පුංචි කථාවක් කියන්නම්.. ආදරවන්තයෙක් ගැන.. අහන්න එපා පුද්ගලයා කවුද කියලා.. මේක ලියන මාව දන්න පුද්ගලයන්ටවත් කථා නායකයා හොයාගන්න බැරි වෙන්න කථාව වෙනස් කරලා කියන්නෙ.. මොකද ඒක ඒ පුද්ගලයාට අතිශයින් වැදගත් දෙයක් නිසා..
කථාව කියවලා යමක් ඔබට ගන්න පුළුවන්ද බැරිද කියල දන්නෙ නෑ.. නමුත් හිතුණා ලියන්න..
කොල්ලෙක් හිටියා.. කෙල්ලෙකුට ගොඩක් ආදරය කළා.. නමුත් ගෙදරින් කැමති වුනේ නෑ.. ගොඩක් හේතු මත..
කෙල්ලත් කොල්ලට ආදරෙයි.. කෙල්ලගෙ ගෙදරිනුත් කැමති නෑ..
ස්කෝලෙ කාලෙ ඉදන් වසර 3ක් විතර තිබුණු සෑහෙන්න බැදීමක් තිබුණු ආදරයක්..
දවසක් කෙල්ල කථා කරලා කිව්වා අපෙ මාමා ඉන්නෙ ඉතාලි වල.. එහෙ එන්න කිව්වා සතියකට ඇවිත් යන්න කියලා.. මං යන්නද කියලා..
එච්චර ගාණක් වුනේ නෑ.. කොල්ලත් කිව්වා හා එහෙනම් කමක් නෑ නේද.. පරිස්සමින් ගිහින් එන්න කියලා..
මාසෙකට විතර පස්සෙ කෙල්ල ඉතාලි ගියා.. අද වෙනකම් මා දන්න තරමින් කිසිදු ආරංචියක් නෑ කෙල්ල ගැන..
ඉතාලි ගිහින් කෝල් එකක් නුදුන්නත් කොල්ලා සතියක් ඉවසන් හිටියා.. නමුත් දින ගෙවුනා.. ආරංචියක් නෑ.. දන්න හැම තැනම කථා කරා.. බැරිම තැන කෙල්ලගෙ ගෙදර ගියා.. කෙල්ලගෙ තාත්තයි තව හිටපු නෑයෙකු ගෙදරින් එළවගෙන තිබුණා..
මිනිහා සෑහෙන්න මානසිකව වැටුණා.. මිනිහා එදා හිතේ අමාරුවට බිලා බයික් එක පැදලා ඇක්සිඩන්ට් වුණා.. කවදාවත් අරක්කු පොදක් බීලා නෑ කියලා මං දන්න කෙනෙක්..
මං ගියා ඉස්පිරිතාලෙට.. ඇහුවා මොකද්ද බං උනේ කියලා.. කිව්වා මට දැනුනා වෙනදා වගේ එයා බයික් පිටිපස්සෙ ඉන්නවා මං ලගින් වාඩි වෙලා කියලා.. පස්ස හැරිලා බැලුවා බං.. එතකොටම වැදුණා බං ලොරියක...
කකුලක් කැඩිලා තිබ්බා.. මාස ගාණක් ගෙදරම හිටියා.. ඇදටම වෙලා.. ඒ අතරෙ ඉතාලියෙ අංකයකින් එකම එක කෝල් එකක් ඇවිත් තිබ්බා.. වචන කිහිපයයි කියලා තිබ්බෙ.. මට සමාවෙන්න අයියෙ.. මාව බලෙන් බැන්දුවා.. මට කරන්න දෙයක් ඉතුරු වුනේ නෑ..
ඒ කෝල් එක ඇත්ත එකක්ද නැත්නම් හීනෙන් වගේ එහෙම කියනවා ඇහුණද කියලා මතක නෑ.. මිනිහා ඒ තරම් ෂොක් වුනා..
ටිකක් නැගිට්න්න පුළුවං උන ගමන් මිනිහා එක දෙයයි කරේ..
පිටු 80ක පොතක් ලියලා තිබ්බා.. මතකයන්.. මං ඔක්කොම කියෙව්වා.. මුලින් පොත අල්ලන්නවත් දුන් නෑ මට.. ඒත් මං ඇවිටිලි කරලා ඉල්ලා ගත්තා.. ඒකෙ තිබුණ ඔක්කොම ටයිප් කරන්න බෑ.. කෙටියෙන් සමහර කොටස් ලියන්නම්..
-------
දැන් කකුල හොදයි මගෙ.. මම ගියා අද එයා මාව මුලින්ම හමු වුණ තැනට.. ගස් කොළන් ඒ පරිසරය එහෙමමයි.. මාත් ඉන්නවා.. එයා විතරයි අඩු.. එයාගෙ සුවද දැනෙනවා මට ලග ඉන්නවා වගේ..
---------
අද මං ගියා එයත් එක්ක නිතරම චිත්‍රපටි බලපු හෝල් එකට.. උදෙන්ම ගියා අපි කලින් වාඩි වුණ තැනම අල්ලගන්න.. ඒක බොක්ස් එකක්.. තනියෙම යන්නෙ කොහොමද කියල මං කල්පනා කළා.. ඒත යන්න ඕන මට එතැනට..
මම තනියෙම ගිහින් ටිකට් 2ක් ඉල්ලුවා.. මොකද එතැනට එක ටිකට් එකක් අරන් යන්න බෑ.. ටිකට් දෙන අන්කල් මං දිහා අමුතුවට බැලුවා.. මාව අදුරනවා.. කෝ අර ළමයා.. තනියෙන් ඇයි ටිකට් දෙකක් මොකටද? කාලෙකින් ආවෙ නේද? ප්‍රශ්ණ වැලයි..
දෙන්නකො අන්ක්ල් එයා දැන් ඒවි කියලා මං මග ඇරලා ඇතුළට ගියා..
මුළු චිත්‍රපටිය පුරාවට මං ඇඩුවා.. මට දැනෙනවා ඈව.. ඈ මගෙ ලගින්ම හිටියා උරහිසට හිස තියාගෙන.. ඇගේ උණුසුම දැනුණා මට.. මං ආදරෙයි එයාට ගොඩක් ගොඩක්
----------
පානදුර බිච් එකට ගියා මං අද.. අපි හිටපු තැන් අපි කථා කළ දේ.. අපි ගත කළ ඒ ආදරණීය දවස්.. කොහොම අමතක කරන්නද මං..
---------
අද ගියා මම කළුතර පන්සලට.. අපේ ආදරේ විවාහයක් බවට පත් වෙනකම් ආරක්ෂා කරලා දෙන්න.. විවාහ වුනාම මුලින්ම ඇවිත් බෝධි පුජාවක් පවත්වනවා කියලා එදා මං ප්‍රාර්ථනා කළා..
ඇයි මෙහෙම මට වුනේ.. මං කරපු පෙර පවක් වෙන් ඇති...
---------
මගෙ යාළුවගෙ පොත කියවපු මට ඇඩුණා.. තවමත් ඒ පොත මතක් වෙන වාරයක් පාසා මගෙ හිත අවුල් වෙනවා..
මට එහෙම දැණුන නම් එයාට දැනෙන දුක කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ..
මේක 100%ක් උපුටාගැනීමක්.
චැට් රූම් කියන එකෙන් ගත්තේ.
මට හිතට වැදුනා.
ඒකයි ඔයාලත් එක්ක බෙදාගත්තේ.
අපි ගොඩ දෙනෙක්ට ආදරයෙන් වේදනාවන් ඉතුරු වෙනවා.
සමහරු ඒ වේදනාවෙන්ම මැරෙනවා.
සමහරවිට අර ගෑනු ලමයගේ අසරණ කමකුත් ඇති.
ඔයාලට හිතෙන දේකුත් කියන්න අමතක කරන්න එපා.
ඔයාල දන්න ඒ වගේ කතාවල් තියනවනම් මෙතන කියලා යන්න

pissek...
kella boru karanawanam kaluthara newi kohea giyath wedak nehe ban. 