විභාගය සමත් කරන්නැයි උත්තර පත‍්‍රයට දුක ල
පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකු තමන් විභාගය සමත්කරන්නැයි ඉල්ලමින් සිය පිළිතුරු පත‍්‍රයට රුපියල් 15000ක මුදල් නෝට්ටු අමුණා එවා තිබුණේයැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අනාවරණය කළේය.
සිය දුක්ගැනවිල්ල ලියූ කෙටි ලියුමක් ද සමග රුපියල් 5000 නෝට්ටු තුනක් පිළිතුරු පත‍්‍රයට අමුණා එවා තිබූ බව බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවේ දී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
එම සිසුවා එවා තිබූ රුපියල් 15000 රජයේ ගිණුමට බැර කළ බවත් එවැනි අනිසි ක‍්‍රම අනුගමනය කිරීම විභාග නීතිxරීති උල්ලංඝනය කිරීමක් වන අතර එවැනි අපේක්ෂකයින් විභාග දෙපාර්තමේන්තුවට කැඳවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු කීය.
පිළිතුරු පත‍්‍රවල දුක්ගැනවිලි ලියා එවීම, මුදල් නෝට්ටු අමුණා එවීම, ලිපින හා දුරකතන අංක සඳහන් කර තිබීම වැනි කටයුතුවලින් කිසිදු ඵලක් නොවන බව ද ඉන් සිදුවන්නේ අපේක්ෂකයාගේ කාලය නාස්තිවීම පමණකැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.