විදුලි බල මණ්ඩල මාෆියාව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    විදුලි බල මණ්ඩල මාෆියාව

    ලංකාවේ ලොකුම මාෆියාව මොකක්ද?? බෙහෙත්?? විදුලිය ?? ලොකුම මාෆියාව විදුලිය කිව්වොත් හිනා වෙයි.. විදුලිය නැති උනාම මිනිස්සු බනින්නේ Electricity Board එකට.. ලේසියිනේ.. ඒ උනාට ඒ මිනුස්සු Interruption නැතිව විදුලිය දෙන්න දගලන විදිය දන්නේ ඇතුලේ කෙනෙක් විතරයි. ඇයි ඇත්තටම පහු ගිය ටිකේ විදුලිය කැපුවේ..දවසින් දවස විදුලි ඉල්ලුම වැඩි වෙනවා..ඒ උනාට ඒකට හරියන්න Generation නැහැ.. අනික වතුර අඩු කාලෙට ජල විදුලිය නිපදවන්න පුලුවන් අවම වශයෙන්.. නිකමට හරි නොරොච්චෝලෙ කැඩුනොත් ලන්කාවෙන් බාගයක් අදුරේ..ඇයි එතකොට බලධාරීන් Generation Plant ගහන් නැතිතේ.. ගල් අගුරු බලාගාර ගැහුවම පරිසරයට හානි වෙනවද???ඔව් නේ විස වායු පිට වෙනවනේ,ඊට පස්සෙ අම්ල වැසි එනවනේ..එහෙමනේ අපි දන්නේ..මහින්ද රාජපක්ෂ යෝජිත හම්බන්තොට ගල් අගුරු බලාගාරේ ගමේ නැතිව ඕන තැනක ගහන්න කිව්වා..ඒකයි නොරොච්චෝලෙ පුත්තලම පැත්තට ගියේ..ඒක ගැහුවම විදුලි බිල අඩු උනා,Private බලාගාර ටිකක් ගැලවුනා,කොමිෂන් නැතිව ගියා..ලොක්කෝ බය උනා, ඊට පස්සේ එන්න තිබ්බෙ සාම්පූර්. මෙගාවොට් 500ක Plant එකක්..ඒක නිකන්ම හදන්න බෑ..අවුරුදු ගානක් Feasibility Study එකක් කරන්න ඕනේ.. පරිසර වාර්තා හදන්න ඔනේ..වෙනම Specialized Consultants ල ගෙන්න්න ඕනේ වෙන රටවල් වලින්..දවසට එක්කෙනෙක්ට ලක්ශ 2ක් විතර ගෙවන්න ඕනේ.. එහෙම අවුරුදු 6ක් විතර කරපු Research එකෙන් හදපු report එක ජනපති එක sign එකෙන් reject කරනව..මේ විදියට සාම්පූර් නැති වෙනවා දවසින් දෙකෙන්..ඊට පස්සේ අති උත්තරීතර සජිත් මහත්තයා මේකේ ගම් උදාව යටතේ ගෙවල් ටිකක් හදනවා..බිලියන ගානක් වියදම් කරපු මේ ඉඩමේ අඩුම තරමේ Factory එකක්වත් දාන්නේ නෑ..නිකන් ගෙවල් ටිකක් හදනවා..😂😂


    මහජන උපයෝගීතා කොමිෂන් දාන් ඉන්නේ දේශපාලකයන්ට ඕනේ දේවල් කරන්න..අන්න ඒවගෙන් තමා මේ peoject අයින් කරන්නේ..ලංකාවට හරියන්නේ ගල් අගුරු බලාගාරයක් කියලා හැම ඉන්ජිනේරුවෙක්ම කිව්වට ඒක පිලි ගන්නේ නෑ.. එයාල හැමෝටම වඩා දන්නව, ඒක නිකන් මෙහෙම සීන් එකක්, ඔයාලගෙ ගෙදර Plan එකක් නගර සභාවට දුන්නම ඒක reject කරල එයාල කියනව මෙන්න මෙහෙම ගෙයක් හදන්න..ඔයාලට ඕනේ ගේ හදන්න බෑ,ඒක කැතයි වගේ සීන් එකක්.. එයාල කියන්නෙ LNG plant ගහන්න කියලා..ඒ උනාට ලංකාවේ LNG plant හැම එකක්ම දුවන්නේ ඩීසල්(Heavy Fuel) වලින්, මොකද මෙහෙ LNG ගබඩා කරන්න තැනක් එයලා හදන්නේ නෑ.. ඒකයි අපි මෙච්චර විදුලි බිලක් ගෙවන්නේ..එයාල මේ දේවල් කරන්න්‍නේ පරිසරයට ආදරේ හින්දද?? නෑ කොම්ස් කුට්ටියට..



