විභාග පාස් වෙන්න 'රතු පාට' යට ඇඳුමක් අඳින්න

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    විභාග පාස් වෙන්න 'රතු පාට' යට ඇඳුමක් අඳින්න

    විභාග පාස් වෙන්න 'රතු පාට' යට ඇඳුමක් අඳින්න

    විභාග කාල වකවානුව මානසික ආතතිය අධිකව ඉස්මතු කරවන යුගයකි. මෙම පීඩනය විශේෂයෙන් ම නැඟෙනහිර ආසියාවේ ප්‍රබල ව දක්නට ලැබෙන්නකි.


    සංස්කෘතික විවිධත්වයනට අනුව මේ විභාග පීඩනය ජය ගැනීම සඳහා විවිධ විශ්වාස හා ඇදහිලි අනුව ක්‍රියා කරන්නට විභාගයට මුහුණ දෙන සිසුවෝ පෙළැඹෙති. වාසනාව ගෙන දෙන ගීතයක් ගායනා කිරීම, විශේෂ අහරක් අනුභව කිරීම හෝ වාසනාවන්ත ඇඳුමක් ඇඳීම මේවා අතර වෙයි.


    මේ විභාග උමතුවෙන් කටයුතු කරන ආසියාවේ ඇතැම් සිසුන් තමන් මුහුණ දෙන විභාගවලින් ජය ලබනු පිණිස අනුගමනය කරන ඇතැම් ක්‍රමවේදවලින් පිලිබඳ සංක්ෂිප්ත සටහනකි මේ.


    1.වාසනාව ගෙනෙන 'කිට් කැට්'
    විභාගයට පෙර දිනයේ හෝ විභාගය පැවැත්වෙන දිනයේ හෝ ජපාන සිසුන් පුරුදුව සිටින්නේ 'කට්සුදොන්' (Katsudon) නම් සාම්ප්‍රදායික ආහාරය අනුභවයට ය. එය සකසන ලද බිත්තරයකින් වසන ලද උණුසුම් බත් කෝප්පයකින් හා ගැඹුරු තෙලේ බදින ලද ඌරුමස් සහිත කට්ලටයකින් සමන්විත වේ. මෙම ආහාරය හැඳින්වෙන "katsu" යන නමේ අර්ථය වන්නේ 'ජයග්‍රහණය' යන්නයි. මේ සාම්ප්‍රදායික ආහාරය අනුභව කිරීම තුළින් තමන්ට වාසනාව ගෙන දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.


    'කිට්කැට්' චොකලට් ද වාසනාව ගෙන දෙන තවත් අහරක් ලෙස ජපන් වැසියෝ අදහති. 'කිට්ටෝ කට්ටෝ' යනුවෙන් උච්ඡාරණය කෙරෙන 'කිට්කැට්' චොකලට්වල නම 'කිට්ටෝ කට්සු' යන යෙදුමට සමාන යැයි පැවසේ. 'කිට්ටෝ කට්සු' යන ජපන් යෙදුමේ තේරුම 'නිසැක ජය' යන්නයි. 'කිට්කැට්' අහරට ගැනීමෙන් වාසනාව උදා කරවන විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට මුහුණ දීමට හැකි යැයි විශ්වාස කෙරේ.


    2. දවසකට ඇපල් ගෙඩියක්
    විභාග කාල වකවානුවල විවිධ අයුරින් සැකසූ ඇපල් හා ඇපල් ඇතුළත් ආහාර හොංකොංහි සරසවිවල අලෙවි කෙරේ.


    'ඇපල්වලට චීන බසින් පවසන්නේ 'පින්ග් ඹ් ' යනුවෙන්. ඒකෙ තේරුම තමයි ආරක්ෂාව යන්න. ඉන් කියැවෙන්නේ ඔබ ඉතා ආරක්ෂිතව විභාගය සමත් වන බව' යැයි චීනයේ නාන් ජිං පළාතේ වැසියකු වන චොන්ග් වෑන් පවසයි.


    3.නෑමෙන් වළකින්න
    විභාගයට මුහුණදීම සඳහා කලබලයෙන් වැඩ කරන අයකුට දිය නෑම පිළිබඳ ඇතැම්විට අමතක වන්නට පුළුවන. එහෙත් ඔබ කොරියානු සිසුවෙක් හෝ සිසුවියක නම් නොනා සිටීම ඔබට ගැටලුවක් නොවන්නට පුළුවන. දකුණු කොරියාවේ බොහෝ සිසුන් සිතන්නේ විභාග සමයේ ඔබ ස්නානය කිරීමෙන් හිස සේදීමෙන් ඔබ තුළ වන දැනුම ද සම්පූර්ණයෙන් ම සේදී යන බවකි.


    'අපේ පන්තියේ ළමයෙක් හිටියා. අනිත් දවස්වලට එයා බොහොම පිරිසුදුව ඉන්නවා. එයා විභාගෙ දවස්වලට නම් නාන්නෙ නෑ. විභාගෙ දවස්වල එයා අනුගමනය කරන මේ 'නො නාන ව්‍රතය' ගැන දන්න අය ඒ දවස්වලට නම් එයා ළඟට යන්නෙ නෑ.' යි මේ සිසුවා ගේ පන්තියේ ම සිටින තවත් සිසුවෙක් පවසයි.


