විද්‍යුත් හැඳුනුම්පතක්ද? මිලිටරි දැලක්ද?

May 5, 2014
42
5
0
විද්‍යුත් හැඳුනුම්පතක්ද? මිලිටරි දැලක්ද?

විද්‍යුත් හැඳුනුම්පතක්ද? මිලිටරි දැලක්ද? – රාවය

2014/08/07 at 11:00 AM Admin
I-D-300x201.gif

දැනට භාවිතයේ පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.එස්. සරත්කුමාර මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබේ.



ජූලි 20 වැනි දින ‘මව්බිම’ පුවත්පතට ප‍්‍රකාශයක් ලබාදෙමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා නව විද්‍යුත් හැඳුනුම්පත පිළිබඳව කියා තිබුණේ රාජ්‍ය හා අනෙකුත් අංශවල සේවා ඉතා කඩිනමින් කරගැනීමටත්, ඡුන්දය ප‍්‍රකාශ කිරීම, බැංකු කටයුතු, රියදුරු හා විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීම, අර්ථසාධක ප‍්‍රතිලාභ ලබාගැනීම ආදිය සඳහා එය උපකාරී වන බව සහ පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු තහවුරු කරගැනීම හා වංචනික ක‍්‍රියා පූර්ණ වශයෙන් වැළැක්වීම ආදිය ඒ මගින් කළ හැකි බවය.
එමෙන්ම වැඩිදුරටත් කොමසාරිස් ජෙනරාල්වරයා ප‍්‍රකාශ කර තිබුණේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ලංකා ලොජිස්ටික් ඇන්ඞ් ටෙක්නොලොජීස් ආයතනය කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල මෙම කටයුත්ත සඳහා සම්බන්ධ වන බවය. තවද 2015 වර්ෂයේදී නව ජාතික විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කරන බවද ඔහු ප‍්‍රකාශ කර තිබුණි.
එසේ වුවද ජාතික විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.ජේ.එල්.පී. අමරසිංහ මහතාගේ මෙහි පළවන ප‍්‍රකාශයට අනුව නව ජාතික විද්‍යුත් හැඳුනුම්පතක් යන්න ද්විතීයික කාරණයක්ය. පළමු සහ මුඛ්‍ය කාරණය වන්නේ රටේ අවුරුදු පහළොවට වැඩි සියල්ලන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීමය. පළමුවෙන්ම සිදුකරන්නට යන්නේ මෙම දත්ත පද්ධතිය සකස් කිරීමය. විද්‍යුත් හැඳුනුම්පත එන්නේ ඊට පසු 2016 වර්ෂයේදීය. මේ මුළු ව්‍යාපෘතිය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය ලබාදෙන මුදල රුපියල් බිලියන 14.5ක්ය.


දැනට ඇති ජාතික හැඳුනුම්පත වෙනුවට මීට වඩා විධිමත් හා නවීන විද්‍යුත් හෝ මොනයම් නමකින් හඳුන්වන හැඳුනුම්පතක් ලබාදෙනවාට කිසිවකු අකමැති නොවනු ඇත. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට මුවාවී ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීම යනුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනත් කටයුත්තක් සිදුකරන්නට යනවාද යන්නය.


ඒ සඳහා වූ සැකය අපට මතුකරන්නේ මේ නව ජාතික විද්‍යුත් හැඳුනුම්පතට මුවාවී ලබාගන්නට යන තොරතුරු සමුදාය පිළිබඳව අවධානය යොමු කිරීමේදීය. මේ තොරතුරු එකතු කිරීම සඳහා ග‍්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේදී එකතු කරගැනීමට නියමිත තොරතුරුවල ආදර්ශයක් ලබාදී ඇති අතර එහි විශේෂත්වය වන්නේ ලබාගන්නා තොරතුරු හැඳුනුම්පත හිමිකරුගේ තොරතුරුවලට පමණක් සීමා නොවී තිබීමය.


එම තත්ත්වය වඩාත් අවබෝධ කරගැනීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු තොරතුරු පිළිබඳව අවධානය යොමුකිරීම වටී. පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට සූදානම් වන අයකු දැනට ඉදිරිපත් කළයුත්තේ ඔහුගේ හෝ ඇයගේ උප්පැන්න සහතිකය, රැුකියාව ඇතුළත් කරන්නේ නම් එය සනාථ කිරීමේ සේවා සහතිකය මව හෝ පියාගේ හැඳුනුම්පත හා ඡුායාරූප පමණය. එසේම නැතිවූ හැඳුනුම්පතක් නැවත ලබාගැනීමේදී අමතරව අවශ්‍යවන්නේ එම හැඳුනුම්පත නැතිවූ බවට වූ පොලිස් පැමිණිල්ලේ පිටපතක්ය. තොරතුරු පැහැදිලිව තිබෙන හැඳුනුම්පතක් අලූත් කිරීමේදී කිසිවක්ම අවශ්‍ය නොවන අතර අලූත් කරන හැඳුනුම්පතේ ඇති තොරතුරු අපැහැදිලි නම් එම හැඳුනුම්පත් අංකය හා ඊට අදාළ දිවුරුම් ප‍්‍රකාශයක් අවශ්‍යය. මේ සියලූ තත්ත්වයන් යටතේදී හැඳුනුම්පතක් සඳහා ලබාගන්නේ අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ ඇති ඔහුගේ හෝ ඇයගේ නම, මාපියන්ගේ නම් උපන් ස්ථානය ආදිය පමණය.


එහෙත් නව ජාතික විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා අතිවිශාල තොරතුරු සමුදායක් රැුස්කිරීමට ආණ්ඩුව දැනටමත් සැලසුම් කර අවසානය. අයදුම්කරු සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ හෝ ඇයගේ නම, පෙළපත් නාමය, වාසගම, හැඳුනුම්පතෙහි සඳහන් විය යුතු නම, ස්ත‍්‍රී පුරුෂ භාවය, උපන් දිනය ලිපිනය, රැුකියාව ආදියට අමතරව විවාහකද, අවිවාහකද, වැන්දඹුද, දික්කසාදද යන්න මෙන්ම අයදුම්කරුගේ තාවකාලික නිවසේ පදිංචියේ විස්තර, ස්ථාවර දුරකතන අංකය, ජංගම දුරකතන අංකය සහ විද්‍යුත් තැපෑල ආදියද ලබාදිය යුතුය.
ඊට අමතරව අයදුම්කරුගේ පියාගේ මවගේ හා භාරකරුගේ පෙළපත් නාමය, නම, වාසගම, උපන් දිනය හා ජාතික හැඳුනුම්පත් අංක ලබාදිය යුතුය. අයදුම්කරු විවාහකයකු නම් කලත‍්‍රයාගේ (බිරිඳ හෝ සැමියාගේ) පෙළපත් නාමය, නම, වාසගම, උපන් දිනය හා හැඳුනුම්පත් අංකය ලබාදිය යුතුය. අයදුම්කරුගේ සහෝදර සහෝදරියන්ගේ සම්පූර්ණ නම්ද, ඔවුන්ගේ උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන්ද ලබාදිය යුතුය. අයදුම්කරු විවාහ වී දරුවන් සිටින්නේ නම් එම දරුවන්ගේ සම්පූර්ණ නම්ද, උපන් දිනයන්ද, ජාතික හැඳුනුම්පත් අංකයන් ද දිය යුතුය.

මේ සියලූ විස්තර සමග නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා නිර්දේශ කර ඇති ඡුායාරූපද දෑතෙහි ඇඟිලි දහයේ ඇඟිලි සටහන්ද ලබාදිය යුතුය. එතැනින් තොරතුරු ලබාදීම අවසන් වන්නේ නැත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ප‍්‍රකාශයකටද ගිවිස ගත යුතුය. ඒ ‘මාගේ පවුලේ දරු උපතක් සිදුවුවහොත්ද, විවාහයක්, දික්කසාද වීමක්, වෙන්වීමක්, පැවිදිවීමක්, උපැවිදිවීමක් හෝ දරුවකු දරුකමට හදාගැනීමක් සිදුවුවහොත් ඒ බව (ඒ) ආකෘතිය මගින් දන්වා සිටීමේ වගකීම මම භාර ගනිමි’ යන්නය. ඒ අනුව මෙම තොරතුරු ලබාගැනීම අයදුම්කරු නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගන්නා අවස්ථාවේදී අවසන් නොවන බව පැහැදිලිය.



කෙසේ වෙතත් මෙවැනි අයදුම්කරුගේ නොවන අතිවිශාල තොරතුරු සමුදායක් දැනට වලංගු 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ලබාගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පැන නැගී ඇති අතර මෙම තොරතුරු එකතු කිරීමේ මූලික කටයුතු සිදුකරන ග‍්‍රාම නිලධාරීන්වරුන්ද ඒ පිළිබඳව ප‍්‍රශ්න මතුකර ඇතැ’යි දැනගන්නට ඇත. යම් පුරවැසියකු මෙම තොරතුරු ලබාගැනීම අභියෝගයට ලක් කළහොත් මානව හිමිකම් කඩකිරීමේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවන්නේ තමන්ට බව එහිදී පරිණත ග‍්‍රාම නිලධාරීන් පෙන්වා දී ඇත.
මේ ආකාරයට මතුවිය හැකි නීතිමය අභියෝගයන් වළක්වා ගැනීම සඳහා උපකාරී කරගැනීම පිණිස 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජූලි 17 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයට යොමුකර ඇත. එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වෙන්නේ විද්‍යුත් දත්ත ගබඩාවක් සකස් කිරීම සඳහා හා විද්‍යුත් හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අවශ්‍ය පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු ලබාගැනීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කළ යුතු බවය.



ජෛවමිතික හෙවත් ඊසදපැඑරසජි යන ඉංග‍්‍රීසි වචනයේ තේරුම ඉතා පුළුල් එකක් වන අතර ඒ අනුව පනත සංශෝධනය වීමෙන් පසු දැනට ආදර්ශ වශයෙන් ලබාදී ඇති තොරතුරු පත‍්‍රිකාවේ සඳහන් තොරතුරු සමහරවිට මීට වඩා පුළුල් විය හැකිය. නැතහොත් පසු අවස්ථාවක එම පුළුල් තොරතුරු පුරවැසියන්ගෙන් ලබාගත හැකිය.


විද්‍යුත් ජාතික හැඳුනුම්පතට නොවන මේ පුළුල් තොරතුරු අවශ්‍ය වන්නේ කුමකටද යන්න පිළිබඳව සමාජය තුළ පුළුල් කථිකාවක් ඇතිවිය යුතුය යන්න බැහැර කළ නොහැක්කකි. මන්ද අද රට සිවිල් පරිපාලන තත්ත්වයෙන් බැහැර වෙමින් මිලිටරි පරිපාලනයකින් පාලනය වන තත්ත්වයකට ගමන් කරමින් තිබෙන බව අප අත්දකින සත්‍යය වන නිසාය. අවසානයේ සිදුවිය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවතිය යුතු පුද්ගල නිදහස හා අයිතිවාසිකම් යන කරුණු අහෝසි වී මිලිටරි උකුසු ඇස්වල නිරන්තර පරීක්ෂාවට ලක්වෙමින් පුරවැසියන්ට දිවි ගෙවන්නට සිදුවීමය. මීට වසර කිහිපයකට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලබාගැනීමද එම අනාගත වැඩපිළිවෙළක මුල් අවස්ථාවක් විය හැකිය.
දත්ත පද්ධතියක් සැකසීම පළමු අරමුණයි – ඒ.ජේ.එල්.පී. අමරසිංහ
(ව්‍යාපෘති අධ්‍යක්ෂ, විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය)

මේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අවුරුදු පහළොවට වැඩි රටේ සියල්ලන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම. දෙවැන්න තමයි ඒ මත පදනම්වෙලා හැඳුනුම්පතක් සකස් කිරීම.


ලබන අවුරුද්දේදී දත්ත පද්ධතිය සකස් කරලා ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වූ කටයුතු අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2016 අවුරුද්දේ තමයි නව හැඳුනුම්පත නිකුත් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ.


මේ වෙනකොට සියලූම ග‍්‍රාම නිලධාරීන්ට මේ දත්ත එකතු කිරීම පිළිබඳව පුහුණුව ලබාදීලා තියෙනවා. මේ සඳහා අදියර තුනක් යටතේ භාණ්ඩාගාරය රුපියල් බිලියන 14.5ක් ලබාදෙනවා.

නිකුත් කිරීමට බලපොරොත්තු වන නව හැඳුනුම්පත කුමක්ද යන්න හා එහි ඇතුළත් කරන දත්ත මොනවාද කියලා තවම තීරණය කරලා නැහැ.


 

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mama nan hithanne mewage deyak kaleta anuwa enna oni kiyala... mokada 1ka number ekakin okkoma ewa dana ganna thiyana eka harima lesie...

    koi dewal walath hoda wagema naraka thiyenna puluwan..... me wage dekata mama nan kamathi...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,131
    113
    යකෝ මේක මාර හුයන්නක් :angry: අපි හැමදේටම ගන්නේ ID Number එක. ඉතිං මුන් හදන්නේ bank account, CDS account, EPF - ETF වල කොච්චරක් තියනවද කියල බලන්න ඊටපස්සේ වැඩි නම් රජයට පවර ගන්න නොදකින් මහින්දය :angry: මෙහෙම ගියොත් ඔක්කොම මුන්ගෙ පවුල නඩත්තු කරන්න දෙන්න වෙයි අහවල් එකත් :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ow bn ada grama sewaka mata dunna poster tikakuth gahanna e nic kiyala untath epa wela tyenne bn agili 10 print gannwa photo gannwa salli ganna katawatkuth kiwwa ane mnda bn mahindaya ta salli maid athi
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Me wage deyak wenna ona ethakota hangi hangi rate prashna ati karana unwa allanna puluwn. Hamadetama baninna purudu wela inne ape un
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Me wage deyak wenna ona ethakota hangi hangi rate prashna ati karana unwa allanna puluwn. Hamadetama baninna purudu wela inne ape un
    :yes::yes:
    එක හරි මචන් ..ගල් යුගයේ අයිඩී එක මීට ගොඩක් කලින් වෙනස් කරන්න තිබුනේ .මේක අපිට අලුත් දෙයක් වුනාට වෙන රටවල් වලට සාමාන්‍ය දෙයක් .හොරු තක්කඩි වංචා කාරයෝ ත්‍රස්තවාදීන් වගේ දුෂිතයන් ඇරෙන්න මේකට විරුද්ද වෙන්න හේතුවක් නැහැ .තමන් නිවැරදි නම් බයවෙන්න දෙයක් නැහැනේ :cool: ඔය ඕනෑම නිදහස් කියන (ඇමරිකාවේ වුනත් ) ඔය දේ තමයි .අයිඩී එකේ ගොඩක් විස්තර තියෙනවා පුද්ගලයා ගැන .මේක රටේ ආරක්ෂාවට වැදගත් .

    හැබැයි තවත් දෙයක් කියන්නත් ඕනේ .මේකේ මුවාවෙන් මිනිස්සුන්ගේ අතිශය පුද්ගලික තොරතුරුත් සොයනවානම් එක අනුමත කරන්නත් බැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,131
    113
    මරුසිරා;16985278 said:
    :yes::yes:
    එක හරි මචන් ..ගල් යුගයේ අයිඩී එක මීට ගොඩක් කලින් වෙනස් කරන්න තිබුනේ .මේක අපිට අලුත් දෙයක් වුනාට වෙන රටවල් වලට සාමාන්‍ය දෙයක් .හොරු තක්කඩි වංචා කාරයෝ ත්‍රස්තවාදීන් වගේ දුෂිතයන් ඇරෙන්න මේකට විරුද්ද වෙන්න හේතුවක් නැහැ .තමන් නිවැරදි නම් බයවෙන්න දෙයක් නැහැනේ :cool: ඔය ඕනෑම නිදහස් කියන (ඇමරිකාවේ වුනත් ) ඔය දේ තමයි .අයිඩී එකේ ගොඩක් විස්තර තියෙනවා පුද්ගලයා ගැන .මේක රටේ ආරක්ෂාවට වැදගත් .

    හැබැයි තවත් දෙයක් කියන්නත් ඕනේ .මේකේ මුවාවෙන් මිනිස්සුන්ගේ අතිශය පුද්ගලික තොරතුරුත් සොයනවානම් එක අනුමත කරන්නත් බැහැ

    බලපන්කො කෙළවෙනකන් දන්නෙ නැතිවෙයි හැමෝම. යකෝ බලේ තියෙන එකා හැම ජඩ වැඩක්ම කරලා බේරෙනවා. අහිංසක දුප්පතටමයි කෙළවන්නේ. මේක මහින්දට ගිය රටවෙලා දැන්. :angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බලපන්කො කෙළවෙනකන් දන්නෙ නැතිවෙයි හැමෝම. යකෝ බලේ තියෙන එකා හැම ජඩ වැඩක්ම කරලා බේරෙනවා. අහිංසක දුප්පතටමයි කෙළවන්නේ. මේක මහින්දට ගිය රටවෙලා දැන්. :angry:

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යකෝ ඔච්චර විස්තර ගන්නේ බුද්ධි අංශෙ උන්ව ගන්නකොටනේ
    අනිවා මෙතන මොකක්හරි යටි අරමුණක් තියෙනව
    හොරු අපරාධ කාරයෝ ගැන නෙවි මං කියන්නේ
    මෙහෙම සියලු විස්තර තියෙනකොට අහිංසක මිනිහෙක්ව උනත් හිර කරන්න පුළුවන්
    හොරුන්ට අපරාධ කාරයොන්ට ඔය මොනවා හෙව්වත් වැඩක් නෑ දේශපාලු හයියෙන් ඔක්කොම ෂේප්