විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

    අපේ රටින් පිටමංව විදෙස් කෞතුකාගාර වල වැජඹෙන වටිනාම වස්තු

    අපේ මාතෘ භූමිය ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි.
    අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන් දේවල් නෙමෙයි.
    පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හිදී විනාශයට පත් කෙරුණු සහ අපෙන් උදුරාගෙන ඔවුන්ගේ රටවල් කරා යැවුණු මිල කල නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් රාශියක් අදටත් විදෙස් කෞතුකාගාරවල දක්නට ලැබෙනවා.
    අපට අයත් මේ දේවල් නැවත ලබා ගැනීම ගැන විවිධ ආණ්ඩු සහ දේශපාලඥයින් කලින් කලට විවිධ කතා කීවත් මේ දේවල් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හරිහැටි ගෙන තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයක්.
    අපි මේ ඔබ වෙත ගෙන එන්නේ විදෙස් කෞතුකාගාරවල වැජඹෙන අපේ රටට අයත් එවන් වූ වටිනා කෞතුක භාණ්ඩ කිහිපයකුයි.

    1. තාරා දෙවඟන ප්‍රතිමාව

    ArtifactsInForeignMuseums-01.jpg

    ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවගනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන ලැබ තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙකදී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කොට තිබෙනවා.

    2. අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමා

    ArtifactsInForeignMuseums-02.jpg

    තාරා දේව ප්‍රතිමාවට අමතරව ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද 8 වැනි සහ 9 වැනිසියවසට අයත් අවලෝකිතේශ්වර බෞද්ධ ප්‍රතිමා දෙකක්ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.
    මේ ප්‍රතිමා දෙකෙන් 8 වැනි සියවසට අයත් බෝධිසත්ව ප්‍රතිමාව අපේ කොළඹ කෞතුකාගාරයේ තබා ඇති අවලෝකිතේශ්වර ප්‍රතිමාව සමානකම් දරනවා. 9 වැනි සියවසට අයත් අනෙක් ප්‍රතිමාව ඊට තරමක් වෙනස් ව ආභරණ සහිතව නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් වනවා. ආභරණ සහිතව නෙලන ලද මෙවන් ප්‍රතිමා විභූෂණ නමින් හඳුන්වනු ලබනවා.

    3. රාහුල හිමියන්ගේ දේහය

    ArtifactsInForeignMuseums-03.jpg

    කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය ආදී කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කල තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ දේහය පිළිබඳව ඉතාමත්ම මතභේදයට තුඩුදෙන කථාවක් ඔබ කවුරුත් අසා ඇති. ශාන්ත සේවියර් පියතුමාගේ දේහය නමින් ඉන්දියාවේ ගෝආ නගරයේ තබා ඇත්තේ සත්‍ය වශයෙන්ම අපේ රාහුල හිමියන්ගේ දේහය බව පැවසෙනවා. එකල පෘතුගීසීන් විසින් රහල් හිමිගේ දේහය ගෝආවට ගෙන යන්නට ඇතැයි සැලකෙනව.
    උන්වහන්සේ අපවත් වීමට මත්තෙන් “සිදු අලු රසය” නැමැති බලවත් බෙහෙතක් පානය කල නිසාවෙන් අදටත් ඒ සිරුර දිරාපත් නොවී පවතිනවා කියා තමයි ජනප්‍රවාදයේ කියන්නේ. මේ සිරුරේ කෙස් සහ නිය වැඩෙන බවටත් මතයක් තිබෙනවා.
    එවක සිංහලේ රජු සමඟ වූ විරසකයක් නිසා ජීවිතයේ අවසන් කාලයේදී හුදෙකලාවම ගතකොට ඇති රාහුල හිමි පසු කලෙක කවුරුන්ට හෝ තමාගේ දේහය හඳුනාගනු පිණිස සිය දකුණු අතේ කවි දෙකක් කොටාගෙන සිට තිබෙන බවත් කියවෙනවා. පුදුමයකට වාගේ ශාන්ත සේවියර් දේහයේ දකුණු අතක් ඇත්තේ නෑ. එය සිරුරෙන් වෙන් වී අතුරුදන්ව තිබෙන්නක්.