    කෙරවලපිටිය Plant එකට මාසෙට මිලියන 900ක් ගෙවනවා ඒක තියන් ඉන්නවට.. ඒකෙන් කොමිෂන් යන්නේ ලොක්කන්ට..එක විදුලි ඒකයකට වෙනම Rs. 28 ක් ගෙවනවා.. මහවැලි complex එකෙන් unit එකක් හදන්න යන්නෙ සත 90, නොරොච්චෝලෙ රුපියල් 7. මහජනයට දෙන්නේ රුපියල් 14කට, මොකද රෑ 7 ඉදන් 11 වෙනකන් තමා අපේ විදුලි ඉල්ලුම වැඩි.. ඒ වෙලාවට දුවන්න මේ private plant වලින් විදුලිය සල්ලි වලට ගන්නේ ලොකු ගානක් දීල,ඒ සල්ලි වෙන කාගෙවත් නෙමේ..අපේ බදු සල්ලි..
    මේ විදියට විදුලි අර්බුදයක් ආවම වාසි එන්නේ කොහොමද ?? ඒවට වෙනම කණ්ඩායමක් ඉන්නවා..නැව් වලින් කොලඹ වරායට ඇවිත් අපිට විදුලිය දෙන්න කට්ටිය ඉන්නවා,අපිට ආදරේටද..නෑ.. හිතන්නවත් බැරි වැඩි ගානකට..දැනටමත් Turkey නැවක් ඉන්නව බලාගෙන..කෙරවලපිටියට ලොකු ගණන් ගෙව්ව්වත් ඒව රටේ එව්වා,මේවා යන්නේ වෙන රටවල් වලට..ඒවට යන්නෙත් අපේ බදු සල්ලි..ඒවට කොමිෂන් ගන්නත් අපේ දේශපාලකයන් පසුබට වෙන්නේ නෑ..මෙහෙන් සාකච්ඡා කරල තීරණය කරන මිල ගනන් ඒ පිටරට නැව් වලට රහසෙම යනවා..අර විදෙස් රටවල් වල ඉන්න ගෘහ සේවිකාවන් අවුරුද්දකට එවන සල්ලි දවසින් දෙකෙන් එලියට යනවා.. අන්න ඒ ගානට ලස්සනට ටෙන්ඩර් එවනවා.. කරන්න දෙයක් නැති තැන ඒ ගානට විදුලිය ගන්නවා අපේ සල්ලි වලින්.අර විදෙස් රටවල් වල ඉන්න ගෘහ සේවිකාවන් අවුරුද්දකට එවන සල්ලි දවසින් දෙකෙන් එලියට යනවා..තව දේශපාලකයට කොමිෂන් එකත් යනව මදි නොකියන්න,ඒකත් අපේ සල්ලි වලින්..
    එතකොට මෙතන වැරද්ද වෙන්නේ පාලකයන්ගේන් මිසක් CEB එකෙන් නෙමේ..මේකෙ මිනිස්සු Interruption නැතිව මහජනයට විදුලිය දෙන්න දගලන එක දන්නේ ඇතුලේ අය තමයි. CEB එකේ වියදම් වලින් 96% යන්නේ Private Plant වලට ගෙවන මුදල්.. එතකොට 4% තමා පඩි ගෙවන්නේ.. CEB එකෙන් Plant එකක් ගැහුවොත් අපිට අඩු ගානට විදුලිය ගන්න පුලුවන්,විදුලි ඒකකයකට එක රුපියලක් අඩුවෙන් වියදම් කරල විදුලිය ගත්තොත් රුපියල් බිලියන 14 අවුරුද්දකට ඉතුරු කරන්න පුලුවන්.. දවසින් දවස වැඩි වෙන විදුලි ඉල්ලුමට CEB එකෙන් අවුරුදු 20ක Proposal තියනවා මේ කාලෙට මේ විදියට බලාගාර ගහන්න ඕනේ මේ විදියේ ඉල්ලුමක් තියෙන්න ඕනේ කියලා.. එව්ව ලේසියෙන් Reject වෙන්නෙ අපේ පාලකයන්ගේ උවමනාවට..ඒක නොතේරෙන මිනිස්සු තමා CEB එකට රෙදි උස්සන් බනින්නේ..
    අන්තිමට කියන්න තියෙන්නේ ආයෝජකයන් මෙහෙ Factories ගහන්න කලින් මුලින්ම බලන්නෙ නොනවත්වා සපයන විදුලිය හා ඒකකයකට යන මුදල.. ලංකාවේ තත්වෙ දැක්කම අපේ රටේ ආයෝජනය කරයිද..රටේ ආර්ථිකය හදන්න මුලින්ම කරන්න ඕනේ බලශක්ති අර්බුදය විසදන එක..ඒකට මේ ගෙදර Solar Panel එකක් ගහල හරි යන්නේ නෑ.. අපේ රටේ මෙගා නාට්‍ය හින්දා දෙයියනේ කියල රෑ 7-11 වෙනකන් තමා වැඩිම ඉල්ලුම..එතකොට solar තියනවද? 😂 රටේ විදුලිය ඉල්මෙන් 24% දෙන්නෙ Private Plant.. මේව තියනකන් Light Bill අඩු වෙන්නෙ නෑ.. මිනිස්සු බුද්ධිමත් වෙලා මේක හිතන්න ඕනේ.. කවුරුත් කතා වෙන්නෙ නැති රටේ තියන ලොකුම අර්බුදය තමා මේක..


    මෙහි සදහන් කරපු සමහර මිල ගනන් වල පොඩි වෙනස් වීම් ඇති,ඒ උනාට කතන්දරය මේකයි..CEB එකට බනින්නේ නැතිව දේශපාලකය රටට කරන හානිය පොඩ්ඩක් හිතන්න..



    ඒ වගේම තමා මෙගා නාට්‍ය බලන ඔබත් මේ බිලට හවුල්.. ලංකාවේ විදුලි ඉල්ලුම වැඩිම උන දවසක් තමා Sirasa Super Star Season 1 Final එක..මේව්ව ඇහුවම හිනා යනවා අපි මෙච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක්ද කියලා,TV program එකකට පුලුවන් රටේ ආර්ථිකයට පහර්ක් ගහන්න.. මේ පාලකයෝ,මේ System එක, මේ විදුලි අර්බුදය විසදනකන් මේ රටට ගොඩ ඒමක් නෑ..
    මම ලොකු මිනිහෙක් නෙමේ CEB එකේ Trainee කෙනෙක්.



    -CEB එකෙන් ඇසුන කතා ගැලපීමක් පමනි-


    —- Copied —-
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    දේශපාලකය and කොමිෂන්

    :sorry:

    henaganna one ban menna muta >>>>>> දේශපාලකය
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    Deshapalakayo vitharak newe... CEB eke uda putuwala Inna niladharith sambandai. Unuth Pvt power plant walata sambandai.
    Liyapu eka trainee nam wenta ba.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada

    මේක තමයි මටත් කියන්න තිබ්බේ

    මේක සංකීර්ණ ප්‍රශනයක් නෙවි. මේකට තියෙන්නේ සරල විසදුමයි. වෙලාවට විදුලි බලාගාර හදන එක.

    එහෙම නොකරන කොට .......... පාරම්පර ගානක් දුක් විදින්න වෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Kiyala thiyana okkoma hari kiyamuko, anthimata umba kiyanna hadanne ceb eke unta gewana padi madi kiyalada?:rofl:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අකුරක් නෑර ඇත්ත කතාව...
    මමත් ට්‍රේනි හිටිය මාස 3ක්...

    ලංකාවෙ තියන හුගක් බලාගාර වල ඵලදායි ආයුකාලය දැන් අවසාන වෙලා
    ඒත් නැත්තම් දැන් අන්තිම කාලෙ..

    වැඩ කරන මිනිස්සුන්ගෙ දක්ශකම නිසයි මෙහෙම හරි අපිට විදුලිය තියෙන්නෙ

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    අකුරක් නෑර ඇත්ත කතාව...
    මමත් ට්‍රේනි හිටිය මාස 3ක්...

    ලංකාවෙ තියන හුගක් බලාගාර වල ඵලදායි ආයුකාලය දැන් අවසාන වෙලා
    ඒත් නැත්තම් දැන් අන්තිම කාලෙ..

    වැඩ කරන මිනිස්සුන්ගෙ දක්ශකම නිසයි මෙහෙම හරි අපිට විදුලිය තියෙන්නෙ









    :yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොරොච්චෝලෙත් මේ වෙනකම් හදාගන්න බැරි උනානම් තත්වේ කොහොම වෙයිද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene

    මේක තමයි මටත් කියන්න තිබ්බේ

    මේක සංකීර්ණ ප්‍රශනයක් නෙවි. මේකට තියෙන්නේ සරල විසදුමයි. වෙලාවට විදුලි බලාගාර හදන එක.

    එහෙම නොකරන කොට .......... පාරම්පර ගානක් දුක් විදින්න වෙනවා.

    lankawe minissuth mekata waga kiyanna one :dull: