විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_01කොටස

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    නෑ බන් එහෙම එකකට නෙවෙයි කිව්වේ. මට භෞතිකවාදය එක්ක ගැටීමක් නෑ. භෞතික විද්‍යාවේ දියුනුව ගැන ප්‍රශ්නයකුත් නෑ. ඒත් භෞතිකවාදයෙන් ටච් කරන්න හිතන්නවත් බැරි ලොකු පරාසයක් විඥානවාදයේ තියෙනවා. ඉතින් එහෙම දෙයක විස්තර වෙන කරුනු වල කොටස් අරගෙන ආ මෙක ඔප්පු කරලා ඉවරයි, මේ කියපු දේන් කොටසක් ඔප්පු කරලා ඉවරයි කියලා කියනව නම්, ඔප්පු කරගන්න බැරි දේවල් බොරුයි කියලා කියනවා නම් ඒක විහිලුවක්නේ බන්.
    ආගම් වලට අමතරව, ලෝකය රොටියක් වගේ තැටියක් කියලා කිව්වෙත් ඉස්සර හිටපු නූතන විද්‍යාඥයෝ කියාගත්තු අයම තමයි. ඒක බොරුවක් කියලා ඔප්පු කරෙත් විද්‍යාඥයෝම තමයි.
    ඇත්ත බොරුවෙන් පහදන්න පුලුවන්ද? බොරුව ඇත්තකින් පහදන්න පුලුවන්ද? ඔබ විද්‍යාව සත්‍ය යයි දකින්නේද ඒ ලෙස දකින්නේ කුමන පදනමකින්ද?

    රුචිර ඒ ගැන මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්,බුදු රජාණන් වහන්සේගේ එක දිනක අලුයම් කිස ධර්ම දේශනාවක් පමණක් මුළු සුත්‍ර පිටකය තරම් දීර්ඝ බව ත්‍රිපිටකයේ සදහන් වෙනවා.එමෙන්ම උන් වහන්සේ සුත්ත (සූත්‍ර), ගෙයිය (සාරාංශ ගථා), වෙයියාකරණ (ව්‍යාකරණ), ගාථා (ගාථාවන්), උදාන (ප්‍රිතිවාක්‍ය), ඉතිවුත්තක (උදහරණ කථා), ජාතක (ජාතක කථා), වේදල්හ (පුරණ කථා), අබ්භූතධම්ම (අසිරිමත් සිදුවීම්) ආදී නව ආකාරකින් එක් දේශනාවක් දේශනා කරනවා. අප මාතෘකාවේ සදහන් අග්ගඤ්ඤ සූත්‍රය මෙහි සුත්‍ර කොටසේ සාරාංශයක් පමණි. දේශනාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට සම්පුර්ණ කොටසින් 1%ත් අඩු කොටසකි.එම නිසා බුදු දහමේ ත්‍රිපිටකයේ සදහන් මෙම කොටස් වාචිකව ආ පසුව ග්‍රන්ථාරුඪ වූ අඩුපාඩු සහිත සුත්‍රය.එය සර්ව සම්පුර්ණ නොමැත.
    විද්‍යාව නම් මනුෂ්ශ්‍ය දැනුම වෙනස් වන සුළුයි.නමුත් පරිණාමවාදය ගත් විට එය න්‍යායකි.එය සත්‍ය බව ඕනෑම ජීව විද්‍යාඥ යෙකුට වැටහේ.එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ඇති බැවින් පිළිගනී.නමුත් මුලසිට අගට නිවැරදිව ඔප්පු කිරීමට තවමත් සාක්ෂි තොරතුරු හමුවී නොමැත.එහිද අප සිටින්නේ මැදය.

    මෙම තොරතුරු විද්‍යා,මද්‍යස්ථ පදනමකින් නොව බෞද්ධ පදනමකින් ලියා ඇති නිසා, සුත්‍ර කොටස් විද්‍යා පදනමකින් ඔප්පු කිරීමට යන බව පෙනේ.ඒ ගැන අපගේ කනගාටුව,මන්ද යත් ඔබට ඒ ගැන වැරදි වැටහීමක් ඇති වීමට ඉඩ ඇති නිසා..
    :yes:
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Quote:
    Originally Posted by Rage Guy View Post
    Ow puluwan ban buduhamduruwo kivve mae self kiyanne siyaluma dewala ekathuwak kiyalane.mae siyalu de parinamaya wenne memory ekak hinda.ekata thamai karma kiyala kivve.memory eka hinda aye aye upadinawa.body eka bauthika wagema manasath eka widiyakata bautikawa pawathinawa.oya manasa thamai eka body ekak atharala thawa body ekakata yanne.eka sihiya newe.manasa kiyanne karma(memory) wala ekathuwak.apita bauthika shariyaya atha arala,manaseth ithiri wela tiyena memory tika nethi karala demmama aye ipadimak ne.
    මේක බුදුහාමුදුරුවන්ගෙ දේශනාවට​ එකඟ නැහැ මචං.
    @ youtube බුදු දහමේ ආත්මය,අන්තරා භවය පිළිගන්නේ නැති වුනත් එය සරළ පැහැදිළි කිරීමක්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    දැන් එතකොට මොකක්ද මේ ලිපි පෙලින් කියන්න උත්සහ කරන්නේ? ත්‍රිපිටකයේ අඩු පාඩු තියෙනවා කියලද? නැත්තන් බුදුදහමේ සදහන් වන කරුණු නුතන විද්‍යාවෙන්ද සාධනය වී ඇති බවද?

