1. බල්ලා නිතරම කට ඇරගෙන ඉන්නේ ඇයි?
සෑම සතෙකුටම තම ශරීරයේ නිපදවෙන වැඩිපුර තාපය පිටකර හැරීමට සිදුවෙයි. අපේ සම වාතය සමඟ හොඳින් ගැටෙමින් පවතින නිසා අපට සමෙන් වාතය පිටකිරීම පහසුයි.නමුත් බල්ලන්ගෙත්,වෙනත් බොහෝ සතුන්ගෙත් සම ලොමින් වැසී ඇති නිසා එලෙස සමෙන් තාපය පිටවීම අඩුය. එමනිසා තාපය පිට කිරීමට වෙනත් ක්‍රමයක් අවශ්‍යය. බල්ලා සිය දිව පිටත දැමූ විට වාතය සමඟ ගැටෙන නිසා තාපය ඉවත් වේ. එමෙන්ම දිව පිටත දමාගෙන සිටින විට වැගිරෙන දියර නිසාත් සිරුරේ තාපය ඉවත් වී සිරුරට සිසිලස ලබා දෙයි.
2. දුම්රිය මාර්ගයක පීලි දෙක සමාන්තර වුවද ඈත දී ඒවා එකිනෙකට ළංවන සේ පෙනෙන්නේ ඇයි
ළඟක දී හෝ දුරක දී පීලි අතර දුර නොවෙනස්ව පවතී. නමුත් දුරක සිට ඇසට අවපාත වන කෝණයට වඩා කුඩා වේ. මේ නිසා දුරක දී පීලි අතර දුර කුඩාවට පෙනේ.
3. කන්දක මුදුන දෙසට පදිනවාට වඩා පහසුවෙන් කන්ද පහළට බයිසිකලයක් පැදවිය හැකි වන්නේ ඇයි?
කන්දක පැදීමේ දී පදවන්නා විසින් යාන්ත්‍රික විභව ශක්තිය වැඩිකර ගත යුතුය. මෙහි දී ගුරුත්වයට විරුද්ධව කාර්යය කළ යුතුයි. පහළට පදිනවිට විභව ශක්තිය පදින්නාට උදව් වේ. මේ නිසා පහළට පැදීම ඉහළට සාපේක්ෂව පහසු වේ.
4. රබර් ගස්වල පත්‍ර පතනය වන කාලයේ දී රබර් කිරි කැපීම තාවකාලිකව නතර කරන්නේ ඇයි?
පත්‍ර පතනය වූ විට ප්‍රභාසංස්ලේෂණය අඩුවීම නිසා කිරි නිෂ්පාදනය අඩු වේ. මෙවිට කිරි ලබා ගැනීම ගස්වලට අහිතකරය. පත්‍ර පතනය වු විට, උත්ස්වේදනය අඩුවීම නිසා, පොළොවෙන් ජලය හා ඛණිජ ද්‍රව්‍ය උරා ගැනීම ද අඩු වේ.
5. මැටි කලයක ඇති ජලය ඇලුමිනියම් කලයක ඇති ජලයට වඩා සිසිල් බවක් දක්වන්නේ ඇයි?
මැටි කලය සිදුරු සහිත ය. ඇලුමිනියම් කලය සිදුරු රහිතය. මැටි කලයේ සිදුරුවලින් පිටට කාන්දු වන ජලය වාෂ්ප වේ.ජලය වාෂ්ප වීමට අවශය තාපය, පරිසරයෙන් (මැටි කලය හා ජලය ඇතුළුව) ලබා ගනී. ඒ නිසා ජලය සිසිල් වේ. නමුත් ඇලුමිනියම් කලයේ සිදුරු රහිත නිසා එවැන්නක් සිදු නොවේ.
6. දොඩම් ඇට සිටවු විට සමහර අවස්ථාවල දී ඒවායින් දෙහි,නාරං වැනි වෙනත් ගස් වර්ග හටගන්නේ ඇයි?
ගෙඩි හටගන්නේ මල්වල පරාගනය සාර්ථකව සිදුවූවායින් පසුවයි. මේ සඳහා එක මලක පරාග තවත් මලක් මත තැවරීම සිදුවිය යුතුයි.එසේම මෙම මල් දෙවර්ගයම එකම විශේෂයේ ඒවා විය යුතුයි.සමහර විට දොඩම් මල් එම විශේෂයටම අයත් දෙහි,නාරං වැනි මල්වලිනුත් පරාගනය විය හැක. එසේ පරාගනය වු මලකින් ගෙඩි ඇති වුවහොත් ඇතැම් විට එම ගෙඩිවල ඇටවලින් හටගන්නා පැල දෙහි හා නාරං වැනි ඒවා විය හැකිය.
7. ශරීරයේ කොටසක් කැපුණු විට වේදනාව දැනෙන මුත් හිසකෙස් හෝ නියපොතු කපන විට එසේ වේදනාව නොදැනෙන්නේ ඇයි?
සිරුරේ සම තුළ වේදනා සංවේදය ලබා ගන්නා කොටස් සෑම තැනම පැතිරී තිබේ. යම් තැනක් ස්නායුවලින් මොළය සමඟ සම්බන්ධ වී තිබෙද්දී කැපුණු විට මොළයට පණිවිඩය යැවෙන නිසා වේදනාව දැනේ.නමුත් නිය හා කෙස් ආදියෙහි කපන කොටස් වලට ස්නායු සම්බන්ධයක් නැත. එම නිසා ඒවා කපන විට වේදනාවක් ඇති නොවේ.නමුත් නිය හා කෙස් මුලට ස්නායු සම්බන්ධව ඇති බැවින් ඒවා ගලවන විට වේදනාව දැනේ.
8. චිම්නි ලාම්පුවක චිම්නි ආධාරකයේ පහළින් සිදුරු ඇත්තේ ඇයි?
ලාම්පුවේ තිරය අසල දී භූමිතෙල් වාෂ්ප වී ගිනි ගනී. මෙසේ දැල්වීම සඳහා ඒ භූමිතෙල් වාෂ්පවලට වාතය අවශය වේ. ඒ වාතය ඇතුළු වන්නේ පහතින් ඇති සිදුරුවලිනි. චිම්නිය තුළ ඇති වාතය රත් වූ විට චිම්නි කටින් ඉහළට පිට වී යයි. එවිට අලුත් වාතය ඒ සිදුරුවලින් චිම්නිය තුළට ඇතුළු වන නිසා ලාම්පුව දිගින් දිගටම දැල් වේ.
9. විශාල බරක් හිසමත තබාගෙන යාමට වඩා පිටමත තබාගෙන යාම පහසු වේ.
එකම බර හිස මත අඩු පරදේශයක ද පිටමත වැඩි පරදේශයක ද කරියා කරයි. එමනිසා හිස මතට ඇතිවන පීඩනය, වඩා වැඩි වේ.(පීඩනය කෙරෙහි පෘෂ්ඨයේ වර්ගඵලය බලපායි)

