විමලරත්න කුමාරගම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට මෙම කවිය මෙතරම් වදින්න හේතුව කියන පුළුවන් දෙයක්නම් කියපන්කො. :(
    මම මෙතැන ඉන්නේ ප්‍රපංචයන් තුනක් නිසා......මම විශ්වාස කරන්නේ මම මේලෝකේ ලබපු ලොකුම වාසනාවන් ඒ තුන කියන එක.....

    1- මගේ මවටත් පියාටත් දාව උපදින්නට ලැබීම.
    මගේ තාත්තා පවුලේ මනුෂ්‍යෙයක් නෙවෙයි. (not a family man)හැබැයි ඔහු පුරාවිඥායෙක් විදියටත්, ඉතිහාසඥයෙක් විදියටත් මේ රටට කරන්න තියන සේවය ඉතාම ඉහලින් කරපු කෙනෙක්. සමාජයේ අද මට තියන පිළිගැනීමට යම් රුකුලක් ඒක. එපමණක් නෙවයි, රට ගැනත්, ඉතිහාසය ගැනත්, ඒ ආශ්‍රෙයන් අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවත්, රට වෙනුවෙන් මට කරන්න තියන සේවය, බුද්ධියෙන් වේවා, කායික ශ්‍රමයෙන් වේවා නොපැකිලව ඉටු කරන්න මම ඉගෙන ගත්තේ මගේ පියාණන් ගෙන්. ඔහුත් මාත් අතර අදටත් මත ගැටුම් බොහොමයි. විවාද බොහොමයි. නමුත් අවසාන විග්‍රෙය දි තාත්තා තාමත් නිවැරදියි කියල මට අවබෝධ වෙච්ච අවස්ථා බොහොමයි. එවන් පියෙකු ගේ දරුවා වීම අහඹු, මහා වාසනාවක්.

    මගේ ජීවිතය වසා පැතිරුණු හෙවනැල්ල මගේ අම්මා. බහ තෝරන කාලයේ පටන්, මා උකුලේ තබා ගෙන, දුක් විදින මිනිසුන් ගැනත්, ශ්‍රමය ලබන වේදනාව ගැනත්, නොතේරෙන කාලයේ ඉදන් මට කියල දුන්නේ අම්මා. රට ගැනත්, රට වෙනුවෙන් ශ්‍රමය වගුරුවන මිනිසුන් ගැනත් අදරයක් භක්තියක් මට මුලින් ම පහල කලේ අම්මා. මා අද මල් පල පීදෙන වෘක්ෂයක් නම්, ඔබ ඒ මල් ඵල වල සුවද විදිනවා නම්, ඒ මගේ අම්මා මේ තරු අහස් වියන යට මා උකුලත් හොවාගෙන, දුක් විදින මිනිසුන් ගැන යඨාරූඵිව කියා දී වපුලා වූ බිජුවටයෙහි ශෂ්‍යයයි!

    ඔවුන් දෙදෙනාට මට හුරු කල මහා පුරුද්ද, කියවීම, ඉඩ ලද හැකි විටෙකම පොතක ගිලී කිදී යාමේ පුරුද්ද මම ජීවිතේ ලැබූ හොද ම ත්‍යාගයයි.

    2- මගේ ගුරු මව්පියවරුන් : මොවුන් ගේ ශිල්ප දායාදය නොලැබුවා නම් මම අද මෙතැන නෑ. බාලාංශ පන්තියේ මට ඉගැවූ පන්ති බාර ගුරුමවුන් වන තිලකා සමරසිංහ ගුරු මෑනියන් ගේ හිද, අපට විද්‍යාව ඉගැන්වූ ටී.ඩී.ප්‍රනාන්දු සහ සිරිල් රාජපක්ෂ, ගණිතය ඉගැන් වු ජී.ඩබ්. විතාන (විතාන සර් ප්‍රතිකාර වලට එන්නේ මං ගාවට. මට තවත් වෙන සතුටක් තියනවා ද?) වගේ ගුරු දෙවිවරුන් ගේ ඉදන්, ජීවිතයත්, රටට ආදරය කරන්නත් රසායන විද්‍යාවට වඩා ඉගැන් වූ දෙව්රුවන් අල්විස් වැනි මහා-ආත්මයකින් හෙබි ගුරු දෙවිවරුනුත් වෙස්සන්තරලා වගේ ශිල්ප දායාදය නොදුන්නා නම් මම අද මෙතන වන්නේ කොහොම ද?
    ඔවුන් ගේ ඒ මහා සත් ක්‍රියාව, වැටුපට වඩා මේ හදන්නේ මිනිසුන් ය යන හැගීම නිසා තමා අපි අද මෙතැන ඉන්නේ...........

    3- මගේ පාසල සහ මගේ විශ්ව විද්‍යාලය : තමාට පෙර රට යනුවෙන් අපට ගිය මුල් දවසේ ඉදන් ම මොළයට කා වැද්දූ ඒ පින් බිමේ ශිල්ප කරන්නට ලැබෙන්නේ මා හිතන විදියට අතිශය වාසනාවන්ත මනුෂ්‍යන් අතලොස්සකට පමණයි. රටට ආදරය කරන්නට ගෙදරින් ආද, ගුරුවරුන්ගෙන් ආ ශික්ෂනය මල් පල පීදුනේ එතනින්.
    පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියන පින් බිම ගැනත් කිව යුත්තේ ඒ දේ මයි. ඒ තරම් රමණීය බිම් කඩක, විද්‍යාර්ථියෙකු වී සිටීමේ වාසනාවත්, මනුෂ්‍ය ආත්මභාවයක් ලැබූ අතලොස්සකටයි ලැබෙන්නේ. සියළු ම සුපහන් සිතිවිලි අවදිවන, කාව්‍යෙයා්කිතීන් හද ඇදෙන ඒ පින් බිමට යන්නට ලැබීමේ මහා වාසනාව මා අද මේ සිටින පුගුලා නිපදවූවා.

    ඇවිද ළදු දෙණි කැලැ බිම් වල
    රැගෙන විත් තුන්හිරිය පන් කොළ
    යොදා කුකුළු සායම් රතු හා කොළ
    වියා නෙක් විසිතුරු රටා පැදුරු
    රටාවක් බව මේ මහා විශ්වය
    කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.....

    විසල් සුදු ඩිමයි කඩදාසි මත
    තබා මහ කව කටුව දිග රූල
    ඇද නෙක් මෝස්තර මල් හා කොළ
    කපා කැටයම් ඉදු බොකුටු නියනින්
    විශ්වයෙහි රටාවම කලාවට නගන හැටි
    කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.....


    ඔය විට දැනේනේ මගේ ආදරණිය මවත් පියාත් මා හදවතිනුත්, මනසිනුත් ආඪ්‍යව සුපෝෂණය කල ආකාරය....
    ඉතින් දෑස බොද වීම අරුමයක් ද????
     
    Last edited: