විද්‍යාව_හා_ආගම

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    විද්‍යාව_හා_ආගම

    මෙය බොහෝ විට එලකිරි ය තුල කතා කරන ලද මාතෘකාවක් ය.

    එහිදී බොහෝ දෙනා විසින් විද්‍යාව විසින් බොහෝ මහන්සියෙන් තාර්කික ව සොයා ගන්නා ලද දැනුම ආගම් විසින් බොහෝ කලකට පෙර ගවෙශණය කරන ලද්දක් ය. මනස යනුවෙන් යමක් නූතන විද්‍යාවෙන් සොයාගෙන ඇතැයි පවසණු ද බොහෝ විට දැක ඇත.

    (මෙහිදී තමුන්ගේ අදහස් වලට නොගැලපෙන නිසා, කුනුහරුප කීම හෝ මඩ ගැසීම් නොකර මාතෘකාවට අදාලව පමනක් අදහස් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි)

    විද්‍යාව විසින් ප්‍රත්‍යක්ශ කරනු ලැබූ තැන් වල නොරැදී, බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු.

    ඒ හේතුවෙන් ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී, විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලබන බව අවශ්‍ය තරම් උදාහරණ සහිතව තේරුම් ගත හැකිය.

    (නලින් ද සිල්වා හා චන්දන ජයරත්න වගෙ පුද්ගලයින් විද්යාවෙන් එලිය කරනු ලැබූ තැන් ද අදුරු කරමින් සිටීම වෙනම කතාවකි.)

    p-ab3gTb8xb3dLg.gif

    ආගම් බහුල ලෙස ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.

    එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.

    එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

    උදාහරණයක් ලෙස, මම කියන්නේ කවුද, ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද,මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද, මිනිස් සිතට සිතුවිලි පහල වන්නේ කෙසෙද, අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

    මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

    මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.

    නමුත් වර්තමානයේ බුදුන් පවා ප්‍රශ්න කිරීමට ඉඩ ලබාදුන් ධර්මය ප්‍රශ්න කිරීමට ලක් කරන විට එය විචිකිච්චාව හා එය බැහැර කල යුතුයැයි යැයි පවසා එය අපායගාමී මාවතක් බව පවසන බුද්ද පුත්‍රයන් සිටින විට බෞද්ධ දර්ශනය පවා අන්තගාමීත්වයට පත් තවත් එක් ආගමක් පමන්ක් වීම වැලැක්විය නොහැකි වෙයි.

    උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළි‍ගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.

    එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.

    උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.

    කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.

    ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.

    තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.

    විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.
    අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.

    විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.

    විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    :yes::yes:

