නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    1670903753729.png

    මෙරට ප්‍රවීන ගායන ශිල්පියෙකු වූ නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යන විට ඒ මහතා 76 වන වියෙහි පසු වුණා.

    මොරටුව ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ගුරුවරියක් වූ හේමා වීරවර්ධන යුවළට දාව 1946 වර්ෂයේ ජනවාරි 09 නිහාල් නෙල්සන් මහතා උපත ලැබීය.

    පාසැල් පෙර අධ්‍යාපන අවදියට එළැඹීමත් සමඟ රාවතාවත්තේ රෝමානු කතෝලික පාසැලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු පසුව මොරටු විද්‍යාලයට ඇතිලත්ව අධ්‍යාපන කටයුතු වල නිරත විය.

    ඉන් අනතුරුව වැල්ලවත්තේ පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිස එහිදී පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව ද අධ්‍යාපනය ලැබූ ඔහු එම පාසලෙන් සංගීත දිවිය ආරම්භ කලේ 1962 වර්ෂයේ දීය.

    නිහාල් නෙල්සන් මහතා සිය 16 වැනි වියේ දී තමා විසින්ම ලියූ ගීතයක් හරා මොරටුව ලක්ෂපතියේ විවාහ මංගල්‍යය උත්සවයක දී ගායනා කරමින් තම සිහිනය කරා පියවර තැබීම ආරම්භ කරන ලදී.

    එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ.ජේ. කරීම් වූ මෙරට ප්‍රවීන සංගීත ශිල්පියා විසින් නිහාල් නෙල්සන් මහතාගේ හැකියාව ගැන පැහැදී ප්‍රවීන සංගීතවේදි ආර්.ඒ.චන්ද්‍රසේන ශූරින් වෙත ඔහුව යොමු කෙරුණා.

    ඒ අනුව ඒ මහතාගේ ප්‍රථම ගීතය ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහ මහතා විසින් සංස්කරණය කොට, ආර් .ඒ. චන්ද්‍රසේන ශූරින්ගේ සංගීතයෙන් හැඩ ගැන්වී 1963 වර්ෂයේ දී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී, මර්වින් රුද්‍රිගු ශබ්ද පරිපාලක වරයාගේ අධීක්ෂණය යටතේ පටිගත කරනු ලැබුවා.

    එම ගීතය මෙරට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇදබැඳගත් “ලස්සනට පිපුණු වන මල් ” නමින් පසුව ජනප්‍රිය විය.

    ඉන් අනතුරුව ඔහු විසින් ගී ගැයූ ගීත තැටි වලට අමතරව ඔහුගේ නමින් වෙළඳපලට පැමිණි කැසට් පට ප්‍රමාණය 113 කට ආසන්නයි.

    නිහාල් නෙල්සන් මහතාගේ ආදරණීය බිරිඳ වූ නැසීගිය අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා මහත්මිය සමඟ 1974 වර්ෂයේ විවාහ දිවියට ඇතුළත් වූ ඔවුන්ට එක් පුතණුවකු ද විය.

    “කාවඩි බයිලා” , “කිරි දුන්නේ දරුවන්ටයි” , “ගුණේ අයියගේ කාමරේ” , “බයිලා වෙන්දේසිය” , “කරුණා සුවඳ” , “සල්ලි මිටි ගණන්” , “අම්මා නැති කලේ” , “කුක්කු කූක් කූක්” , “රෝස මලකුයි” , “කොත්තු රොටිය” , වැනි ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇති නිහාල් නෙල්සන් මහතා චිත්‍රපට ගණනාවකට ද පසුබිම් ගායනයෙන් එකතු වී තිබෙනවා.

    ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

    එතුමාට මොක් සුව !
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,344
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    නිවන් සුව.... 🙏


    Diwyaloke dan thawath lassana athi neda mage yaluwe

    ඔව් මයිනා විතරයි අඩු.
    මයිනත් ගියාම උබටත් පලයන් පල්සර් 1000 ක් අරන් දිව්‍යලොකෙට.
     
    Last edited: