නව වසරේ සිට දියත් වන ආණ්ඩුවේ විදුලිසැර මෙහෙයුම
"ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගෙයි" යන පැරැණි කියමන අපි කවුරුත් අසා ඇත්තෙමු. 2011 ජනවාරි මස සිට අපේ ජනතාවටත් වන්නේ මෙවැනි දෙයකි. දැනටමත් දිගින් දිගටම බඩුමිල ඉහළ යැම නිසා අපේ රටේ බහුතර ජනතාව සිටින්නේ ජීවන වියදම් බරින් මිරිකීය. ඒ නිසා ජීවන වියදම් බරින් මිරිකී සිටින මහජනයා නම් වූ ගහින් වැටුණු මිනිහාට ලබන ජනවාරි මස සිට ගොනාගෙනුත් ඇන්නවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මේ දිනවල සූදානම් වෙමින් සිටී. එනම් ලබන ජනවාරි සිට නව විදුලි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම ගාස්තු ක්‍රමය අනුව විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය භාවිතා කරන සෑම පවුලකම විදුලිය බිල ඉහළ යනු ඇත. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ විදුලිබල හා බලශක්ති ඇමැති චම්පික රණවකලා විසින් දියත් කිරීමට යන ආණ්ඩුවේ මෙම අලුත්ම "විදුලිසැර මෙහෙයුම" ගැනයි.
ඇමැති චම්පික රණවක පසුගියදා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා තිබුණේ මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක් ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන නිසා බොහෝ දෙනෙක්ගේ විදුලිබිල වැඩි නොවන බවයි. ඇමැතිවරයා මෙසේ කීවත් මහජනතාවගෙන් විමසූ විට ඒ බොහෝ දෙනෙක් කියා සිටින්නේ පුංචිම පුංචි පවුලකට වුවත් මේ විදුලි ඒකක 90 සීමාව පසු නොකර සිටීම ඉතා අපහසු දෙයක් බවයි. ස්වාමිපුරුෂයා, භාර්යාව සහ දරුවන් දෙදෙනෙක් සිටින කුඩාම පවුල් ඒකකයක් ගත්තද ඔවුන්ගේ අත්‍යවශ්‍යම විදුලි පරිභෝජන අවශ්‍යතා සපුරා ගත් විට නිකන්ම විදුලි ඒකක 90 සීමාව ඉක්මවා යාමට මෙරට මධ්‍යම පාන්තික පවුල් රැසකට අනිවාර්යයෙන්ම සිදුවෙයි. බල්බ් දෙක තුනක් පත්තු කර, ශීතකරණයක් ක්‍රියාත්මක කොට, විදුලි ස්ත්‍රික්කයකින් ඇඳුම් මැදගෙන, රූපවාහිනී බැලූවිට මේ ඒකක 90 සීමාව ඉක්මවා යාමට සිදුවීම වැළැක්විය නොහැකි බව ද මේ පිළිබඳ කළ විමසුමකදී බොහෝ දෙනෙක් අප සමඟ කියා සිටියහ. එසේම ජීවන වියදම් බරින් මිරිකී සිටින තමන්ට සහන සලසනවා වෙනුවට ආණ්ඩුව හදන්නේ කරන්ට් වද්දවන්නට දැයි මේ අය රජයෙන් ප්‍රශ්න කර සිටිති.
උද්ධමනය දිගින් දිගටම ඉහළ යමින් තිබේ. ඊට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. මේ නිසා ජනතාවගේ ජිවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන අතරම ලබන ජනවාරි සිට ඇමැති චම්පිකලාගේ "විදුලිසැර මෙහෙයුම" දියත් කිරීමත් සමඟ ඔවුන් වැටෙනු ඇත්තේ කබලෙන් ලිපටය. විදුලිය නාස්ති නොකළ යුතු බව ඇත්තය. එහෙත් අද විදුලිය යනු ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍යම දෙයකි. ඒ නිසා ලබන ජනවාරි සිට පවුල් විශාල ගණනක විදුලිය බිල ඉහළ යාමත් සමග ඔවුන් තව තවත් ජීවන වියදම් බරින් මිරිකෙනු ඇත. ඒ නිසා ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව විදුලි ගාස්තු ක්‍රමයත් සමග ජනතාව "ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ" කියන්නාක් මෙන් තවත් අමාරු අඩියකට ඇද වැටීම වැළැක්විය හැකි නොවේ.
පසුගියදා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 2011 වසරේ අයවැයෙන් ද මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. අය වැය කතාවේ සඳහන් වන එම යෝජනාව මෙසේය.
"විදුලි බලය උත්පාදනය සහ බෙදාහැරීම අඛණ්ඩව පුළුල් කිරීම සඳහා ඉදිරි වසර දෙක පුරා කරනු ලබන ආයෝජනය රුපියල් බිලියන 64 ඉක්මවනවා. මේ වනවිටත් අපි විදුලිය කැපීම වළක්වා තිබෙනවා වගේම සෑම කෙනකුටම පාහේ විදුලිය ලබාදී තිබෙනවා. එබැවින් විදුලිබල ගාස්තු ක්‍රමයට 2011 ජනවාරි සිට සංශෝධනයක් ගෙන ඒමට මා යෝජනා කරනවා. ආගමික ස්ථාන, රජයේ රෝහල්, පාසල් වෘත්තීය පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාලවල විදුලිබිල ගාස්තු සියයට 25 කින් අඩු කිරීමට මා යෝජනා කරනවා. පවතින ගාස්තු ක්‍රමය සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් පවත්වාගෙන යනවා. අනෙකුත් විදුලි පාරිභෝගිකයන්ගේ මුල් ඒකක 90 හැර විදුලි ගාස්තුව සාමාන්‍යයෙන් සියයට 8 කින් වැඩිකිරීමට මා යෝජනාව කරනවා.
(රාජ්‍ය අයවැය ලේඛනය - 2011, පි. 27)