දෙස - බස - රැස - එකලු කළ කුමාරතුංග මුනිදාස
1887: ජූලි මස 25 වනදා මාතර දික්වැල්ල උපත ලැබීය. පියා වෛද්යාචාර්ය දොන් කුමාරතුංග නම් විය. මව දෝන ගිමාරා මුතුකුමාරණ නම් වූවාය. පවුලේ සොයුරු සොයුරියන් 12 දෙනෙක් වූහ. කුමාරතුංග මුනිදාස බාලයා විය.
1893: පියාගේ ඇසුර ලබමින් අධ්‍යාපනය ලැබූ මුනිදාස කුමාරතුංගයන් මූලික අධ්‍යාපන කටයුතු සඳහා දික්වැල්ල ප්‍රාථමික බෞද්ධ විද්‍යාලයට ඇතුලත් කෙරිණි.
පසුව ද්විතීයික අධ්‍යාපනය සඳාහා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කෙරිණි. එහිදී ඉංග්‍රීසි භාෂාව මනා ලෙස උගත්තේ ය.
පාසලේ මෙන්ම පියාගේ පුස්තකාලයේද නිරතුරුව ඇසුරු කරමින් නොතිත් ආසාවෙන් දැනුම සොයා ගියේය.
1900: පියා හදිසියේම අභාවයට පත් විය. අධ්‍යාපන කටයුතු අඩාල වන තත්වයට පත්විය. එහෙත් සිය වැඩිමහලු සහෝදරයාගේ උදව්වෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියටම කරගෙන ගියේය.
ආර්ථික දුෂ්කරතා නිසාම ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉවත් වී පිරිවෙන් හා පන්සල් ඇසුරින් අධ්‍යාපනය ලැබීමට යොමු විය.
1907: කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව පැවති ද්විභාෂා පාඨමාලාවේ ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස බැදුනේ ය. ඒ සදහා දැඩි කැපවීමකින් කටයුතු කලේ කුමාරතුංග මුනිදාසයන්ගේ වැඩිමහල් සහෝදරයා ය.
ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල්වීමට පෙරාතුව පැවතු පරීක්ෂණයෙන් ඉහලින්ම සමත් විය.
1909: වසර දෙකක ගුරු පුහුණුව අවසන් කලේය. අධ්‍යාපන මණ්ඩලය විසින් පිරිනමන ලද පත්වීමක් අනුව කඩුගන්නාවෙව් ද්විභාෂා විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලැබුවේ ය.
සිසුවෙකු විසින් අසල ලද ව්‍යාකරණ ගැටලුවකට නිසි පිලිතුරු ලබා දීමට නොහැකි වීමෙන් භාෂාව්වෙ වියරණ සම්බන්ධයෙන් ගැටළු ඇති බව තේරුම් ගත්තේ ය. එය නිවැරදි කිරීමට "ව්‍යාකරණ විවරණය" බිහි කලේ ය.
පාසලේ පරිපාලන ගැටළුවක් හේතුවෙන් ටික කලකට ඉන් ඉවත්වී බෝමිරියේ පාසලට මාරුවක් ලබා ගත්තේ ය. පසුව නැවතත් කඩුගන්නාව වෙත ගියේ ය. වසර 8ක් එහි සේවය කලේ ය.
1917: පාඨශාලා පරීක්ෂක තනතුරක් හිමිවූයේ ය.
1921: පානදුරේ පල්ලිමුල්ලේ පදිංචිකාරියක වූ ලිලී පීරිස් මෙනවිය හා විවාහ විය. ඔවුනට මාලතී, නීතා, ගෝමින්, රුවන්, පුනු සහ බින්දු යනුවෙන් දරුවන් හය දෙනෙක් වූහ.
1922: රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූයේ ය. පොත පත ලිවීම වෙනුවෙන් වැඩි කාලයක් ගත කලේ ය.
1934: ලක්මිණි පහණ පුවත්පත නැවත ආරම්භ කර එය වසර් දෙකක් පවත්වාගෙන ගියේ ය.
1936: "සුබස" සහ "Helio" නමින් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් යුත් සඟරා දෙකක් සංස්කරණය කලේ ය.
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීහු තම බෝග වගාවන්හි පාලන කටයුතු සදහා අවශ්‍යකරන ලිපිකරුවන් පුහුණු කරලීම සදහා ඔවුන්ට මිෂනාරි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කලහ. කුමාරතුංගයන් සිය පුවත්පත්වලින් හා සඟරා වලින් මෙයට විරුද්ධව හඬක් නැගුවේ ය.
1941: තම මූලිකත්වයෙන් හෙළ හවුල පිහිටුවා ගැනුණි.
කුමාරතුංගයන්ගේ මතවාද හා එක් වූ ලෙව්ඛකයෝ, ගුරුවරු සහ දේශහිතෛෂීහු බොහී පිරිසක් මේ හා සම්බන්ධ වූහ.
1944: මාර්තු 2 දින හදිසියේම අභාවප්‍රාප්ත විය.
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ග්රන්ථ
ව්‍යාකරණ - කුමාර ව්‍යාකරණය, ක්‍රියා විවරණය, ව්‍යාකරණ විවරණය
ළමා නිර්මාණ - කුමර ගී, මඟුල් කෑම, හත්පණ, හීන් සැරය, සුර කුමරිය, කියවණ නුවණ
කාව්‍ය කෘති - පියසමර, කුමාර පද්‍ය, සමරුව
සම්භාව්‍ය කෘති - සසදාවත විවරණය, මුව දෙව්දාවත විවරණය, මයුර සංදේශ විවරණය, සැලලිහිනි සංදේශ විවරණය, කාව්‍යශේඛරය විවරණය
විවිධ විෂයයන් - ශික්ෂා මාර්ගය, අකුරු සැහැල්ල, විරිත් වැකිය, නිකම් හැකියාව, ප්‍රබන්ධ සංග්‍රහය, දෙබස් හිණ, රසායනය, සමරුව, හෙළ මියැසිය, කුකවි වාදය, කවි රසය
මූලාශ්‍ර: ලංකාදීප, මව්බිම, ලක්බිම, විජය, මිහිර පුවත්පත්.
උපුටාගැනීම - wasithaya.blogspot.com
Last edited: