විදුලිසැර

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නව වසරේ සිට දියත් වන ආණ්‌ඩුවේ විදුලිසැර මෙහෙයුම



    "ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගෙයි" යන පැරැණි කියමන අපි කවුරුත් අසා ඇත්තෙමු. 2011 ජනවාරි මස සිට අපේ ජනතාවටත් වන්නේ මෙවැනි දෙයකි. දැනටමත් දිගින් දිගටම බඩුමිල ඉහළ යැම නිසා අපේ රටේ බහුතර ජනතාව සිටින්නේ ජීවන වියදම් බරින් මිරිකීය. ඒ නිසා ජීවන වියදම් බරින් මිරිකී සිටින මහජනයා නම් වූ ගහින් වැටුණු මිනිහාට ලබන ජනවාරි මස සිට ගොනාගෙනුත් ඇන්නවීමට විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය මේ දිනවල සූදානම් වෙමින් සිටී. එනම් ලබන ජනවාරි සිට නව විදුලි ගාස්‌තු ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම ගාස්‌තු ක්‍රමය අනුව විදුලි ඒකක 90 ට වැඩියෙන් විදුලිය භාවිතා කරන සෑම පවුලකම විදුලිය බිල ඉහළ යනු ඇත. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවකලා විසින් දියත් කිරීමට යන ආණ්‌ඩුවේ මෙම අලුත්ම "විදුලිසැර මෙහෙයුම" ගැනයි.

    ඇමැති චම්පික රණවක පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා තිබුණේ මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක්‌ ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන නිසා බොහෝ දෙනෙක්‌ගේ විදුලිබිල වැඩි නොවන බවයි. ඇමැතිවරයා මෙසේ කීවත් මහජනතාවගෙන් විමසූ විට ඒ බොහෝ දෙනෙක්‌ කියා සිටින්නේ පුංචිම පුංචි පවුලකට වුවත් මේ විදුලි ඒකක 90 සීමාව පසු නොකර සිටීම ඉතා අපහසු දෙයක්‌ බවයි. ස්‌වාමිපුරුෂයා, භාර්යාව සහ දරුවන් දෙදෙනෙක්‌ සිටින කුඩාම පවුල් ඒකකයක්‌ ගත්තද ඔවුන්ගේ අත්‍යවශ්‍යම විදුලි පරිභෝජන අවශ්‍යතා සපුරා ගත් විට නිකන්ම විදුලි ඒකක 90 සීමාව ඉක්‌මවා යාමට මෙරට මධ්‍යම පාන්තික පවුල් රැසකට අනිවාර්යයෙන්ම සිදුවෙයි. බල්බ් දෙක තුනක්‌ පත්තු කර, ශීතකරණයක්‌ ක්‍රියාත්මක කොට, විදුලි ස්‌ත්‍රික්‌කයකින් ඇඳුම් මැදගෙන, රූපවාහිනී බැලූවිට මේ ඒකක 90 සීමාව ඉක්‌මවා යාමට සිදුවීම වැළැක්‌විය නොහැකි බව ද මේ පිළිබඳ කළ විමසුමකදී බොහෝ දෙනෙක්‌ අප සමඟ කියා සිටියහ. එසේම ජීවන වියදම් බරින් මිරිකී සිටින තමන්ට සහන සලසනවා වෙනුවට ආණ්‌ඩුව හදන්නේ කරන්ට්‌ වද්දවන්නට දැයි මේ අය රජයෙන් ප්‍රශ්න කර සිටිති.

    උද්ධමනය දිගින් දිගටම ඉහළ යමින් තිබේ. ඊට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමයි. මේ නිසා ජනතාවගේ ජිවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන අතරම ලබන ජනවාරි සිට ඇමැති චම්පිකලාගේ "විදුලිසැර මෙහෙයුම" දියත් කිරීමත් සමඟ ඔවුන් වැටෙනු ඇත්තේ කබලෙන් ලිපටය. විදුලිය නාස්‌ති නොකළ යුතු බව ඇත්තය. එහෙත් අද විදුලිය යනු ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍යම දෙයකි. ඒ නිසා ලබන ජනවාරි සිට පවුල් විශාල ගණනක විදුලිය බිල ඉහළ යාමත් සමග ඔවුන් තව තවත් ජීවන වියදම් බරින් මිරිකෙනු ඇත. ඒ නිසා ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව විදුලි ගාස්‌තු ක්‍රමයත් සමග ජනතාව "ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ" කියන්නාක්‌ මෙන් තවත් අමාරු අඩියකට ඇද වැටීම වැළැක්‌විය හැකි නොවේ.

    පසුගියදා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ 2011 වසරේ අයවැයෙන් ද මෙම විදුලි ගාස්‌තු ඉහළ නැංවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. අය වැය කතාවේ සඳහන් වන එම යෝජනාව මෙසේය.

    "විදුලි බලය උත්පාදනය සහ බෙදාහැරීම අඛණ්‌ඩව පුළුල් කිරීම සඳහා ඉදිරි වසර දෙක පුරා කරනු ලබන ආයෝජනය රුපියල් බිලියන 64 ඉක්‌මවනවා. මේ වනවිටත් අපි විදුලිය කැපීම වළක්‌වා තිබෙනවා වගේම සෑම කෙනකුටම පාහේ විදුලිය ලබාදී තිබෙනවා. එබැවින් විදුලිබල ගාස්‌තු ක්‍රමයට 2011 ජනවාරි සිට සංශෝධනයක්‌ ගෙන ඒමට මා යෝජනා කරනවා. ආගමික ස්‌ථාන, රජයේ රෝහල්, පාසල් වෘත්තීය පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාලවල විදුලිබිල ගාස්‌තු සියයට 25 කින් අඩු කිරීමට මා යෝජනා කරනවා. පවතින ගාස්‌තු ක්‍රමය සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් පවත්වාගෙන යනවා. අනෙකුත් විදුලි පාරිභෝගිකයන්ගේ මුල් ඒකක 90 හැර විදුලි ගාස්‌තුව සාමාන්‍යයෙන් සියයට 8 කින් වැඩිකිරීමට මා යෝජනාව කරනවා.

    (රාජ්‍ය අයවැය ලේඛනය - 2011, පි. 27)

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ යෝජනාව පරිදි මුල් විදුලි ඒකක 90 න් පසු පරිභෝජනය කරන විදුලිය ඒකක සඳහා විදුලි ගාස්‌තු සියයට 8 කින් ඉහළ යනු ඇත.

    මේ අතර පසුගියදා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරි විදුලි ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකින් කියෑවුණේ මුල් ඒකක 60 න් පසුවම විදුලිය ගාස්‌තුව වැඩිවන බවකි. එනම් එම යෝජනාව මගින් ඒකක 90 දක්‌වා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ට දැනට ලැබෙන සහනය ඒකක 60 දක්‌වා අඩු කිරීමටද යෝජනා කර තිබිණි. ඒ අනුව ඒකක 61 සිට 90 දක්‌වා දැනට අය කරන විදුලි ඒකකයකට රු. 7.50 ක්‌ වූ ගාස්‌තුව රු. 8.50 දක්‌වා ද ඒකක 91 සිට 120 දක්‌වා අය කරන රු. 20.80 ක්‌ වන ඒකක ගාස්‌තුව 23.50 දක්‌වා ද ආදී වශයෙන් ක්‍රමයෙන් වැඩිවන ප්‍රතිශතයන්ගෙන් යුතුව විදුලි ගාස්‌තුව ඉහළ නැංවීමට එම යෝජනාවෙන් යෝජනා කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. කවරක්‌ නමුත් පසුව යළිත් පුවත්පත් වාර්තා කර තිබුණේ විදුලිය ඒකක 90 කට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ට දැනට සැලසී ඇති සහනය තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි. එහෙත් එය රුපියල් 30 ක ප්‍රශ්නයකි. ප්‍රශ්නය තිබෙන්නේ ඒකක 90 සීමාවෙන් පසු සැලකිය යුතු අගයන්ගෙන් විදුලිය ඒකකයකට ගාස්‌තු වැඩි කිරීමට රජය සූදානම් වීමයි.

    මේ නිසා ජනතාව පෙන්වා දෙන ප්‍රධාන කරුණු දෙකක්‌ වෙයි. එනම් මේ ඒකක 90 සීමාව ප්‍රමාණවත් නොවන බවයි. දෙවැනි කරුණ නම් ඒකක 90න් පසු විදුලි ගාස්‌තුව වැඩිවීම විශාල අගයන්ගෙන් සිදු වන්නේ නම් ඒකක 90 දක්‌වා ලබා දුන් සහනයෙන් ද වැඩක්‌ නැතිවන බවයි. ඒකක 90 න් පසු තවත් විදුලි ඒකක කිහිපයක්‌ භාවිතා වුවහොත් එම අතිරේක විදුලි ඒකකවලට ගාස්‌තු වැඩිවීම ඉහළ අගයකින් සිදුවන නිසා විදුලි ගාස්‌තුවේ විශාල ඉහළ යැමකට යටත් වීමට ජනතාවට සිදුවනු ඇත. ඒ නිසා ජීවන බරින් මිරිකී සිටින ජනතාවට විදුලිසැර වද්දන ආණ්‌ඩුවේ මෙම "විදුලිසැර මෙහෙයුම" ගැන බොහෝ ජනයා රජයට දෙස්‌ දෙවොල් තබමින් සිටිති.

    මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුව කළ යුත්තේ ජනතාවගේ ජීවන වියදම් බර තවදුරටත් වැඩි කිරීම නොව එය අඩු කළ හැකි මං සොයා බැලීමය. මේ රටේ සිටින්නේ බඩට වඩා රට ගැන සිතූ කෘතවේදී ජනතාවකි. තමන්ගේ බඩ ගැන නොසිතා රට වෙනුවෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීම සඳහා මේ රටේ ජනයා ආණ්‌ඩුවට බොහෝ කාලයක්‌ සහාය දුන්නේය. එහෙත් දැන් යුද ජයග්‍රහණයෙන් පසුවත් බොහෝ කාලයත් ගත වී තිබේ. "මවුබිම දිනවමු" සහ "කළ ගුණ සලකමු" කියා මහජන ඡන්දය ලබාගත් ආණ්‌ඩුව දැන්වත්, ප්‍රමාද වී හෝ ජනතාවට සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇත.

    ඇමැති මණ්‌ඩලය තවත් වැඩි වී ඇත. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට තීරු බදු සහන සහිත වාහන බලපත් දීමටද රජය තීරණය කර ඇත. රජයේ මැති ඇමැතිවරුන්ට ප්‍රාඩෝ වැනි සුපිරි වාහන ලබාදෙන බවට වූ පුවත් ද ජනතාවට අසන්නට ලැබී තිබේ. මේ කිසිවක්‌ ජනතාවගෙන් වසං කළ හැකි නොවේ. එහෙත් මේ රටේ ජනතාවගේ ජීවිත ඉතා කටුකය. දුක්‌�තය. ආණ්‌ඩුවේ අයට, බඩට වඩා රට ගැන සිතූ මේ රටේ බහුතර කෘතවේදී ජනයා ගැන හැඟීමක්‌ තිබේද? එසේ හැඟීමක්‌ තිබේ නම් 2011 ජනවාරි මස දියත් කිරීමට යන "විදුලිසැර මෙහෙයුම" ගැන තවදුරටත් සිතිය යුතුය. ඔය මෙහෙයුම දියත් නොකර සිටීමට අපහසුම නම් අඩු තරමේ බහුතර ජනතාව මත පැටවෙන ජීවන වියදම් බර හැකිතාක්‌ අවම වන පරිදි හෝ එය ක්‍රියාත්මක කළ හැකි මං ගැන සොයා බලන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.