විටෙක විරහව විටෙක සතුට

mk_9900

Member
May 11, 2013
47
6
0
Colombo
විටෙක විරහව විටෙක සතුට

විටෙක විරහව, විටක සතුට මානසික ආතතිය ඉහල නන්වන්නක් බව කාලය ඇවැමෙන මට පසක් විය.යම් දෙයක් අදික කාල ප්රාන්තරයක් තුලදී ඇබ්බැහීවීමකට ලක්වුවහොත් ඉන් අත්මිදීමට කල හැක්කේ මන්දැයි මම නොදනිමි. දීර්ඝ කාලයක් ඔස්සෙ පුද්ගලයෙකු සමග සමීපව ඇසුරු කොට දුක සැප විමසා හදීසියෙම අප අතරින් වෙන්ව ගිය විට අපමණ වේදනා ගෙන දෙන්නෙ ඇබ්බැහි වීමකින් දෝ මට සිතේ. කාන්තා හෝ පුරුශ සිතක් කෙරෙහි අප්රේරිතව ගොඩනැගෙන්නා වූ ආදර මූලධර්මයද එවනි සන්කල්පයක් බදුය. හැර ගිය අවස්තාවකදී සිත් තැවුල් තීව්ර කිරීමට සමත් අපට අවිස්තරාත්මක වූ එ හැගීම හැර ගියවුන් ලගට කැදවා ගැන්මටම සිත දිවෙ. කාළයාගේ අපූරු ඇවැමෙන් මිනිස් සිත වෙනස් කිරීමට සමත් අප හැගීම් හා දය්වය ස්වබාව ධර්මයේ අපූරු නිවැමුමකි.

වසර දෙකකට පෙර ආදරයේ හොඩිය හරි හැටි උගත් මා අන් අයකුට ඉගැන්වීමට තරම් ප්රවීනයකු කිරීමෙහි ලා ඇය සමත් විය. වචනයෙහි පරිසමාප්ත අර්තයෙනම ඇය කවරෙකුදැයි සිතීම ඔබට බාරය. ඔහේ කලගතවතිම නොයෙක් ගල් මුල් ප්රහාර මට එල්ල විය. ඒ හැම එකක්ම පාහේ හදවත කරා යොමු වීම ත්රාස්යජනක වන අතර ඇයට හාස්යය උත්පාදනයටම කරුනක් විය. මට රුචි නොවන ඇය හා සෙල්ලම මට හුදෙක් වේදනාවක් විය. එහෙම එපා ! එක වැරදී ! මෙහෙම කරන්න ! ඇයට එම ඔවදන් මා දහඩියට පිබි සුලන් රැල්ය. කූඩැල්ලා මෙට්ටයෙහි තැබීමට නොහැකි බව වටහා ගත් මා කරුණු පසක්ව රූකඩයේ නූල් බිද අබ්බගාතව පැන දීවීමි. මම තනි උනි. ඇය ඩ්බල්ද ත්රිබල්ද උනි.

වසරක්ම ගෙවී ගියද නින්දෙන් නැගිටින සෑම විටම ඇයද මා හා පිබිදේ. ද්යිනිකවම මා සමග මා කියන දේ අසමින් මා අසලම රැදේ. දෙවසරකට පෙර පෑන් තුඩෙන් ප්රශ්න පත්රය ජයගත් මා අද පිලිතුරු පත්රයේ ඔබ හා කුරුටු ගාමින් සිටී. මා සිතින් ගතින් ඔබ ඉවත්වනු කවදාද? මා ගොඩනගාගත් ඔබ රූපයට ස්මාන ගතිගුණ වෙනස් ඔබේ චිත්ත රූපය මා අසලින් වැඩ නොසිටි දිනයක් නැති තරම්ය. උසුළු විසුලු මට හුරුය.නමුත් අනෙකුන් හා මුකුළුව ආදර බස් දොඩන කල්හි මා හදවත පාරා ඔබ විරිත්තනු පෙනීම මට අරුමයක් විය.

අප ගත කළ සුන්දර මිනිත්තු කීපයක් වල නොදමා මා රැක ගෙන තිබේ. එය සන්තාපයට නොව චිත්ත සහනය සදහා හුදෙක් මානසික අස්වැසිල්ලකටය.
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සම්භාව්‍ය ගනයේ
    theti652863_319266_jb.jpg

    කාලා නේද ? :P