ZENO කියන්නේ ක්රිස්තු පූර්ව 500 විසූ ග්රීක දාර්ශණිකයෙක්, ගණිතඥයෙක්. මෙයා අනන්තය ගැන කියපු කෙනෙක්. දවසක් මෙයා මෙහෙම දෙයක් කියනවා , උපකල්පනය කරන්නලු වේගයෙන් දුවන මනුස්සයෙකුයි ඉබ්බෙකුයි අතර තරඟය තියනවා කියලා, එයා උදාහරණෙට ගන්නේ ඇකිලියස් (Achilles) කියල සෙන්පතියෙක් , මෙයත් එක්ක ඉබ්බෙක් තරඟෙට තියනවලු හැබැයි ඉබ්බට හරියටම දුරෙන් භාගයක් ඉස්සරහ ඉන්න දෙන්න ඕනේ, එහෙම උනොත් තරඟය ඉවරවෙනකොට ඉබ්බ දිනනවලු. දැන් මේක බැලුවම තේරෙයි ZENO කියන්නේ පිස්සෙක් කියලා, මොකද ඉබ්බව ඔහුට පාස් කරගෙන යන්න පුලුවන් හින්දා. හැබැයි විද්යාමකව ඔහු කියන කාරණේ ඇත්තක් තියනවා කියන්නේ අපි නෙවෙයි විද්යාඥයෝමයි.