එංගලන්තයේ ඈත ගමක සංක්රමනික ශ්‍රී ලාංකිකයෙකුට දාව උපන් බ්‍රිතාන්‍ය පුරවැසි Ranil Jayawardena එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබූ පුවතක් මහා උජාරුවෙන් මිතුරන් අතරෙ බෙදා ගත් ශ්රීලාංකිකයින්ට තමන්ගෙ රටෙ උපන් මිනිසෙක් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකත්වයට පත්වීම විඳ දරා ගත නොහැකිව නගන මිනිස්කමට නිගා දෙන තරමේ අවලාදයන්, අපවාදයන් දකිද්දි දැනෙන හැඟීම විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයෙ වචන නැත.
දෙමළෙකුට විපක්ශ නායකකම ගිය නේදැයි හත්පොළේ වැටෙමින් විලාප දෙන උඹලා මේ නොකියා කියන්නෙ දෙමලු අපෙන් වෙන්වී තනිව ජීවත් වීමට කල සටන සාධාරණ එකක් බව නොවේද..
ආර්. සම්පන්ධන් මහතාට සුබ පතමි. දකුණේ සමාජය සමග ජීවත්වී පුරුද්දක් ඇති සම්පන්ධන් විපක්ෂ නායක වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. ඔවුන් ෆෙඩරල් සිහින පෙන්වා, බෙදුම්වාදී සිහින පෙන්වා උතුරේ සමාජය විකෘති කරන තාක් ඔවුන් ගැන සුබවාදීව බැලීමට නොහැකිය. දැන් සම්පන්ධන් යනු උතුරු පළාත් සභාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා නොවන බවත් ඔහු සියළු ජාතීන් නියෝජනය කරන විපක්ෂ නායකයා වන බවත් ඔහු වටහා ගත යුතුය. ඒ අනුව ක්‍රියා යුතුය.
අනෙක් අතට සම්පන්ධන් ගේ හඩ දැන් රටේ විපක්ෂයේ නිල හඩ ලෙස පිළිගැනීමක් ඇති වීම ගැටළුවක් විය හැකිය. ඒ ඔහු අන්තවාදී අදහස් දරණ තාක් කල් පමණි. ඒ හැරුණු කොට, කුමාර වෙල්ගම වැන්නෙකු විපක්ෂ නායක වීමට වඩා සම්පන්ධන විපක්ෂ නායක වීමේ අමුතු නරකක් නම් මට නොපෙනේ.
Waruna Sudantha Herath , Manjula Samarasekara
.... උපුටා ගැනීම බුකියෙන්......