විභාග දෙපාර්තමේන්තුවට සූර්ය බල ශක්තිය
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීම අද (24) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදුකෙරුණි. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
කිලෝවොට් 250ක ධාරිතාවක බලශක්තියකින් යුත් මෙම බල ශක්ති ව්‍යාපෘතිය මේ වනවිට රාජ්‍ය ආයතනයක ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය බව පැවසෙයි. මෙම සූර්ය බල ජාල පද්ධතිය සූර්ය පැනල හත්සිය පනහකින් සමන්විත වන අතර, මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 28.5කි. මෙම සූර්ය බල ජාල පද්ධතිය මඟින් මෙගාවොට් පැය 30ක බල ශක්තියක් ජාතික විදුලි ජාලය වෙත මාසිකව නිකුත් කිරීමට අපේක්ෂිතය.
රුපියල් මිලියන අට ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂික ව නිපදවන මෙම සූර්ය පැනල පද්ධතිය පිහිටුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 8 කින් පමණ අඩුකරගත හැකි බවට අපේක්ෂා කෙරේ. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති භාවිතය තුළින් දේශීය ආර්ථිකයට සිදුවන මෙම විනිමය ඉතිරියට අමතර ව සුවිශේෂ පාරිසරික ප්‍රතිලාභයක් ද මෙමඟින් සැලසෙන බව