විද්‍යා2017 ප්‍රදර්ශනය කැලණිය විශ්වවිද්‍යš

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    විද්‍යා2017 ප්‍රදර්ශනය කැලණිය විශ්වවිද්‍යš

    දවස් ගනන් නිදි මරාගෙන අපේ උන් වැඩ කලේ අපේ 50 ට. අපිට අයෙත් 50 ක් එන්නේ නෑ. අපේ උන්ගේ මහන්සිය දන්නේ බලන්න ආපු මිනිස්සුයි, අපේ උනුයි.

    අපි ඇදපු පොඩි ඉරි කෑල්ලක තිබ්බෙත් අපේ උන්ගෙ මහන්සිය. උදේ ආවම පහුවදා උදේ අපි cmpz එකෙන් ගියේ . සමහරු දවස් 3,4 එක දිගට. ඒ මහන්සිය ගැන කියන්න වචන නෑ

    උඹලට ඔනී දේ අපි කලා.
    අපි Navy එක ගෙන්නුවේ නෑ. එහෙම උඹලට ඕනි දේ වෙලා තියෙද් දි මොන කුහකකමක් ද
    බලාගෙන ඉන්න බැරි .

    ඉගෙන ගන්න දේවල් බන් exhibition එකේ තිබ්බේ. ඇත්තටම exhibition කියන වචනේ තේරුම වත් දන්වද කියලා සැකයි.

    අපි කරපු වැඩ වලින් cmpz එකේ rank එක උඩ ට ගියොත් කියන්නේ science facultye rank එක විදිහට නෙමේ බන් . University of kelaniya කියල.

    උඹල ගිය අවුරුද්දෙත් වැස්සෙව්වා cmpz එක
    මේ අවුරුද්දෙත් ඒකම කලා. කලොත් කරනේ cmpz එක වහන වැඩක්ම විතරයි.

    උඹලගෙ සංගමෙන් 1/4 ටත් අඩුයි අපේ ,faculty ම ගත්තත්. උඹල හරි නම් සතුටු වෙන්න ඕනී අපි මෙච්චර ලොකු වැඩක් කරපු එකට අපේ cmpz එකේ උන් විදිහට.

    මුළු රටම ආවා විද්‍යා බලන්න. ඊයේ අනුරාධපුර , කෑගල්ල , රත්නපුර ,හොරණ රට වටෙන්ම ආවේ.
    උඹලා අද හරවලා යැව්වේ මුලතිව් ඉදන් ආපු bus.

    උඹලා hospitl admit කෙරෙව්වේ මේක වෙනුවෙන් කට්ට කාපු අපේ එවුන්ව.

    උඹලා ඇඩෙව්වේ අපේ අම්මලා තාත්තලා,

    උඹලා නැති කලේ අපේ ඉතිරි දවස් දෙකේ බලාපොරොත්තු .

    හැබැයි එක දෙයක් උඹලා විනාශ කලේ අපිව නෙමේ මුළු cmpz එකම.

    තව අපේ උන් ගැහුවා කියල බොරු ත් කියනවා. අපේ උන් ගැහුවත් ගුටි කාගෙන ඉමු කිව්වේ exhibition එක වෙනුවෙන්

    අපේ උන්ගේ ඇස් වලින් වැටුන හැම කදුලකටම උඹලා ට හෙන වදිනව සත්තයි

    මහා සිස්ස සංගමේ ඔබට සතුටුයි ද දැන් ????

    කැළනි සරසවි අම්මේ....
    උන්ට මොළයක් පමණක් නොව හදවතක්ද ඇත්තේ නැති බව උන් අපිට පෙන්නුවේය..
    උන්ට ලබුනු දෙයක් ඇති දැයි මම නොදනිමි..
    එත් උන් අපිට නැති කල බොහෝ දෑ ඇත.
    පළමු වසරට අපි උන් ආවෙ එකටය..
    ප්‍රතිඥ්නා දුන්නේ එකටය.
    පළමු සති දෙක ගෙව්වේ එකටය..
    හොස්ටල් හිටියේ එකටය...
    මුවරද කලේ එකටය...
    සෙල්ලන් කලේ එකටය..
    උන් මන්ජුසාව කලේය..
    බිහිදොර අබියස කලේය..
    තවත් දෑ කලේය..
    ඒ සියල්ල අපි නිදිවරාගෙන බැලුවෙමු..
    හොද කිව්වෙමු..
    අගය කලෙමු..
    වහින දාට අනේ වහින්න එපා උන් පව් අපි ප්‍රාර්ථනා කලෙමු..
    පිකට් ගිය දාට උන් අව්වේ පව් අපි හීල්ලුවෙමු.
    උන් ගුටි කෑ දාට අපිත් දුක බෙදා ගත්තෙමු...
    උන් වෙනුවෙන් පොස්ට් ශෙයා කලෙමු..
    උන් ගේ පැත්තට කතා කලෙමු..
    එත් උන් අපේ පැත්තවත් බැලුවේ නැත.
    අපිට සිහිනයක් තිබිණි.
    විද්‍යා පීඨයේ අභිමානවත් 50 වෙනි සන්වත්සරය වෙනුවෙන් අපි රැක ගත් ඒ සිහිනය...
    සැබෑ වන්නට ඇරබුනා පමණි..
    උන් එය නැති කලේය..
    නැත්තටම නැති කලේය..
    සිහිනය බොද විණි.
    සරසවි අම්මේ..
    උන්ට හදවතක් නන් ඇත්තේම නැත..
    අපේ ඇස් වල නළියන කදුලු උන්ට සතුටක් දැයි මම නොදනිමි..
    උන් ගැහුවේ අපිටය.
    එත් වැඩියෙම්ම රිදුනේ ඔබටය..
    ආයෙත් සමවෙන්න..
    සිය දහස් වාරයක් සමා වෙන්න..
    ඔබේ 50 වැනි උපන්දිනය ඔවුන් නැත්තටම නැති කලේය..
    උන් ගැන අපේ හිත් වල ඇත්තේ කිසිදා වෙනස් නොවෙන කළකිරීමකි..
    ඒත්...
    ආයේ 50 එන්නේ නැත...
    100 ආවට අපි නැත...
    කමක් නෑ උන්ට දැන් වත් නින්ද යනු ඇත...

    අන්තරේ මැරයන් සහ නපුන්සක උපකුලපතිවරයකු අතින් "විද්‍යා 2017" එසේ නිමාවට පත්විය

    2017 වසරේදී පීඨයට වසර 50ක් සපිරෙනවාත් සමඟම කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සියලු වසර වල සිසුන්, ආචාර්‍ය මණ්ඩලය සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණඩල සූදානම් වූයේ "විද්‍යා" නම් අපූරු සංකල්පය මල්ඵල ගැන්වීමට ය. විද්‍යාවේ සියලු පැතිකඩ, අප විද්‍යාවේ දන්නා / නොදන්නා සියලු දේ සමාජයට ලබාදීමේ කාර්යය තම උර මතට ගත් මෙම පිරිස ඒ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර සකල ශ්‍රී ලංකා වාසී සියලු දෙනා හට කැළණිය විද්‍යා පීඨය තුළට ආරාධනා කළේය.
    අපගේ අරමුණ වූයේ ලාංකීය ජනතාව තුළ විද්‍යා දැනුම ප්‍රචලිත කිරීමත් පාසල් දරුවන් විද්‍යාව පිළිබඳ උනන්දුවක් සහ ආශාවක් ඇතිකිරීමටත් ය.

    එහෙත් අවාසනාවක මහත !

    කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයට මෙය දරාගත නොහැකි විය. අපගේ මෙම උත්සාහය කඩාකප්පල් කර දැමීමට ඔවුන් හැකි සෑම ප්‍රයත්නයක්ම ගන්නට විය. එම ප්‍රයත්නයන් මෙසේය.........

    1) ශ්‍රී ලාංකා නාවික හමුදාව යනු ඉතා ප්‍රබල ඉංජිනේරු තාක්ෂණයක් සහිත, එමෙන්ම දියුණු රේඩාර් පද්ධති නාවුක උපාංග සහිත හමුදාවකි. එම තාක්ෂණය පසුපස ඇති විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් සමාජයට ලබාදීමට අපට උවමනා විය. ඒ සඳහා අප කළ ආරාධනය පිළිගත් නාවුක හමුදාව සැප්තැම්බර් 25 දින ඔවුන්ගේ එම උපකරණ රැගෙන පීඨය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අන්තරේ මැරයන් විසින් මාර්ගය අවහිර කොට එම උපකරණ රැගත් වාහන නැවත හරවා යවන ලදී. අප රට සතු දියුණු තාක්ෂණයක් පිළිබඳ රටට විශාල දැනුමක් ලබාදීමට දැරූ උත්සාහය ඔවුන් විසින් එලෙස විනාශ කරන ලදී

