විපක්ෂ නායකවරයාගෙන් නවනීදන් පිල්ලේට ලිප&
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ වෙත ඊයේ (09) ලිපියක් යොමු කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේ දී රජයෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව සදහන්.
හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ පිළිරුව නිදහස් චතුරස්රයෙන් ඉවත් කරන ලෙසත්, නිදහස් චතුරස්‍ර භූමියෙන් බෞද්ධ කොඩි ඉවත් කරන ලෙසත් ඇය රජයෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී.එස්. සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මෙන්ම, තම පක්ෂයේ සමාරම්භක නායකයා බව ද විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් කඩිනමින් බලාපොරොත්තු වන බවයි විපක්ෂ නායකවරයා තම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Last edited: