මචන් ලිපිකරු වගේ ඒවා ගැන නම් තක්කෙටම කියන්න දන්නේ නැහැ... ඕනේ නම් හෙට උදේට කියන්නම්... දන්න විදිහට ලිපිකරු විදිහට යන කෙනෙක්ගේ පළමු අවුරුද්දේ පඩිය මාසෙට 23ක් විතර... OT පැය 30 ක් කරොත් ඒවත් එක්ක 36 ක් විතර ඒවි...
CC ට බේසික් තියෙනවා 36 ක් විතර... අනික් දීමනා සමග 50 ඉක්මවනවා...
විදුලි අධිකාරි බේසික් , අනික් දීමනා සමග 65 - 70 අතර.
එංජිනේරු සහකාර සියලු දීමනා සමග 90 ක් විතර.
එන්ජිනියර් ( ඩිපෝ , මේන්ටේන්, ඩිසයින් ) සියලු දීමනා සමග 120 ක් විතර.
මාස්ටර් එක තියෙන එන්ජිනියර් කෙනෙක්ට තමන්ගේ වැටුප පුද්ගලිකව තීරණය කරන්න පුළුවන් DGM අනුමැතිය සමග...
ගොඩක් වෙලාවට ලක්ෂ 3 ක් වගේ වෙනවා... වහනයක් , පෙට්‍රල් , නිළ නිවාසයක් , සහයකයෙක් හිමි වෙනවා...
සියලු ස්ථීර සේවකයන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා .. ( ඒක දෙන්නේ යුනියන් එකේ මූල්‍ය අරමුදලෙන් සහ ඉස්සරම හදා ගත්ත විශ්‍රාම යෝජනා ක්‍රමේකින් ...)
පඩි වැඩි වෙන්නේ අවුරුදු 3කට සැරයයි.. වසරකට 10 - 15 % වගේ ප්‍රමාණයකින් පඩි වැඩි වෙනවා... හැබැයි ඒක ලැබෙන්නේ අවුරුදු 3 කට පස්සේ.... ඒ කියන්නේ එක පාරට 30 % විතර පඩි වැඩි වෙනවා..
වෛද්‍ය රක්ෂණයක් තියෙනවා.. විධායක ශ්‍රේණිය සහ විධායක නොවන කියලා වෙන් වෙනවා ... විධායක ශ්‍රේණියේ කෙනෙක්ට අවුරුද්දකට ලක්ෂ 5ක් විතර හම්බෙනවා... සංචාරක බංගලා වගේ දේවල් පාවිච්චි කරන්නත් ලැබෙනවා ගොඩක් අඩු මුදලකට...
සුව පහසු කාමරයක් දිනකට 350 ක් වගේ මුදලකට ලැබෙනවා... සාමාන්යෙන් එහෙම කාමරයක් දිනකට රු 8000 විතර වෙනවා...