    2) මේ ආකාරයේ විද්‍යා ප්‍රදර්ශනයක් සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. එවැන්නක් සිදු කිරීමට මිල අධික උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවේ. ඒ සඳහා අවශ්‍ය වන අධික පිරිවැය ලබාගැනීමට අනුග්‍රාහක භවතුන් බොහෝ දෙනෙකුගේ සහයෝගය ආරම්භයේදී හිමි විය. නමුත් අන්තරේ මැරයන් විසින් අපගේ කර්තව්‍යය සඳහා උපකාර කිරීමට පැමිණි ඇතැම් අනුග්‍රාහකයින් හට තර්ජනය කොට එළවා දමන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රදර්ශනය සඳහා ලැබීමට නියමිත වූ මුදල් විශාල ප්‍රමාණයක් නොලැබී යාමත් මුදල් හිඟ තත්ව නිසා දිවා රෑ වෙහෙස නොබලා ප්‍රදර්ශන භාණ්ඩ නිර්මාණය කරන විද්‍යා පීඨ සිසුන් හට ලබාදීමට නියමිතව තිබූ දිවා ආහාරය පවා නියමිත පරිදි නොලැබී යාමයි.

    දින 7ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත වූ විද්‍යා ප්‍රදර්ශනය ආරම්භ වී තෙවැනි දිනයේ දී දහවල් 2 ට පමණ ප්‍රදර්ශන භූමිය තුළට පැමිණි මෙම මැර පිරිස ප්‍රදර්ශනයේ සංවිධායක සිසුන් හට තර්ජනය කළ අතර අලුයම 2.15 ට පමණ පීඨයේ ගේට්ටුවට හානි කර විද්‍යාපීඨ සිසුන් 4 දෙනෙකුට පහරදෙන ලදී. මෙම පිරිස නැවතත් පෙරවරු 8.00 ට පමණ පැමිණ තවත් විද්‍යා පීඨ ශිෂ්‍යයින් 4 දෙනෙකුට සහ එක් ශිෂ්‍යාවකට සහ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් දෙදෙනෙකුට පහර දෙන ලදී.

    මෙම සිදුවීමෙන් පසුව ප්‍රදර්ශනය සංවිධානය කරන සිසුන්ට සහ නැරඹීමට පැමිණෙන ජනතාව වෙත පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස අප ඉල්ලා සිටි නමුත් කැළණිය විශ්ව විද්‍යාලයේ අපෘෂ්ඨවංශී උපකුලපතිවරයා විසින් එම ඉල්ලීම ඉවත දැමුවේ ශිෂ්‍ය ජීවිත පිළිබඳව තඹ සතයකට මායිම් නොකරමිනි.

    අවසානයේ දින හතක් පුරා සකල ශ්‍රී ලංකාවාසී ජනතාව විද්‍යා දැනුමින් පෝෂණය කිරීමට බිහිවූ විද්‍යා 2017 අවසන් කරනු ලැබුවේ ශිෂ්‍ය සහ මහජන ජීවිත වලට සිදුවිය හැකි හානි වළක්වාගැනීම උදෙසා ය.

    නිදහස් අධ්‍යාපනය, ශිෂ්‍ය අයිතීන් සුරැකීම ආදී ඊනියා ලේබල් වලට මුවාවී තම දේශපාලන අරමුණු සඵල කරගන්නා අන්තරයේ සැබෑ ස්වරූපය අද දින අප සැමට පසක් විය

    කැලණි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය , ඔබට සතුටුයිද දැන් ?
    කීමට ඇත්තේ මුන්ට ලේ දුන්නාට මොලේ දෙන්නට බැරිය .
    හිතන් ඉන්නේ පොරවල් කියාය , යන්නේ රට හදන්නටය .
    නමුත් විශ්වවිද්‍යාලය තුළ ප්‍රශනයකදී හැසිරෙන්නේ පූර්ව ළමාවිය සංවර්ධන නොවූවන් ලෙසය .
    මොවුනට ඇන්කර් ප්‍රීඩියා ප්‍රෝ ලබාදී මොන්ටිසෝරි යැවිය යුතුය .
    දුකකට ඇත්තේ සති කිහිපයක මහන්සිය , ලක්ෂ ගණනක වියදම අපතේ යෑමය .
    අවසානයේ කීමට ඇත්තේ බල්ලන් බිරුවාට කදු පාත් වෙන්නේ නැති බවය .
    කැලණි විද්‍යා පීඨය සදා වැජඹෙනු ඇත .
    දෙවැනි මවුනි ඔබට ජය .
    ඔවුන් මහා ශිෂ්‍යයයෝලු.. 😂😖😖
    මාතලන්ලා ත්‍රිමා වෙනුරලා
    ගිය පාරේ යතැයි කියන
    අරගලයෙන් උන් රැස් කළ
    කිරි කළයට ගොම පුරවන
    ඉහ මොළ නැති අත පය ඇති
    සමාජයට පිළිල මවන
    එළොවක් නැති මෙලොවක් නැති
    සදාචාරෙ දන්නෙම නැති..
    සමාජවාදීයො රැළක් ලු..
    චේ ලෙනින් හිටියානම් අද
    හිනාවේවි පස්ස පැත්තෙන් 😒😖😖
    Be strong #Kelani_FOS 💪💪

    උපුටාගැනීමකි...

    මහා ශිෂ්‍ය සංගමය වෙත ලියමි. සහො උඹලාට දැන් සතුටු ඇති. මොකද මේ වැඩේ පටන් ගත්ත දවසෙ ඉදලා උබලට කරගන්න ඕනෙ උන දේ අද උබලා කරගත්තනේ. නිකන්ම නෙමේ උබලගෙ කුහකකමේ නිරුවත මුලු ලංකාවටම පෙන්නලා. උබලට වැරදුන තැන ඔතන තමා. උබලා මහ ලොකුවට කතා කරන නිදහස් අධ්‍යාපනය රටේ ලමයින්ට බෙදලා දෙන්නවත් උබලා ඉඩ දුන්නෙ නෑ. ලමයි දහසක් බලාපොරොත්තු තියාගෙන මෙතනට අපු බස් හරවලා යැව්වෙ උබලා මොන හිතකින්ද සහෝ. මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද්දෙත් ලමයි ඇවිත් stall අරින්න බැරිද ඇහුවා අන්තිම මොහොත වෙනකන්. අපේ ඇස් වලට කදුලු ආවා. උබලට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබ්බනම් උබලා උබ්ලාගෙ මන්ජුසාව ඉවර වෙනකන් ඉවසුවා වගේ ඉවසන්න තිබ්බා මේ රටේ දුප්පත් ලමයින්ට අයේ කවදාවත්ම දකින්න වෙන්නෙ නැති ඉගෙන ගන්න වෙන්නෙ නැති දේවල් දකින්න ඉගෙන ගන්න ඉඩ දීලා. උබලා මහලොකුවට කතා කරන නිර්දන පන්තියෙ පොඩි එව්න් කවදාවත් දැකලාවත් නැති අල්ලලා නැති කොටින්ම කිව්වොත් උබලගෙ නිර්දන පන්තියෙ පොඩි එවුන්ගෙ ඉස්කෝල් අහලකවත් නැති උපකරණ වලින් උන්ට කවදාවත් හීනෙන්වත් දකින්න නැති දේවල් හැබැහින් පෙන්නුවෙ. උන්ට ඒ ගැන අපි ඉගැන්නුවෙ සතයක්වත් ගන්නෙ නැතුව. උබලට උබලගෙ පන්තියෙ එවුන් දෙයක් ඉගෙන ගන්නකන්වත් ඉවසන්න තිබ්බා. නෑ උබලට බලාගෙන ඉන්න බැරි උනා උබලා හීනෙකින්වත් නොහිතපු අපේ සාර්ථකත්වය. අන්න ඒකයි උබලා මහා ලොකුවට කියවන නිදහස් අධ්‍යාපනය ට කලින් උබලගෙ කුහකකම එලියට ආවේ. උබලා හිතනවා ඇති උබලා දින්නා කියලා සහෝ. හැබැ උබලා අපි දාහකගෙ දාඩිය කදුලු මහන්සිය පරදනකොට අපි සිය දහසක් මිනිස්සුන්ගෙ හිත් දින්නා සහෝ. ප්‍රදර්ශනය නවත්තනවා කියලා කියද්දිත් අනේ අපිට තව ටිකක් බලන්න බැරිද කියලා අහපු නංගිලා මල්ලිලා වැඩිහිටියො අපිට අපේ සාර්ථකත්වය පෙන්නලා දුන්නා. පැරදුනේ අපි නෙමේ උබලයි.
    මේවට එක අතකට උබලටම බනින එකේ තෙරුමක් නෑ. මොකද ඔය කෑගහන උබලා ගොඩක් අය ඔය කියන සමාජවාදය, බහුජාතිය සමාගම් කියන වචන වල තෙරුමවත් දන්නෙ නෑ කියලා අපි දන්නවා. උබලගෙ ඉහමොල කාලා හිස් මොලගෙඩි අතුලෙ දේශපාලනය කියන මලපහ පුරවලා කුහකකමේ බීජ වපුරලා උබලව පඹයො වගේ නටවනවා. උබලත් උන් කියන පදේට නටනවා. අන්තිමට උන්ට ඕනෙ හැම දෙයක්ම උන් උබල ලව්වා කරගෙන අවුරුදු තුනකට පස්සෙ උබලව කිසිම කෙනෙක්ට වැඩකට නැති හපයක් කරලා විසික් කරලා දානවා. ඒකයි උබලාට උන් පුරුදු කරපු විදියටම රස්සා ඉල්ල ඉල්ල මහ පාරේ අව්ව තපින්න වෙලා තියෙන්නෙ. හිතලා බලපන්. Vidya exhibition එකේ අපේ හැමෝම හොදටම මහන්සි වෙලා මේක කලා.. ඇත්තටම years 4ම ළමයි හොදටම මහන්සි උනා..department හැම එකක්ම හොදට කලා..මන් හිතනවා ගොඩක් අය දන්නවා ඇති කියල මොකක්ද මෙතන උනේ කියලා... ගොඩාක් හොදින් කරගෙන ආපු exhibition එක නවත්තන්න උනේ එක්තරා මෝඩ රැලකගෙ මෝඩ අදහස් නිසා... ඇත්තම කිව්වොත් art and commerce faculty දෙකේ එකතුවෙන් හැදෙන ගොන් මහා ශිෂ්‍යය සංගමයේ මෝඩ තර්ක,අදහස් නිසයි මේක නවත්තන්න උනේ. ඒ වගේම මේ ප්‍රශ්නෙදි පරිපකයන් කෙලින් උන්නා නම් මේක අපිට කරන් යන්න තිබ්බා කොහොමහරි.එත් කොන්ද පන නැති අපෘෂ්ඨවංශික පරිපලකයන් ඉද්දි කොහෙත්ම මේක කරන්න අපිට ඉඩ ලැබුනෙ නෑ..මුලින්ම අපිට කිව්වා sponsorship වලින් ගහන කොඩි ගලවන්න කියලා.ඒ මොකද ඒව බහු ජාතික සමාගම්ලු. අනේ ඇත්තට ඉතින් ART එකේ උන් ජොබ් කරන්න යන්නෙ ඔය බහු ජාතික සමගම් වලට නෙමේ වෙන්න ඇති..මෝඩ මී හරක් රැලක්.. ඊට පස්සෙ කිව්වා ත්‍රිවිධ හමුදාව ගෙන්වන්න බෑ කියලා.. ඒ මොක්ද හමුදාව කැම්පස් එක එතුලට ඇවිත් ඔත්තු බලනවලු.. 2002,2009 exhibition දෙකේම හමුදාව ආව කැම්ප්ස් එකට.. අනේ ඉතින් මේ මෝඩ රැල එක්ක තව කවර කතාද? අන්තිමට පෙරේද උදේ වීදි නාට්‍ය යක් පෙන්වන්න ඕන කියලා science එක ඇතුලට ආව..අපි ඒකට ඉඩ දුන්නේ නෑ.. මෙච්චර කල් උන් කිව්ව එව්වා අපි අහන් උන්නේ අපි නිවට කමකට නෙමේ. අපේ කොල්ලො කෙල්ලො මහන්සි වෙලා කරපු exhibition එක සාර්තක කරගන්න ඕනා නිසයි.. එත් මෙතන්දි අපි කිව්වා බැහැ කියලා.. ඔතනදි art එකේ උන් කිව්වා රෑට බලගමු කියල.. art එකෙන් කරන ම්ංජුසාව ඉවර වෙලා උන් අපේ gate එක කඩගෙන තල් වැටට එන්න ආවා.. මෙච්චර කල් නිහඩව උන්නු අපෙත් ඉවසීමෙ සීමව තිබ්බේ රතු කට්ට පැනලා.. එත් අපි ඉවසන් උන්නා. අන්තිමට උන් gate එකෙන් පැනලා එතුල්ට ඇවිත් අපේ කොඩි ගලවලා විනාශ කරන්න යද්දි තමා දෙපිරිසම අතර වලියක් ඇති උනේ.. පාන්දර 2 විතර පටන් ගත්ත රන්ඩුව දිගටම ඇදුනා..දවල් වෙනකනත් කිසිම පිලිතුරක් පරිපාලනයෙන් හම්බුනේ නෑ.. අපේ council එකට meeting එකක්වත් දුන්නෙ නෑ. ඇත්ත්ටම අපේ science council eka vagema main coordinator කෙනෙක් විදියට අපි හැමෝම උත්සහ කලා මේක කර්න් යන්න..එත් අපිට බැරි උනා මේ පරිපලකයන්ගෙ නොමනා මෝඩ ක්‍රියාකලාපය නිසා.. මේක බලන්න අපු අය දන්නවා ඇති මේක කොච්චර හොදට තිබ්බද කියලා.. ඉතින් මේක මේ විදියට ඉවරකරන්න උන හේතුව හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා..
    science එකේ මගෙ කොල්ලො කෙල්ලො SET එක උපරිමය කලා..අපෙ කිසිම වැරැද්දක් නෑ... ඇත්ත කතාව ඕකයි..ඒ නිසා අපේ science එක ගැන ඔයාල හැමෝගෙම හිතේ මොනාහරි කහටක් තිබ්බනම් ඒක අයින් වෙන්න ඇති කියලා මම හිතනවා...
    Thank u..

    උපුටා ගැනීමකි..
    මහා ශිශ්න සංගමය වෙත,
    මොකක්ද බන් උබලගෙ කුහක කමේ තෙරුම වඩක් කරපල්ලා කොන්ද කෙලින් තියාගෙන. තමන්ට දෙයක් කරන්න බැරි වෙනකොට අනික් උන් කරනවට ඊරිසියා කරන්න එපා. උබලා හිතනවා ඇති උබලා ලොකු වඩක් කලා කියලා ගිහින් බලපන් එ ලමයිගෙ ඇස් වල කදුලු.උබලට නම් ඒවගේ වටිනාකමක් නැ. උබල දන්නේ උබලගේ උන්වමත් අඩවන්නනේ. අපේ උන් උබලට මොනා කලාටද?? බහුජතික සමාගම් එපා කියයි ඇයි උබලා ජීවත් වෙන්නෙ ගල් යුගයෙද? උබලා උබලගෙ කෙල්ලො අදින්නෙ කොල අතුද. කන්නෙ බොන්නෙ නැද්ද? උබලගෙ උන්ම තමා අපි career fair තිබ්බම බහු ජාතික සමාගම් වලට යන්න පොරකන්නෙ.තොපි වගෙ හිගා කන්න කැට හොල්ලන්න ගියෙ නෑ යකො අපෙ එවුන්. උන් උන්ගෙ මහන්සියෙන් හැම දේම කලෙ. පුලුවන්නම් හිගා නොකා වැඩක් කරලා පෙන්නපන් මෙ වගෙ. තොපි වගෙ මොඩ මුසල හැත්ත. උබලා දන්නෙ කඩාකප්පල් කරන්න විතරයි. තොපිලට ඩිග්‍රි ගත්තත් ජොබ් හෝයාගන්න බරුව පිකටින් යන්නෙත් එකම තමා කුහක කමට. තොපිලා මේ රටට ලොකු බරක්. තොපිලා මෙ රටට කරන කිසිම සේවයක් නෑ. කලින් එහෙම තියෙන්න ඇති අන්තරේ හොද පැත්තක් තියෙන්න ඇති ඒත් දැන් උබලා දන්නෙ කුහක කම් කරන්න විතරයි. අනික් උන්ට ඊරිසියා කරන්න විතරයි.

    උප කුලපති තුමනි,
    උබ පො*&%ක් ද???? කොන්දක් නැද්ද. නොදකින් තො වගෙ එවුන් ඉපදෙන්නෙ අර කනාවට ගහන ශොට් වලින්. යකො වහපිය art එක. ඕන මගුලක් වහපිය තෝගෙ අතින් පයින් වටුනෙ නති හින්දද exhibition එක නැවත්තුවෙ. තෝ වගේ චිත්ත අස්සේ හැඟෙන පිම්පියෙක් අපේ උප කුලපති කියන්නත් අපිට ලැජ්ජයි.

    විද්‍යාපීඨය වෙත,
    අන්තරය යනූ එදා සිටම කැලනිය විද්‍යා පීඨය තුල ප්‍රතික්ශෙප වූවක් වේ. එහි එකදු පෝස්ටරයක්වත් විද්‍යා පීඨය තුල නොඅලවන තරමට විද්‍යා පීඨය ස්වාධීන විය.එකී ස්වාධීන විද්‍යා පිඨයේ අන්තරයට විරුද්ධ වීමට කටයුතු කල කැලණිය විද්‍යා පීඨ සිසුන් විද්‍යා පීඨය විසින්ම මර්දනය කිරීම අතීතයේ සිට සුලභ වු අතර එහි ප්‍රතිඵල අද විද්‍යා පීඨය විසින්ම භුක්ති විදිමින් ඇත. එයට යම් යම් ආචාර්‍ය වරුන්ද වගකියයුතු වේ. අවසාන වශයෙන් ඔවුන්ගෙන් ඇසීමට ඇත්තේ ඔබට සතුටුද දැන් යනුවෙන් පමනි. ආදරණිය මල්ලියේ දැන් ඔබට තීරණයක් ගැනීමට කාලයයි මතක තියාගනින් මේක මහා ශිෂ්න සංගමේ හදන්ඩත් විද්‍යාපීඨ ශිෂ්‍ය සoගමේ කැමැත්‍ත ඕනෙ හැම අවුරුද්දකම. එක දෙන නොදෙන එක උබලට බාරයි.

    මහ ජනතාව වෙත,
    ඔබෙන් ඉල්ලිය යුත්තෙ කිසි දිනක කිසි විටක අන්තරේ යනුවෙන් හෝ, කැළනිය විශ්ව විද්‍යාලය යනුවෙන් කැට අරන් බස් වලට ගොඩ වෙන කුහකයන්ට කිසිදු ආධාරයක් නොදෙන ලෙසය. මොකද,,,

    --අන්තරෙ දන්නෙ කුහක කම් මිසක් සහෝදරත්වයක් නොවේ --
    එකෙන්ම බං..මෝඩ හැත්තක්... ඇහුවොත් කියන්නේ "අපි මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසුකර යාමටය" කියලා... බලද්දි උඹලා හදන්නේ උඹලට පසුපසින් යන පිරිසක් විතරයි...දුකයි...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තගාමීන් පිටු දකිමු. එකෙක් අතැර එකෙක් නොව අන්තවාදී සියල්ලෝම.
    කොටියන් ප්‍රසිද්ධයි... උන් භංග වේවා...
    හොර පූසන්ද එපා... උන්ද අවස්ථාවාදියෝය
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි බන් පොලිසියෙන් ගෙනල්ල අරුන්ව එලවන්න බැරි ඕක පාලනය කරන්න ඉන්නේ මොක්කුද ජෙප්පෝ ටිකක් ද administration වලට ඉන්නේ uni එකේ

    උපුටා ගැනීම
    අපි අමාරුවෙන් හදල මිනිසුන් ට දැනුමක් දෙන්න හදපු exhibition එක කව්ද සෙට් එකක් කෑවා. ඒ උන්ට කිය්න්නෙ මහා ශිෂ්‍ය සංගමය කියලලු . කඩාකප්පල් කාරී කියල අහල තිබුනට දැකල තිබුනෙ නෑ. Exhibition එක වහද්දි මගේ stall එක ලග 390ක පෝලිමක් තිබුන. එතන හිටිය මුලතිව් ඉස්කෝලයක් . අනුරාධපුර ඉස්කෝල 2ක් . මගේ stall එකේ තිබුනෙ A/L PHYSICS practical , ඒ ලමයි කවදාවත් practical එකක් කරල නෑ කිව්ව. ඒ ලමයි රු 30 000 ක් එකතු කරල බස් එකක් අරන් අවේ ඒ ටික බලල යන්න කිව්ව. Stall එක වහද්දි උන් ඇඩුව. ඒ කදුලු වලට මටත් ඇඩුනා අපේ මහන්සිය දන්නව නම් මෙහෙම කරන්නෙ නෑ කියල. නිදහස් අධ්‍යාපනය සුරකී නම් , ඔබ නැති කලේ ඒ පොඩි උන්ගේ දැනුම නොවේද ?
    මේ තරහට නොවේ වේදනාවටයි....



    ඔතෙන්ට පොලිකියෙන් ආවනම් උබල කියනෝනෙ. අමනුශික පහරදීම් අට පාස් උන්ගෙ කියල. ඒ නිස එන්න නඇතුව ඇතී. ඒක සාදාරනයි නෙ. බම්
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ඇයි බන් පොලිසියෙන් ගෙනල්ල අරුන්ව එලවන්න බැරි ඕක පාලනය කරන්න ඉන්නේ මොක්කුද ජෙප්පෝ ටිකක් ද administration වලට ඉන්නේ uni එකේ

