වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
වින්ඩෝස් 7 වල wifi access-point එකක් හදමු

ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාව යාළුවොත් එක්ක බෙදාගන්න ඕන උනොත් මොකද කරන්නෙ. wifi තියනවනම් කරන්න තියෙන්නෙ ad-hoc එකක් හදල ඒකෙ තමුන්ගෙ අන්තර්ජාල සම්බන්ධතාව ‍ෂෙයාර් කරන එකයි. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ ඔයත් අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ wifi වලින් නම්. ඒ වගේමයි සමහර ඩිවයිස් වලින් ad-hoc වලට සම්බන්ධ වෙන්න බැහැ. (මට මේ ක්‍රමය ඕන උනේ මගේ app ටෙස්ට් කරන Windows Phone 7 ඩිවයිස් එක ලැප් එකේ හදපු ad-hoc එක අඳුනගත්තෙ නැති නිසා)

මේකට විසඳුම තමයි wifi access-point එකක් හදාගන්න එක. මෙතෙන්දි අපේ ඇත්ත wifi ඇඩැප්ටර් එක මත පදනම් වෙලා වර්චුවල් wifi ඇඩැප්ටර් එකක් හදාගන්නව. කරගන්න විදිය පියවර වශයෙන් කියන්නම්.

මුලින්ම ඩොස් ප්‍රොම්ප්ට් එක ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට රන් කරගන්න ඕන. ඒක කරන්නෙ Start මෙනු එකේ All Programs වල Accessories වල තියන Command Prompt මත රයිට් ක්ලික් කරල එක මෙනු එකේ Run as Administrator තෝරන එකයි.

ඊටපස්සෙ මේ කමාන්ඩ් එක රන් කරන්න

netsh wlan set hostednetwork mode=allow ssid=MyConnection key=connectme

මේ කමාන්ඩ් එකෙන් MyConnection නමින් wifi access-point එකක් හදනව. පාස් කී එක connectme. ඒ දෙකට ඔයාට කැමති එකක් දාගන්න පුළුවන්.

ඊලඟට ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක access-point එකත් එක්ක ෂෙයාර් කරන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම Network and Sharing Center එකට යන්න
.

lyalk.jpg


ඒකෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තෝරගන්න. (මගේ එක Mobile Broadband Connection 2 (Airtel))


TxgrR.jpg


Properties බොත්තම ක්ලික් කරන්න. Sharing ටැබ් එකේ "Allow other network users to connect through this computer's Internet connection" චෙක් බොක්ස් එක චෙක් කරල "Home networking connection" ලිස්ට් එකෙන් අපි හදපු access-point එක තෝරගන්න.

FlVeJ.jpg


දැන් access-point එක ක්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ. මේ කමාන්ඩ් එක රන් කරන්න.

netsh wlan start hostednetwork

access-point එක නවත්වන්න ඕන නම් මේ කමාන්ඩ් එක රන් කරන්න.

netsh wlan stop hostednetwork

කරල බලන්නකො වැඩේ සාර්ථකද කියල






meya pasanlive blog pituwen uputagath lipiyaki
 

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hmm mehema karahama lap eka wifi hotspot ekak karala phone eken wifi ap ekak widiyata search wenawada?