විදුලිසැර වැදුණු ටොයොටා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විදුලිසැර වැදුණු ටොයොටා



    ටොයෝටා අවුරුදු ගානක ඉඳන් හයිඩ්‍රජන් රථ වෙනුවෙන් බිලියන ගානක් ආයෝජනය කළා. 2018 අවසානය වෙනතෙක්ම කිව්වා හයිබ්‍රිඩ් රථ තමයි අනාගතය, හයිඩ්‍රජන් සමග අනාගතයේ මුහුන් වෙනකං.

    ඒ අතරතුර කිව්වා විදුලි රථ ජනප්‍රියවීම ඔවුන්ට ගැටළුවක් නොවෙන බවත්, හදිසිවීමට හේතු නැති බවත්, දෙදාස් තිහේදී තමයි ඔවුන් විදුලි රථවලට හැරෙන්නේ කියලත්.

    නමුත් ලොවපුරාම වැඩිවුණු විදුලිරථ ඉල්ලුමත්, ඔවුන්ගේ විශාලතම වෙළඳපොලවල් විදුලි ආගමනය ඉදිරියේ පසුබැමත්(හයිබ්‍රිඩ් සහ හයිඩ්‍රජන් ඇතුළුව) නිසා දැන්, ජුනි 7 වනදා ටොයොටා විධායක උප සභාපති ශිගෙකි ටෙරාශි ප්‍රකාශකරනවා 2025 වෙද්දී ඔවුන්ගේ පූර්ණ නිෂ්පාදනයෙන් අඩක්ම විදුලි වාහන වෙනවා කියල.


    හඳුන්වාදුන් ගෝලීය මාදිලි

    aM42uqG.png
    නිකන්ම නෙමෙයි, ඔවුන්ගේ මුල්ම විදුලි රථවල විස්තරත් එක්ක. ඒ ගෝලීය සහ කෙටිදුර මාදිලි විදියට පරාස දෙකකින්. හැබැයි අකමැත්තෙන් වගෙයි පේන්නේ. ඔවුන් හොදින් දන්නවා විදුලිරථ ව්‍යාපාර ක්‍රම සාම්ප්‍රදායික ක්‍රමයන්ට වඩා බොහෝ වෙනස් බව!

    zqtmz6v.png

    Toyota short range
    එනිසාම වෙන්න පුළුවන්, හයිබ්‍රිඩ් සහ හයිඩ්‍රජන් අතාරින බව කියන්නෙත් නැත්තෙ. වසර සිය ගණනක් පවත්වාගන ආපු නිෂ්පාදන සහ අලෙවි ක්‍රමෝපාය විශාල ආර්ථික චක්‍රයක් නිසා.

    කොහොමවුනත් ටොයෝටා සමාගමේ මේ පියවර ප්‍රවාහනය පොසිල ඉන්ධනවලින් මිදීමේ ඉලක්කයට යාමට ලොකු රුකුලක්.

    https://evrev.lk/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කරන්ට් එක හදන්නෙත් පොසිල ඉන්දන දහනය කරලානම්​

    ඒක වාහනේ වැරද්දක් නෙවෙයි නේ
    රටක බලශක්ති ජනනය පිලිබඳ ප්‍රශ්නයක්

    ඒකත් වෙනස් වෙන්න ඕනි
    :sorry::sorry:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    කරන්ට් එක හදන්නෙත් පොසිල ඉන්දන දහනය කරලානම්​

    ඒ රටට ලෝකේ තෙල් වලින් දුවන වාහන පමණක්හැදුවත්, විදුලියෙන් දුවන වාහන පමණක්හැදුවත් අවුලක් නැති බව සිතා සතුටුවෙන්න. :lol::lol: