විද්‍යුත් හැඳුණුම්පතක් පෙන්නා කෝටි 266ක් ගිලලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි.

    පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණයවි තිබේ.

    එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006 වසරේදීය.

    එහෙත් තවමත් එය අවසන් අදියර දක්වා ප්‍රගතියක් අත්පත් කරගෙන නැත.

    ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇත.

    ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදි ගැනීම වෙනුවෙන් එක්කෝටි අනුතුන් ලක්ෂයක් වියදම් කර තිබේ.

    එසේම 2017 වසරේ සිට 2021 දක්වා කාර්ය මණ්ඩලය විසිනවයක් වෙනුවෙන් සේවක වැටුප් හා දීමනා කෝටි අටක්ද ඇතුලුව පාරිපාලන වියදම් ලෙස කෝටි විස්සක් වැය කර තිබේ.

    ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇතත් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ.

    මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

    මෙම නිලධාරින් බඳවාගෙන තිබෙන්නේ එම පුහුණුවට අදාල කාර්යය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබාදි නොතිබියදී බවද එහි සඳහන් වේ.

    මේම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදි හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව් අධ්‍යක්ෂක ජෙනරාල් වියනි ගුණසේකර මහතා සඳහන් කළේ විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය.

    මෙම ව්‍යෘපෘතිය 2019 වසරේදි ශ්‍රි ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලෙස වෙනස් වි කාර්යක්ෂමව ඉදිරියට ගිය නමුත් පසුව විටින් විට සිදුවු කැබිනට් සංශෝධන නිසා එය යම් අඩාලත්වයකට පත්වු බවද මේ වන විට එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද ඔහු පැවසීය.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    20221013_120130.jpg
     
    • Haha
    Reactions: wqe123