විමලදාස පෙරේරා දිවි සිනමාවෙන් සමු ගනී

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ප්‍රවීණ ගීත රචක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ විමලදාස පෙරේරා මහතා අද (14) සිය දිවි සිනමාවෙන් සමුගෙන ගොස් තිබෙනවා.

    සොඳුරු ගී මැවූ මදුරප්පෙරුම ආරච්චිගේ විමලදාස පෙරේරා නොහොත්, කලා ලොවේ ප්‍රචලිත විමලදාස පෙරේරා මහතා උපන්නේ 1936 අගෝස්තු 23 වෙනිදායි.

    ඒ මහතා වෘත්තීයෙන් චිත්‍රපට තිර පිටපත් රචකයෙකු, දෙබස් රචකයෙකු, ගීත රචකයෙකු, සහය අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු ලෙස හා චිත්‍රපට නිෂ්පාදක වරයෙක් වශයෙන්ද කටයුතු කර ඇති අතර වරෙක ගුවන් විදුලි වැඩ සටහන් නිෂ්පාදකවරයෙක් වශයෙන් ද කටයුතු කළා.

    ඔහු ලියූ ගී අතර, පුන්සඳ හිනැහෙන්නේ වනමල් පිබිදෙන්නේ , මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ, මැණිකේ ඔබේ සිනාවේ, රස මිහිරි කතා සිඟිති සිනා සුදාගේ මූණේ, සඳ කිරණින් පැලට ඔබේ එළිය වැටෙනවා, හොඳයි නරකයි – දුකයි සතුටයි යන ගීත බෙහෙවින් ජනාදරයට පත්වුණා.

    ඒ මහතා විසින් රචිත ප්‍රථම ගීතය වූයේ, අමිතා හතරසිංහ විසින් ගායනා කළ “ඔබේ පෙම්බර අමිතා ගී ගයා” ගීතයයි.

    ඔහු ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ගීයක් රචනා කරනු ලැබුවේ හෙන්රි චන්ද්‍රවංශ විසින් අධ්‍යක්ෂණය කළ 1958 තිරගත වූ “සමාජය” චිත්‍රපටය සඳහායි.

    ඔහු එම චිත්‍රපටයට ඇතුලත් වූ සියළු ගීත සමඟින් චිත්‍රපටයේ තිරනාටකය සහ දෙබස් ද රචනා කරමින් සහය අධ්‍යක්ෂණයෙන්ද ඒ සඳහා දායක වුණා.

    පසුව 1963 වර්ෂයේ තිරගත වූ “සුනිලා”.... readmore
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,973
    2
    116,091
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20120823-vimaladasa-perera.jpg


    RIP