    4. විභාග දිනවල පිස්සු නැටීම
    විභාගය ආසන්නවත්ම හොකොං සිසුවන් ගෙන් වැඩි දෙනකු ගේ කාලය ගෙවෙන්නේ සමාජ ශාලා, යම් යම් කුඩා කණ්ඩායම් ලෙස එක්ව කාලය ගත කරමින් හෝ පොදු නිවාසවල එක් රැස් වෙමින් නානා ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමිනි. මේ එක් රැස්වීම්වල අරමුණ වන්නේ 'සුපිරි සාමාර්ථයක්' හෙවත් "superpass" ලබා ගැනීම ය. නොඑසේනම් විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගෙන සමත් වීම ය. ඒ සඳහා අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික "superpass" ක්‍රියාකාරකම් ගණනාවකි.


    "superpass" ක්‍රියාකාරකම්හි පළමු වැන්න වන්නේ චීන අවන්හලක ගන්නා රාත්‍රී ආහාර වේල ය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ඌරු මස් කුට්ටි සමඟ කජු අනුභව කිරීම විශේෂත්වයකි. 'කජු' සඳහා යෙදෙන චීන වදන 'සමත් වීම සඳහා වන කැමැත්ත" යන්නට සමාන වේ. 'ඌරු මස් කුට්ටි' යන්නට යෙදෙන චීන වචනය සමාන වන්නේ 'විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට ඇති අපේක්ෂාව' යන්නයි.


    6. වාසනාව දෙපලු කිරීම
    රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සූදානම් කර ඇති බදින ලද සුවිසල් ඌරකු දෙපළු කිරීම සිසුනට පැවරෙන තවත් අභියෝගයකි. සහභාගී වන සැම කෙනකුට ම ඌරා දෙපළු කිරීම සඳහා එක් අවස්ථාව බැගින් ලැබේ.


    තමන්ට ලැබෙන පළමු වතාවෙන් ම ඌරා දෙපලු කරන තැනැත්තා පෙනී සිටින පළමු වතාවෙන් ම සියලු ම විභාගවලින් සමත්වේ යැයි විශ්වාස කෙරේ. එසේ නොහැකි වන අයට නැවත වතාවක් විභාගයට ලියන්නට සිදු වෙතැයි විශ්වාස කෙරේ.


    7. මුහුදු පැළැටි සුප් හා වාසනාවන්ත ඔරලෝසු
    විභාග සමයේ දී මුහුදු පැළැටි වලින් සාදන ලද සුප් පානය කිරීම සටහන් පරිශීලනයෙන් ඔබ ලබා ගත් සියලු ම දැනුම අහිමි වන්නටත් ඔබ උමතු වන්නටත් හේතු වනු ඇති බව දකුණු කොරියාවේ සිසුන් අතර පැතිර පවත්නා තවත් මතයකි.


    'විභාග, සම්මුඛ පරික්ෂණ වැනි වැදගත් කටයුතු යෙදිල තියෙන කොට මං මුහුදු පැළෑටි සුප් පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං දන්නෙම නැතුව ඒවා කැවුණොත් මං ඒ ගැන වැඩියෙ වද වෙන්නෙත් නෑ' යි ජි - යොයුන්ග් කියයි.


    චීන ජාතික චොන්ග් වෑන්ග් පවසන්නේ විභාග දිනවල උදෑසන ආහාරය ලෙස නූඩ්ල්ස් අනුභවය තම සිරිත බව යි.


    'නූඩ්ල්ස් කියන වචනේ චීන තේරුම හැම දේ ම සුමටව සිදුවෙනවා කියන එකයි. ඒ වාගෙම මං මගේ වාසනාවන්ත ඔරලෝසුව ගෙනියන්නත් අමතක කරන්නේ නෑ.' යි වොන්ග් පවසයි.


    8. කුකුළු යුෂේ බලේ
    සීනි ටිකක් කෑමෙන් අපේ ශරීර ශක්තිය ඉහළ යන බව හැම දෙනම පිළි ගත් සත්‍යයකි. නමුත් බොහෝ දකුණු කොරියානුවන් විශ්වාස කරන්නේ සීනි සහිත රස කැවිලිවල විභාග සමත් වීමේ බලයක් ඇති බව ය.


    කොරියානු සාම්ප්‍රදායික රසකැවිල්ලක් වන යෙයොට් Yeot ඔබේ ශක්ති වර්ධනයට මනා පිටිවහලක් සපයන බවයි කොරියානුවන් විශ්වාස කරන්නේ. බොහෝ දෙනා වැදගත් විභාග හා විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ඇතුළත් වීමේ විභාග සඳහා පෙනී සිටීමට පෙර මේ රස කැවිලි අනුභව කරති.


    'යෙයොට් Yeot ඇලෙන සුලු රස කැවිල්ලක්. 'ඇලෙන සුලු' යන කොරියන් වචනයත් 'ඇතුළත් වීමේ විභාගය සමත්වීම' යන වදනත් ශබ්දය අතින් එක සමානයි.


    මැලේසියාව, සිංගප්පූරුව හා චීනයේ සිසුන් විභාගයෙන් සමත්වීම සඳහා කුකුළු මස් යුෂ පානයට පෙළැඹී සිටියි. බොහෝ දෙනා විභාගය දවසේ උදෑසන ම කුකුළු මස් යුෂ පානය කරති.


    'මේක අන්ධ විශ්වාසයක් නෙමේ. මං විභාගෙ දවසෙ උදේට කුකුළු මස් සාරය පානය කරනවා. එය මානසික ඒකාග්‍රතාව හොඳින් පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා. සිංගප්පූරුවේ සිසුන් බොහෝ දෙනා අතර මේ පානය ජනප්‍රියයි' යැයි ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ ඉගෙනුම ලබන සිංගප්පූරු සිසුවකු වන ඩිලාන් ලී සූන් යූන්ග් පවසයි.


    9.රතු පැහැති යට ඇඳුම්
    රතු පැහැය චීනයේ සැලකෙන්නේ වාසනාවන්ත වර්ණයක් ලෙසිනි. විභාගය සඳහා සහභාගි වන දිනයේ රතු පැහැති ඇඳුමකින් සැරසී යාම විශේෂයෙන් ම රතු යට ඇඳුමක් ඇඳීම වාසනාව ගෙන දෙන්නක් ලෙස ඔවුහු විශ්වාස කරති.


    භෞතික සැප සම්පතින් හා ධනයෙන් යමකු ඉහළ තැනක සිටින්නේ නම් ' ඔබ අඳින්නේ රතු පැහැති යට ඇඳුමක්දැයි' විමසීම චීන ජන සම්ප්‍රදායයේ අංගයකි.


    10. 'සීනු හැඩැති දෙවියා'ගේ දයාව
    'සීනු හැඩැති දෙවියා' යනු සිංගප්පූරු ජාතික සරසවි සිසුන් ගේ ශ්‍රේණි ගත කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාදාමය හා සබැඳි සංකල්පයකි. එහිදී සිසුන් ගේ විෂය ක්‍රියාකාරකම් මෙන් ම එකිනෙකා අතර වන සබඳතාවන් ගේ තරම ද මැන බැලෙන්නකි. එම ක්‍රමය ප්‍රස්ථාර ගත කළහොත් එහි හැඩය සීනුවක ස්වරූපය උසුලයි. විෂය සාමාර්ථය ලැබූව ද 'සීනු හැඩැති' ප්‍රස්ථාරයේ අපේක්ෂිත සාධන මට්ටම ළඟා කර ගත නොහැකි වුවහොත් එය ගැටලුවකි.


    'සීනු හැඩැති දෙවියා' වෙනුවෙන් සිංගප්පූරු ජාතික සරසවියේ පිළිම ද තිබේ. 'දෙවියන්' වෙනුවෙන් සිසුන් විසින් ආහාර පූජා කිරීම මෙන් ම මෙන් ම ඉටි පහන් දැල්වීම ද සිදු කරනු ලබයි. එයට අමතරව 'සීනු හැඩැති දෙවියන්' ගේ නමින් වෙබ් අඩවියක්ද, ෆේස් බුක් පිටුවක්ද, ට්විටර් ගිනුමක් ද අරඹා තිබේ. ඒ සිසුන්ට ඉලෙක්ට්‍රොනිකව දෙවියන් යැදීම පිණි ස ය. ඔහු ගේ දයාව අයැදීම පිණිස ය.


    'සිසුවන් වන අප සීනු හැඩැති දෙවියන් ගේ සර්වබලධාරිත්වයට හා ගුප්ත බවට යටයි. අපේ ශ්‍රේණි තීරණය කෙරෙන්නේ ඔහු ගේ අභිමතය මතයි' යැයි සිංගප්පූරු ජාතික සරසවියේ සිසුවකු වන ඩිලාන් ලී සූන්ග් යුන් කියයි.


    (උපුටා ගැනීම BBC)

    neth news http://offair.nethfm.com/article/34925
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕවා නෙමේ බන් ඇත්තටම කරන්න දෙයක් නැද්ද?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ' ඔබ අඳින්නේ රතු පැහැති යට ඇඳුමක්දැයි' විමසීම චීන ජන සම්ප්‍රදායයේ අංගයකි.'

    මෙහෙ අැහැව්වොත් ගුටි තමා...:lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • භෞතික සැප සම්පතින් හා ධනයෙන් යමකු ඉහළ තැනක සිටින්නේ නම් ' ඔබ අඳින්නේ රතු පැහැති යට ඇඳුමක්දැයි' විමසීම චීන ජන සම්ප්‍රදායයේ අංගයකි.


    Ammo eka :D