විදුලි කප්පාදුව ගැන තීරණය අද

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    පවතින ඉන්ධන හිඟය අනුව අද (24) දිනයේ සිටම විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

    “සපුගස්කන්ද බලාගාරය 22 දවල් වගේ ඉඳන් නැවතිලා තියෙන්නෙ. පවර් බාර්ජ් බලාගාරයට තව දවස් එකහමාරකට පමණ තමයි දැවිතෙල් තියෙන්නෙ. උතුරු ජනනී විදුලි බලාගාරය සඳහා ගබඩා කරපු තෙල් ප්‍රමාණයක් තියෙනවා තව දවස් 4කට විතර. ඊට අමතරව ඩීසල් දවස් හතර හමාරකට විතර තියෙනවා.

    එහෙම ගත්තොත් එහෙම සඳුදා හවස වගේ ඉඳලා මෙගාවොට් 160 – 180 අතර විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට නැතිව යනවා. ඒ හේතුවෙන් සඳුදා රාත්‍රියේ සුළු ප්‍රමාණයකුත් අඟහරුවාදා සවස 2.30 – 3.00 ඉඳලා පැය එකහමාරක පමණ කාලයක් විදුලි කප්පාදුවකට යන්න වෙනවා. යුගදනවි බලාගාරය සඳහාත් තව දවස් 10කට ආසන්න කාලයකට තමයි දැවිතෙල් තියෙන්නෙ” යනුවෙනුයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

    ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසුවේ ”දැන් මේ ඉන්ධන තත්වය මේ විදියට ගියොත් එහෙම අපට සිද්ධ වෙනවා සඳුදා දිනයේ පැයක විදුලි කප්පාදුවකටත් ඒ එක්කම අඟහරුවාදා වගේ වෙනකොට පැයයි විනාඩි 45ක – පැය දෙකක පමණ විදුලි කප්පාදුවකටත් යන්න ඉදිරි දවස් කිහිපය තුළදී. කාණ්ඩ 4ක් යටතේ තමයි කපන්නේ. හවස 2.00 හෝ 3.00 ඉඳන් රාත්‍රී 9.00 දක්වා කාණ්ඩ 4කට කැපෙනවා මේක. සඳුදා වෙනකොට බලාගන්න පුළුවන් හරියටම ඒ කාලසටහන. ඒ කාලසටහන සඳුදා උදේ අපි යවනවා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට” යනුවෙනි.


    LNW
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    ඕක ස ට වැරදිලා වෙන්න ඇති බන්. ස කලින් කිව්ව අද ලයිට් කපන්නෙ නෑ කියල :(
     
    • Sad
    Reactions: SathminaD

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ඕක ස ට වැරදිලා වෙන්න ඇති බන්. ස කලින් කිව්ව අද ලයිට් කපන්නෙ නෑ කියල :(
    Hariyata kiyapanko
    IMG_20220124_224725.jpg