විදේශ ගමන් බලපත්‍ර වෙනස් වෙන හැටි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    විදේශ ගමන් බලපත්‍ර වෙනස් වෙන හැටි

    රටින් රටට විදේශ ගමන් බලපත්‍ර වෙනස් වෙන හැටි

    ඈත අතීතයේ දේශ ගවේෂණයේ යෙදෙන විට රටකින් රටකට ඇතුළු වීම සඳහා ගමන් බලපත්‍රයක් අනවශ්‍ය වුවත් වර්තමානයේ දී යම් යම් විශේෂ අවස්ථාවල දී හැරුණු විට විදේශ රටකට ඇතුළු වීම සඳහා වලංගු ගමන් බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම අද වන විට වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් තිබුණු පමණින් වෙනත් රටකට ඇතුළු වීමට හැකියාවක් නැහැ. එසේ ඇතුළු වන්නට නම් අදාළ විදෙස් රාජ්‍යය මගින් විදේශිකයාට එම රටට ඇතුළු වීමේ කොන්දේසි පනවමින් වීසා බලපත්‍රයක් නිකුත් කළ යුතු යි.

    Picture-2-e1491300782847.jpg


    තරමක් සංකීර්ණ මෙම ක්‍රියාවලිය හඳුන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, මත්‍ද්‍රව්‍ය, අවිආයුධ ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතුවලින් අදාළ රටේ සිටින ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා යි. නමුත් ලෝකයේ ඇතැම් රටවල් අතර පවතින තානාපති ගිවිසුම් හේතුවෙන් ආයෝජක සහ සංචාර ව්‍යාපාරවල දියුණුව උදෙසා ඇතැම් රටවල්වලට ඇතුළු වීමට වීසා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ ශ්‍රී ලාංකිකයන්ටත් වීසා නොමැති ව ඇතුළු විය හැකි රටවල් කිහිපයක් පවතිනවා.

    ගමන් බලපත්‍රයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 450 පමණ දක්වා දිව යනවා. කාලයෙන් කාලයට වෙනස් වූ පැරණි ලෝකයේ ගමන් බලපත්‍ර වර්තමානයේ දී නිකුත් වන්නේ ප්‍රධාන වර්ණයන් 4 කින් පමණ යි. එසේ රටින් රටට ගුවන් ගමන් බලපත්‍රය වෙනස් වෙන ආකාරය ගැන තොරතුරු යි මේ.

    Picture-3-e1491300850288.jpg




    රතු පැහැ විදේශ ගමන් බලපත්‍රය


    විවිධ රටවල් නිකුත් කරන ගමන් බලපත්‍රවල බොහෝ විට දක්නට ලැබෙන පැහැය ලෙස සැලකෙන්නේ රතු පැහැය සහ එහි විවිධ ප්‍රභේදයන්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ශ්‍රී ලාංකීය සාමාන්‍ය ගමන් බලපත්‍රය ද තද රතු පැහැයෙන් යුක්ත යි.

    බොහෝ අවස්ථාවල දී මෙසේ රතු පැහැයෙන් යුතු ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අතීතයේ දී හෝ වර්තමානයේ දී කොමියුනිස්ට් පාලනයක් පැවති හෝ පවතින චීනය, රුසියාව, සර්බියාව, ලැට්වියාව, පෝලන්තය වැනි රටවල් විසින්.

    Picture-4-e1491300905272.jpg


    එසේ ම ක්‍රොඒෂියාව හැරුණු විට යුරෝපීය හවුලට අයත් රටවල් ද රතු පැහැ ප්‍රභේදයන්ගෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනවා. යුරෝපීය හවුලේ සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන තුර්කිය, මැසඩෝනියාව සහ ඇල්බේනියා ව ඉතාමත් මෑතක දී ඔවුන්ගේ ගමන් බලපත්‍රයේ වර්ණය වෙනස් කළා.

    දකුණු ඇමෙරිකාවේ ඇන්ඩියන් සමූහයට අයත් බොලිවියාව, කොළොම්බියාව, ඉක්වදෝරය සහ පේරු යන රාජ්‍යයන් ද රතු පැහැ ගමන් බලපත්‍ර නිකුත් කරනවා.



    නිල් පැහැ විදේශ ගමන් බලපත්‍රය

    Picture-5-e1491300991390.jpg


    රතු පැහැ ගමන් බලපත්‍ර හැරුණු විට වඩාත් දක්නට ලැබෙන්නේ නිල් පැහැ ගමන් බලපත්‍ර යි. සාමාන්‍යයෙන් එයින් නව ලෝකයේ (උතුරු හා දකුණු අැමරිකානු මහද්වීපයන්ට අයත්) රටවල් සංකේතවත් කරනවා. කැරිබියානු රටවල් සියල්ලේ ම පාහේ දක්නට ලැබෙන්නේ නිල් පැහැ ගමන් බලපත්‍ර යි. මීට අමතර ව අපේ අසල්වැසි ඉන්දියාවේ ගමන් බලපත්‍රය ද නිල් පැහැයෙන් යුක්තයි.

    දකුණු ඇමෙරිකානු මහද්වීපය තුළ නිල් පැහැ ගමන් බලපත්‍ර භාවිතා කරන්නේ මර්කස්‍යුර් (Mercosur) නම් වෙළඳ හවුලේ සාමාජිකත්වය දරණ බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් විසින්. වෙනිසියුලාව මෙම හවුලේ සාමාජිකත්වය දැරුව ද එය නිකුත් කරන්නේ රතු පැහැයෙන් යුතු ගමන් බලපත්‍රයක්.

    දැනට ලෝකයේ බලවත් ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය සතු වන්නේ ද නිල් පැහැයෙන් යුතු ගමන් බලපත්‍ර යි.



    හරිත පැහැ විදේශ ගමන් බලපත්‍රය

    Picture-6-e1491301047498.jpg


    බොහෝ විට හරිත පැහැ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ සෞදි අරාබිය, පාකිස්ථානය සහ මොරොක්කෝව වැනි මුස්ලිම් රාජ්‍යයන් විසින්. එයට හේතු වන්නේ කොළ පැහැය මුහම්මද් තුමාගේ වර්ණය වීම සහ ඒ මගින් ස්වභාවධර්මය හා බැඳි ජීවිතය සංකේතවත් කිරීම යි.

    මුස්ලිම් රටවල් හැරුණු විට නයිජීරියාව, අයිවරි කෝස්ට් සහ සෙනගාල් වැනි බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් ද හරිත පැහැයෙන් යුතු ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනවා. එයින් ඔවුන් සංකේතවත් කරන්නේ ECOWAS (Economic Community of West African States) හෙවත් බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික හවුලේ සාමාජිකත්වය යි.



    කළු පැහැ විදේශ ගමන් බලපත්‍රය

    Picture-7-e1491301091405.jpg


    ලෝකයේ ගමන් බලපත්‍ර අතර වඩාත් අඩුවෙන් දක්නට ලැබෙන වර්ණය ලෙස කළු හැඳින්විය හැකි යි. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික හවුලේ සාමාජිකත්වය නොදරණ අනෙකුත් සෑම අප්‍රිකානු රටක් ම පාහේ කළු පැහැ ගමන් බලපත්‍ර භාවිත කරනවා.

    මීට අමතර ව කළු පැහැ ගමන් බලපත්‍රයක් හිමි තවත් රටක් වන්නේ නවසීලන්තය යි. ඔවුන් විසින් කළු පැහැ ගමන් බලපත්‍ර භාවිතා කිරීමට හේතු වී ඇත්තේ රාජ්‍ය වර්ණය කළු වීම යි.



    ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය


    ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්. මෙසේ නිකුත් කරනු ලබන ගමන් බලපත්‍ර මූලික වශයෙන් ආකාර 5 කින් යුක්ත යි.

    Picture-8-e1491301157910.jpg


    1) සාමාන්ය ගමන් බලපත්‍රය – ව්‍යාපාර කටයුතු සහ නිවාඩු සඳහා දිවයිනෙන් බැහැර යන්නන් සඳහා නිකුත් කරනු ලබන මෙය තද රතු පැහැයෙන් යුතු යි.

    2)රාජ්ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය – ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති සේවයේ යෙදී සිටින්නන් සඳහා නිකුත් කරන මෙය තැඹිලි පැහැයට හුරු ළා රතු පැහැයෙන් යුතු යි.

    3)රාජකාරී ගමන් බලපත්‍රය – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජකාරී කටයුත්තක නියැලෙන පුද්ගලයන් සදහා නිකුත් කරන මෙය දීප්තිමත් රතු පැහැයෙන් යුතු යි.

    4)හදිසි සහතික – ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා නිකුත් කරන මෙය රිදී පැහැයෙන් යුතු යි.

    5)යන්ත්රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රය – ශ්‍රී ලංකාව වෙනුවෙන් හදිසියේ සිදු කරන තනි දූත ගමන් සඳහා නිකුත් කරන මෙය දුඹුරු පැහැයෙන් යුතු යි
    .

    Source - Internet
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පට්ට බන්...රෙප් දුන්නා...

    මචන් පාස්පෝර්ට් වල නැද්ද ඔය VIP වගේ සීන්....??? එහෙම තියනවා නම් ඒවාට විශේෂ පාටක් තියනවද....???
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මෑතක් වනතුරු ලංකාවේ passport එකට යම් තරමක හෝ පිළිගැනීමක් දැක්වුයේ බංගලියෝ පමණයි. දැන් උනුත් පස්ස හරවනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට තීන ප්‍රශ්නෙ දැන් ඔය හිටං එහෙම යද්දී පාස්පෝර්ට් අරං ද යන්නේ ?