විනාශය හෙලි කරන්න එපා - ආණ්ඩුව
විනාශය හෙලි කරන්න එපා.. ආණ්ඩුව මාධ්‍යට අනතුරු අගවයි
වගකීමෙන් යුතුව මාධ්‍ය කාර්යයේ නියැළෙන ලෙස තමන් සියලුම මාධ්‍ය ආයතන මගින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් පවසයි.දැන දැන සිදුවූ මහා විනාශයක් වලක්වා ගැනීමට නොහැකිවූ වගකීමක් නැති ආණ්ඩුවේ ලේකම් වරයෙකුගේ කතාවකි ඒ.
තාක්ෂණික මෙවලම් මෙන්ම තාක්ෂණික වශයෙන් බොහෝ දේ දියුණු යුගයක් බැවින් ඉතාම සුළු සිදුවීමක් පවා මහාපරිමාණයෙන් හුවාදැක්වීමක් සිදුවිය හැකි බව හෙතෙම කියා සිටියි. ඊයේ ඇතිවූ සුළු සිදුවීමක් කෙටි පණිවිඩ හා කට කතා මාධ්‍යය මගින් වැරදි තොරතුරු ලෙස සමාජගත වන බවත්, රටක් ලෙස එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් ලේකම්වරයා ප්‍රකාශ කරයි.
මාධ්‍ය ලේකම්වරයා පවසන මෙම සුළු සිදුවීම දෙදෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබීම දැයි අප විමසමු.ත්‍රස්තවාදීන්ට ආදාර අනුබල දීමට රජයක් ලෙස කටයුතු කිරීමද රටක් ලෙස බරපතල තත්ත්වයකි.
එබැවින් අන්තර් ආගමික සහජීවනය විනාශ කෙරෙන අන්දමේ අසත්‍ය හා කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, එසේ නොවුණහොත් එය බරපතළ සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කටකතා හා දෝෂ සහිත පුවත් ප්‍රචාරය කිරීම නීත්‍යනුකූලවත් දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත්,ඒ නිසාම සමාජ ප්‍රගමනයට, ප්‍රගතියට මිස ගැටුම්කාරී තත්ත්වයන්ට උඩගෙඩි දෙන අන්දමේ මාධ්‍ය භාවිතයෙන් වැළකෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අන්තර් ආගමික සහජීවනය පමණක් නොව පුරවැසියෙකු සතු මූලික අයිතිය පවා අහුරාලමින් බේබදු සේනාවල් ගෙන යන ක්‍රියා කලාපය සමාජ ප්‍රගමනයට හෝ ඔය කියන සමාජ පරිහානියට බල නොපාන්නේ දැයි අප විමසා සිටිමු.
නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය අතට ගත් ත්‍රස්තවාදීන්ට මිස තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියට නොවන බවද අවධාරණය කරමු.

sathu wage lamai hadanawa loke wate un maraganawa