ඩොක්කුන්වත් හොල්මන් කොරවපු පිළිකා ගෙඩි ඇවිද්දවිල්ල.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය සීයට කරන්න තියෙන්නේ ඔය විදිහට ගෙඩි ඇවිද්දවන හැටි step by step සුපිරියටම පැහැදිලි කරලා පිටරට සුද්දොන්ටත් බලන්න පුළුවන් වෙන විදිහට YouTube Video එකක්වත් හදලා Upload කරන එක. ඊට පස්සේ University වල ආධාරයෙන් ඔය ක්‍රම ලේඛන ගත කරලා සංරක්ෂණය කරන්න ඕනේ. එතකොට තව තව ලංකාවේ සහ පිටරටවල් වල Scientist ලටයි, Doctors ලටයි ඔය තාක්ෂණයට Contribute කරන්න පුළුවන් වෙලා ඔය තාක්ෂණය සුපිරියටම Develop කරගන්න පුළුවන් වෙලා ඔය තාක්ෂණය පාවිච්චි කරලා ලෝකෙ වටේම ඉන්න පිළිකාව තියෙන මිනිස්සු මිලියන 18 කගෙ ජීවිත බේරගන්න පුළුවන්.
    දැනටමත් පිළිකා ලෙඩ්ඩු ලංකාවට ඇවිල්ලා බේත් අරන් සනීප වෙලා යනවා.
    ඔය ක්‍රමේ පාවිච්චි කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවිත විතරක් බේරගෙන පිටරටවල් වල Cancer තියෙන සුද්දොන්ගෙ ජීවිත බේරාගැනීමේ අවශ්‍යතාවයක් නෑ කියලා කාට හරි හිතෙනවා නම් ඌ හෙන ආත්මාර්ථකාමීයි බං. @pitiye.appu @Kumbhakarna22 උඹලා දෙන්නට ඒ වගේ ආත්මාර්ථකාමී හැඟීම් එන්නෙ නෑ නේද? 🙂
    ආත්මාර්ථකාමී අපි නෙවෙයි නේ, mbbs බේසිකයෝ නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සාමාන්‍යයෙන් මර්මස්ථානයක් කිට්ටුව අසාමාන්‍ය වර්ධනය වීමක් අස්වාභාවිකව අයින් කෙරුවොත් ඒක රෝගියාට නරකට හිටිනවා ගොඩක් වෙලාවල් වල.

    එහෙම මර්මස්ථානයක තියෙන ගෙඩියක් වෙන තැනකට ගෙනියන එක සිංහල වෙදකමේ විතරක්ම තියෙන "ගෙඩි ඇවිද්දවීම" කියන ක්‍රමයක්.

    ඒ හපන්කම කොරපු වැඩ්ඩෙක්ගෙ කතාවක් තමයි මේ. 😎



    ලක්දිව දේශීය ආයුර්වේද වෙදකමේ සියවසකට පමණ ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ගම්පහ දිස්ත්‍රික්කය නිතකින් අප කාගේත් සිහියට නැගෙයි.

    අද අපේ කතා නායයානන්ද ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරුවල් පේරුවට අයත් පසෙකින් ඓතිහාසික පිලිකුත්තු කඳු වැටිය සහිත වන රක්ෂිතයද. තවත් පසෙ ඓතිහාසික මාලිගාතැන්න කඳුවැටිය සහිත වන රක්ෂිතයද දෙමිටියාවත සරුසාර කරමින් ගලා බසින ඌරුවල් ඔය පසකින් ද පිහිටි කෙත්වතු වලින් අතිරමණීය වූ වළගම්බා රජ දවස දක්වා දිවයන ඓතිහාසික පුරාවෘත්ත රාශියකින් යුක්ත වූ බුත්පිටිය නම් ගම්පියසේදී වර්ෂ 1934.10.06 දින වෛද්‍ය ඇම්.වී.රංගනෝනා මෑණියන්ටත් වෛද්‍ය හරමානිස් අප්පුහාමි පියාණන්ටත් දාව උපන් සහෝදරයින් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙස උපන් දරුවා සිරිසේන රාජපක්ෂ නම් විය.

    කුඩා කල සිටම දෙමව්පිය හා තව සහෝදරියන් සමඟ හැදී වැඩී නිසි කල තම නිවෙස අභියස ම පිහිටි බුත්පිටිය මහා විද්‍යාලයට ඇතුළත්ව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ ද සිය දෙමවුපියන්ගේ අදහස් පරිදි එවකට පැවති ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ආදිය ප්‍රමුඛ කොට අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන ගම්පහ විද්‍යාශේකර විද්‍යාලයට ඇතුළත් කොට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අතර සිය දෙමව්පියන් සමග කුඩා කල සිටම තම නිවසට පැමිණි රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමට දෙමව්පියන්ට උදව් වූ බැවින් හා කටයුතු කළ නිසාන් වයස 16 - 18 වන විට තනියෙන්රෝගීන් පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමට තරම් දක්ෂතාවයක් හා පළපුරුද්දක් ඇති කර ගැනීමට සමත්විය. මෑණියන් ළදරු වෙදකම,ඇස් වෙදකම හා සර්වාංග වෙදකම,පියතුමන් ගෙඩි වෙදකම, සර්වාංග වෙදකම,චර්ම රෝග යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍ය යන බොහෝ පරාශයක් පිළිබඳ මනා ලෙස ප්‍රගුණ කළ වෙද හෙදකම් කළ දෙමව්පිය යුවළකි. දෙමව්පියන් නිවසේ නැති කළ පැමිණෙන රෝගීන්ට බබේත් කියන්නට තරුණ වියේදීම භාග්‍යය උදාවිය.
    දෙමවුපියන්ගෙන් ලත් දැනුම පිළිබඳ සෑහීමකට පත් නොවූ මෙතුමා වෛද්‍ය අධ්‍යාපනය සඳහා බොහෝ ගුරු වෛද්‍යවරුන් වෙත ගිය අතර ඒ අතර සුවිශේෂී ගුරුවරු කිහිප දෙනෙක් නම් කල්එලියේ විතාන වෛද්‍යාචාර්‍ය තුමා, ගම්පහ ඇම්.සී චන්ද්‍රසේන වෛද්‍යාචාර්‍ය තුමා, අඹගහවත්තේ ධර්මදාස වෛද්‍යාචාර්යතුමා යන ගුරු ඇසුරෙන් සිය වෛද්‍ය අධ්‍යාපනය ඇස් වෙදකම, ළදරු වෙදකම, ගෙඩි වෙදකම, චර්ම රෝග වෙදකම, සර්වාංග වෙදකම ආදී බොහෝ පරාශයක් තුළ පුළුල් අවබෝධයක් ඇතිව වර්ෂ 1969.01.27 දින වෛද්‍ය සභාව විසින් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී අක්ෂි රෝග විශේෂ වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වී ඉන් අනතුරුව 1974.07.26 දින පැවති සම්මුඛ පරීක්ෂණයෙන් සර්වාංග වෛද්‍ය වරයෙකු වශයෙන් ලියාපදිංචිය ලබා වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ උපන් හපන්කම් දක්වමින් ප්‍රතිකාර කළ වෛද්‍ය වරයෙකු බවට පත් වූ මෙතුමාගේ ජීවන ගමනේදී වෛද්‍ය අධ්‍යාපනය ලබා දී ඇති ශිෂ්‍ය පිරිස 100ක් පමණ වන අතර සිය පාරම්පරික උරුමය තුළ වෛද්‍ය ලියාපදිංචිය සඳහා වෛද්‍ය සභාව වෙත යොමුකළ ශිෂ්‍ය සංඛ්‍යාව 30 ක් පමණ වන අතර අමතක නොවන අත්දැකීම් අතර එක් කාරණාවක් නම් රජයේ රෝහලකට තමන්ගේ බෙල්ලේ ඇති වූ ගෙඩියක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය රෝගියෙකුට රජයේ රෝහලෙන් ලද උපදේශය වූයේ එය ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු ගෙඩියක් වන අතර එහෙත් ගෙඩිය ඇති ස්ථානය අනුව ශල්‍යකර්මය කිරීම අවදානම් සහගතය. ඒ නිසා ගෙඩි වෙදමහතෙකුගේ ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. රෝගියා මෙතුමා වෙත පැමිණි අතර පරික්ෂා කර බැලීමේදී පලා ඉවත් කළ යුතුම ගෙඩියක් වුවද ස්ථානය අනුව මෙතුමාගේ නිගමනයද වූයේ පැලීම කළහොත් කළ හොත් එහි ඇති අවදානම බොහෝ බරපතළ විය හැකියි යන්නයි. රෝගියා වෙත කරුණු පහදා දී ගෙඩිය ශල්‍යකර්මයට පහසු ස්ථානයක් කරා ගෙන යාමට මෙතුමා කටයුතු කළ අතර රජයේ ආරෝග්‍ය ශාලාවට ගොස් දැන් ඔපරේශන් කරගන්න යැයි උපදෙස් දෙන ලදී. බටහිර වෛද්‍යවරු පවා මවිතයට පත් කරමින් මෙසේ ගෙඩි ඇවිද වන්නේ කෙසේද යන්න කියා සැමගේ කතාබහට ලක් විය.
    මෙවන් වූ අප ජීවකයාණෝ සිය දිවි ගමනේ 88 වසක් ආයු වළඳමින් කායික හා මානසික සුව තාවයෙන් රෝගීන් වෙත මහත් වූ කරුණා ගුණ පෙරදැරිව ප්‍රතිකාර කරමින් බොහෝ වෛද්‍ය ශිෂ්‍යන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙමින් කල්ගෙවන අතර නොබෝ දා මෙතුමන්ගේ මෙහෙවර ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනය මගින්

    " ආයුර්වේද විශාරද පණ්ඩිත " සම්මානනීය ගෞරවනාම උපාධිය පිරිනමන ලදී.

    එහෙයින් මේ කෙටි සටහන ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍යාචාර්ය සිරිසේන රාජපක්ෂයන්ගේ ජීවන තොරතුරු වලින් අල්පයක් ය.

    ඔබතුමාට මහර ආයුර්වේද සංරක්ෂණ සභාවේ සියලු සාමාජිකයන්ගේ ගුණාශීංසන මෙසේ එක් කරන අතර ශතවර්ෂයකට අධික කලක් දීඝායු ලැබේවා ! ප්‍රාර්ථනා කරමු.

    සටහන

    ලේකම්
    වෛද්‍ය අමුණුගම නන්ද ස්ථිවීර
    ආයුර්වේද සංරක්ෂණ සභාව මහර

    4qb7ZoR.jpeg

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: pitiye.appu

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Hmmm pora ape gee pitipasse inne. Gamee nam pora echara prasidda naa mokada apee patthe pilika gedi minissunta bohoma kalathurakin thamai hadeñe.
    ඔයාලගේ ගෙදර තියෙන්නේ කොහේද ?

    පොඩි දරුවන්ගෙ හමේ රෝග වලට බෙහෙත් කරන වෛද්‍යවරුන් ඉන්නවාද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මම හිතුවෙ අප්පුවාගෙ පුටාර් එක ලොරියකටවත් යට උනාද කියල කාලෙකින් දැක්කෙ නෑනෙ පච ත්‍රෙඩ් එකක් එක්ක
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    :eek: සිරාවට මේ වගේ කැපිලි කෙටිලි සජරීස් නැතුව පිලිකා සනීප කරගත්ත අය ඉන්නවනම් ස්ටොරිය දාපන් මචන්ලා. කපල කොටල හොස්පිටල් වල අයින් කලත් මම දන්න ගොඩක් අයනම් මෝපීන් ගහ ගහ මාසයක් දෙකක් එක තැන ඉදලා වලකජ්ජ ගැහුවා.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    :eek: සිරාවට මේ වගේ කැපිලි කෙටිලි සජරීස් නැතුව පිලිකා සනීප කරගත්ත අය ඉන්නවනම් ස්ටොරිය දාපන් මචන්ලා. කපල කොටල හොස්පිටල් වල අයින් කලත් මම දන්න ගොඩක් අයනම් මෝපීන් ගහ ගහ මාසයක් දෙකක් එක තැන ඉදලා වලකජ්ජ ගැහුවා.
    ape gewal laga aunty kenekutath breast cancer thibila surgery ekakin ain kra..2 times..but after about 4 years, the cancer has risen again..now she is again attending clinics :baffled:
     
    • Sad
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ape gewal laga aunty kenekutath breast cancer thibila surgery ekakin ain kra..2 times..but after about 4 years, the cancer has risen again..now she is again attending clinics :baffled:
    ඕක මහ කරුම ලෙඩක් බන්... හැදුනම පුදුම විදවිල්ලක් විදවන්නෙ. :sorry: එක පාර මැරෙනවනම් එකක්.
     
    • Sad
    Reactions: siri_ayya