විදෙස් සිසුන්ට ශ්‍රී ලංකාවේදි පූර්ව හා ප&#3521

Rez777

Member
Apr 23, 2011
30
0
0
විදෙස් සිසුන්ට ශ්‍රී ලංකාවේදි පූර්ව හා ප&#3521

(කොළඹ, ලංකාපුවත්) ලබන වසරේ සිට වසරක් පාසා විදේශීය සිසුන් සඳහා මෙරට විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව 100ක් පිරිනැමීමට රජය තීරණය කර ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ සඳහා අදාළ ප්‍රතිපත්ති රාමුව හා ක්‍රියාකාරි සැළැස්මක් ඉදිරියේදි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා විදේශීය විශ්ව විද්‍යාලවල පූර්ව හා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 100කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පිරිනැමෙන නමුත් විදේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.


3kv4jwvcwkmv3245tktyey45_mahinda2.gif