වින්දිතයාට දඩුවම් දෙන හම්බයෝ
තමන් සේවය කළ පාසලේ විදුහල්පතිවරයා විසින් දුරකථනයෙන් ලිංගික අල්ලස් ඉල්ලා කරන ලද කතා බස් පටිගත කිරීම නිසා සිරදඬුවම් නියම වූ කාන්තාවකගේ දඬුවම අත්හිටුවීමට ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
බයික් නුරිල් මක්‌නුන් නැමැති හතලිස් එක් හැවිරිදි කාන්තාව පාසල් සේවිකාවකි. ඇගේ අභියාචනය ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු එරට අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.
තිදරු මවක වන මෙම කාන්තාව පාර්ලිමේන්තුවේදී අදාළ සිදුවීම විස්‌තර කරමින් හඬා වැළපෙමින් ප්‍රකාශ කළේ තමන් ලැබූ මේ අත්දැකීම ලොව කිසිදු කාන්තාවකට නොලැබේවා යනුවෙනි.
ලොම්බොක් දූපතේ පාසලක සේවිකාවක වූ ඇගේ දුරකථනයට නිතර ඇමතුම් දුන් ඇගේ පාසලේ විදුහල්පතිවරයා ඇගේ පහස ඉල්ලමින් දිගින් දිගටම ඇයට කරදර කළේය. කොතරම් ප්‍රතික්‍ෂේප කළද ඔහුගෙන් බේරුමක් නොවුනු තැන. එම දුරකථන ඇමතුම පටිගත කර ඇය එම හඬ පටය පාසලේ ගුරුවරුන්ට ලබා දුන්නාය.
එම ගුරුවරු අතරින් කිසිවකු විසින් එය සමාජ ජාල වෙත මුදාහැර තිබිණි.
එය සමාජ ජාලා තුළ ලැව්ගින්නක් සේ පැතිර ගියේය. අදාළ විදුහල්පතිවරයා වහාම සේවයෙන් නෙරපන්නට අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ.
මේ අතර දුරකථනයෙන් කළ කතා බහක් සමාජ ජාලා ඔස්‌සේ වෙනත් පිරිස් වෙත මුදාහැරීම නිසා තම රැකියාව අහිමි වූ බව පවසමින් අදාළ විදුහල්පතිවරයා පසුව මෙම ගුරුවරියට එරෙහිව නඩු පවරන ලදී. මෙම සේවිකාව පැවසූවේ තමන් එය සමාජ ජාලවලට ලබා නොදුන් බවය. පළාත් අධිකරණය විදුහල්පතිවරයාගේ පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරන ලදී.
පසුව විදුහල්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ අසභ්‍ය හඬ පටයක් ජනතාව අතර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් බයික් නුරිල් වැරදිකාරිය බවය.
මාස හයක සිර දඬුවම් සහ රුපියල් මිලියන පන්සියයක දඩ මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට නියම කරන ලදී.
පසුව මෙම නඩු තීන්දුවට එරෙහිව ඉන්දුනීසියාව පුරා දැඩි මහජන විරෝධයක් ඇති විය.
පසුව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ඇයට සමාව ලබාදෙන ලද අතර පසුව ඉන්දුනීසියානු පාර්ලිමේන්තු විසින් ද එය තහවුරු කරමින් ඇයට සමාව ලබා දෙන ලදී.
ඉන්දුනීසියාව තුළ සිදුවන ලිංගික අපයෝජනවලදී කාන්තාවෝ දැඩි ලෙස අසරණ වෙති. ඒ තරමට ඉන්දුනීසියානු නීතිය හා අධිකරණ පද්ධතිය තුළ කාන්තා අයිතිවාසිකම්වලට ලැබෙන්නේ පහළ තැනකි.
ලෝකේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න රටලු.කොහොමද ඒ නීතිය..එහේ එහෙම නම් මෙහේ කොහොම ඇතිද?