විදුලි ගාස්තු අඩු නොකරන්න අලුත් පොටක්.. IMFට ලියුමක්..
මෙතෙක් කර ඇති විදුලි ව්‍යාපෘති වෙනුවෙන් බිලියන තුන්සියයක් ගෙවීමට ඇති බවට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් මහා භාණ්ඩාගාරයට සහ අයිඑම්එෆ් නියෝජිතයන් වෙත ලිපියක් යවා ඇති බවත් මෙසේ ඔවුන් කරන්නේ විදුලි ගාස්තු අඩුකිරීම මගහැරීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.
කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මොහු මේ බව කීවේය.
‘විදුලිබල මණ්ඩලය පසුගිය අවුරුදු දෙකේදී බිලියන 200කට අධික ලාභයක් ලබලා තියෙනවා. ඒ අනුව මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී හරිනම් සීයට තිහක තිස්පහක විදුලි ගාස්තු අඩු කිරීමක් කරන්න පුළුවන්.
එහෙම තියෙද්දි දැන් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් පසුගිය ව්‍යාපෘතිවලට බිලියන 300ක ණය ගෙවන්න තියෙනවා කියලා අයි.එම්.එෆ් එකට සහ මහා භාණ්ඩාගාරයට ලිපියක් යවලා. ඇත්තටම කියනව නම් මේ ව්‍යාපෘති අසම්පූර්ණ ව්‍යාපෘති. ඒවායේ බර විදුලි පාරිභෝගිකයන් පිට දමා ගාස්තු අඩු කිරීම නතර කරන්නයි මේ සූදානම් වන්නේ.
මෙහෙම බැලුවොත් එහෙම සීයට හැටකින් විතර විදුලි ගාස්තු වැඩි කරන්න කියලත් මේ අය යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා අසම්පූර්ණ ව්‍යාපෘතිවල බර විදුලි පාරිභෝගිකයන් පිට නොදමා වහාම විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්න කියලා අපි බලධාරීන්ට කියනවා. මේ පිළිබඳව වැඩිදුර කරුණු අපි මහජන උපයෝගීතා කොමිසමට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.’
අනුරාධ හිරිපිටියගේ
ජෙප්පෝ නම් මිනිස්සු රවට්ටලා ගුටි කන්න ළං වෙනවා