    තවද පහත කරුණ සදහන් වන තැනක් පෙන්වන්න පුළුවන් නම් ඉතා යෝග්‍ය බව මගේ අදහසයි.
    බුදුදහමට අනුව මිනිස් වර්ග 4 කි. උතුරුකුරු වැසියන්, ගෝයාණිකයන් , වේදේහිකයන් ඉතා වෙනස් ස්වරූප ඇති (පිටස්ක්වල ජීවින් බදු ) මිනිසුන්ය. ඔවුන් මේ ලෝකයේ සිටින බව සොයාගෙන නැත.

    ---

    ඔබගේ අදහස් දැක්වීම අගය කරනවා.මිත්‍රයා ඔබ පරම සත්‍යන් යුතු දෙය විනිශ්චය යනුවෙන් හදුන් වන්නේ කුමක්ද කියා මෙතන ගැටළුවක් තිබෙනවා. නිවන නම් බුදු දහමේ පරම සත්‍ය ගැන, එය විද්‍යාත්මක ද එය පවතීද යන්න මේ මාතෘකාවෙන් කතාකරන්නේ නැත.මෙය හුදෙක් අප ජීවත් වන්නා වූ පෘතුවි තලයේ ජීවය ආරම්භවීම පිළිබද අග්ගඤ්ඤ සුත්‍රයේ සදහන් දෑ අප දැනට සොයාගෙන ඇති දේ සමහ ගැලපීම පමණක් සිදුකරයි.අචින්ත විෂයක් වන විද්‍යා විෂය බුදු දහමේ දැනගත යුතු කාරනා නොවේ.ඒවා මෙලොව පවතින අත්භූත විෂයන් වන්නේය.

    පරම සත්‍ය ලෙස මම නිවන ම අදහස් කලේ නැහැ, මම සතර මහා භූතයන්ගේ සිට විකාශනය වන නාම රූප පරම සත්‍ය ලෙස දකිමිනුයි අදහස් දැක්වුයේ. ඔබ මෙතන ගලපනවා යනුවෙන් අදහස් කරන්නේ සංසන්දනය කිරීම වියයුතුයි, නමුත් මෙහි අරමුණ කුමක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113

    රුචිර ඒ ගැන මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්,බුදු රජාණන් වහන්සේගේ එක දිනක අලුයම් කිස ධර්ම දේශනාවක් පමණක් මුළු සුත්‍ර පිටකය තරම් දීර්ඝ බව ත්‍රිපිටකයේ සදහන් වෙනවා.එමෙන්ම උන් වහන්සේ සුත්ත (සූත්‍ර), ගෙයිය (සාරාංශ ගථා), වෙයියාකරණ (ව්‍යාකරණ), ගාථා (ගාථාවන්), උදාන (ප්‍රිතිවාක්‍ය), ඉතිවුත්තක (උදහරණ කථා), ජාතක (ජාතක කථා), වේදල්හ (පුරණ කථා), අබ්භූතධම්ම (අසිරිමත් සිදුවීම්) ආදී නව ආකාරකින් එක් දේශනාවක් දේශනා කරනවා. අප මාතෘකාවේ සදහන් අග්ගඤ්ඤ සූත්‍රය මෙහි සුත්‍ර කොටසේ සාරාංශයක් පමණි. දේශනාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට සම්පුර්ණ කොටසින් 1%ත් අඩු කොටසකි.එම නිසා බුදු දහමේ ත්‍රිපිටකයේ සදහන් මෙම කොටස් වාචිකව ආ පසුව ග්‍රන්ථාරුඪ වූ අඩුපාඩු සහිත සුත්‍රය.එය සර්ව සම්පුර්ණ නොමැත.
    විද්‍යාව නම් මනුෂ්ශ්‍ය දැනුම වෙනස් වන සුළුයි.නමුත් පරිණාමවාදය ගත් විට එය න්‍යායකි.එය සත්‍ය බව ඕනෑම ජීව විද්‍යාඥ යෙකුට වැටහේ.එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාධක ඇති බැවින් පිළිගනී.නමුත් මුලසිට අගට නිවැරදිව ඔප්පු කිරීමට තවමත් සාක්ෂි තොරතුරු හමුවී නොමැත.එහිද අප සිටින්නේ මැදය.
    :yes:

    ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන් නැති බවත් ඇත්ත.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ උනේ බුද්ධ දේශනයේ ඉතාම සුළු කොටසක් බවත් ඇත්ත.

    හැබැයි මචන් කරුණු වැරදි විදිහට ග්‍රන්ථාරුඪ කරලා නෑ. නිවරදි කිරීම් කියලා අන්තිමට කෑලි එල්ලලාත් නෑ. කෑලි එල්ලන්න අවශ්‍යත් නෑ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    දැන් එතකොට මොකක්ද මේ ලිපි පෙලින් කියන්න උත්සහ කරන්නේ? ත්‍රිපිටකයේ අඩු පාඩු තියෙනවා කියලද? නැත්තන් බුදුදහමේ සදහන් වන කරුණු නුතන විද්‍යාවෙන්ද සාධනය වී ඇති බවද?
    සාතන් ඉන් හෙල් මම ඔබට මෙහෙම උත්තර බදින්නම්.
    මුලින්ම බුදු දහම නිර්වචනය කරන්නම්,බුදු දහම යනු නිවනට උපකාරීවන අසු හාරදහසක් වූ ධර්මස්කන්දයයි.දෙවියන්ට දෙසු අභිධර්මයේ සදහන් වන්නේ එයයි(අභිධර්ම පිටකය.).සුත්‍ර පිටකයේ විශේෂ සිදුවීම් සියල්ල සාරාංශ ගත කොට තිබේ.විනය පිටකයේ මහණෙකු රැකිය යුතු විනය රීති අඩංගුවේ.මෙය ත්‍රිපිටකයයි.එමෙන්ම බුදුදහම ප්‍රයෝගික දහමකි.කමටහන් ලබා ගැනීම,භාවනා කිරීම සිට මගඵල ලබා ගැනීම,ධ්‍යාන ක්‍රීඩා කිරීම,නිරෝධ සමාපත්තියට සම වැදීම වනතෙක් සියල්ල ප්‍රයෝගික ක්‍රියාවේ.ඒ ගැන සිතීම ඔබට බාරයි.

    පරම සත්‍ය ලෙස මම නිවන ම අදහස් කලේ නැහැ, මම සතර මහා භූතයන්ගේ සිට විකාශනය වන නාම රූප පරම සත්‍ය ලෙස දකිමිනුයි අදහස් දැක්වුයේ. ඔබ මෙතන ගලපනවා යනුවෙන් අදහස් කරන්නේ සංසන්දනය කිරීම වියයුතුයි, නමුත් මෙහි අරමුණ කුමක්ද?

    මෙහෙමයි මෙය විෂයන් දෙකක් සංසන්දනයට ලක් කිරීමක් නොවෙයි.මුලාශ්‍ර 2ක තොරතුරුවල ඇති සමානකම් ඉදිරිපත් කිරීමකි.මෙය හුදෙක් ඔබගේ පහසුව තකා මෙලෙස අර්ථ දැක්විය හැක.අසාමාන්‍ය භාෂා කුසලතාවයකින් සපිරුණ,බුදු දහම පිළිබද බහුශ්‍රැත,රසායන විද්‍යාඥයන් කිහිපදෙනෙක් අතින් තමයි මේ අදහස් ඉදිරිපත් වන්නේ.

    තවද පහත කරුණ සදහන් වන තැනක් පෙන්වන්න පුළුවන් නම් ඉතා යෝග්‍ය බව මගේ අදහසයි.
    බුදුදහමට අනුව මිනිස් වර්ග 4 කි. උතුරුකුරු වැසියන්, ගෝයාණිකයන් , වේදේහිකයන් ඉතා වෙනස් ස්වරූප ඇති (පිටස්ක්වල ජීවින් බදු ) මිනිසුන්ය. ඔවුන් මේ ලෝකයේ සිටින බව සොයාගෙන නැත.

    මේ ගැන ත්‍රිපිටකයේ තැන් කිහිපයක සදහන් වෙනවා.අනෙක් අය ජම්බුද්වීප වැසියන්.ඒ පෘතුවි වාසී අප.ඒ ඒ අයට ආවේනික විශේෂ ලක්ෂණ මෙන්ම ඒවායේ ස්වභාවය අදී නොයෙකුත් විස්තර ද සදහන් වෙනවා. බුදු දහමේ සදහන් මගුල් සක්වළ ගැන ඉදිරි ලිපි වලින් රුපසටහන් සහිතව බලාපොරොත්තු වන්න.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Quote:
    Originally Posted by Rage Guy View Post
    Ow puluwan ban buduhamduruwo kivve mae self kiyanne siyaluma dewala ekathuwak kiyalane.mae siyalu de parinamaya wenne memory ekak hinda.ekata thamai karma kiyala kivve.memory eka hinda aye aye upadinawa.body eka bauthika wagema manasath eka widiyakata bautikawa pawathinawa.oya manasa thamai eka body ekak atharala thawa body ekakata yanne.eka sihiya newe.manasa kiyanne karma(memory) wala ekathuwak.apita bauthika shariyaya atha arala,manaseth ithiri wela tiyena memory tika nethi karala demmama aye ipadimak ne.

    @ youtube බුදු දහමේ ආත්මය,අන්තරා භවය පිළිගන්නේ නැති වුනත් එය සරළ පැහැදිළි කිරීමක්.

    පිස්සු බන් උඹට. ඔය සරල පැහදිලිකිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. නිකන් උඩින් බලපුවහම හිතෙනවා ඔය වගේ දෙයක් වෙනවා කියලා. නමුත් කියලා තියන කිසිම දෙයක් නිවැරදි නැහැ. නැවත ඉපදීමයි මතකයයි අතරෙ කිසිම සම්බන්දයක් නැහැ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පිස්සු බන් උඹට. ඔය සරල පැහදිලිකිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. නිකන් උඩින් බලපුවහම හිතෙනවා ඔය වගේ දෙයක් වෙනවා කියලා. නමුත් කියලා තියන කිසිම දෙයක් නිවැරදි නැහැ. නැවත ඉපදීමයි මතකයයි අතරෙ කිසිම සම්බන්දයක් නැහැ.
    @ youtube රේජ් ගයි එක පැහැදිලි කරන්නේ මයාරත්නට සරළ අදහසක් දීමේ අරමුණින්.රේජ් ගයි කාලය වැයකරලා පිළිතුරු දීමම පමණක් මා අගය කරනවා.බහුතර පුනුරුප්පත්ති කතා මගින් ඉපදීමයි මතකයි අතර සම්බන්දතාවයක් ඇති බවට උපකල්පනය කරන්න පුළුවන්.මට ඔබට බුදු දහමේ එන සිත් පරම්පරා ඇතිවීම්,වර්ගීකරණ,ඒවායේ ප්‍රභලත්වය,මරණයේදී සිදුවනවා ආකාරය ගනිතාණුසාරයෙන් පැහැදිලි කරන්න පුලුඑවන්.නමුත් ඒවා අනවශ්‍යය.ලොව සියලු දෙනා දැනුමින් පිරිපුන් නැත.:yes:
     
    උඹට මම කියනදේ තේරෙන්නැහැ මට හිතෙන්නෙ. මම කියන්නෙ මේවා පැහැදිලි කරන්ඩ ගන්න කාලය ගැන නෙමෙයි. පැහැදිලි කරලා තියනදේයි වැරදි. නොදන්න නොතේරෙන බුද්ධාගමේ දේවල් තමන්ට තේරෙන විධියට උපකල්පනය කරලා පැහැදිලි කරන්ඩ එපා මචං. බුද්ධාගමේ හරය නැතිවේගෙන යන්නෙ එක නිසයි. දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු කරන්නෙත් ඕකමයි. උඹ දැන් ඔය උඹට පැහැදිලිකරන්ඩ පුලුවන් කියලා කරන්ඩ යන්නෙත් ඒකමයි. දැන් ඔය උඹ කියලා තියන දේවල් බලපුවහම ඒක පැහැදිලියි.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    උඹට මම කියනදේ තේරෙන්නැහැ මට හිතෙන්නෙ. මම කියන්නෙ මේවා පැහැදිලි කරන්ඩ ගන්න කාලය ගැන නෙමෙයි. පැහැදිලි කරලා තියනදේයි වැරදි. නොදන්න නොතේරෙන බුද්ධාගමේ දේවල් තමන්ට තේරෙන විධියට උපකල්පනය කරලා පැහැදිලි කරන්ඩ එපා මචං. බුද්ධාගමේ හරය නැතිවේගෙන යන්නෙ එක නිසයි. දැන් ඉන්න ගොඩක් හාමුදුරුවරු කරන්නෙත් ඕකමයි. උඹ දැන් ඔය උඹට පැහැදිලිකරන්ඩ පුලුවන් කියලා කරන්ඩ යන්නෙත් ඒකමයි. දැන් ඔය උඹ කියලා තියන දේවල් බලපුවහම ඒක පැහැදිලියි.

    අපි මේවා ගැන බොහෝ ධර්මධර භික්ෂුන් එක්ක කතා කරලා තියෙනවා.ඒවා බොහොම රසවත් හරවත් සංවාද.නමුත් අපිට කව්රුත් පැසසුමට ලක් කළා මිසක් විවේචන කරේ නැත.මට ඔබගේ කොමෙන්ට් වලින් තත්වය පැහැදිලිව පෙනේ.මීටවඩා පැහැදිලි කිරීමට යාමෙන් පලක් නැත.ඔබ හට ඇත්තේ නියම සිංහල බෞද්දයෙකුගේ ආකල්පයයි.
     
    • Like
    Reactions: 2osama

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සාතන් ඉන් හෙල් මම ඔබට මෙහෙම උත්තර බදින්නම්.
    මුලින්ම බුදු දහම නිර්වචනය කරන්නම්,බුදු දහම යනු නිවනට උපකාරීවන අසු හාරදහසක් වූ ධර්මස්කන්දයයි.දෙවියන්ට දෙසු අභිධර්මයේ සදහන් වන්නේ එයයි(අභිධර්ම පිටකය.).සුත්‍ර පිටකයේ විශේෂ සිදුවීම් සියල්ල සාරාංශ ගත කොට තිබේ.විනය පිටකයේ මහණෙකු රැකිය යුතු විනය රීති අඩංගුවේ.මෙය ත්‍රිපිටකයයි.එමෙන්ම බුදුදහම ප්‍රයෝගික දහමකි.කමටහන් ලබා ගැනීම,භාවනා කිරීම සිට මගඵල ලබා ගැනීම,ධ්‍යාන ක්‍රීඩා කිරීම,නිරෝධ සමාපත්තියට සම වැදීම වනතෙක් සියල්ල ප්‍රයෝගික ක්‍රියාවේ.ඒ ගැන සිතීම ඔබට බාරයි.

    බුදුදහමේ තියෙන්නේ පරම සත්‍ය තමයි. එය යතා භූත ලෙස අවබෝධ වෙන විට තමයි නිවන් දකින්න හැකි වන්නේ. විනය පිටකය මෙහි අදාල නොවන්නේ ඔබගේ මාතෘකාවට එය ඈදාගෙන නොමැති නිසාය. සුත්‍ර පිටකය සංක්ෂිප්ත වන්නට පුළුවන්, නමුත් එහි විවරණය "නුතන විද්‍යාවේ" ඇතයි කියන්නේ කුමන පදනමකින්ද? අභිධර්ම පිටකයේ අඩංගු වන කරුණු වලම දිගහැරුම් සමහර සුත්‍ර පිටකයේ දිගුවන් තුල සදහන් වෙයි. නමුත් නුතන විද්‍යාව තුල අභිධර්ම පිටකයෙහි සදහන් වන ආකාරයක දැනුමක් / චින්තන රටාවක් නොමැත. ( හුදෙක් නිරික්ෂන නිගමන වලට අදාලව සාදාගත් රාමුවකට පමණක් සත්‍ය වන කරුණු පමණක් නුතන විද්‍යාවේ දැකිය හැක. )

    මෙහෙමයි මෙය විෂයන් දෙකක් සංසන්දනයට ලක් කිරීමක් නොවෙයි.මුලාශ්‍ර 2ක තොරතුරුවල ඇති සමානකම් ඉදිරිපත් කිරීමකි.මෙය හුදෙක් ඔබගේ පහසුව තකා මෙලෙස අර්ථ දැක්විය හැක.අසාමාන්‍ය භාෂා කුසලතාවයකින් සපිරුණ,බුදු දහම පිළිබද බහුශ්‍රැත,රසායන විද්‍යාඥයන් කිහිපදෙනෙක් අතින් තමයි මේ අදහස් ඉදිරිපත් වන්නේ.

    :lol::lol: නැහැ මම ඇත්තටම ඇහුවේ සමාන කම් ඉදිරි පත් කරනවා කියල නම් පෙනුන, නමුත් ඔබගේ ඇත්තම අරමුණ කුමක්ද? මෙය කුමන ආකාරයේ පුද්ගලයෙකුට උපකාරයක් වේද?

    මේ ගැන ත්‍රිපිටකයේ තැන් කිහිපයක සදහන් වෙනවා.අනෙක් අය ජම්බුද්වීප වැසියන්.ඒ පෘතුවි වාසී අප.ඒ ඒ අයට ආවේනික විශේෂ ලක්ෂණ මෙන්ම ඒවායේ ස්වභාවය අදී නොයෙකුත් විස්තර ද සදහන් වෙනවා. බුදු දහමේ සදහන් මගුල් සක්වළ ගැන ඉදිරි ලිපි වලින් රුපසටහන් සහිතව බලාපොරොත්තු වන්න.

    රුපසටහන් ඉදිරි පත් කරන එක හොදයි, නමුත් දැනට අප හැමගේ හිත සුව පිණිස මෙම කරුණ සදහන් වන තැන් කිහිපයක් නැතත් එක අවස්ථාවක් හෝ දක්වන්නේ නම් ඔබ ත්‍රිපිටකය ලෙස හදුන්වන්නේ අප පොදුවේ භාවිත කරන ත්‍රිපිටකයම දැයි සක හැර දැනගත හැකිය :rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113

    අපි මේවා ගැන බොහෝ ධර්මධර භික්ෂුන් එක්ක කතා කරලා තියෙනවා.ඒවා බොහොම රසවත් හරවත් සංවාද.නමුත් අපිට කව්රුත් පැසසුමට ලක් කළා මිසක් විවේචන කරේ නැත.මට ඔබගේ කොමෙන්ට් වලින් තත්වය පැහැදිලිව පෙනේ.මීටවඩා පැහැදිලි කිරීමට යාමෙන් පලක් නැත.ඔබ හට ඇත්තේ නියම සිංහල බෞද්දයෙකුගේ ආකල්පයයි.

    දැන් උබ සයෝන්ස් බෞද්ධද?:dull::dull:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    නුතන ජීව රසායන විද්‍යා අංශ පරිනාම වාදය පිළිගත්තත් ඩාවින්සි වාදය පිළිනොගන්නා තරම්.ඔබ ඒ ගැන නොදන්නා හැඩයි.
    :confused:

    ඩාවින්සි කියන්නේ කවුද?
    ඩාවින්ගේ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය (Evolution by Natural Selection) පිලිබඳ න්‍යාය නූතන විද්‍යාවෙන් නොපිලිගන්නා බවද ඔබ කියන්නේ
    ?:oo:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඩාවින්සි කියන්නේ කවුද?
    ඩාවින්ගේ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය (Evolution by Natural Selection) පිලිබඳ න්‍යාය නූතන විද්‍යාවෙන් නොපිලිගන්නා බවද ඔබ කියන්නේ
    ?:oo:
    ඩාවින්සි වාදය යනුවෙන් සදහන් කලේ Darwinism යන්න සිංහලයට පරිවර්තනය කිරීමේ දී වූ අඩුපාඩුවක් නිසයි. පිළිනොගන්නා තරම් යනුවෙන් හැදින්වුයේ අවඥාසහගත උපහාසයෙන් මේදෙස බැලූ නිසයි.විවාදයක් නැත,පරිනාමවාදයේ සංකේතය ඩාර්වින් ය. Natural Selection අද ඇවිත් තියෙන molecular basis evolution දක්වා දියුණු වීම ඩාර්වින් ගේ The Theory of Evolution by Natural Selection මනාවට ඔප්පු වන්නක්.ඔයා MB ද....?
    ;)
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    දැන් උබ සයෝන්ස් බෞද්ධද?:dull::dull:
    රුචිර කට තිබු පලියට අනුවන කතා කියන්න එපා.මම මේ ත්‍රෙඩ් එකේ කතා කරන දෙයින්ම එකට උත්තර දෙන්නම්.අපි මේකේ කතා කරේ පෘතුවි යේ ජීව ආරම්භය,නැත්තම් පරිණාමය ගැන.ලෝකයේ සත්‍යන් කිහිපයක් තිබෙන්න බෑ.එක සත්‍යයි තිබෙන්න පුළුවන්.බුදු දහමේ එන සුත්‍ර වල තියෙන දේවල් සහ මිනිසා විසින් සොයාගන්න දේවල් පෘතුවි යේ ජීව ආරම්භය ගැන නිවැරදි ආකාරයට බලපවත්වන්න පුළුවන් එක් ආකාරයක පමණයි.දෙයාකරක් තියෙනවනම් එකක් බොරුවක්.දෙකේම සමානකම් තියෙනවනම් එක සංවාදයකට හොද ආරම්භයක්.අනෙක අග්ගඤ්ඤ සුත්‍රයෙන් පෙන්වන්නේ භෞතික පරිණාමයක් ගැන නොවේ,එය මානසිකව සිදුවන පරිනාමයක් ගැන.මක්නිසාද යත් බුදුදහම සියල්ල තමන්ට ආවේනික වූ ආශ්චර්ය ධර්මයකින් සියල්ල පැහැදිලි කරන නිසාවෙනි.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    :lol::lol: නැහැ මම ඇත්තටම ඇහුවේ සමාන කම් ඉදිරි පත් කරනවා කියල නම් පෙනුන, නමුත් ඔබගේ ඇත්තම අරමුණ කුමක්ද? මෙය කුමන ආකාරයේ පුද්ගලයෙකුට උපකාරයක් වේද?
    අප ඇතිවූ ආකාරය මෙලොව සතෙකුට වැඩක් නැති දෙයකි.එය සෙවීම මනුෂ්‍ය ස්වභාවයයි.මිනිසුන් යනු කුතුහලයෙන් පිරි ජීවින් කොට්ටශයකි.
    රුපසටහන් ඉදිරි පත් කරන එක හොදයි, නමුත් දැනට අප හැමගේ හිත සුව පිණිස මෙම කරුණ සදහන් වන තැන් කිහිපයක් නැතත් එක අවස්ථාවක් හෝ දක්වන්නේ නම් ඔබ ත්‍රිපිටකය ලෙස හදුන්වන්නේ අප පොදුවේ භාවිත කරන ත්‍රිපිටකයම දැයි සක හැර දැනගත හැකිය :rolleyes::rolleyes:
    :shocked::oo:
    QDOG9RJ.png

