විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අත

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අත

    සෘජු රැකියා අවස්ථා 22,500ක් අහිමිකරමින් විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අතහැර වියට්නාමයට යයි!

    ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි. ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “සින්ගල් වින්ඩෝ” කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි.
    ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන පසුබිමක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය 2017.08.18 දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමුකර ඇතත් එය ආයෝජන මණ්ඩලයේ හිරවී ඇති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය 2017.09.24 සහ 2017.09.25දා තමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාටත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යවන ලද ලිපිවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි.
    ඇය සඳහන් කරන ආකාරයට එම සමාගම් සමූහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අධිවේගී විදුලි දුම්රියයන් නිෂ්පාදනය කොට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව හා ආසියාවේ සමහර රටවලට අපනයනය කිරීමයි.
    එමෙන්ම එම ව්‍යාපෘති යෝජනාවට අනුව අධිවේගී විදුලි දුම්රියයන්ට අමතරව සියලුම වර්ගයේ ලොකෝමෝට්විස්, ට්‍රෑම්ස්, මෙට්ට්‍රොස්, වැගන්, නගරාන්තර දුම්රියයන්, බහාලුම් ගැල්, නිදන මැදිරි නිෂ්පාදනය, දුම්රිය මාර්ග ඉදිකිරීම, ආරක්ෂක උපාංග නිෂ්පාදනය, වානේ පාලම් නිෂ්පාදනය, දුම්රිය මාර්ග නිරීක්ෂණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා පූර්ණ විසඳුම් ගැනුම්කරුවන්ට ලබාදෙන බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. දුම්රිය ගේට්ටු 1000ක් නොමිලයේ සවිකිරීම ඊට ඇතුළත් වෙයි.
    මෙවැනි සමාගමක් පිහිටුවීමට තම යුරෝපීය ආයෝජකයන් තීරණය කළේ ඉදිරියේදී ලෝක දුම්රිය වෙළඳපොළට චීනයේ ඛ්අඅඛ් දුම්රිය නිෂ්පාදන සමාගමෙන් සිදුවිය හැකි තරගකාරිත්වයට මුහුණදී තම වෙළෙඳපොළ රැක ගැනීමට බව එහි යුරෝපා අධ්‍යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි.

    මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම, මෙරට බුද්ධිමය දේපළ නීතිය ඉතා දැඩි හා බලවත් වීම, ලංකාව අනිකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් අස්සන් කර තිබීම, ලංකාවේ සුහද විදේශ ප්‍රතිපත්තිය, ලංකාව ලෝකයේ කළු ලියවිල්ලක් සටහන් නොවූ පිරිසුදු රටක් වීම, සිවිල් යුද්ධය අවසන්වී සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වීම, දේශපාලනික ස්ථාවර භාවය හා ශ්‍රමිකයන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට හැකිවීම යන කරුණුය.
    මීට අමතරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන මෙම ව්‍යාපෘතිය වෙනත් රටකට යෑමට නොදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය රැකියා නැතිවට රනිල් මේ වෙනකොටත් සෘජු රැකියා ලක්ෂ 4ක් දීලයි කියන්නේ... ඉන්දියාවේ උන්ටද දනඅනෑ....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ බය වෙන්න දෙයක් නෑ අපේ වික්කාමසිංහ අගමැති තුමා කුලියාපිටියේ වොක්සාවගන් හැදුව වගේ ඕකත් ඉක්මනටම ලංකාවට ගනී.. :yes:
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සෘජු රැකියා අවස්ථා 22,500ක් අහිමිකරමින් විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අතහැර වියට්නාමයට යයි!

    ...මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම ...

    ඒ කියන්නේ කන්‍යාවක් නිසා ඇති තරම් දුෂණය කරන්නද ලැහැස්තිය :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ බය වෙන්න දෙයක් නෑ අපේ වික්කාමසිංහ අගමැති තුමා කුලියාපිටියේ වොක්සාවගන් හැදුව වගේ ඕකත් ඉක්මනටම ලංකාවට ගනී.. :yes:

    :rofl::rofl:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවා ලන්කාවට හරි යන්නේ නැ. මෙහේ කොස්ට් එක බලපන් එක යුනිට් එකකට ඉලෙක්ට්‍රිසිටි.. ඉතින් කොහෙශ කර්මාන්ත පටන් ගන්නේ. කර්මාන්තපුරනම් බොරු කතන්දර. රෙද්දක් මහන එකෙන් එහාට නම් බැ. ට්‍රේන් හදන්න කොහෙද ලන්කාවේ රො මෙටීරියල්. යපස් නිදියටත් කරන දෙයක් නැ එහෙට මෙහෙට ඇද ඇද ඉන්නවා. මෙහේ එසෙම්බ්ලින් කරලා නම් ගොඩ යන්න බැ.