විදේශිකයන්ට පමණයි

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113



    ලංකාව කොවිඩ් වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරනකොට, රටේ සංචාරක කර්මාන්තය ආරක්ෂ කරලා දුනනේ දේශීය සංචාරකයා. නමුත් අද වෙනාකොට නැවත රට විවෘත වෙලා නිසා සමහර සංචාරක ආයතන නැවතත් “විදේශිකයන්ට පමණයි” කියන පිලිවෙත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියනවා.

    Source :-
     
    • Like
    Reactions: kinkon and Red Soda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදේශික සංචරකයාව හොයාගන්නේ පාස්පොර්ට් එකෙන්ද? උදාහරනෙකට සිංහල එකෙක් වෙන රටක පාස්පොර්ට් එකක් පෙන්නුවොත් ඌ ට ඇතුල් වෙන්න දෙනවද ?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    විදේශික සංචරකයාව හොයාගන්නේ පාස්පොර්ට් එකෙන්ද? උදාහරනෙකට සිංහල එකෙක් වෙන රටක පාස්පොර්ට් එකක් පෙන්නුවොත් ඌ ට ඇතුල් වෙන්න දෙනවද ?
    ඕකනම් මටත් ප්‍රශ්නයක්. රේල්ලුවේ ටොයිලට් වලත් ඔහොම වෙනම ඒවා තියෙනවා. සමහරවිට හමේ පාටින් වෙන්න ඇති.
     
    • Like
    Reactions: nicjosh83

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕක නීති විරෝධී නේද

    මෙලහට රිවරෂ' වෙලා ද දන්නේ නෑ 🥴


    සංචාරක සේවා සපයන ඇතැම් ආයතන දේශීය සංචාරකයින් නොසළකාහරිමින් විදේශිකයන්ට පමණක් සැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

    ඇතැම් සංචාරක සේවා ආයතන අනුගමනය කරන වෙන්කර සැලකීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට සමාන අයිතිය ලබාදීම මෙන්ම කිසිඳු පුද්ගලයෙකුට, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි කවර හෝ හේතුවක් සහ කරුණක් යටතේ වෙනස් කර සැළකිය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා පුරවැසියන් සංචාරක කර්මාන්තය දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවලදී කර්මාන්තය සමඟ රැදී සිටි බවත් ඒ අනුව සෑම අවස්ථාවකදීම සංචාරක කර්මාන්තයට සහාය වී ඇති දේශීය සංචාරකයන් කර්මාන්ත පාර්ශවකරුවන් ලෙස සැළකිය යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
    ------ Post added on Feb 9, 2022 at 4:47 PM
     
    • Like
    Reactions: zid2021