    imuLPsK.png
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    විද්‍යාව බුදුදහම පරිනාමවාදය 02 කොටස

    පරිණාමය යනු කුමක්ද? මෙය විවිධ අය නොයෙක් අයුරින් විස්තර කරනු ඇත. පරිණාමය යන වචනයේ අර්ථය නම් වෙනස් වීමයි.මෙය පරිණාමන නම් සන්ස්කෘත මූලයෙන් බිදුණකි. මේ ප්‍රකෘතිය නොයෙක් ප්‍රත්‍ය හා උපසර්ග සමග යෙදේ. එමගින් මෙම වචනයේ අර්ථය එතරම් වෙනස් නොවන අතර වෙනස් පරාස වල තේරුම් ලබා දෙයි.

    උදා : විපරිණාම, සහපරිණාම

    එනමුත් අද බහුලව මෙය යෙදෙන්නේ ජෛව පරිණාමය හදුන්වනු පිණිසයි. විශේෂයෙන්ම චාල්ස් ඩාවින් , ඇල්ෆ්‍රඩ් රසල් වොලස් සම්බන්ධ වූ පරිණාමවාදය මීට සම්බන්ධ වේ. එනමුත් විද්‍යාවේ ජින් බැප්ටිස්ට් ලැමාක් විසින් ඉදිරිපත් කල පරිණාමවාදයද වැදගත් කොට සැළකේ. පළමුව මේ ජෛව පරිණාමය වටහා ගැනීම සුදුසු යැයි සිතමි.

    සරලව පවසතොත් ජෛව පරිණාමය නම් වාසය කරන පරිසර පද්ධතියට අනුව ජීවින්ගේ ව්‍යූහයන්හි හා කෘත්‍යයන්හි ආවේණිගතවන පරිදි සිදුවන අනුවර්තනීය වෙනස්කම් වේ. මෙය පහදා දීමට නොයෙකුත් වාද බිහිවුවත් ඒවා ලත් තැනම ලොප් වී ගියේ එකල පැවති ආගම් සම්පූර්ණයෙන්ම සියලු පරිණාමවාදයන්ට , කොටින්ම පරිණාමය යන වචනයටත් විරුද්ධ නිසාය. මන්ද ඒවා අනුව ලෝකය හා සත්වයා අදසිටින ආකාරයෙන්ම දෙවියන් වහන්සේ විසින් මවන ලද බව සදහන් වේ.එනිසා ඇසට විද්‍යාමන වූ මේ සත්‍යය දිගින් දිගටම යටපත් විය.

    පරිණාමවාදය පැහැදිළි කරන වැදගත් වාදයක් වූ ලැමාක් වාදය මෙවැනි කාලයක බිහි විය.එය ඔබ ම දෙනාම ජිරාෆ් ගේ බෙල්ල දික් වීමේ සිද්ධියෙන් දන්න නිසා පහදා දීම අනවශ්‍යසැය. එය දැන් ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව නම් දෛහික සෛල වල සිදුවන වෙනස් කම් ප්‍රවේණිගත නොවීමයි. එනම් ඒකෛකයෙකුගේ වෙනසක් ඊළග පරපුරට උරුම වන්නට නම් එය ජනක සෛල වල වෙනසක් විය යුතුය.

    giraffe_lamark.jpg

    ජීව විද්‍යාවට ඉතා වැදගත් චරිතයක් වන චාල්ස් ඩාවින් විසින් (ඇල්ෆ්‍රඩ් වොලස් ද ස්වාධීනව ඉදිරිපත් කළේය ) ස්වභාවික වරණ වාදය ඉදිරිපත් කරන ලදී. මෙය අද වන තුරුත් ප්‍රතික්ෂේප වී නැත. දිනෙන් දිනම සන්වර්ධනය වන මෙය පසුව ප්‍රවේණි විද්‍යාවෙන් තවදුරටත් ස්ඵුට විය. අද සියලු දෙනා අවිවාදාත්මකව මේ වාදය පිළිගනී. පිළි නොගන්නා කිසිවෙක් සාධාරණ තර්ක ඉදිරිපත් කොට නැත. මේ වාදය පහත පරිදි වේ.

    උපකල්පන 2 කි.

    1.ජීව ගහණ වල අධික ප්‍රජනක විභවයක් ඇත
    2.ඒත් ප්‍රවර්තනය වී ප්‍රජනනය කරන්නේ සුලු පිරිසක් පමණි.

    *මේ නිසා ප්‍රවර්තනයට ( සම්පත් , ආහාර ) හා ප්‍රජනනයට ගහණයක් තුළ තරගයක් ඇතිවේ.

    දෙවන උපකල්පන 2 කි

    3.විශේෂයක් තුල සියලු ජීවින් සමාන නැත. වෙනස් ලක්ෂණ සහිතය.
    4.මේ නිසා වඩාත් උචිත ලක්ෂණ ඇති ජීවින් බාහිර පරිසරයට අනුව අනුවර්තනය වී වැඩි කලක් ප්‍රවර්තනය වන අතර තම ලක්ෂණ සහිත ජනිතයන් රැසක් බිහි කරයි.

    සරලව පහදන්නේ නම් මෙලොව ජීවීන් සෑම කලකම එකම අයුරින් නොසිටී. වෙනස් වීමට භාජනය වේ . එයයි වඩාත් විග්‍රහාත්මකව පෙන්වා දෙන්නේ.දැන් මෙය බුදු දහමේ සදහන් වන අයුරු බලන්න. මෙය එතරම් ප්‍රසිද්ධ සූත්‍රයක් නොවේ. එනිසා මෙය සදහන් කරමි . සන්යුත්ත නිකායේ අනමතග්ග සන්යුත්තයේ වේපුල්ල පබ්බත සූත්‍රය.

    වේපුල්ල පර්වතය යනු රජගහ නුවර වට කර තිබූ පස් මහ පර්වත වලින් එකකි. අනෙක් ඒව නම් ඉසිගිලි, වේහාර, පාණ්ඩව හා ගිජ්ජකූටයයි.
    මෙයින් වේපුල්ල පර්වතය පෙන්වා බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා,

    උන්වහන්සේ පැවසුවා කකුසන්ද බුදු රජාණන් වහන්සේගේ කාලෙත් මේපර්වතය තිබූ බව. හැබැයි ඒ කාලේ මේ පර්වතයට කිව්වේ ප්‍රාචින වන්ස ( නැගෙනහිර සළකුණ ) ඒ කාලෙ මේ මිනිස්සු හිටියේ නැහැ වෙනම මිනිස්සු වගයක් හිටියේ ඔවුන්ට කිව්වෙ තිවරු. කකුසන්ද බුදු හිමි පහළ වුනේ ඔවුන්ගෙන්. ඒ මිනිස්සුන්ට මේ වේපුල්ල පර්වතයට නගින්න දින 4ක් යනව බහින්න දින 4 ක් යනවා . කල් යත්ම මේ තිවරු වදවෙලා ගියා.

    images.jpg

    බොහෝ කාලයකට පසු කෝණාගම බුදු හිමි පහළ වුණා ඒ කාලෙ තිවරු නැහැ. ඒ කාලෙ කෝනාගමන හිමියන් පහළ වුනේ රෝහිතස්ස කියන මිනිසුන් අතරින් . ඔවුන් මේ පර්වතයට ව්‍යවහාර කළේ වන්කක. මේ මිනිස්සු තිවරුන්ට වඩා වෙනස් ඔවුන් මේ පර්වතයට දින 3න් නගිනවා දින 3න් බහිනවා. කල්යත්ම මොවුන් නැති වුණා අන්තිම රෝහිතස්සයත් නැති වුණා

    evolution-of-animals.jpg

    කාශ්‍යප බුදු හිමි වෙනත් සත්ව වර්ගයකින් පහළ වුනේ ඔවුන් සුප්පියයන්. ඔවුන් මේ පර්වතයට දින 2න් නැග දින 2 න් බහිනවා. දැන් ඉන්න මිනිස්සුන්ට වීපුල්ල පර්වතයට මොහොතින් නගින්න පුලුවන් මොහොතින් බහින්න පුලුවන්.ඔවුට කියන්නේ මාගධකයන්. අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා කිසිම සත්වයෙක් සදාකල් නොසිටින බව. අතීතයේ හිටි තිවරු ආදින් එක්කෙනෙක්වත් අද ලෝකේ නැතිබව.මෙයින් පැහැදිළි වන්නේ එකල මනුෂ්‍ය ප්‍රඥප්තියෙන් කථා කල සියල්ලන් අද සිටින මිනිසුන් නොවූ බවයි. ඔවුන් ශරීර ප්‍රමාණයෙන්ද වෙනස් බව වැටහෙනු ඇත. බුදු දහමේ මිනිසා හා මිනිස් වර්ග ගැන සදහන් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

    මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වූයේ ලෝකයේ අස්ථිර බව පෙන්වා දීමයි. අනමතග්ග යන්නේ අර්ථය වටහා දීමයි. අප මෙය වර්තමානයේද විද්‍යාව සමග සසදමු. එහෙත් මෙය ත්‍රිපිටකයේ තිබුණේ සෑම ජීවියෙක්ම මේ ආකාරයෙන් හැමදාම වෙනස් නොවී සිටි බව විශ්වාස කළ යුගයේ ඉදන්මයි.
    මෙය මේ ලෝකයේ සත්‍ය තවත් පහදා දෙන්නකි. එනම් කාලයේ අස්ථිර භාවයයි.

    වර්තමානයේ විද්‍යාඥයන් කාල නිර්ණයට යොදා ගන්නා තාක්ෂණය ඉතා සරල එකකි. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකරයි. ඒ නම් විකිරණශීල සමස්ථානික වල ක්ෂය වීමයි. එහෙත් කාලය ඊට වඩා සන්කීර්න ප්‍රපන්චයකි. විශ්වය ආරම්භයේදි කාලය ඇරඹුණි නම් විශ්වය සමගම එය ප්‍රසාරණය වේ . අප කාලය ලෙස මනින ඔරලෝසුවේ කටු කැරකෙන කෝණය නොවේ කාලය මනින ඒකකය. තත්පරය ක්‍රමයෙන් අඩුවී යන්නකි. එහෙත් එය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ඒ අනුව බැලුව හොත් දැනට ලෝකයේ වයස යැයි නිර්ණය කළ වසර බිලියන 13.3 කල්ප අසන්ඛ්‍යය ගණනක් වනු ඇත.​
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    බෞද්ධ ධර්මයන් වලින් පෙන්වූ මාර්ග කියල දෙන්න කෙනෙක් නැ දැන්. හොයාගත්තොත් තනියෙන් තමා. ඒ හින්ද ආයිත් බුදුවරයෙක් ඇවිත් ධර්මය හරියට කියල දෙනකන් ජීවත් වියයුතු රටාව තම තම නැණ පමණින් දැනගෙන පින් රැස් කරන් ජීවත් වෙන්න තියෙන්නේ :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විද්‍යාව බුදුදහම පරිනාමවාදය 02 කොටස

    වර්තමානයේ විද්‍යාඥයන් කාල නිර්ණයට යොදා ගන්නා තාක්ෂණය ඉතා සරල එකකි. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකරයි. ඒ නම් විකිරණශීල සමස්ථානික වල ක්ෂය වීමයි. එහෙත් කාලය ඊට වඩා සන්කීර්න ප්‍රපන්චයකි. විශ්වය ආරම්භයේදි කාලය ඇරඹුණි නම් විශ්වය සමගම එය ප්‍රසාරණය වේ . අප කාලය ලෙස මනින ඔරලෝසුවේ කටු කැරකෙන කෝණය නොවේ කාලය මනින ඒකකය. තත්පරය ක්‍රමයෙන් අඩුවී යන්නකි. එහෙත් එය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ඒ අනුව බැලුව හොත් දැනට ලෝකයේ වයස යැයි නිර්ණය කළ වසර බිලියන 13.3 කල්ප අසන්ඛ්‍යය ගණනක් වනු ඇත. [/CENTER][/SIZE][/COLOR]

    ඈ බං, කාලය ප්‍රඥප්තියක් විදියට නේද බුදුබනේ ගැනෙන්නේ?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අප ඇතිවූ ආකාරය මෙලොව සතෙකුට වැඩක් නැති දෙයකි.එය සෙවීම මනුෂ්‍ය ස්වභාවයයි.මිනිසුන් යනු කුතුහලයෙන් පිරි ජීවින් කොට්ටශයකි.

    :shocked::oo:
    QDOG9RJ.png

    imuLPsK.png

    නැහැ මම ඇසුවේ පහත සදහන් ආකරයට මිනිස් වර්ග සතරක් (4) ගැන සදහන් වන තැනක්, නැතුව වෙන් වෙන් වශයෙන් සදහන් වන තැනක් නොවෙයි. අනික මේ කොහෙවත් ඉතා වෙනස් ස්වරුපයක් තියෙනවා කියල සදහන් වෙනවද ? බොරුවට thirpitaka.org වෙබ් අඩවියේ වචනයක් ගසා search කොට screenshots ඉදිරි පත් නොකර, ඇඅසු ප්‍රශ්නයට අදාලව පිළිතුර දෙන්නේ නම් අගනේය. එසේ නැතහොත් තමන් පවසන දෙය හුදෙක් මනස්ගාතයක් පමණක් බව පැහැදිලි වේ.

    බුදුදහමට අනුව මිනිස් වර්ග 4 කි. උතුරුකුරු වැසියන්, ගෝයාණිකයන් , වේදේහිකයන් ඉතා වෙනස් ස්වරූප ඇති (පිටස්ක්වල ජීවින් බදු ) මිනිසුන්ය. ඔවුන් මේ ලෝකයේ සිටින බව සොයාගෙන නැත. එම මනුෂ්‍ය ලෝක සමාන්තරව පවතින වෙනත් මාන විය හැකිය. ඒවායේ මිනිසුන් පරිණාමය වන්නේත් වානරයන්ගෙන් යැයි කිව නොහැකිය. මේ ගැන වෙනත් ලිපි බලාපොරොත්තුවන්න.