විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_02_කොටස

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    විද්‍යාව_බුදුදහම_පරිනාමවාදය_02_කොටස

    විද්‍යාව බුදුදහම පරිනාමවාදය 02 කොටස

    පරිණාමය යනු කුමක්ද? මෙය විවිධ අය නොයෙක් අයුරින් විස්තර කරනු ඇත. පරිණාමය යන වචනයේ අර්ථය නම් වෙනස් වීමයි.මෙය පරිණාමන නම් සන්ස්කෘත මූලයෙන් බිදුණකි. මේ ප්‍රකෘතිය නොයෙක් ප්‍රත්‍ය හා උපසර්ග සමග යෙදේ. එමගින් මෙම වචනයේ අර්ථය එතරම් වෙනස් නොවන අතර වෙනස් පරාස වල තේරුම් ලබා දෙයි.

    උදා : විපරිණාම, සහපරිණාම

    එනමුත් අද බහුලව මෙය යෙදෙන්නේ ජෛව පරිණාමය හදුන්වනු පිණිසයි. විශේෂයෙන්ම චාල්ස් ඩාවින් , ඇල්ෆ්‍රඩ් රසල් වොලස් සම්බන්ධ වූ පරිණාමවාදය මීට සම්බන්ධ වේ. එනමුත් විද්‍යාවේ ජින් බැප්ටිස්ට් ලැමාක් විසින් ඉදිරිපත් කල පරිණාමවාදයද වැදගත් කොට සැළකේ. පළමුව මේ ජෛව පරිණාමය වටහා ගැනීම සුදුසු යැයි සිතමි.

    සරලව පවසතොත් ජෛව පරිණාමය නම් වාසය කරන පරිසර පද්ධතියට අනුව ජීවින්ගේ ව්‍යූහයන්හි හා කෘත්‍යයන්හි ආවේණිගතවන පරිදි සිදුවන අනුවර්තනීය වෙනස්කම් වේ. මෙය පහදා දීමට නොයෙකුත් වාද බිහිවුවත් ඒවා ලත් තැනම ලොප් වී ගියේ එකල පැවති ආගම් සම්පූර්ණයෙන්ම සියලු පරිණාමවාදයන්ට , කොටින්ම පරිණාමය යන වචනයටත් විරුද්ධ නිසාය. මන්ද ඒවා අනුව ලෝකය හා සත්වයා අදසිටින ආකාරයෙන්ම දෙවියන් වහන්සේ විසින් මවන ලද බව සදහන් වේ.එනිසා ඇසට විද්‍යාමන වූ මේ සත්‍යය දිගින් දිගටම යටපත් විය.

    පරිණාමවාදය පැහැදිළි කරන වැදගත් වාදයක් වූ ලැමාක් වාදය මෙවැනි කාලයක බිහි විය.එය ඔබ ම දෙනාම ජිරාෆ් ගේ බෙල්ල දික් වීමේ සිද්ධියෙන් දන්න නිසා පහදා දීම අනවශ්‍යසැය. එය දැන් ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව නම් දෛහික සෛල වල සිදුවන වෙනස් කම් ප්‍රවේණිගත නොවීමයි. එනම් ඒකෛකයෙකුගේ වෙනසක් ඊළග පරපුරට උරුම වන්නට නම් එය ජනක සෛල වල වෙනසක් විය යුතුය.

    giraffe_lamark.jpg

    ජීව විද්‍යාවට ඉතා වැදගත් චරිතයක් වන චාල්ස් ඩාවින් විසින් (ඇල්ෆ්‍රඩ් වොලස් ද ස්වාධීනව ඉදිරිපත් කළේය ) ස්වභාවික වරණ වාදය ඉදිරිපත් කරන ලදී. මෙය අද වන තුරුත් ප්‍රතික්ෂේප වී නැත. දිනෙන් දිනම සන්වර්ධනය වන මෙය පසුව ප්‍රවේණි විද්‍යාවෙන් තවදුරටත් ස්ඵුට විය. අද සියලු දෙනා අවිවාදාත්මකව මේ වාදය පිළිගනී. පිළි නොගන්නා කිසිවෙක් සාධාරණ තර්ක ඉදිරිපත් කොට නැත. මේ වාදය පහත පරිදි වේ.

    උපකල්පන 2 කි.

    1.ජීව ගහණ වල අධික ප්‍රජනක විභවයක් ඇත
    2.ඒත් ප්‍රවර්තනය වී ප්‍රජනනය කරන්නේ සුලු පිරිසක් පමණි.

    *මේ නිසා ප්‍රවර්තනයට ( සම්පත් , ආහාර ) හා ප්‍රජනනයට ගහණයක් තුළ තරගයක් ඇතිවේ.

    දෙවන උපකල්පන 2 කි

    3.විශේෂයක් තුල සියලු ජීවින් සමාන නැත. වෙනස් ලක්ෂණ සහිතය.
    4.මේ නිසා වඩාත් උචිත ලක්ෂණ ඇති ජීවින් බාහිර පරිසරයට අනුව අනුවර්තනය වී වැඩි කලක් ප්‍රවර්තනය වන අතර තම ලක්ෂණ සහිත ජනිතයන් රැසක් බිහි කරයි.​

    සරලව පහදන්නේ නම් මෙලොව ජීවීන් සෑම කලකම එකම අයුරින් නොසිටී. වෙනස් වීමට භාජනය වේ . එයයි වඩාත් විග්‍රහාත්මකව පෙන්වා දෙන්නේ.දැන් මෙය බුදු දහමේ සදහන් වන අයුරු බලන්න. මෙය එතරම් ප්‍රසිද්ධ සූත්‍රයක් නොවේ. එනිසා මෙය සදහන් කරමි . සන්යුත්ත නිකායේ අනමතග්ග සන්යුත්තයේ වේපුල්ල පබ්බත සූත්‍රය.

    වේපුල්ල පර්වතය යනු රජගහ නුවර වට කර තිබූ පස් මහ පර්වත වලින් එකකි. අනෙක් ඒව නම් ඉසිගිලි, වේහාර, පාණ්ඩව හා ගිජ්ජකූටයයි.
    මෙයින් වේපුල්ල පර්වතය පෙන්වා බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා,

    උන්වහන්සේ පැවසුවා කකුසන්ද බුදු රජාණන් වහන්සේගේ කාලෙත් මේපර්වතය තිබූ බව. හැබැයි ඒ කාලේ මේ පර්වතයට කිව්වේ ප්‍රාචින වන්ස ( නැගෙනහිර සළකුණ ) ඒ කාලෙ මේ මිනිස්සු හිටියේ නැහැ වෙනම මිනිස්සු වගයක් හිටියේ ඔවුන්ට කිව්වෙ තිවරු. කකුසන්ද බුදු හිමි පහළ වුනේ ඔවුන්ගෙන්. ඒ මිනිස්සුන්ට මේ වේපුල්ල පර්වතයට නගින්න දින 4ක් යනව බහින්න දින 4 ක් යනවා . කල් යත්ම මේ තිවරු වදවෙලා ගියා.

    images.jpg

    බොහෝ කාලයකට පසු කෝණාගම බුදු හිමි පහළ වුණා ඒ කාලෙ තිවරු නැහැ. ඒ කාලෙ කෝනාගමන හිමියන් පහළ වුනේ රෝහිතස්ස කියන මිනිසුන් අතරින් . ඔවුන් මේ පර්වතයට ව්‍යවහාර කළේ වන්කක. මේ මිනිස්සු තිවරුන්ට වඩා වෙනස් ඔවුන් මේ පර්වතයට දින 3න් නගිනවා දින 3න් බහිනවා. කල්යත්ම මොවුන් නැති වුණා අන්තිම රෝහිතස්සයත් නැති වුණා

    evolution-of-animals.jpg

    කාශ්‍යප බුදු හිමි වෙනත් සත්ව වර්ගයකින් පහළ වුනේ ඔවුන් සුප්පියයන්. ඔවුන් මේ පර්වතයට දින 2න් නැග දින 2 න් බහිනවා. දැන් ඉන්න මිනිස්සුන්ට වීපුල්ල පර්වතයට මොහොතින් නගින්න පුලුවන් මොහොතින් බහින්න පුලුවන්.ඔවුට කියන්නේ මාගධකයන්. අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා කිසිම සත්වයෙක් සදාකල් නොසිටින බව. අතීතයේ හිටි තිවරු ආදින් එක්කෙනෙක්වත් අද ලෝකේ නැතිබව.මෙයින් පැහැදිළි වන්නේ එකල මනුෂ්‍ය ප්‍රඥප්තියෙන් කථා කල සියල්ලන් අද සිටින මිනිසුන් නොවූ බවයි. ඔවුන් ශරීර ප්‍රමාණයෙන්ද වෙනස් බව වැටහෙනු ඇත. බුදු දහමේ මිනිසා හා මිනිස් වර්ග ගැන සදහන් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

    මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වූයේ ලෝකයේ අස්ථිර බව පෙන්වා දීමයි. අනමතග්ග යන්නේ අර්ථය වටහා දීමයි. අප මෙය වර්තමානයේද විද්‍යාව සමග සසදමු. එහෙත් මෙය ත්‍රිපිටකයේ තිබුණේ සෑම ජීවියෙක්ම මේ ආකාරයෙන් හැමදාම වෙනස් නොවී සිටි බව විශ්වාස කළ යුගයේ ඉදන්මයි.
    මෙය මේ ලෝකයේ සත්‍ය තවත් පහදා දෙන්නකි. එනම් කාලයේ අස්ථිර භාවයයි.

    වර්තමානයේ විද්‍යාඥයන් කාල නිර්ණයට යොදා ගන්නා තාක්ෂණය ඉතා සරල එකකි. එහෙත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකරයි. ඒ නම් විකිරණශීල සමස්ථානික වල ක්ෂය වීමයි. එහෙත් කාලය ඊට වඩා සන්කීර්න ප්‍රපන්චයකි. විශ්වය ආරම්භයේදි කාලය ඇරඹුණි නම් විශ්වය සමගම එය ප්‍රසාරණය වේ . අප කාලය ලෙස මනින ඔරලෝසුවේ කටු කැරකෙන කෝණය නොවේ කාලය මනින ඒකකය. තත්පරය ක්‍රමයෙන් අඩුවී යන්නකි. එහෙත් එය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ. ඒ අනුව බැලුව හොත් දැනට ලෝකයේ වයස යැයි නිර්ණය කළ වසර බිලියන 13.3 කල්ප අසන්ඛ්‍යය ගණනක් වනු ඇත.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය වේපුල්ල පබ්බත සූත්‍රය ගැන අහල වත් තිබ්බේ නෑ...

    Thanks
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,175
    878
    113
    සයිබරේ තමා
    මනුෂ්‍ය ලෝකය -- Human Beings : මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,
    ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.
    පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.
    අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.
    උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.

    http://bududhahama.blogspot.com/2013/12/blog-post.html
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    බම්ප්.නෙට් ප්‍රශ්නයක් නිසා පසුව පිලිතුරු දෙන්නම්....ෆොන් එකෙන් ලොග් උනෙ යන්තමට.:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,055
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක.

    මේකනම් මාරයි අපි නොදන්න මිනිස්සු ඉන්න තව ලෝක 3ක් තියෙනව :shocked::rolleyes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    තැන්ක්ස් මචන් :)

    ඔය වේපුල්ල පබ්බත සූත්‍රය ගැන අහල වත් තිබ්බේ නෑ...

    Thanks

    bump.
    TFS...

    REP , BUMP දීපු ස්තුතිය පළකරපු හැමෝටම ස්තුතියි.:yes::yes::yes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මනුෂ්‍ය ලෝකය -- Human Beings : මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,
    ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.
    පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.
    අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.
    උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.
    http://bududhahama.blogspot.com/2013/12/blog-post.html

    අදහස් දැක්වීමට ස්තුතී සහෝ....

    REP , BUMP දීපු ස්තුතිය පළකරපු හැමෝටම ස්තුතියි.:yes:
    මේකනම් මාරයි අපි නොදන්න මිනිස්සු ඉන්න තව ලෝක 3ක් තියෙනව :shocked::rolleyes:
    ඒ ගැන අපි තාම හරියට දන්නේ නෑ.....අනාගතයේදී මේ ගැන වැඩිදුර තොරතුරු හම්බවේවි කියලා හිතනවා.;)
     
    Last edited:

    Similar threads