    4. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බුදු පිළිම

    ArtifactsInForeignMuseums-04.jpg

    එඩින්බරෝ නුවර පිහිටි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ලංකාවට අයත් බුදු පිළිම දෙකක් දක්නට ලැබෙනවා.
    ඉන් එක් පිළිමයක් 11 වන සියවස දක්වා ඈතට දිවයන්නක්. මහත් ඓතිහාසික වටිනාකමකින් යුතු ඒ පිළිමය නාග දරණයකින් වටවූ බුද්ධ ප්‍රතිමාවක්. Seshnag නමින් තමයි ඒ ප්‍රතිමාව නම් කරල තිබෙන්නෙ.
    එහි ඇති අනෙක් පිළිමය 1826 වසරේදී නුවර විහාරස්ථානයකින් සොයාගන්නා ලද ලෝකඩ බුදු පිළිමයක්.

    5. රයික්ස්මියුසියම්හි ඇති අපේ රාජකීය ආයුධ සහ පිළිම

    ArtifactsInForeignMuseums-05.jpg

    නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි කෞතුකාගාරය වන රයික්ස්මියුසියම්හි ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තූන් බොහොමයක්ම හමුවනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කඩුකස්තාන විශේෂයි. 1764/65 වකවානුවේදී ලන්දේසීන් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේදී සොරාගන්නා ලද මෙය මකර හිස් කැටයම් ආදියෙන් අලංකාර වූ වීශිෂ්ඨ නිර්මාණයක්.
    ArtifactsInForeignMuseums-06.jpg

    මෙහි දැක්වෙන පිහිය සහ කොපුවද එම ලන්දේසි ආක්‍රමණයේදී සොරාගන්නා ලද, රජු විසින් පරිහරණය කරන ලද ආයුධයක්. රන් ආලේපිත ඉතා ආකර්ශනීය නිර්මාණයක්.
    මෙහි දැක්වෙන තුවක්කුද 1964/65 ආක්‍රමණයේදී ලන්දේසීන් විසින් අත්පත් කරගත්තක්.
    නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති අභය සහ වර මුද්‍රාවලින් යුතුව වැඩ හිඳින මේ හිටි පිළිමයත් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද්දක්. මෙය ක්‍රි.ව. 900-1100 අතර කාලයකට අයත් බවයි පැවසෙන්නේ.

    6. කෝට්ටේ යුගුයට අයත් ඇත්දල පෙට්ටගමක්

    ArtifactsInForeignMuseums-07.jpg

    පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වැනි ජාතිකයින් මෙහි විසූ යුග ලංකාවෙ අලි ඇතුන්ට ඉතාම අපල කාලයක් බව සඳහන් වනවා. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමට අමතරව විවිධ වැවිළි සඳහා බිම් එළිපෙහෙළි කිරීමේදීත්, විනෝද දඩයම් ක්‍රීඩා වලදීත් අලි ඇතුන් විශාල වශයෙන් මරා දැමුණු බවට තොරතුරු සැපයෙනවා.
    මනරම් ඇත්දළ කැටයමින් නිර්මාණය වූ මේ පෙට්ටගම එවන් වූ යුගයකට අයත් වස්තුවක්. ඇත්දලින් නිම කර ඇත් මිනිස් රූප කැටයම් කොට නිල් මැණික්, පද්මරාග සහ රන් ඔබ්බවා සාදන ලදදක්.
    මේ පෙට්ටගම 1540 ගණන් වල කෝට්ටේ යුගයට අයත් වන බවත් කෝට්ටේ රජතුමා විසින් පෘතුගාලයට තෑගි දුන් බවත් සඳහන් වෙනවා. මේ වන විට මෙය ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන්නක්.

    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    මාරයි....
    You must spread some Reputation around before giving
    it to Ashman again.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ දේ අපිට වටින්නෙ නෑ. ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන කඩු හොරකම් කලානෙ. පිටරටකවත් තිබුනනම් රැකිල තියෙයි. :sorry:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ වස්තු අතරින් වටිනාම වස්තුව තමයි ලන්ඩන් කෞතුකාගාර පුස්තකාලෙ තියෙන හෙළ මාගධී ත්‍රිපිටකය
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    අපේ දේ අපිට වටින්නෙ නෑ. ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන කඩු හොරකම් කලානෙ. පිටරටකවත් තිබුනනම් රැකිල තියෙයි. :sorry:

    Ela kathawa. Apey redde thibunanam adha wikunan kaala
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙමා්ඩි අයියා යහපාලනයට ස්ෙපා්ට් කරනවාෙන්ද? අෙන් අෙප් රාහුල හාමුදුරුවන්ෙග් ෙද්හය ලංකාවට ඉල්ලගනිල්ලාෙකා්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    අපේ දේ අපිට වටින්නෙ නෑ. ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන කඩු හොරකම් කලානෙ. පිටරටකවත් තිබුනනම් රැකිල තියෙයි. :sorry:

    True
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ වස්තු අතරින් වටිනාම වස්තුව තමයි ලන්ඩන් කෞතුකාගාර පුස්තකාලෙ තියෙන හෙළ මාගධී ත්‍රිපිටකය

    A mokakda bn ? ai eka වටිනාම වස්තුව kiyanne ? eka london vala tiyenawa kiyala danne kohomada ? :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    A mokakda bn ? ai eka වටිනාම වස්තුව kiyanne ? eka london vala tiyenawa kiyala danne kohomada ? :yes:

    මචන් කෑගල්ලෙ මාතුල අලුලෙනේ තිබිල සුද්දො අරන්ගිය අපේ හෙළ මාගධී ත්‍රිපිටකය තමයි අද ලන්ඩන් වල තියෙන්නෙ. අද අපි භාවිතා කරන ත්‍රිපිටකයෙ නැති ගොඩක් දේවල් මේ මාගධී ත්‍රිපිටකයෙ තියෙනව.අපි අද භාවිතා කරන්නෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරල ඒ ඉන්ග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයක්.බුද්ධ භාශිතය ඇතුලත් ත්‍රිපිටකය ලෝකයේ ඕනෑම භාශාවකින් ලියන්න පුලුවන්. නමුත් වෙනත් බාශාවකට පරිවර්තනය කරන්න බෑ.එහෙම කරන්න උත්සාහ කලොත් ධර්මය විකෘති වෙනව. අද වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් කෑගල්ලෙ මාතුල අලුලෙනේ තිබිල සුද්දො අරන්ගිය අපේ හෙළ මාගධී ත්‍රිපිටකය තමයි අද ලන්ඩන් වල තියෙන්නෙ. අද අපි භාවිතා කරන ත්‍රිපිටකයෙ නැති ගොඩක් දේවල් මේ මාගධී ත්‍රිපිටකයෙ තියෙනව.අපි අද භාවිතා කරන්නෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරල ඒ ඉන්ග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයක්.බුද්ධ භාශිතය ඇතුලත් ත්‍රිපිටකය ලෝකයේ ඕනෑම භාශාවකින් ලියන්න පුලුවන්. නමුත් වෙනත් බාශාවකට පරිවර්තනය කරන්න බෑ.එහෙම කරන්න උත්සාහ කලොත් ධර්මය විකෘති වෙනව. අද වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි.

    ithin mchn eka genwaganne barida ? mahanayake hamuduruwoi thawa loke pradana bauddha ratawal(myanmar,tibet,etc) vage ekathu vela eka genna ganna barida ? :angry:

    kauruth uthsaha karalath nadda me venakam ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ithin mchn eka genwaganne barida ? mahanayake hamuduruwoi thawa loke pradana bauddha ratawal(myanmar,tibet,etc) vage ekathu vela eka genna ganna barida ? :angry:

    kauruth uthsaha karalath nadda me venakam ?

    ඔය කියන මහානායක හාමුදුරුවරුනම් නම් මෙහෙම දෙයක් ගැන දන්නෙවත් නැතුව ඇති
     
    :sorry::sorry: