විදුලි_ගාස්‌තු_නගී

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුලි_ගාස්‌තු_නගී

    නව විදුලි ගාස්‌තු වැඩිවීම මේ මාසයේ විදුලි බිල්පතේ සිට ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ඊයේ (16 දා) අනාවරණය කළේය.

    ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාව අද (17 වැනිදා) ලබාදීමට නියමිත බවත් එම වාර්තා පදනම් කරගෙන නව විදුලි ගාස්‌තු වැඩිවීම ක්‍රියාත්මක කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

    විදුලි ගාස්‌තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබූ යෝජනා සුළු සංශෝධනයකට ලක්‌කර ඇතැයි ද ඒ අනුව කලින් ප්‍රකාශයට පත්කර තිබූ යෝජනාවේ තිබූ ඒකක 90 ට වැඩි විදුලිය පරිභෝජනය කරන ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලි ඒකකයකට අය කරනු ලබන මිල යෝජිත ගණනට වඩා තවදුරටත් ඉහළ නංවා ඇතැයි ද විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා මහතාගෙන් "දිවයින" කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ නව විදුලි ගාස්‌තු සම්බන්ධව තම කොමිසම විසින් සකස්‌ කරන ලද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක්‌ අද (17 වැනිදා) නිකුත් කරන බවයි.

    නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව ගෘහස්‌ථ ඒකක 30 දක්‌වා රුපියල් 5.00 බැගින් ද ඒකක 60 දක්‌වා රුපියල් 6.00 බැගින් ද ඒකක 90 දක්‌වා රුපියල් 8.50 බැගින් ද ඒකකයක මිල නියම වනු ඇත.

    එය මෙතෙක්‌ පැවතියේ ඒකක 30 දක්‌වා රුපියල් 3.00 ක්‌ ද ඒකක 60 දක්‌වා රුපියල් 4.70 ක්‌ ද ඒකක 90 දක්‌වා රුපියල් 7.50 ක්‌ ද ලෙසිනි.

    නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව අදාළ ඒකක ප්‍රමාණය සඳහා අයකරනු ලබන මිල ගණන සමස්‌ත ඒකක ප්‍රමාණය සඳහාම නොවෙනස්‌ව පවතී.

    මෙතෙක්‌ පැවැති ක්‍රමය අනුව විදුලි පරිභෝජන ඒකක ගණන සඳහා විදුලි බිල්පත සකස්‌ කරනු ලැබුවේ ඒකක 30, 60, 90, 120 ආදී ලෙසින් වෙන්කර ඇති ඒකකවලට අදාළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් ගණනය කිරීමෙනි.

    නව විදුලි ගාස්‌තු සංශෝධනය අනුව යම් පාරිභෝගිකයෙක්‌ විදුලි ඒකක 90 ක්‌ පරිභෝජනය කර ඇත්නම් ඊට අදාළ විදුලි බිල්පත සකස්‌ කරන්නේ ඒකක 90 ටම රුපියල් 8.50 බැගින් ගණනය කරමිනි.


    ඒ අනුව ඒකක 90 ක්‌ පරිභෝජනය කළ විදුලි පාරිභෝගිකයිනට නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 200 ක පමණ මිලකින් විදුලි බිල ඉහළ යනු ඇත.




    divaina
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "ඒ අනුව ඒකක 90 ක්‌ පරිභෝජනය කළ විදුලි පාරිභෝගිකයිනට නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 200 ක පමණ මිලකින් විදුලි බිල ඉහළ යනු ඇත."

    අපිටම අරින්න හදපු කොමිසමක්. බහුතරයක් අය අයිතිවෙන්නේ ඔය 90 කන්ඩේට නේද. කොමිසමේ උන් ඒ ගාස්තුව තවත් වැඩිකරලා.:angry:
    මම හිතන්නේ කොමිසම මහජන අදහස් ගත්තු වෙලාවේ මහජනයා අදහස් ප්‍රකාශ කරන්න ඇති වැඩිකරන්න කියල.:baffled:
    ආශ්චර්යයම තමා, ඔන්න අවුරුදු තෑගි.....:dull:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    shiraz-20130416-200.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "ඒ අනුව ඒකක 90 ක්‌ පරිභෝජනය කළ විදුලි පාරිභෝගිකයිනට නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 200 ක පමණ මිලකින් විදුලි බිල ඉහළ යනු ඇත."

    අපිටම අරින්න හදපු කොමිසමක්. බහුතරයක් අය අයිතිවෙන්නේ ඔය 90 කන්ඩේට නේද. කොමිසමේ උන් ඒ ගාස්තුව තවත් වැඩිකරලා.:angry:
    මම හිතන්නේ කොමිසම මහජන අදහස් ගත්තු වෙලාවේ මහජනයා අදහස් ප්‍රකාශ කරන්න ඇති වැඩිකරන්න කියල.:baffled:
    ආශ්චර්යයම තමා, ඔන්න අවුරුදු තෑගි.....:dull:

    :yes:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    හරියට වැඩක් කර ගන්න බැරි එවුන් පාර්ලිමේන්තු යවන මෝඩ මිනිස්සුන්ට ඔහොම වෙලා මදි....
    බත් පැකට් එකටයි ටීෂර්ට් එකටයි ජන්දේ දෙන එවුන්නේ ඉන්නේ...