලයි. එය ඔහුගේ දේශපාලන ගමන් මග. ඉතින් මට කියන්න උවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මග දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.

    පියාගේ පිය සටහන් ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව් හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමතියිද?

    මං හිතන්නේ ඔබ ඔය පැනය මතු කරන්නේ පසුගිය සමයේ සමාජජාලා වබේ අඩවියක පළ කර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යාපනය අවසන් කළ මට මොස්කව් නුවරට යන්නට අවස්ථාවක් ලැබෙනවා. එම අනඟි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යාමේ භාග්‍යය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට සිට ගත් ඡායාරූපයක් සමාජ ජාලා වබේ අඩවියක පළ වුණා. එහි මම කෙටි සටහනක් තැබුවා. පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා.

    රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලා‍පොරොත්තු කෙබඳුද?

    රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලා‍පොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද පවතින සමාජ දේශපාලන තත්ත්වය තව දුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’ එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම වියයුත්තේ තමාගේ දේශයට, ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන්, ‘ඉටුකම්’ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම සඳහායි මා බලා‍පොරොත්තු වන්නේ.

    මල්රේණු කස්තුරිරත්න

    :no::no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    තාත්තා කල දේ පුතා නොකලහොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ. තාත්තාට නම් car-brand එකකුත් තියෙනවා 'අත්තනායක මොඩල්' කියල 😛

    අනික ඉක්මනටම ඇවිත් ඔබගේ වටිනා සේවය රටට දෙන්න මහත්තයෝ... මොකද මුන් අපේ identity card එක වෙනස් කරන්න යන්නේ finger Mark දාලා. තාත්තාට ටෞහුකන්න sorry පිං සිද්දවෙන්න කාලයක් ඔය identity card කරදරයෙන් ගැලවුනා. දැන් ආයෙත් පුශ්න ගොඩයි. පාරේ යන්න අමාරුයි බස් වැඩියි. Transformers වලට නං අත තියන්න එපා දෙයියෝ මේ රස්නේ ඉවසන්න බැහැ. ඕනිමනං පොඩ්ඩක් සලකලා බැලුවාට කමක් නැහැ අර Mini Hydro Project ටික ගැන නං.
    තව වර්තමාන කලා කාරයෝ කියාගන්න හිකනලුන්ට කරන්න ඕනි දේවල් එහෙම ගොඩක් තියෙනවා. පස්සෙ ලියන්න බලමු. දෙයියනේ කියල තාත්තා නං ඒ කාලයේ හිටපු සුපිරිම, සමාවෙන්න ජාති දෝහීන්ට කලු කුඩු බශ්මෙන් සැලකුවා.

    machan lankawe pattama sindu karapu premakeerti de alwis meruweth meyalada ban ai a? :confused:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මහින්ද වගේ කෙනෙක් ජනාධිපති වෙල හිටියනම් විජේවීරයි උගේ ගෑනියි ලමයින් හතර දෙනයි ඔක්කොම මරලා.ප්‍රේමදාස වගේ මානව හිතවාදි කෙනෙක් හිටපු නිසා තමයි පවුල බේරුනේ. ප්‍රේමදාස ආන්ඩුව මේ අයව හොඳට බලා ගත්තා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මහින්ද වගේ කෙනෙක් ජනාධිපති වෙල හිටියනම් විජේවීරයි උගේ ගෑනියි ලමයින් හතර දෙනයි ඔක්කොම මරලා.ප්‍රේමදාස වගේ මානව හිතවාදි කෙනෙක් හිටපු නිසා තමයි පවුල බේරුනේ. ප්‍රේමදාස ආන්ඩුව මේ අයව හොඳට බලා ගත්තා.

    ah amasin ponz
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තාත්තා වගේ බාගෙට රට වනසන්න එපා. ඔයා ඇවිත් මේ රට සුන්නත්දූලි කරලා පොළොවට සමතලා කරලම යන්න පුතේ. මේ පාර රට පුරා තියෙන හමුදා කෑම්ප් වලට ගහල පටාන්ගමු.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    machan lankawe pattama sindu karapu premakeerti de alwis meruweth meyalada ban ai a? :confused:
    ඔවු සහෝ...මේ පාහරයො තමයි ඒ දේ කලේ. වරද වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස රෑපවාහිනියේ සේවය කිරීම. මා දන්නා තරමින් ඔහුට ජීවිතය හෝ මරනය තෝරා ගැනීමට අවස්ථා දෙකක් ලබාදී තිබේ. 1. නිර්වස්ත්‍රව බෝඩ් ලෑල්ලක් බෙල්ලේ එල්ලාගෙන පුදර්ශනය වීම හෝ මරණයයි. එදා ඔහු මරනය තෝරා ගෙන ඇත. එදා ඒ අහිංසක මිනිසා මාරා දැමූ ජවිපෙ මිනීමරුවන් මෑත කාලීන ලංකාවේ සියලු ආණ්ඩු පිහිටුවන්ට මෙන්ම සෑම දේශපාලනඥයෙකුම අඩු වැඩි වශයෙන් ගුවන්විදුලි තරංග මාලා යොදා ගනිමින් අපහාස කොට ඇත. රටේ සිවිල් සමාජයේ බහුතරයකට ප්‍රේමකීර්ති ගේ මිනීමරුවන් අවලාද, මඩ, පැතිරවූවේය. ඒ සියල්ලටම මේ රටේ මිනිසුන් තරමක් දුරට හෝ සමාව දී ඇත. නමුත් නීතිය වල් වැදුණු, මරණය රජය කළ යුගයක් 88/89 අප අවසන් කර ඇත. 90 න් පසු පරම්පරාවට එම අත්දැකීම් නැත. මා හට අදටත් ජවිපෙ නම ඇසෙන විටත් මරණ බිය දැනේ.