විදේශ මුදල් තැන්පත් කිරීමට නව බැංකු ගිණු&#3512

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    විදේශ මුදල් තැන්පත් කිරීමට නව බැංකු ගිණු&#3512

    රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.

    මේ ගැන කරුණු පැහැදිලි කරන රජය මෙසේ ද කියයි.

    එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි.

    රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයනට මෙන්ම ද්විත්ව පුරවැසියනට, සෙසු රාජ්‍යයන්හි වෙසෙන ශ්‍රී ලංකා සම්භවයක් සහිත පුද්ගලයනට, ශ්‍රී ලංකාවෙන් බැහැර අන්‍ය ජාතිකයනට ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සම්ගම්වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අන් ඕනෑම කෙනකුට තමන් තෝරාගන්නා බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට පිළිවන.

    මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය විසින් අප්‍රේල් 08 වැනිදා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කර ඇති නිවේදනයෙහි නව තැන්පතුවට අදාළ රෙගුලාසි ඇතුළත් කොට තිබේ. ශ්‍රී ලංකාවෙන් බැහැර විදේශ මුදල් තැන්පතු හෝ ආයෝජන පවත්වාගෙන යන සමස්ත ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාවට, සමාගම් හිමිකරුවනට මෙන්ම ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන සියලුදෙනාට සිය බැංකුවලට උපදෙස් දීමෙන් තමන් සතු අරමුදල් ශ්‍රී ලංකාවට ප්‍රේශණය කළ හැකි බව එහි සඳහන් වේ.

    නව ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට අවම සීමාවක් නැත. තැන්පතුවක අවම කාලය මාස 06කි. සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලියට වැඩි පොලී අනුපාතයක් තැන්පතුව කල්පිරීමේදී ගෙවනු ලැබේ. ඒ අනුව මාස 06ක විශේෂ තැන්පතු ගිණුමකට 1% ක සහ මාස 12 තැන්පතුවකට 2% ක වැඩිපුර පොලියක් හිමි වේ. තැන්පතුව කල්පිරුණු විට එහි ඇති මුදල් බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමටත්, ශ්‍රි ලංකාවෙන් බැහැර ගෙන යාමටත් අවසර ඇත.

    සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. තැන්පතුවලට බැංකු රහස්‍ය විධිවිධාන යටතේ ආරක්ෂාව ඇත. ගිණුම් හිමියනට ලැබෙන වැඩිදුර ප්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2020 අය වැය ලේඛනයෙන් හඳුන්වාදෙනු ලැබේ.
    ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝනර්, ස්විට්සර්ලන්ත ෆ්‍රැන්ක්, කැනඩා ඩොලර්, හොංකොං ඩොලර්, ජපාන යෙන්, ඩෙන්මාර්ක් ක්‍රෝනර්, නෝවේජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් විශේෂ ගිණුමට භාරගන්නා මුදල් වර්ග වෙයි.

    විශේෂ තැන්පතු ගිණුම් පිළිබද වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රීලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට පිළිවන. COVID 19 නිවාරණ සහ සමාජ සංරක්ෂණ ප්‍රවේශයට පිටිවහලක් වනු පිණිස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු ශ්‍රී ලාංකිකයනට ආරාධනා කෙරේ.

    https://divaina.com/daily/index.php/hot-news-2019/41235-2020-04-13-13-47-51

    :yes::yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa dan ohoma kiuwata rata inna minissu deposit karala apahu ganna yankota thamai denne nethi wenna ara tax me tax arawa mewa , api nodanna mudal amathila lankawe,

    ahu wenna epa kisi kenek me gateta

    anduwata salli nethi nisa serma free kiyanawa,
    habai issara api monawahari genhawa apita free aran yanna denawada airport eken??
     
    Last edited:

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මේකෙන් කොරෝනා මර්ධන වැඩපිළිවෙලට කොහොම වෙතත් රාජ පස්සලට ,උන්ගේ ඥාති මිත්‍ර සමාගමට සහ අතලොස්සක් යුඑන්පී කාරයින්ට පහුගිය කාලේ කොමිස් ගහලා වංචාකරලා පිටරට බැංකුවල තැන්පත්කරලා තියෙන කළුසල්ලි සුදු කරගන්න නම් අවස්ථාවක් තියෙයි....උන් බල බලා හිටියේ උන්ගේ පිටරට තියෙන හොරසල්ලි ටික මෙහෙට ඇදගන්නේ කොහොමද කියලා...ඒ සල්ලි උපයා ගත්තු විදිහ ගැන කිසිම විස්තරයක් නොදී දැන් උන්ට පුළුවන් ඒ සල්ලිවලින් කොටසක් හරි රහසිගතවම මේ ගිණුමට බැර කරගන්න ...කොරෝනාවේ පිහිටෙන් දැන් ගේමක් ගහන්න තමයි හදන්නේ .....පිටරට දුක් මහන්සියෙන් රස්සා කරන මිනිස්සුන්ගෙන් සීමිත කොටසක් මේවයේ මුදල් දාන්න ඉඩ තියෙනවා ...
    මේකෙන් කොරෝනා මර්ධනයට වෙන උදව්ව කොහොම වෙතත් ...වෙලාව බලලා ආණ්ඩුවේ මහ එවුන් උන්ගේ පිටරට තියෙන සල්ලි ටික මෙහාට ඇදගන්න... ඊට පස්සේ මෙහෙ මොනවහරි බිස්නස් වලට ආයෝජනය කරගන්න කරපු වැඩක් මේක