විනාඩි පහෙන් Coursera course එකක් ලේසියෙන් download කරමු | A-Z guide

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ආතක් පාතක් නැතුව power down වෙනකොට කොහෙද online course කරන්නේ :baffled:
    අද කතා කරන්නේ එක click එකකින් මුලු coursera course එකක්ම download කරන හැටි

    මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න සරලව තියෙන්නේ, බැරෑරුම් technical terms නැතුව;)


    මුලින්ම python download කරගන්න ඕන, හැබැයි latest version එක මේකට හරියන්නේ නෑ
    3.8 තමයි ඕන. මේ link එකෙන් direct download කරගන්න පුලුවන්
    Download Windows installer (32-bit)
    Download
    Windows installer (64-bit)

    ඊටපස්සේ setup එක run කරලා Install Now click කරන්න🛑
    මතක ඇතුව පහල තියෙන Add python 3.8 to PATH එකට tick එක දාන්න

    හරි දැන් command prompt(CMD) එක open කරලා python කියලා ගහන්න, එතකොට version එක 3.8 කියලා එනවානම් වැඩේ ගොඩ
    type exit() to leave python


    දැන් ආයෙත් CMD එක open කරලා කෙලින්ම මේ command එක enter කරන්න

    Code:
    python -m pip install coursera-dl


    Coursera account එකක් නැත්නම් එකක් හදාගන්න මෙතනින්, තියෙනවානම් usr & pswd ready කරගන්න
    https://www.coursera.org/signup


    ඔන්න අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ, මෙතන පහලින් text එකක් තියෙනවා
    ඒක සම්පූර්ණයෙන් copy කරගෙන NOTEPAD එකේ paste කරන්න
    enter your email කියන කියන තැන ඔයාගේ coursera email එක
    password here කියන තැන coursera password එක

    Code:
    --username <enter your email>
    --password <password here>
    --subtitle-language en
    --download-quizzes
    
    # feel free to remove or add whatever you want
    # https://github.com/coursera-dl/coursera-dl

    ඔය text file එක coursera-dl.conf කියලා save කරන්න, මතක ඇතුව file extension එක .conf වෙන්න ඕන
    ඔය file එක course එක download වෙන්න ඕන folder එකට දාන්න (ඕන folder එකක්) :P


    DONE!
    දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න
    cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම්
    📌TIP by @MihiCherub
    Click Here to Jump In

    coursera course එකට ගිහිල්ලා enroll වෙන්න, එතකොට url එක වැටෙයි මෙහෙම
    https://www.coursera.org/learn/XXXXXX-XXXX-XXXXX

    ඕකේ https://www.coursera.org/learn/ නැතුව අග ටික copy කරගන්න



    දැන් අර navigate කරපු cmd එකට ගිහින් මේ code එක ගහන්න

    Code:
    coursera-dl <course name that you copied>


    BOOM!
    අපලයක් නැත්නම් මේ වෙනකොට course එක download වෙන්න ඕන. ඒ අතරමග errors එයි. ඒවා ignore කරන්න
    කොහොමත් මේ වගේ දෙයක් first time කරනකොට කෙලවෙනවා.
    so giveup නොකර comment එකක් දාන්න එන error එකත් එක්කම, troubleshoot කරමු;)
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ තියෙන්නේ මං test කරන්න download කරපු එකක්,
    file & folders ටික කොහොමද organize වෙන්නේ කියලා idea එකක් ගන්න
    ආයේ rename කර කර කාලේ කන්න ඕන නෑ. ඒවා ඔක්කොම automatically වෙනවා



     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න
    cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම්
    tip
    one folder ekata gihin ethana address bar eke cmd kiyala gahanna. ethakota cmd eka open wenne current folder eken.
    admin one nam Alt+F+S+A
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    TFS mchooo..
    oya widiye kramayak nedda Udemy wala course 1k down karaganna... ? tool1k or software1k ?
    ඔය තරම් ලේසියෙන් කරන්න ක්‍රමයක් නෑ
    coursera වගේ නෙමෙයි udemy profit-model නේ:(

    videos ඔක්කොම encrypt කරා, තියෙන හැම tool එකක්ම fail වෙනවා
    සැරින් සැරේ patch ගහනවා උන්