විදේශ රැකියා නියුක්ත අපි , ලංකාවේ ආර්ථිකය &#35

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විදේශ රැකියා නියුක්ත අපි , ලංකාවේ ආර්ථිකය &#35

    විදේශ රැකියා නියුක්ත අපි , ලංකාවේ ආර්ථිකය සහ වරප්‍රසාද ලබන උතුමන් .

    මෙය ලියන මගේ උත්සාහය පවතින රජයට මඩ ගැසීමේ අරමුණක් නොවන බව පළමුව අවධාරණය කරනු කැමැත්තෙමි.

    ලංකාවේ ජනගහනයෙන් ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් සියයට කියක් විදේශ රැකියාවක නියුක්තව සිටිනවාද යන්න මා දන්නේ නැත. එහෙත් එය සැලකිය යුතු අගයක් ගන්නා වගනම් එළකිරියේ සහෝදර සැවොම දන්නවා ඇත.( මා මේ ලියන්නේ පවුල් පිටින් පිටරට පදිංචි වූ උදවිය ගැනනම් නොවේ ) කුමන ප්‍රදේශයක ගත්තද කුමන ගමක කුමන ග්‍රාමසේවක වසමක උවද විදේශ රැකියාවක නියුක්ත කිහිප දෙනෙකු සොයාගැනීම ඉතා පහසුය. මේ කුමන අයකු උවද පිටරට ගොස් දුක් විඳ රැකියා කරන්නේ ලංකාවේ ජිවත්වන්නාවූ තම තමුන්ගේ දරු දෙමාපිය අඹු සැවොම ජිවත් කරවීම උදෙසා වේ. පවතින ලෝක ආර්ථික තත්වය අනුව ලංකාවේ පුරවැසියෙකු විදේශ රැකියාවක නියුක්ත වන්නේ නම් අවම වශයෙන් ලංකාවේ වලංගු මුදලින් රුපියල් 50,000 මාසිකව ලංකාව වෙත එවන්නේය. සිටිනා රට හා කරන රැකියාව අනුව මේ මුදල වැඩි මිස අඩු වන්නේ නැත.

    දැනට ලංකාවේ ආර්ථිකය තත්වය අනුව රටේ දේශීය නිෂ්පාදිතයෙන් විදේශයන්ට යම් දෙයක් විකුණා රටට මුදල් ගෙන එනු ලබන ව්‍යාපාර හෝ නිෂ්පාදන වශයෙන් තේ , පොල්, රබර්, කුරුඳු , හා වෙනත් කුළු බඩු වර්ග හා සංචාරක කර්මාන්තය තිබුනද ඒවා රටේ පැවැත්ම උදෙසා ප්‍රමාණවත් නොවේ. රටේ අය වැය පරතරය පියවීමට මෙතෙක් පවතී සෑම රජයකටම විදේශ ණය ආධාර මත යැපීමට සිදුවිය . රටට මුදල් ගලා එන ප්‍රභවයක් වශයෙන් විදේශ රැකියා නියුක්තිය වැදගත්ම සාධකයක් වෙමින් පවතින අතර ඒ ගැන කිසිදු ලොක්කෙකු කතාකරන්නේ නැත. ලොක්කන්ගේ ඔලුවලට වටහෙන්නේද නැත. වටහුනද නොවටහුනා සේ සිටීමටද ඔවුන් මැනවින් දන්නේය.

    ලෝකයේ බොහෝ රටවල්වල බොහෝ සිවිල් කටයුතු වලදී හමුදා සේවයේ නියුක්ත වුවන්ට / ජ්‍යෂ්ට පුරවැසියන්ට / රටට විදේශවිනිමය ගෙන එන පුද්ගලයන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේය. ඒ ඔවුන් රට වෙනුවෙන් කරන ලද්දා වූ සේවයට උපහාර පිදීමක් වශයෙනි. එහෙත් අපේ අරුම පුදුම රටේ මේවා සිදුවන්නේ උඩු යටිකුරු කොට නොවේද? රටට සේවය කරනවුන්ට වඩා වරප්‍රසාද විඳින්නේ පුටු රත්කරනාවූ ප්‍රභූ පැලැන්තිය නොවේද?

    රට තුලට මුදල් ගෙන එන විදේශගත අපිට අපේ රටෙන් අපිට දෙන සහන මොනවද? අපි ලංකාවට එවන ඩොලර් වලින් අපි ගෙවන්නේ බදු සහන විඳින උදවියගේ බදු නේද?

    විදේශගත වෙලා දුක් විඳින ශ්‍රී ලාකික හැමෝම වෙනුවෙන් එලකිරියෙන් හඬක් නගන්න උත්සහ කරමුද අපි.


     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    nv7ihi.jpg