    බුදුදහමේ සංකල්ප ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝද කරගන්න තර්කයෙන් පමණක් බැහැ. ඒ නිසා විචිකිචාව තියෙන දෙයක් නිවන් යනකම්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විද්‍යාව හොඳය. එහි කිසි තර්කයක් නැත. නූතන විද්‍යාව නොතිබෙන්නට මේ මොහොතේ මේ සංවාදය නොවෙනු ඇත. නමුත් එහි ගැටලුවක් ඇත එනම් මේ විද්‍යාව ඒ විද්‍යාව නොවීමයි. ඒ විද්‍යාව යනුවෙන් මා අදහස් කලේ මේ ලොකේ සිදුවන සියලූම දේ විග්‍රහ කල හැකි වූද පරම සත්‍යවූද අඩුපාඩු නැත්තාවූද විද්‍යාවක් ගැනයි. මේ එය නොවේ. ඒ බව විද්‍යාව එහෙන් මෙහෙන් අතගෑ අය පිලි නොගත්තද ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ පිලිගනිති. විද්‍යාව ඒදා පටන් අද දක්වා සිග්‍ර දියුනුවක් ලබන්නේ භෞතික වූද අපට ගෝචර වන්නාවූද දේ පිලිබඳවය. ඉර පොලව වටා කැරකෙන බව අපර දිග විද්‍යාඥයන් සොයාගත් විට සමහර ආගම් වල මතය බිඳ වැටුනා වන්නට පුලුවනි නමුත් පෙරදිග දැනුමට එය කිසිදු ගැටලුවක් වුනේ නැත. නිව්ටන් ගුරුත්වාකර්ෂනය සොයාගන්නට පෙර පෙරදිග වැසියෝ ඒ බව දැන සිටියෝය. ඔවුන් එකයි බින්දු 29ක් දක්වා ගනන් කලෝය(නහුතය.) කොටින්ම පෙරදිග මිනිසුන් සොයාගත් බින්දුව නොවන්නට අද ඔය මහා ශ්‍රේෂ්ඨ යැයි කියන විද්‍යාව මෙතරම් දියුනු වන්නේ නැත. සුර්‍ය සිද්ධාන්තය නම් පුස්ථකයේ පෘථිවිය සුර්යා වටා යන කාලය නිවැරදිව සටහන් කරන කල අපරදිග විද්‍යාව තිබුනේ කලල අවස්ථාවේය. කෙසේ නමුත් මා පවසන්නට සුදානම් වූයේ එය නොවේය. පෙරදිග මිනිසුන් ලෙස අපට විද්‍යා දැනුම සේම විඥාන දැනුමද විය. අදටත් අප සතු මේ මහා සංස්කෘතියේ අරටුව අප සතු වූ විඥාන දැනුමයි. නමුත් භෞතිකත්වයම මත පදනම්ව දියුනු වූ බටහිර විද්‍යාවට අපේ සංස්කෘථිය තුල වූ විවිධ හර පද්ධතීන් ගෝචර නොවන්නේ ඒ නිසාය. පැහැදිලි උදාහරනයක් දක්වන්නේ නම් කර්ම සංකල්පය බටහිර විද්‍යාවට ගෝචර නොවන්නකි. ඉතින් ඒ නිසා ඔවුන්ට නිවන යනුද හුදෙක් එක් පෙරදිග මිත්‍යාවක් පමනක්මය. මේ නිසා අප තේරුම් ගත යුත්තක් ඇත. විද්‍යාවට ගෝචර වන්නේ මේ ලොව තුල ඇති දෙයින් ඉතාම අල්පයකි(සමහරු සිතන්නේ සියල්ල ගෝචර වේ කියාය.) එවන් වූ විද්‍යාවකින් ලොව පවතින සියලුම දේ තේරුම් ගැනීමට යාම කලු කන්නඩි දමාගත් මිනිසෙක් ලෝකය දෙස බලනවාට වඩා ලොකු වෙනසක් වේ යැයි සිතිය නොහැක.
    අවසාන වතාවටද කීමට ඇත්තේ විද්‍යාවෙන් යමක් තෙරුම් ගත හැක. නමුත් විද්‍යාවෙන් සියල්ලම තේරුම් ගත නොහැක.

    සුභ දවසක්
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    do you mean sciense, consist theories which explain phenomenons? right? so the observations are the most important part because they are explained by above theories, but you know most of those scientists they don't give a shit about observations, some of them make theories first and then overlook with that observations, funny huh? even the great scientist Einstein sometimes. you kovoor fans may be disappointed but kovoor cannot be count on this because he's not a scientist. he's just a non scientist who tried operated on scientific space. :P
    I can tell you with the utmost certainty that you represent rationalist association (better find a job son),
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නැකැත් රාල;16438857 said:
    ඒ විද්‍යාව යනුවෙන් මා අදහස් කලේ මේ ලොකේ සිදුවන සියලූම දේ විග්‍රහ කල හැකි වූද පරම සත්‍යවූද අඩුපාඩු නැත්තාවූද විද්‍යාවක් ගැනයි. මේ එය නොවේ.

    එවන් වූ විද්‍යාවකින් ලොව පවතින සියලුම දේ තේරුම් ගැනීමට යාම කලු කන්නඩි දමාගත් මිනිසෙක් ලෝකය දෙස බලනවාට වඩා ලොකු වෙනසක් වේ යැයි සිතිය නොහැක.
    අවසාන වතාවටද කීමට ඇත්තේ විද්‍යාවෙන් යමක් තෙරුම් ගත හැක. නමුත් විද්‍යාවෙන් සියල්ලම තේරුම් ගත නොහැක.

    සුභ දවසක්

    Thank you for comment.
    (not expecting another comment in your fake account)

    i'm quoting a thing which i explained above...

    එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

    උදාහරණයක් ලෙස, මම කියන්නේ කවුද, ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද,මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද, මිනිස් සිතට සිතුවිලි පහල වන්නේ කෙසෙද, අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

    මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

    මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑ ගසන්නා

    තමන්ගෙ දෘෂ්ටි පරාසයට ගෝචර නොවන දෑ තිබිය හැකි බවට උපකල්පනය කරන්නාට වඩා තමන්ට නොපෙනෙන දේ නැති බවට කෑ ගසන්නා මුග්ධයෙකි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16438857 said:
    විද්‍යාව හොඳය. එහි කිසි තර්කයක් නැත. නූතන විද්‍යාව නොතිබෙන්නට මේ මොහොතේ මේ සංවාදය නොවෙනු ඇත. නමුත් එහි ගැටලුවක් ඇත එනම් මේ විද්‍යාව ඒ විද්‍යාව නොවීමයි. ඒ විද්‍යාව යනුවෙන් මා අදහස් කලේ මේ ලොකේ සිදුවන සියලූම දේ විග්‍රහ කල හැකි වූද පරම සත්‍යවූද අඩුපාඩු නැත්තාවූද විද්‍යාවක් ගැනයි. මේ එය නොවේ. ඒ බව විද්‍යාව එහෙන් මෙහෙන් අතගෑ අය පිලි නොගත්තද ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ පිලිගනිති. විද්‍යාව ඒදා පටන් අද දක්වා සිග්‍ර දියුනුවක් ලබන්නේ භෞතික වූද අපට ගෝචර වන්නාවූද දේ පිලිබඳවය. ඉර පොලව වටා කැරකෙන බව අපර දිග විද්‍යාඥයන් සොයාගත් විට සමහර ආගම් වල මතය බිඳ වැටුනා වන්නට පුලුවනි නමුත් පෙරදිග දැනුමට එය කිසිදු ගැටලුවක් වුනේ නැත. නිව්ටන් ගුරුත්වාකර්ෂනය සොයාගන්නට පෙර පෙරදිග වැසියෝ ඒ බව දැන සිටියෝය. ඔවුන් එකයි බින්දු 29ක් දක්වා ගනන් කලෝය(නහුතය.) කොටින්ම පෙරදිග මිනිසුන් සොයාගත් බින්දුව නොවන්නට අද ඔය මහා ශ්‍රේෂ්ඨ යැයි කියන විද්‍යාව මෙතරම් දියුනු වන්නේ නැත. සුර්‍ය සිද්ධාන්තය නම් පුස්ථකයේ පෘථිවිය සුර්යා වටා යන කාලය නිවැරදිව සටහන් කරන කල අපරදිග විද්‍යාව තිබුනේ කලල අවස්ථාවේය. කෙසේ නමුත් මා පවසන්නට සුදානම් වූයේ එය නොවේය. පෙරදිග මිනිසුන් ලෙස අපට විද්‍යා දැනුම සේම විඥාන දැනුමද විය. අදටත් අප සතු මේ මහා සංස්කෘතියේ අරටුව අප සතු වූ විඥාන දැනුමයි. නමුත් භෞතිකත්වයම මත පදනම්ව දියුනු වූ බටහිර විද්‍යාවට අපේ සංස්කෘථිය තුල වූ විවිධ හර පද්ධතීන් ගෝචර නොවන්නේ ඒ නිසාය. පැහැදිලි උදාහරනයක් දක්වන්නේ නම් කර්ම සංකල්පය බටහිර විද්‍යාවට ගෝචර නොවන්නකි. ඉතින් ඒ නිසා ඔවුන්ට නිවන යනුද හුදෙක් එක් පෙරදිග මිත්‍යාවක් පමනක්මය. මේ නිසා අප තේරුම් ගත යුත්තක් ඇත. විද්‍යාවට ගෝචර වන්නේ මේ ලොව තුල ඇති දෙයින් ඉතාම අල්පයකි(සමහරු සිතන්නේ සියල්ල ගෝචර වේ කියාය.) එවන් වූ විද්‍යාවකින් ලොව පවතින සියලුම දේ තේරුම් ගැනීමට යාම කලු කන්නඩි දමාගත් මිනිසෙක් ලෝකය දෙස බලනවාට වඩා ලොකු වෙනසක් වේ යැයි සිතිය නොහැක.
    අවසාන වතාවටද කීමට ඇත්තේ විද්‍යාවෙන් යමක් තෙරුම් ගත හැක. නමුත් විද්‍යාවෙන් සියල්ලම තේරුම් ගත නොහැක.

