විද්‍යාත්මක හේතු

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113

    1. බල්ලා නිතරම කට ඇරගෙන ඉන්නේ ඇයි?​






    බල්ලා නිතරම කට ඇරගෙන ඉන්නේ ඇයි







    සෑම සතෙකුටම තම ශරීරයේ නිපදවෙන වැඩිපුර තාපය පිටකර හැරීමට සිදුවෙයි. අපේ සම වාතය සමඟ හොඳින් ගැටෙමින් පවතින නිසා අපට සමෙන් වාතය පිටකිරීම පහසුයි.නමුත් බල්ලන්ගෙත්,වෙනත් බොහෝ සතුන්ගෙත් සම ලොමින් වැසී ඇති නිසා එලෙස සමෙන් තාපය පිටවීම අඩුය. එමනිසා තාපය පිට කිරීමට වෙනත් ක්‍රමයක් අවශ්‍යය. බල්ලා සිය දිව පිටත දැමූ විට වාතය සමඟ ගැටෙන නිසා තාපය ඉවත් වේ. එමෙන්ම දිව පිටත දමාගෙන සිටින විට වැගිරෙන දියර නිසාත් සිරුරේ තාපය ඉවත් වී සිරුරට සිසිලස ලබා දෙයි.
















    2. දුම්රිය මාර්ගයක පීලි දෙක සමාන්තර වුවද ඈත දී ඒවා එකිනෙකට ළංවන සේ පෙනෙන්නේ ඇයි​






    train-tracks.jpg







    ළඟක දී හෝ දුරක දී පීලි අතර දුර නොවෙනස්ව පවතී. නමුත් දුරක සිට ඇසට අවපාත වන කෝණයට වඩා කුඩා වේ. මේ නිසා දුරක දී පීලි අතර දුර කුඩාවට පෙනේ.
















    3. කන්දක මුදුන දෙසට පදිනවාට වඩා පහසුවෙන් කන්ද පහළට බයිසිකලයක් පැදවිය හැකි වන්නේ ඇයි?​






    hill climbing on bike







    කන්දක පැදීමේ දී පදවන්නා විසින් යාන්ත්‍රික විභව ශක්තිය වැඩිකර ගත යුතුය. මෙහි දී ගුරුත්වයට විරුද්ධව කාර්‍යය කළ යුතුයි. පහළට පදිනවිට විභව ශක්තිය පදින්නාට උදව් වේ. මේ නිසා පහළට පැදීම ඉහළට සාපේක්‍ෂව පහසු වේ.
















    4. රබර් ගස්වල පත්ර පතනය වන කාලයේ දී රබර් කිරි කැපීම තාවකාලිකව නතර කරන්නේ ඇයි?​






    rubber-forest.jpg







    පත්‍ර පතනය වූ විට ප්‍රභාසංස්ලේෂණය අඩුවීම නිසා කිරි නිෂ්පාදනය අඩු වේ. මෙවිට කිරි ලබා ගැනීම ගස්වලට අහිතකරය. පත්‍ර පතනය වු විට, උත්ස්වේදනය අඩුවීම නිසා, පොළොවෙන් ජලය හා ඛණිජ ද්‍රව්‍ය උරා ගැනීම ද අඩු වේ.
















    5. මැටි කලයක ඇති ජලය ඇලුමිනියම් කලයක ඇති ජලයට වඩා සිසිල් බවක් දක්වන්නේ ඇයි?​






    water in a clay pot







    මැටි කලය සිදුරු සහිත ය. ඇලුමිනියම් කලය සිදුරු රහිතය. මැටි කලයේ සිදුරුවලින් පිටට කාන්දු වන ජලය වාෂ්ප වේ.ජලය වාෂ්ප වීමට අවශ‍ය තාපය, පරිසරයෙන් (මැටි කලය හා ජලය ඇතුළුව) ලබා ගනී. ඒ නිසා ජලය සිසිල් වේ. නමුත් ඇලුමිනියම් කලයේ සිදුරු රහිත නිසා එවැන්නක් සිදු නොවේ.
















    6. දොඩම් ඇට සිටවු විට සමහර අවස්ථාවල දී ඒවායින් දෙහි,නාරං වැනි වෙනත් ගස් වර්ග හටගන්නේ ඇයි?​






    lime trees







    ගෙඩි හටගන්නේ මල්වල පරාගනය සාර්ථකව සිදුවූවායින් පසුවයි. මේ සඳහා එක මලක පරාග තවත් මලක් මත තැවරීම සිදුවිය යුතුයි.එසේම මෙම මල් දෙවර්ගයම එකම විශේෂයේ ඒවා විය යුතුයි.සමහර විට දොඩම් මල් එම විශේෂයටම අයත් දෙහි,නාරං වැනි මල්වලිනුත් පරාගනය විය හැක. එසේ පරාගනය වු මලකින් ගෙඩි ඇති වුවහොත් ඇතැම් විට එම ගෙඩිවල ඇටවලින් හටගන්නා පැල දෙහි හා නාරං වැනි ඒවා විය හැකිය.
















    7. ශරීරයේ කොටසක් කැපුණු විට වේදනාව දැනෙන මුත් හිසකෙස් හෝ නියපොතු කපන විට එසේ වේදනාව නොදැනෙන්නේ ඇයි?​






    Beauty salon







    සිරුරේ සම තුළ වේදනා සංවේදය ලබා ගන්නා කොටස් සෑම තැනම පැතිරී තිබේ. යම් තැනක් ස්නායුවලින් මොළය සමඟ සම්බන්ධ වී තිබෙද්දී කැපුණු විට මොළයට පණිවිඩය යැවෙන නිසා වේදනාව දැනේ.නමුත් නිය හා කෙස් ආදියෙහි කපන කොටස් වලට ස්නායු සම්බන්ධයක් නැත. එම නිසා ඒවා කපන විට වේදනාවක් ඇති නොවේ.නමුත් නිය හා කෙස් මුලට ස්නායු සම්බන්ධව ඇති බැවින් ඒවා ගලවන විට වේදනාව දැනේ.
















    8. චිම්නි ලාම්පුවක චිම්නි ආධාරකයේ පහළින් සිදුරු ඇත්තේ ඇයි?​






    chimney-lamp-1.jpg







    ලාම්පුවේ තිරය අසල දී භූමිතෙල් වාෂ්ප වී ගිනි ගනී. මෙසේ දැල්වීම සඳහා ඒ භූමිතෙල් වාෂ්පවලට වාතය අවශ‍ය වේ. ඒ වාතය ඇතුළු වන්නේ පහතින් ඇති සිදුරුවලිනි. චිම්නිය තුළ ඇති වාතය රත් වූ විට චිම්නි කටින් ඉහළට පිට වී යයි. එවිට අලුත් වාතය ඒ සිදුරුවලින් චිම්නිය තුළට ඇතුළු වන නිසා ලාම්පුව දිගින් දිගටම දැල් වේ.
















    9. විශාල බරක් හිසමත තබාගෙන යාමට වඩා පිටමත තබාගෙන යාම පහසු වේ.​






    carry a heavy load on back







    එකම බර හිස මත අඩු ප‍රදේශයක ද පිටමත වැඩි ප‍රදේශයක ද ක‍රියා කරයි. එමනිසා හිස මතට ඇතිවන පීඩනය, වඩා වැඩි වේ.(පීඩනය කෙරෙහි පෘෂ්ඨයේ වර්ගඵලය බලපායි)
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    FACT 01 :


    තෙල් වලින් ඇවිළුනු ගින්නක් නිවීමට ජලය යොදා නොගත යුතුයි. ඒ තෙල්වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා, තෙල් ගින්න මත ජලය දැමූ විට තෙල් ජලය මත පාවී පැතිර යාවි. එයින් ගින්න තව තවත් වැඩි වනවා.



    FACT 02 :


    ක්‍රියා කරවන ලද විදුලි පංකාවක් ඉදිරියේ හිටගෙන සිටිනා ඔබට සිසිලසක් දැනෙන්නේ, හමන සුළං වලින් ඔබගේ දහඩිය ඉතා ඉක්මනින් වාෂ්ප වන නිසා. එසෙත් නැතිනම් ශරීරයෙන් තාපය ඉක්මනින්ම පිටවීම මගින් සිසිලසක් දැනේ.



    FACT 03 :


    පැහැදිලි අහස ඇති රැයකට පසු උදා වෙන උදය වඩාත් සිසිල් ගතියක් දැනෙන්නේ රාත්‍රී අහස පැහැදිලිව ඇති විට පොළොවේ තාපය හොඳින් වාෂ්ප වීම නිසා පසුදින උදය වැඩි සීතල ගතියක් ඇතිවේ.



    FACT 04 :


    සිමෙන්ති දැමූ පොළොවකට දිනකට පමණ පසු ජලය ඉසින්නේ සිමෙන්ති බදාමය සවි වන්නේ ජලය එක් වීම තුළින් නිසා ( සජලනය )



    FACT 05 :


    කැටපෝලයකින් ගලක් විසි කිරීමේදී එහි රබර් පටිය වඩාත් වැඩිපුර ඇදීමෙන් පසු අතහැරිය විට ගල වඩාත් ඈතට විසි වේ. මෙහිදී රබර් පටිය ඇදීම වැඩි වන විට එහි අධිකව විභව ශක්තියක් ඇති වෙනවා.



    FACT 06 :


    තැනිතලා බිමක බරක් කරමත ඔසවාගෙන යාමට වඩා කන්දක ඉහළට නැගීම අපහසුයි. එසේ සිදුවන්නේ කන්දක ඉහළට බර ඔසවාගෙන යනවිට ගුරුත්වයට විරුද්ධ කාර්යයක් තළ යුතු බැවින් එය අපහසු කාර්යයක් වීමයි.



    FACT 07 :


    මිනිසාගේ රුධිරය රතු පාට වීමට හේතුව, හිමොග්ලොබින් නැමැති වර්ණකය නිසාවෙනි.



    FACT 08 :


    රෝගකාරක විෂබීජ ශරීරයට ඇතුළු වූ සෑම විටකම රෝග නොවැළදේ. එයට හේතුව අපගේ සිරුර රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිකරණය හේතුවෙනි.



    FACT 09 :


    උක් ගසේ කඳ පැණි රසයි. උක් ගසෙහි පත්‍ර වල නිපදවෙන ආහාර සුක්රෝස් සීනි ලෙස එහි කදෙහි ගබඩා කර ඇති නිසාවෙනි.



    FACT 10 :


    බොහෝ ශාක පත්‍ර කොළ පාට නමුත් හතු එසේත් නැත්නම් බිම්මල් සුදු පාට වෙනවා. ඒ සාමාන්‍යයෙන් ශාක පත්‍ර කොළ පැහැගැන්වෙන්නේ හරිතප්‍රද නිසා. බිම්මල් වල මේ හරිතප්‍රද නොමැති නිසා එහි වර්ණකය සුදු පාට වේ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    FACT 1: අහස් කූරක දුම් පිටවන දිශාවට විරුද්ධ දිශාවට එය ගමන් කරන්නේ, අහස් කූරෙන් දුම් පිටවන විට එම දුම් මගින් අහස් කූර මත යොදන ප්‍රතිවිරුද්ධ බලය හේතුවෙනි.

    FACT 1: එකිනෙකට සමාන්තර දුම්රිය මාර්ග දෙකක එකම දිශාවට එකම වේගයකින් දුම්රිය දෙකක් ගමන් කරන විට, එක් දුම්රියක සිටින මගියෙකුට අනෙක් දුම්රිය නැවතී ඇති ලෙස පෙනෙන්නේ, එක් දුම්රියක වේගයට සාපේක්ෂව අනෙක් දුම්රියේ වේගය ශූන්‍ය වීම නිසාවෙනි.

    FACT 1: සාමාන්‍ය ගල් තුනක ලිපක් කාර්යක්ෂම ලිපක් නොවන්නේ, දර දැවෙන විට විශාල තාප ප්‍රමාණයක් අපතේ යන හෙයිනි.

    FACT 2: ධීවරයින් රාත්‍රියේදී මුහුදු යන්නේ, රාත්‍රී කාලයේදී ඇති වන ගොඩ සුළං නිසා මුහුදට ඔරු පැදගෙන යාම පහසු නිසාවෙනි.

    FACT 3: මැටි භාජනයක ඇති ජලය, ඇළුමිනියම් භාජනයක ඇති ජලයට වඩා සිසිල්ය. එයට හේතුව වන්නේ, මැටි භාජනය සවිවරය ( කුඩා සිදුරු සහිතය ) එම සිදුරු තුළින් ජලය කාන්දු වන අතර ජලය වාෂ්ප වේ. එමගින් ජලය සිසිල් වේ. එහෙත් ඇළුමිනියම් භාජනයක එසේ සිදු නොවේ.

    FACT 4: උෂ්ණ කලාපීය රටවල වැසියන්ට වඩාත් සුදුසු වන්නේ සුදු ඇදුම්‍ ය, ඒ සුදු ඇදුම් මගින් තාපය උරා ගන්නේ අඩුවෙන් අතර වැඩි ප්‍රමාණයක් පරාවර්තනය කෙරේ. එ නිසා සුදු ඇදුම් ඇදීමෙන් වැඩි උණුසුමක් නොදැනෙයි.

    FACT 5: ජලයේ බහා එළවළු තැම්බීමට වඩා හුමාලයෙන් තැම්බීම යෝග්‍ය වන්නේ, උණු ජලයට වඩා විශාල තාපයක් හුමාලයේ අඩංගු වන නිසා හුමාලයෙන් තම්බන විට එළවළු වල ඇති පෝෂ්‍ය කොටස් සංරක්ෂණය වීමද සිදු වේ.

    FACT 6: පෙට්‍රල් වහා ගිනි ඇවිලෙන සුළු වුවද, පොල්තෙල් එසේ නොවේ. එයට හේතුව වන්නේ පෙට්‍රල් වල ජ්වලන උෂ්ණත්වය පොල්තෙල් වල ජ්වලන උෂ්ණත්වයට වඩා අඩු නිසයි.

    • FACT 01 :


    පොල් සිටුවීමේදී ලුණු ස්වල්පයක් පසට එක් කිරීම යෝග්‍ය වේ.



    ඒ ලුණු එකතු කිරීමෙන් පොල් පැළය අවට ඇති තෙතමනය හොඳින් රැදෙන අතර, ලුණු පසට එක්ව උරා ගැනීමෙන් පොහොරක් ලෙසද ක්‍රියා කෙරේ. වේයන්ගෙන් පොල් පැළයට සිදුවිය හැකි හානියද වැළකේ.






    • FACT 02 :




    Prozac-pills.jpg




    බෙහෙත් කරල් හා පෙති ගැනීමට වඩා දියර ඖෂධ තෝරා ගැනීම සුදුසු වන්නේ,



    පෙති හෝ කරල් දියවීමෙන් පසු සිරුරට උරා ගන්නා අතර දියර ඖෂධ ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂනය වේ. දියර ඖෂධයක් බීමට හා පෙවීමටත් ඉතා පහසුයි.




    • FACT 03 :


    ළදරුවෙකුට එළකිරි දෙන්නේ නම් දියාරු කර දිය යුතුයි.



    එළකිරි වල මේදය වැඩි නිසා ළදරුවාට කිරි දිරවීම අපහසු වෙයි. එනිසා එළකිරි දියාරු කර දීම වඩාත් සුදුසුයි.




    • FACT 04 :


    ඇතැම් වාහන ගමන් කරනා විට කළු දුම අධික ලෙස පිටවෙන්නේ ඉන්ධන දහනය අසම්පූර්ණ වන බැවිනි.




    • FACT 05 :


    සීතල දිනයකදී හොඳින් පොරවා ගත් විට උණුසුමක් දැනෙන්නේ, ශරීරයෙන් පිටවන තාපය ඉවතට නොගොස් රැදී පවතින නිසාවෙනි.




    • FACT 06 :




    00_sweat_this-is-why-some-people-sweat-more-than-others-and-how-to-manage-it_586474205-werayuth-tes_ft.jpg





    වකුගඩු රෝගීන්ගේ දහඩිය අධිකව පිටවේ. මෙයට හේතුව වන්නේ සිරුර තුළ සෑදෙන අපද්‍රව්‍ය වැඩි වශයෙන් පිටවෙන්නේ වකුගඩු වලින්. වකුගඩු රෝගියාගේ සිරුරේ අපද්‍රව්‍ය වකුගඩු වලින් පිටවීම අඩු වන නිසා දහඩිය මගින් පිටවන්නට පටන් ගනී.




    • FACT 07 :



    පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම නිරෝගී ජීවිතයකට මග පාදයි. පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීමෙන් ආහාර ජීරණය, ආහාරවල පෝෂණය අවශෝෂණය කර ගැනීම මෙන්ම රුධිරය මගින් ද්‍රව්‍ය බෙදා හැරීම පහසු වනවා. එසේම තුළ සෑදෙන අපද්‍රව්‍ය මුත්‍රා සමඟ පිටවීමටද ජලය උපකාරී වේ.




    • FACT 08 :



    කරදියෙහි පිහිනීම වඩා පහසු වන්නේ කරදියෙහි ඝනත්වය මිරිදියේ ඝනත්වයට වඩා වැඩි වන අතර, කරදිය මගින් වැඩි උඩුකුරු තෙරපුමක් ඇති කරන නිසා පිහිනීම පහසු වේ.




    • FACT 09 :




    soap.jpg





    සබන් ගෑමෙන් කුණු ඉවත් වන නමුදු දිනපතා සබන් ගෑම සමට අහිතකර විය හැකියි. ඒ දිනපතා සබන් ගෑමෙන් සම මත තිබිය යුතු තෙල් ප්‍රමාණයත් ඉවත්ව ගොස් සම වියළී යාමට හැකියාව ඇති නිසා.




    • FACT 10 :


    ළදරුවෙකු වමනය කරන විට කිරි කැටි ගැසී ඇති බව පෙනේ. ඒ කිරි මත රෙනින් නම් වූ එන්සයිමයි ක්‍රියාකිරීමෙන් කිරි කැටි ගැසීමට පටන් ගනී. එනිසා ළදරුවෙකුගේ වමනය කැටි ගැසී ඇති බව පෙනේ.
    ------ Post added on Sep 26, 2021 at 9:32 AM

    FACT 01 : බැවුම් සහිත ඉඩමක කාණු කැපීම කළ යුත්තේ ඉඩමේ ඉහළ සිට පහළට නොව , හරස් අතටයි. එහිදී ඉහළ සිට පහළට කාණු කැපීමෙන් පාංශු ඛාදනය වේගවත් වන අතර, හරස් අතට කාණු කැපූ විට පාංශු ඛාදනය අඩු වේ.

    FACT 02 : ආපන ශාලාවල ආහාර පිළියෙල කරනු ලබන මේසය මත යකඩ තහඩු නොව, ඇලුමිනියම් තහඩු අතුරනු ලැබේ. එයට හේතුව වන්නේ මෙම තහඩු නිතර තෙත් වන හෙයින් යකඩ තහඩු ඉතා ඉක්මනින් මල බදී. නමුත් ඇලුමිනියම් වල එසේ වන්නේ නැත. ( ඇලුමිනියම් මත සෑදෙන ඔක්සයිඩය ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි ).

    FACT 03 : විකිණීමට තබා ඇති පලා වර්ග මත ජලය ඉසීමෙන් වියළී යාම වැළකේ. එවිට අවට ඇති ජල වාෂ්ප සාන්ද්‍රනය වැඩි වෙන අතර පලා වල උත්ස්වේදන ක්‍රියාවලිය මගින් ජලය පිට නොවන හෙයින් වියළී යාම වලකී.

    FACT 04 : වනාන්තර වල ඇති ශාක බොහෝ විට උසින් වැඩෙන්නේ එම ශාක එක ලඟ වැඩීම නිසා අලෝකය සඳහා තරඟයක් පවතින හෙයින් ආලෝකය දෙසට හැදීමෙන් උස වැඩිවේ.



    hanthana-mountain-range.jpg




    FACT 05 : අප රටේ තේ හොඳින් වැවෙන්නේ කදුකර ප්‍රදේශ වලයි. එසේ වන්නේ තේ ගස වැඩීමට බලපාන දේශගුණික තත්වයන් ( උෂ්ණත්වය , වර්ෂාව වැනි ) කදුකර ප්‍රදේශයේ ඇති නිසාවෙනි.

    FACT 06 : මාළු ටැංකි තුළ මදුරුවන් බෝ වන්නේ නැත. ඒ මදුරුවන් එහි දමන බිත්තර හෝ එයින් පිටවන කීටයන් මාළුවන් විසින් ආහාරයට ගන්නා නිසාය.

    FACT 07 : කුඩා වැලි කැට ජලයේ ගිලෙන නමුත් විශාල ලී කොටයක් ජලයේ පාවෙයි. වැලි වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා වැලි ජලයේ ගිලේ. නමුත් ලී වල ඝනත්වය, ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා ජලය මත පාවේ.

    FACT 08 : දිවා කාලයේදී ගැඩවිල් පණුවෝ පස මතුපිටට නොපැමිණේ. ගැඩවිලාගේ ස්වසන පෘෂ්ඨය වන්නේ සමයි. සම තෙත්ව නොමැති නම් ඌට ස්වසනය කළ නොහැකි නිසා මිය යයි. දිවා කාලයේදී පස මතු පිටට පැමිණීමෙන් හිරු එළියේ රශ්මියට සම වියළී ස්වසනය අපහසුව මිය යන නිසා ගැඩවිලා පස මතුපිටට නොපැමිණේ.



    earthworm_1_800x600.jpg




    FACT 09 : රෝගියෙකුට රුධිර සාම්පලයක් ලබා දීමට පෙර රුධිර ගණය පරීක්ෂා කර බලනු ලබෙයි. මිනිසාගේ රුධිර ගණ හතරකි. A , B , AB හා O යනුවෙනි. රුධිර පාරවියලනයේදී රුධිර ගණ නොගැලපුණහොත් රුධිරය කැටි ගැසේ. මෙය අවධානම් තත්වයකි. එනිසා රුධිර ගණය පරීක්ෂා කරනු ලබයි.

    FACT 10 : මුදවාපු කිරි දින කිහිපයකදී ඇඹුල් රස වේ. මුදවාපු කිරි ඇඹුල් රස වන්නේ එහි ලැක්ටික් නැමැති අම්ලය සෑදීම නිසාවෙනි.
    ------ Post added on Sep 26, 2021 at 9:33 AM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    FACT 01 - හුමාලයෙන් පිළිස්සීම , නටන ජලයෙන් පිළිස්සෙනවාට වඩා හානිදායකයි. එසේ වන්නේ හුමාලයෙන් පිළිස්සෙන විට හුමාලයෙහි ගුප්ත තාපයද , ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තියද සිරුරට ලැබෙන නිසා වඩාත් හානිදායකයි.

    නටන ජලයෙන් පිළිස්සෙන විට සිරුරට ලැබෙන්නේ ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තිය පමණකි.



    FACT 02 - හිසරදය ඇති වූ විට හිසෙහි ඕඩිකොලොන් ආලේප කළ විට හිසරදය අඩු වේ. එසේ වන්නේ ඕඩිකොලොන් වාෂ්පශීලී ද්‍රව්‍යයක් බැවින් ඕඩිකොලොන් හිසෙහි ආලේප කළ විට, ඒවා වාෂ්ප වීමට අවශ්‍ය තාපය හිසෙහි උරා ගනී.
    එවිට එම කොටස සිසිල් වන අතරම හිසරදයත් අඩුවේ.



    FACT 03 - වාහනයකින් බඩු ප්‍රවාහනය කරන විට අඩු දුරක් සඳහා ගාස්තුව අඩුවත්, වැඩි දුරක් සඳහා ගාස්තුව වැඩි වීමත් සිදු කෙරේ. ඒ වාහනය ගමන් කිරීමේදී දුර වැඩි වන විට, කෙරෙන කාර්යය ප්‍රමාණයත් වැඩි වීම නිසා ගාස්තුවද වැඩි වෙයි.



    FACT 04 - සුළු තුවාලයක් සිදු වී ටික වේලාවකින් ලේ ගැලීම නතර වන්නේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා මගින් ලේ, කැටි ගැසීම සිදු කරන නිසා.



    FACT 05 - මිරිස් පැළ සිටුවා දින කිහිපයක් ගත වන තුරු ආවරණය කර තබයි. අළුතින් මුල් වැඩී ජලය උරා ගැනීමේ හැකියාව ලැබෙන තුරු උත්ස්වේදන ක්‍රියාවලිය වැළැක්වීමටයි.



    FACT 06 - හිරු එළිය නොමැති වුවත් සුළං හමන විට තෙත රෙදි වේලේ. ඒ සුළං හමන විට තෙත රෙදි වල ඇති ජලය වාෂ්ප වී යන හෙයිනි.

    FACT 07 - මල් පමණක් හටගෙන ගෙඩි හට නොගන්නා සමහර ශාකයන්ගේ කඳ කම්බියකින් තද කර බදිනු ලබයි. මෙවිට පත්‍රවල නිපදවෙන ආහාර ශාකයේ ඉහළ කොටසම රැස් වන නිසා ගෙඩි හට ගැනීම ඉක්මන් වන බව විශ්වාස කෙරේ.



    FACT 08 - මෝටර් රථ බැටරියක කෝෂ සම්බන්ධ කර ඇත්තේ ශේණිගතවයි. එලෙස ශ්‍රේණිගතව විදුලි කෝෂ සම්බන්ධ කිරීම මගින් වැඩි වෝලීයතාවයක් ලබා ගත හැකියි.



    FACT 09 - ජල භාජනයකට අත දැමූ විට ඇද වී පෙනේ. මෙයට හේතුව වනුයේ ජලය වාතය වෙන් කරන පෘෂ්ඨයේදී ආලෝකය වර්තනය වීමයි.එනම් හැරී ගමන් කිරීමයි.



    FACT 10 - ඉන්සියුලීන් මුඛ මාර්ගයෙන් දීම ඵලක් නැත.




    ඉන්සියුලින් ප්‍රෝටීනයකි. මෙය මුඛ මාර්ගයෙන් දුන් විට ජීරණය වන නිසා එන්නතක් ලෙස දෙනු ලබයි.

    facts already knew bump
    There are plenty of people who don't know these things.
    ------ Post added on Sep 26, 2021 at 9:38 AM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    FACT 01 - හුමාලයෙන් පිළිස්සීම , නටන ජලයෙන් පිළිස්සෙනවාට වඩා හානිදායකයි. එසේ වන්නේ හුමාලයෙන් පිළිස්සෙන විට හුමාලයෙහි ගුප්ත තාපයද , ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තියද සිරුරට ලැබෙන නිසා වඩාත් හානිදායකයි.

    නටන ජලයෙන් පිළිස්සෙන විට සිරුරට ලැබෙන්නේ ජලය නටන උෂ්ණත්වයේ සිට ශරීර උෂ්ණත්වය තෙක් සිසිල් වීමේදී පිට කරන ශක්තිය පමණකි.



    FACT 02 - හිසරදය ඇති වූ විට හිසෙහි ඕඩිකොලොන් ආලේප කළ විට හිසරදය අඩු වේ. එසේ වන්නේ ඕඩිකොලොන් වාෂ්පශීලී ද්‍රව්‍යයක් බැවින් ඕඩිකොලොන් හිසෙහි ආලේප කළ විට, ඒවා වාෂ්ප වීමට අවශ්‍ය තාපය හිසෙහි උරා ගනී.
    එවිට එම කොටස සිසිල් වන අතරම හිසරදයත් අඩුවේ.



    FACT 03 - වාහනයකින් බඩු ප්‍රවාහනය කරන විට අඩු දුරක් සඳහා ගාස්තුව අඩුවත්, වැඩි දුරක් සඳහා ගාස්තුව වැඩි වීමත් සිදු කෙරේ. ඒ වාහනය ගමන් කිරීමේදී දුර වැඩි වන විට, කෙරෙන කාර්යය ප්‍රමාණයත් වැඩි වීම නිසා ගාස්තුවද වැඩි වෙයි.



    FACT 04 - සුළු තුවාලයක් සිදු වී ටික වේලාවකින් ලේ ගැලීම නතර වන්නේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා මගින් ලේ, කැටි ගැසීම සිදු කරන නිසා.



    FACT 05 - මිරිස් පැළ සිටුවා දින කිහිපයක් ගත වන තුරු ආවරණය කර තබයි. අළුතින් මුල් වැඩී ජලය උරා ගැනීමේ හැකියාව ලැබෙන තුරු උත්ස්වේදන ක්‍රියාවලිය වැළැක්වීමටයි.



    FACT 06 - හිරු එළිය නොමැති වුවත් සුළං හමන විට තෙත රෙදි වේලේ. ඒ සුළං හමන විට තෙත රෙදි වල ඇති ජලය වාෂ්ප වී යන හෙයිනි.

    FACT 07 - මල් පමණක් හටගෙන ගෙඩි හට නොගන්නා සමහර ශාකයන්ගේ කඳ කම්බියකින් තද කර බදිනු ලබයි. මෙවිට පත්‍රවල නිපදවෙන ආහාර ශාකයේ ඉහළ කොටසම රැස් වන නිසා ගෙඩි හට ගැනීම ඉක්මන් වන බව විශ්වාස කෙරේ.



    FACT 08 - මෝටර් රථ බැටරියක කෝෂ සම්බන්ධ කර ඇත්තේ ශේණිගතවයි. එලෙස ශ්‍රේණිගතව විදුලි කෝෂ සම්බන්ධ කිරීම මගින් වැඩි වෝලීයතාවයක් ලබා ගත හැකියි.



    FACT 09 - ජල භාජනයකට අත දැමූ විට ඇද වී පෙනේ. මෙයට හේතුව වනුයේ ජලය වාතය වෙන් කරන පෘෂ්ඨයේදී ආලෝකය වර්තනය වීමයි.එනම් හැරී ගමන් කිරීමයි.



    FACT 10 - ඉන්සියුලීන් මුඛ මාර්ගයෙන් දීම ඵලක් නැත.




    ඉන්සියුලින් ප්‍රෝටීනයකි. මෙය මුඛ මාර්ගයෙන් දුන් විට ජීරණය වන නිසා එන්නතක් ලෙස දෙනු ලබයි.


    There are plenty of people who don't know these things.
    ------ Post added on Sep 26, 2021 at 9:38 AM
    thawa amaru facts uth dapan oya sirasa lakshapathi eke 100,000n uda prashna waladi ahanawa wage :yes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    * සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.

    * පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.

    * හොඳින් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මද වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ.ඇසේ කණීනිකාව හොඳින් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරය තුළ අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.

    * සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.

    * කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.

    * පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවනයක බහා තබනු ලැබේ.පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. නමුත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රනය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මගින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යාමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක්් නොවේ.

    * විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.

    * හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි.

    * මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.

    * නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.

    * වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.

    * ශීත දිනවලවැඩි බඩගින්නක් දැනේ.ශීත දිනවලදී ශරීරය තුළ තාපය රඳවා තබා ගත යුතු වේ. මේ සඳහා වැඩි ආහාර ප‍්‍රමාණයක් ශරීරයට අවශ්‍ය නිසා වැඩියෙන් බඩගිනි දැනේ.
    * පරිසරය අධික ලෙස ශීතල වූ විට සමේ රෝම උද්දීපනය වී වේව්ලීම ඇතිවේ.අධික ශීතලකදී ශරීර උෂ්ණත්වයට වඩා පරිසරයේ උෂ්ණත්වය අඩු නිසා ශරීරයෙන් තාපය පරිසරයට පිටවේ. එවිට සමේ ඇතුළත ඇති ඇතැම් පේශි සංකෝචනය වීමෙන් රෝම උද්දීපනය වේ. මේ නිසා රෝම අතර වාතය රැඳී සිරුර පුරා වාත ස්ථරයක් සෑදේ. වාතය දුර්වල තාප සන්නායකයක් බැවින් ශරීරයෙන් පිටතට තාපය ගලා යාම අඩුවේ.

    * ගෙවල් සාදන අවස්ථාවලදී මුක්කු ගැසීමට සිදුවන විට ඒ සඳහා යොදා ගන්නා උණ බම්බු කෙලින් පොළව මත සිටුවනවා වෙනුවට පැතලි ලෑල්ලක් මත සිටුවනු ලැබේ.පෘෂ්ඨීය ක්ෂේත‍්‍රඵලය අඩුවන විට පීඩනය වැඩිවේ. උණ බම්බුවේ පතුලේ ක්ෂේත‍්‍රඵලයට වඩා පැතලි ලෑල්ලක ක්ෂේත‍්‍රඵලය වැඩිය. එමනිසා පැතලි ලෑල්ලක් මත තැබීමෙන් උණ බම්බුව මඟින් ඇති කරන පීඩනය අඩුවන බැවින් පොළව තුළට ගිලා බැසීම අඩුවේ.

    * යම් ද්‍රව්‍යයක් විශාල කැට වශයෙන් යෙදීමට වඩා සිහින් කුඩු වශයෙන් ද්‍රාවකයට එකතු කිරීමෙන් දිය කිරීම පහසුය.යම් ද්‍රව්‍යයක් ද්‍රාවකයක දියවීමේදී ද්‍රාවකය හා ගැටෙන ද්‍රව්‍යයේ පෘෂ්ටීය ක්ෂේත‍්‍රඵලය වැඩි නම් ද්‍රාවණය වීම වේගවත් වේ. කැට වලට වඩා කුඩුවල පෘෂ්ඨීය ක්ෂේත‍්‍රඵලය වැඩි බැවින් පහසුවෙන් දියවේ.

    * ලංකාවේ ගලගණ්ඩය (වායු ගෙඩි) රෝගය වැඩි වශයෙන් වාර්තා වන්නේ රටේ මැද ප‍්‍රදේශවල වෙසෙන අයගෙනි.රටේ මැද ප‍්‍රදේශවල වාසය කරන අයට වැඩිපුර මුහුදු මාළු පරිභොජනය කිරීමේ අවස්ථාව අහිමිවේ. එම නිසා ශරීරයට ලැබෙන අයඩින් ප‍්‍රමාණය අවම වීමෙන් තයිරොයිඩ් ග‍්‍රන්ථිය ඉදිමීමට පටන් ගනී. මෙය ගලගණ්ඩය රෝගයයි. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා නිතර භාවිතයට ගන්නා දියලුණුවලට අයඩින් එකතු කර ඇත.

    * පිත්තල හැන්දකින් අච්චාරු බෙදීම නුසුදුසුය.පිත්තල සාදා ඇත්තේ තඹ හා තුත්තනාගම් එකතු කිරීමෙනි. අච්චාරු වල විනාකිරි එනම් ඇසිටික් අම්ලය අඩංගුය. මෙම ලෝහ හා අම්ල අතර ප‍්‍රතිකි‍්‍රයා සිදුවීමෙන් කොපර් ඇසිටේට් සෑදේ. මේවා ශරීරයට විස සහිත නිසා හානි පැමිණීමට හැකිය.

    * කෙසෙල් පැළයක් සිටුවීමේදී එහි කොළ කපා දමා සිටුවනු ලැබේ.කෙසෙල් පැළයක් සිටවූ සැනින්ම එහි මුල් හට නොගනී. මුල් හටගෙන පසේ ඇති ජලය ශාඛයට උරා ගැනීමට දින ගණනාවක් ගතවේ. පැළයේ කොළ නොකැපූවිට උත්ස්වේදනය වේගයෙන් සිදුවීම නිසා ශාඛයට ජලය නොලැබී වියළී යාමට ඉඩ තිබේ. පැළයේ කොළ කපා දැමීමෙන් උත්ස්වේදනය අඩුවී ජලය ආරක්ෂා වේ.

    * විදුලි කෙටීමෙන් ස්වල්ප වේලාවකට පසු ගොරවන හඬ ඇසෙ.වළාකුළු දෙකක් එකිනෙක ගැටීමෙන් ඒවා අතර ඇතිවන ආරෝපණ හේතුවෙන් විදුලි කෙටීමත් ගොරවන හඬත් එකම අවස්ථාවකදී ඇතිවේ. නමුත් ආලෝකයේ වේගය ධ්වනියේ (ශබ්දයේ) වේගයට වඩා වැඩි නිසා පළමුව ආලෝකයත් පසුව ගොරවන හඬත් ඇසේ.

    * පෙට‍්‍රල් මඟින් ඇතිවූ ගින්නකට ජලය දමා නිවීමට තැත් කළ විට ගින්න තවත් වැඩිවේ.පෙට‍්‍රල් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි නිසා ජලය පතුලට ගොස් පෙට‍්‍රල් ඉහළට මතුවේ. එවිට ඔක්සිජන් සමඟ සම්බන්ධතාවය වැඩි වන නිසා ගින්න තවත් වැඩිවේ. මේ නිසා පෙට‍්‍රල් ගින්නක් නිවීම සඳහා වැලි භාවිතා කරයි.

    * සමහර අය ඉස්සන්, කකුළුවන්, තක්කාලි ආදිය ආහාරයට ගත් විට සමේ පළු මතුවේ.මෙම තත්ත්වයට ‘අසාත්මිකතාව‘ යැයි කියනු ලැබේ. මෙම තත්ත්වය ඇති කරන ඉහත සඳහන් ආහාර ආසත්මීකාරක වේ. සමහර අයගේ ශරීරයේ මෙම ආසත්මීකාරක වලට අධික සංවේදීතාවයක් ඇති කර රුධිරයේ ප‍්‍රතිදේහ හා ප‍්‍රතිදේහජනක අතර ප‍්‍රතිකි‍්‍රයා ඇති කරන රසායන ද්‍රව්‍ය උපදවයි. එය සමේ පළු ඇති කිරීමට හේතු වේ.

    * ඇඹුල් සහිත ආහාර ගැනීමෙන් අපේ දත් හිරි වැටේ.ඇඹුල් සහිත ආහාර වල ඇති ආම්ලික ගතිය නිසා දත්වල මතුපිට එනැමලය තරමක් දුරට විනාශ වේ. එවිට ස්නායු විවෘත වීමෙන් දත් හිරි වැටීම සිදුවේ.

    * ලෑල්ලකට ඇණයක් ගැසීමේදී මොට ඇණයකට වඩා තියුණු තුඩක් ඇති ඇණයක් හොඳින් කිඳා බසී.ඇණය ලෑල්ල තුළට ගමන් කරන්නේ ඇණය මත ඇති කරන පීඩනය අනුවය. මොට ඇණයක එහි තුඩෙහි වර්ගඵලය වැඩි නිසා කි‍්‍රයාකරන බලය අඩුවී ඇණය කිඳා බැසීම අඩුවේ. ඇණයේ තුඩ තියුණු වූ විට එහි වර්ගඵලය අඩුවන නිසා බලය වැඩිවී ලෑල්ල තුළට ඇණය පහසුවෙන් කිඳා බසී.

    * වෙළෙඳ පොළේ ඇති පැණිබීම පානයට වඩා තැඹිලි වතුර පානය කිරීම ;සෟඛ්‍යයට හිතකරය.පැණිබීම වල පැණි රස ඇති කිරීමට ශරීරයට අහිතකර සැකරින් වැනි ද්‍රව්‍යය දමනු ලැබේ. එමෙන්ම පාට ගැන්වීම සඳහා නොයෙක් අහිතකර ඩයි වර්ග භාවිතා කරයි. ඉන් ශරීරයට හානි සිදුවේ. නමුත් තැඹිලි වතුර යනු ස්වභාවික පානයකි.

    * ශාඛ ස්වභාවයෙන්ම වාතය පිරිසුදු කරන්නෝය.ශාඛවල ආහාර නිෂ්පාදනය හෙවත් ප‍්‍රභාසංස්ලේෂණයේ දී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගනී. සතුන්ගේ ශ්වසනයේදී හා කර්මාන්තශාලා මඟින් පරිසරයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් නිසා පරිසරය අපිරිසුදු වී ඇත. නමුත් ශාඛ මඟින් ආහාර නිෂ්පාදනය සඳහා මෙම කාබන්ඩයොක්සයිඩ් ප‍්‍රයෝජනයට ගෙන සතුන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් පිට කරන නිසා ස්වභාවයෙන්ම වාතය පිරිසුදු වේ.

    * ලී කුඩුවල දැවටූ අයිස් කැටයක් ඉක්මනින් දිය නොවේ.අයිස් කැටයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවට වඩා වැඩිවූ විට දියවීමට පටන් ගනී. එසේ අයිස් කැටය තාපය අවශෝෂණය කර (උරා) ගන්නේ අයිස් කැබැල්ල අවට ඇති ද්‍රව්‍යවලිනි. ලී කුඩු වලින් තාපය ලබා ගැනිමට අයිස් කැටයට නොහැකි වේ. මේ නිසා අයිස් කැටය දියවීම ප‍්‍රමාද වේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට හොරු කියලා දැනගෙනත් පොහොට්ටුවට චන්දෙ‌ දෙන්නෙ ඇයි?
     
    • Wow
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Tfs මචෝ..👍👍👍
    සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.
    මේකනං ටිකක් වනස් වෙන්න ඕනෙ.
    පිහියෙ දෙපස පෘශ්ඨයෙන් ඇතිවෙන ඝර්ශණ බලය නිසයි පිහියෙන් කපන්න අමාරු.

    නූලට වඩා මුවහතේ වර්ගඵළය අඩු බ්ලේඩ් එකකිනුත් සබං කපන්න අමාරුවෙන්නෙ ඒකයි...
     
    • Like
    Reactions: TCB Rox and Rankira

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Tfs මචෝ..👍👍👍

    මේකනං ටිකක් වනස් වෙන්න ඕනෙ.
    පිහියෙ දෙපස පෘශ්ඨයෙන් ඇතිවෙන ඝර්ශණ බලය නිසයි පිහියෙන් කපන්න අමාරු.

    නූලට වඩා මුවහතේ වර්ගඵළය අඩු බ්ලේඩ් එකකිනුත් සබං කපන්න අමාරුවෙන්නෙ ඒකයි...
    Thank you!
     

    Similar threads