විදියේ අසරණ වෙලා මං

dinesh641

Member
Jul 15, 2008
65
18
0
විදියේ අසරණ වෙලා මං

N0037-Beggar-boy-rainy-nigh.jpg

විදියේ අසරණ වෙලා මං
සොයනවා නුඹෙ ආදරය සෑම කල්
අම්මේ කිම හෑර ගියේ මං
අහිමිවද නුඹෙ සෙනෙහස මං.

වීදියේ කොනක රෑ ගෙවන කල්
මම නින්දේ ගුලිවි නෑතිව නුඹෙ උණුසුමක්
බඩගින්දර නම් හුරු පුරුදුයි මට දෑන්
එත් නුඹෙ සෙනහස සිත සොයනවා තවමත්.

යහළු යෙහෙළියන් හා නෑහෑ සෙල්ලම්
මහතුන් පාමුල පතනවා කසි රුපියල්
ලොකු බලාපොරොත්තු මෙ සිතේ නෑතත්
මග බලා ඉන්නවා අම්මේ නුඹ එනකන්.

පුතේ කියා අමතන්නට බෑරි මුත් නුඹට
දුක සෑප බලන්නටවත් එනවද මා ලගට
පොරොන්දුවක් දෙන්නම් දිවුරා ඔබෙ නළලත
අහන්නේ නෑහෑ කවදාවත් මම තාත්තගෙ නම......


http://dineshumagiliya.blogspot.com/