විමල්ගේ උපවාසයට පැය 24යි
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ-වෛද්‍යවරු කියති.
දෙවන දිනටත් ක්‍රියාත්මක කරන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මාරාන්තික උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට දැඩි අවදානමක පවතින බව වෛද්‍යවරු පවසති.
මේ අතර උපවාසයේ නිරත වන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම ඊයේ රාතී‍්‍ර එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත පැමිණි අතර ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි ද ඒ අතර වූහ.
අමාත්‍ය මර්වින් සිල්වා, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් මෙන්ම දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සහ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එහි පැමිණ විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලූහ.
මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ සහ දියණියද උපවාසය පැවැත්වෙන ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි අතර ඔහු සමග කතා බස් කොට ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගියේ හැඬූ කඳුලින් වන බවත්,වීරවංශ මහතාගේ දෙනෙත් ද එම අවස්ථාවේ කඳුලින් තෙත්ව තිබූ බවත් අප වාර්තාකරු සඳහන් කරයි.
වීමල් වීරවංශ අමාත්‍යවරයා දිය පොදක් හෝ පානය නොකරමින් සිදු කරන මාරාන්තික උපවාසය ඊයේ දින ආරම්භ කර පැය 12 ක් වත් ගත වීමටත් මත්තෙන් තම ලංකා නියෝජිතයා නිව්යෝර්ක් නුවර වෙත කැඳවා කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රාදේශීය කාර්යාලය වසා දැමීමට ජගත් මහ ලේකම් පියවර ගත්තේය.
ඊයේ සවස්වරුවේ අමාත්‍යවරයා පිළිබඳව වෛද්‍ය පරීක්ෂාවක්ද සිදු කළ අතර එහිදි වීරවංශ අමාත්‍යවරයා යම් දියර බෙහෙත් ස්වල්පයක් පමණක් පානය කරනු අප වාර්තාකරු දුටු අතර හෙතෙම තවත් බෙහෙත් පෙති කිහිපයක් හා ජලය පානය කරන ලෙසට කරනු ලැබු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවක්ද දක්නට ලැබිණි.
ජලය මෙලෙස පානය නොකිරිම අමාත්‍යවරයාගේ වකුගඩු වලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද මෙහිදි වෛද්‍යවරු අනතුරු ඇඟවිමක්ද කළේය.
සරමකින් හා ෂර්ටයකින් සැරසී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණ විසින් සැකසු කුඩාරමක මෙටිටයක් මත වැතිරි හෙතෙම මෙම උපවාසයේ නිරත වන අතර මහ සංඝරත්නය, පාක්ෂිකයින්, හිතවතුන් හා ජනතාව විශාල පිරිසක් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව මැද ඔහුගේ සහායට එක්රොක් වි සිටිනු අයුරුද දක්නට ලැබිණි.
අසල පිහිටි ශබිද විකාශන යන්ත්‍ර වලින් මෙම උපවාසයට සහාය දැක්විම සඳහා දස දහස් ගණනින් පෙළ ගැසෙනන යැයි ඉල්ලිමිද කෙරුණු අතර මහ සංඝරත්නයේ ආශිර්වාදයද එයින් විකාශය කෙරිණි.
එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක වරයා (Neil Buhne) කරුණු පැහැදිලි කිරිමේ කාරණාවක් සඳහා නිව්යෝර්ක් නුවර ට කැඳවීමට එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් පියවර ගෙන තිබෙන බවත් කොළඹ පිහිටි දිළිදු සහන සේවයේ යෙදෙන එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)ප්‍රාදේශීය කාර්යාලය වසා දැමිමටත් පියවර ගෙන ඇති බවත් ජගත් මහ ලේකම් වරයාගේ නියෝජිතයෙකු මේ අනුව ප්‍රකාශ කළේය.
උපවාස කරුවන් නිසා එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ කටයුතු නිසි පරිදි සිදු කර ගෙන යාමට බාධා පැමිණ ඇති බවත් එම තත්ත්වය මැඩ පැවැත්විමට රජය ගන්නා වු ක්‍රීයා මාර්ග පිළිබඳව එක්සත් ජාතින් සැහිමකට පත් වි නොමැති බවත් එයට රජයේ යමි සහයක් ලැබෙමින් පවතින බව පෙනී යාමත් නිසා මේ තීරණයට එළඹි බව හෙතෙම පවසා ඇත.
ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගිය 06 දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එයින් පසුව එය උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.

Jaathika weeraya