    සුභ දවසක්

    :yes::yes::yes: සියල්ල පැහැදිලි කිරීමට තරම් විද්යාව තවම දියුණු වී නොමැත. :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    පහුගිය කලේ, මේකේ නුල් කීපයක් මේ ගැන තිබුන. කට්ටිය සංයමයෙන් යුතුව වාද විවාද කරන එක හොදයි. හැමෝගෙම දැනුම වැඩි වෙනවා. සමහර නුල් තියෙනවා, කුණුහරුප, පරුෂවචන වලින් මඩ ගහගෙන දිනන්න උත්සහ කරන එක විතරයි කරන්නේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

    උදාහරණයක් ලෙස, මම කියන්නේ කවුද, ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද,මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද, මිනිස් සිතට සිතුවිලි පහල වන්නේ කෙසෙද, අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

    මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

    මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය

    01.බුදු දහම තුල මෙයට පැහැදිලි කිරීමක් ඇතිමුත්. බටහිර දර්ෂනවාදයට මේ ප්‍රෂ්න බරපතල් වැඩිය. බටහිරෙන් ලැබුනු සුලු දැනුමක් නිසා පෙරදිගයන් වූ අපගේ සංස්කෘතිය තුල සැඟවී තිබෙන දැනුම් ස්ම්භාරය ගැන සොයන්නේවත් නැතිව ඕලාරික වූ බටහිර විද්‍යාව හා බටහිරයන්ගේ දර්ශන වාදය බදා ගැනීම මහා අඥාන ක්‍රියාවකි. අවසනාවකට ඕනෑම රටක සමාජයක එවැන්නෝ කීපදෙනෙක් හෝ වෙති. පිටින් එන පුස්ස ලොකු කරගන්නා මොවුන් ඒවා දැනට තිබෙන දේ සමග හරියාකාරව මිශ්‍ර කරගත නොහැකි තැන පුස්ස වෙනුවට තමා සතු වූ යහපත් දේ මුහුදට විසිකර හෝ පුස්ස රැකගැනීමට උත්සුක වෙති.
    02.විද්‍යාවට යමක් පැහැදිලි කල නොහැකිනම් එවැන්නක් නැතැයි කියා බඩපිනුම් ගස්මින් හැසිරෙනවාට වඩා වසර දහස් ගනනක් තුල පැවති දෙයක් දෙමාපියන් කී දෙයක් පිලිගැනීම බුද්ධිමතුන් කරන දෙයකි.
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    Thank you for comment.
    (not expecting another comment in your fake account)

    i'm quoting a thing which i explained above...

    එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

    උදාහරණයක් ලෙස, මම කියන්නේ කවුද, ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද,මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද, මිනිස් සිතට සිතුවිලි පහල වන්නේ කෙසෙද, අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

    මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

    මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය

    ඔබට ඇති බොහොමයක් ප්‍රශ්න (රතුකොට ඇත) සදහා බුදුදහමතුල පිලිතුරු ඇත. අපි ආගමක්සේ සරණ ගියද බුදු දහම ආගම්ක් නොවේ. එය දර්ශනයකි. කලයුතුවන්නේ එම දර්ශනය අවබෝධකරගැනීමයි. එහි හරයක් ඇත. ඵලයක් ඇත. ඒවගේම එය සන්දිට්ඨිකය. අකාලිකය. ඒහිපස්සිකය. ඕපනයිකය. යමෙකු එසේ බුදුදහම අවබෝධකරගැනීමට දරණ උත්සාහයකදී යම් ගැටලුවක් මතුවේනම්, බුදුදහම තුලින්ම පිලිතුරු සපයාගතහැක. ඒ සදහා පැහැදිලි මාර්ගය දේශනාකොටවඳාලා ඇත. කල්‍යානමිත්‍ර සම්පත්තියතුලින් එය හදුනාගතහැක. එසේ පිලිතුරු සොයාගැණීමට ධර්මමාර්ගයේ ගමන්කරන්නෙකු භාවනාවතුලින් ලබන ප්‍රථම ධ්‍යානයේදීම විද්‍යාව යනු පුස්සක්බව අවභෝධකරගණු ඇත. එම ප්‍රථම ධ්‍යානයෙන් ලබන සැපය මෙතෙක් විද්‍යාවෙන් නිපදවා ඇති ඉහලම සැප ඇති පුටුවමත (ආසනය) ඉඳගැනීමෙන් ලබන සැපයට වඩා සැපවන්නේය.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පහුගිය කලේ, මේකේ නුල් කීපයක් මේ ගැන තිබුන. කට්ටිය සංයමයෙන් යුතුව වාද විවාද කරන එක හොදයි. හැමෝගෙම දැනුම වැඩි වෙනවා. සමහර නුල් තියෙනවා, කුණුහරුප, පරුෂවචන වලින් මඩ ගහගෙන දිනන්න උත්සහ කරන එක විතරයි කරන්නේ.

    සහතික ඇත්ත...මම මුලින්ම ඉල්ලුවෙත් ඒක ත්මයි මචෝ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹල නිවන කප්පාදු කරල බෞද්ධ දර්ශනය සංශෝධනය කරන්න හදන එක නම් තරයේ හෙළා දකිනව. නිවන නැතිනම් බෞද්ධ දර්ශනයක්ද නොමැත.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan nam buddha dharmaya buddha aagama lesa wenas karagena godak mithya matha ekathu wela thiyenne. minissu dana ganna one mithya matha wiswasa nokaranna. oya vishnu, katharagama, naatha, saman deviyo wage. kendara seen.

    tawa godak tiyenawa. mewa moda minissunta terum ganna ba.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නැකැත් රාලලා ගමන් ගන්නේද නලීන් ද සිල්වා ගමන් ගන්නා පාරේමය.. විද්‍යාව බටහිර පෙරදිග මැදපෙරදිග පිටසක්වල කියා බෙදා නැත. විද්‍යාව යනුවෙන් ඇත්තේ එක් විද්‍යාවක් පමණි.. තිබුනේද එක් විද්‍යාවක් පමණි.. තිබෙන්නේද එක් විද්‍යාවක් පමණි.. වෙනස් වන්නේ ගොඩනැඟී තිබූ දැනුම පමණකි.. එසේ වෙනස් වෙනස් විද්‍යා ගොඩ නැඟී ඇත්නම් කීමට ඇත්තේ පෙරදිග මිනිසුන් ගේ ඉන්ද්‍රියන් එක් ආකාරයටකටද, බටහිර මිනිසුන්ගේ ඉන්ද්‍රියයන් තවත් ආකාරයකටද පරිණාමය වී ඇති බවයි.. මෙවන් ගොං කතා වලට දිය හැකි හොඳම පිළිතුර නම්

    "උම්බෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ" වේ..

    මේ අතර පරම සත්‍ය වූ කිසිදා වෙනස් නොවන්නා වූ විද්‍යාවක් ගැන ගොං කතාද අසන්නට ලැබේ.. විද්‍යාව යනු සර්වබලධාරී, සර්වඥයන් අතින් බිහිවන දැනුමක් නොවේය.. එය බිහිවන්නේ මිනිසුන්ගේ මොළයෙනි.. ලොව එතෙක් මෙතෙක් බිහිවූ සියළූම දැනුම බිහිවී ඇත්තේ මිනිසුන්ගේ මොළයෙන් පමණි.. එමනිසා ලොව කිසිම දිනෙක කිසිම තැනෙක සර්වසාධාරණ වූ, 100% නිරවද්‍ය වූ දැනුමක් තිබී නැත.. නැකැත් රාළලා වැනි ක්‍රිස්තු පූර්ව 100ටත් එහා යුග වල ජීවත් වන්නන්ට නම් එවැනි සර්වසාදාරණ දැනුමක් ඇත.. ඒ ත්‍රිපිඨකයයි... ඔවුනට අනුව ත්‍රිපිඨකය කිසිදා වෙනස් නොවන සර්වකාලීන පරම සත්‍ය දැනුමකි.. බයිබලය අදහන්නන්ට බයිබලයද එසේමය.. කුරාණය අදහන්නට කුරාණයද එසේමය.. සියල්ලෝම පරම සත්‍යය කියා තම තමන්ගෙ දෙමව්පියන් විශ්වාස කල මිථ්‍යාව ගිලිති.. RIP ශ්‍රී ලඞ්කාය...
    විද්‍යාවට සියල්ල පැහැදිලි කල නොහැකි බව සත්‍යයකි.. නමුත් නැකැත් රාළලා වැනි කේන්දර කාරයින්ට අනුව විද්‍යාව කොහෙත්ම පරිසිද්ධීන් මත රඳාපවතින දැනුමක් නොවන්නේය.. ඒ බව තේරුම් ගත නොහැක්කන් කේන්දර බැලීම වැනි ළදරු ක්‍රියාවල යෙදෙනවා ඇරෙන්නට වෙන කුමක් කරන්නද ? විද්‍යාව දියුණු වන්නේ පරිසිද්ධීන් මත යැයි පවසන මහා ප්‍රාඥ නැකැත් රාල පසුව ගුරුත්වාකර්ශණයක් ගැන සඳහන් කරයි.. නිව්ටන් ගුරුත්වාකර්ශණය ගැන සොයාගැනීමට පෙර පෙරදිග වැසියෝ ඒ බැව් දැනගෙන සිටි බවද පවසයි.. හතර හිනාය...

    1. විද්‍යාව සීඝ්ර දියුණුවක් ලබන්නේ ඉන්ද්‍රීය ගෝචර භෞතික දෑ පිළිබඳවය..
    2. නිව්ටන් ගුරුත්වාකර්ශණය සොයාගැනීමට පෙර පෙරදිගයෝ ඒ පිළිබඳ දැන සිටියේය..

    නැකැත් රාළගෙන් ඇසීමට ඇති ප්‍රශ්නයනම් බටහිර විද්‍යාඥයන්ට ගුරුත්වාකර්ශණය ගෝචර වන්නේ ශරීරයේ කිනම් ඉන්ද්‍රියටද යන්නයි :P

    තමාගේ පේළි දෙක තුනකට ඉහත වාක්‍යයට පරස්පර විරෝධී වාක්‍යය නැවත නැවත ලියමින් නන්දොඩවන නැකැත් රාළලා වැන්නන්ගෙන් විද්‍යාව ඉගෙන ගැනීමට යන්නන් ගැන කීමට ඇත්තේ "පව් ඒ අසරණයන්" කියා පමණකි..

    තවත් වරෙක බටහිර විද්‍යාව ගැන කියා පෙරදිගයන් සොයාගත් බින්දුවක් ගැන දොඩවයි.. :P
    මෙයටත් දියහැකි සරළම පිළිතුර "උම්බෑඈඈ" වුවද නැකැත් රාළට වඩා තරමක් හෝ දුරට පරිණාමය වූ බුද්ධිමත් ජීවීන් වෙනුවෙන් මෙය සටහන් කරමි..
    පෙරදිග "0" ව සොයාගැනීමෙන්ම විද්‍යාව යනු බටහිර විද්‍යාව නොවන බව පැහැදිලි වේ.. විද්‍යාව යනු ලොවටම සාදාරණ වූ විද්‍යාවකි.. එය බටහිරයන් විසින් පමණක් තනන ලද දැනුමක් නොවේ.. ලොව සියළු දෙසින් එය පෝෂණය වී ඇත්ත.. එබැවින් එය හැඳින්විය යුත්තේ විද්‍යාව කියා මිසක, බටහිර විද්‍යාව ලෙස නොවේ..

    ****

    තවත් වරෙක පෙරදිග මිනිසුන් ලෙස අප ලද දැනුම විඥාන දැනුම විය යනුවෙන් කේන්දර රාළයන් පවසයි.. කර්මය යනුද එවන් විඥාන දැනුමක් බවත්, භෞතිකත්වය සහ පරිසිද්ධීන් පමණක් විශ්වාස කරන විද්‍යාවට එය ගෝචර නොවන බවද පවසයි..

    තවත් වරක් RIP ශ්‍රී ලඞ්කා යැ..

    කර්මය විඥාන දැනුමකි..
    නැකැත් රාළගේ විඥාන දැනුම යන්නට දිය හැකි සරළම වචනයනම් සංකල්පය යන්නයි..
    නිවන, කර්මය, යනුද එවන් සංකල්ප වේ..
    එමතු නොව සර්වබලධාරී දෙවියන්ද සංකල්පයකි..
    ලෝඩ් වොල්ඩමෝට්, මර්ලින් යනුද එවන් සංකල්ප වේ..
    ඩම්බල්ඩෝගේ වොන්ඩ් එකෙන් පිටවන මායාබලයද එවන් සංකල්පයකි..

    නැකැත් රාළගෙන් ඇසීමට ඇත්තේ විද්‍යාවට ඒවාද ගෝචර නොවන බැවින් හා, නැකැත් රාළලාට අනුව විද්‍යාවට පිළිගන්නේ පරිසිද්ධීන් පමණක් බැවින්, මර්ලින්, වොල්ඩමෝට්, සර්වබලධාරී දෙවියන්, Smurfs ලාත් ඔබ පිළිගන්නේද කියායි..

    •විද්‍යාවට සියල්ල ගෝචර වන්නේ නැත..
    •විද්‍යාවට ගෝචර නොවන පංචේන්ද්‍රියට ගෝචර වන ඇති බව ඔප්පු නොකලැකි දෑ ඇත..
    •එබැවින් කර්මය ඇත්තකි..
    •මායාබලයද එවන් පොත් වල ඇති පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන බලයකි..
    •එබැවින් නැකැත් රාළගේ පෙරදිග විද්‍යාවට අනුව පහත සඳහන් දෑ සත්‍ය වන අතර විද්‍යාව අසත්‍ය වේ..

    1. කර්මය සත්‍යයි.
    2. සර්වබලධාරී දෙවියන් සත්‍යයි.
    3. මර්ලින්ගේ මායාබලය සත්‍යයි.
    4. ඩාක් ලෝඩ්ගේ මායා බලය සත්‍යයි.
    5. මෝටල් ඉන්ස්ටෘමන්ස් සිටි ඔෆ් බෝන්ස් හි දැක්වෙන මිනිසුන්ට නොපෙනෙන නිව්යෝක්හි පැරණිම ගොඩනැඟිල්ල සත්‍යයි.
    6. කේන්දර සත්‍යයි.
    7. සාස්තර සත්‍යයි.
    8. ප්‍රොෆෙසර් ට්‍රිලොව්නිගේ පළිඟුවෙන් අනාගතය දැකීම සත්‍යයි.
    9. පෙට්‍රොනස් චාම් එක සත්‍යයි,
    10. ඩිමෙන්ටෝස් ලා සත්‍යයි.
    n-1. යකුන් පෙරේතයන් භූතයන් සත්‍යයි..
    n. සවුරෝන් ගේ අන් සියළු මුදු පාලනය කලහැකි මුද්දෙහි බලය සත්‍යයි..
     
    • Like
    Reactions: marachoon

    Well said macho.
    11.gif

    පැහැදිලිව නියමෙට ලියල තියනව. උබල වගේ කොල්ලොත් එලකිරියෙ ඉන්න එක ගැන හරිම සන්තෝසයි ....

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46

    මට උඹලා ගැන දුකයි මචං,
    පෙරදිගින් ගියේ 0 නෙවෙයි බටහිරට අවුල උනේ ශූන්න්‍ය (null)
    එකයි උන්ට තේරුම් ගන්න බැරිවුනේ.
    එකත් හරියට උඹලට ආගමයි විද්‍යාවයි තෙරුම්ගනන හදනවා වගේ.

    :lol::lol::):P:lol:
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාලු....කර්මය සත්‍යයි...100% k යකුන් පෙරේතයන් භූතයන් සත්‍යයි...100% k :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කර්මය විඥාන දැනුමකි..
    නැකැත් රාළගේ විඥාන දැනුම යන්නට දිය හැකි සරළම වචනයනම් සංකල්පය යන්නයි..
    නිවන, කර්මය, යනුද එවන් සංකල්ප වේ..

    සංකල්පය හා විඥානය නොදන්නා ඔබ සමග තර්කය පලක් නැත. නිර්වානය හුදෙක් සංකල්පයක් ලෙස ලඝු කරන ඔබේ බුද්ධ ධර්මය පිලිඹඳ දැනුම කොතරම් දැයි සියල්ලන්ටම මනාව වැටහේ යැයි සිතමි. පුද්ගලිකව මඩගැසීමක් ඇර ගත යුත්තක් ඔබේ පෝස්ටුවේ නැත..
    ඔබ වැන්නවුන් තප්පුලන විට අත්පුඩි ගසන්නන්ද සිටීම ගැන කනගාටු වෙමි. බෞද්ධ දර්ශනය තුල නිර්වානය සංකල්පයක් නොවේ. නිර්වානය බෞද්ධ දර්ශනයේ අත්තිවාරමයි. බෞද්ධ දර්ෂනයේ අත්තිවාරමට පහරදීමට තරම් ඔබ බෞද්ධ දර්ශනයට වෛර කරන්නේ මන්දැයි නොදනිමි.
    මේ ගැන තවත් කථා කර පලක් නැත.
    බුදු සරනයි.