මේ වෙද්දි ප්‍රකාශිත ප්‍රතිඵල අනුව (10.00 P.M) මාලිමාවට වඩා විපක්‍ෂයේ ආසන සංඛ්‍යාව වැඩි ප්‍රතිඵල කීපයක්ම දැක්කා. මාලිමාවට ආසන 7ක් තියෙද්දි අනිත් පක්‍ෂවලට ආසන 8-10 අතර ප්‍රමානයක් තියනවා. අලියා, ටෙලිෆෝන් එක, පොහොට්ටුව, පුටුව, සමහර ස්වාධීන කණ්ඩායම්, සර්වජන බලය කියලා වෙන වෙන නම් වලින් ඉන්නේ එකම සෙට් එකනේ. මේ අයට එකතු වෙලා සභාවල බහුතරේ හදාගෙන ඒ අයගේ කෙනෙක් සභාපති කරන්න පුලුවන් ද? මේකේ නීත්‍යානුකූල තත්තවය කොහොමද?