    උපුටා ගැනීම
    අපි අමාරුවෙන් හදල මිනිසුන් ට දැනුමක් දෙන්න හදපු exhibition එක කව්ද සෙට් එකක් කෑවා. ඒ උන්ට කිය්න්නෙ මහා ශිෂ්‍ය සංගමය කියලලු . කඩාකප්පල් කාරී කියල අහල තිබුනට දැකල තිබුනෙ නෑ. Exhibition එක වහද්දි මගේ stall එක ලග 390ක පෝලිමක් තිබුන. එතන හිටිය මුලතිව් ඉස්කෝලයක් . අනුරාධපුර ඉස්කෝල 2ක් . මගේ stall එකේ තිබුනෙ A/L PHYSICS practical , ඒ ලමයි කවදාවත් practical එකක් කරල නෑ කිව්ව. ඒ ලමයි රු 30 000 ක් එකතු කරල බස් එකක් අරන් අවේ ඒ ටික බලල යන්න කිව්ව. Stall එක වහද්දි උන් ඇඩුව. ඒ කදුලු වලට මටත් ඇඩුනා අපේ මහන්සිය දන්නව නම් මෙහෙම කරන්නෙ නෑ කියල. නිදහස් අධ්‍යාපනය සුරකී නම් , ඔබ නැති කලේ ඒ පොඩි උන්ගේ දැනුම නොවේද ?
    මේ තරහට නොවේ වේදනාවටයි....



    ඔතෙන්ට පොලිකියෙන් ආවනම් උබල කියනෝනෙ. අමනුශික පහරදීම් අට පාස් උන්ගෙ කියල. ඒ නිස එන්න නඇතුව ඇතී. ඒක සාදාරනයි නෙ. බම්
    පොලීසිය ට එන්න කිව්වෙ ගොඩක් කලින් ඒකට vc permission දෙන්නෑ ඌ අන්තරේට support
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    එහෙම කියන්න එපා ,කැ ට එකතු කරලා ගත්ත සල්ලි වලින් තමා නුවර ගෙයක් අරන් රැග් කලේ .
    කොයි කුරුටු ගාමියත් අන්තිමට නැවතුනේ ඕස්ට්‍රේලියාවේ ,පරන්සේ , එහෙ ඉදලත් වැඩ කලේ .ශ්‍රී ලාංකික ආයතනවල .බහු ජාතික සමාගම් පැත්තේ බැලුවේ නැහැ.හැම දේම ශ්‍රී ලාංකික විතරමයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    P6140017.JPG


    menna lokka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලියට බැහැල ප්‍රජාතන්ත්‍රවාදේ, ශිෂ්‍ය අයිතීන්, සමානාත්මතාවේ අරව මේවා හෙන බර වචන ඉල්ලන්නේ :D ඇතුලේ තනිකර තලේබාන් සිස්ටම් එකක්ද කොහෙද යන්නේ :baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නෙලමුද ඕකුන්ට කොනක ඉදන්?
    ඕකුන් එක්ක කවදාවත් ඉදිරි ගමනක් නෑ.. :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලියට බැහැල ප්‍රජාතන්ත්‍රවාදේ, ශිෂ්‍ය අයිතීන්, සමානාත්මතාවේ අරව මේවා හෙන බර වචන ඉල්ලන්නේ :D ඇතුලේ තනිකර තලේබාන් සිස්ටම් එකක්ද කොහෙද යන්නේ :baffled:

    :yes: :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙලමුද ඕකුන්ට කොනක ඉදන්?
    ඕකුන් එක්ක කවදාවත් ඉදිරි ගමනක් නෑ.. :no:


    නෙලනවා නම් ඕකුන්ට විතරක් නෙලලා බෑ..
    අපිට කොකා පෙන්නලා තමතමන්ගේ වාසියට
    ගොඩ වඩාගන්න එන ධනවාදී උන්ටත් නෙලන්න ඕනේ..
    දැනටමත් වෙලා තියෙන්නේ තම තමන්ගේ වාසියට නීතිය නවාගන්න
    එකිනෙකගේ පිටකසාගන්න සෙට් එකක්නේ...
    උන්ට බලේ තියෙනකොට මොළේ නෑ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,675
    113
    colombo
    ඔය ඔක්කොම ඉතින් අර රතු හැත්තගේ වැඩ, (jvp , පෙරටු ගාමී ඔක්කොම කාලකණ්නි)
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    abolish අන්තර් මහා සිස්න බල මංඩලය
    jvp , පෙරටු ගාමී ඔක්කොම කාලකණ්නි
    රතු හැත්ත
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    anthare evunge kata , sticker vyapara valata salli nodi inna ona... okun hama jara vadakma karanne apen higakana salli walin. apen salli higa kala unge fund eka purawagena apitama raghanna enwa okun.... :angry: