විමල්ගේ කුජීත නියාය- සැවොම කියවන්න වටින ලිපියක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    186476376_10225148583037715_7958125648066341395_n.jpg

    විමල් බබෝ, මෙන්න බලාගන්න චීන කොළනිය තියෙන තැන - ජානිපෙ හිටපු මහලේකම් කියයි!
    විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සමාජ මාධ්‍ය ජාල තුළ පළ කළ ලිපියක් පහතින් දැක්වේ.
    ********************

    විමල් බබෝ, මෙන්න බලාගන්න චීන කොළනිය තියෙන තැන
    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ සිය දේශපාලන නිහඩතාවය බිඳ දමා එළියට ආවේය. කාලයකට පසු ඔහු එළියට පැමිණ පෝට් සිටියට පක්ෂව කරුණු දැක්වා යන්න ගියේය. ඔහු මේ අවස්ථාව එනතුරු සැගවී සිටි බව මගේ හැගීමයි.රාජපක්ෂවරුන් හා ඔහු අතර පළදුවී ඇති හොඳහිත නැවත වර්ධනය කර ගැනීමේ අදහසින් ඔහු ඊයේ අදහස් ප්‍රකාශ කළ බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලිවේ.එසේම හෙට ඔහු පාර්ලිමේන්තුවේදීද දිග කතාවක් කරනු ඇතැයි මට සිතේ.ඒ සම්බන්ධව මට ඔහු සමඟ කිසිදු මත ගැටුමක් නැත.ඒ ඔහුගේ කැමැත්තය.එහිදී වීරවංශ මහතා එක් ප්‍රශ්නයක් ඇසුවේය.ඔහු ඇසුවේ ලෝකයේ චීන කොළනි තියෙන්නේ කොහිද කියායි.ඒ ප්‍රශ්නයෙන් වීරවංශ මහතා මතවාදීමය වශයෙන් කෙතරම් වැහැරී ඇති දැයි මොනවට පැහැදිලිවේ.විමල්ගේ මෙම මතවාදී දුගීබවට දාර්ශනික පිළිතුරක් දිය යුතු බව මට සිතේ.
    ලෝකයේ සමාජ සංවර්ධන ක්‍රියාවලියත් සමඟ නිර්මාණය වූ වහල් හිමි සමාජයේ පටන් මිනිස් ශ්‍රමය සූරාකෑම පැවතුනේය.එය ධනවාදය තුළ සංවිධානත්මකව වර්ධනය වූයේ ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වීමත් සමඟය. එදා අධිරාජ්‍යවාදීන් ලෝකය මංකොල්ල කෑමට ලොව පුරා තරගයට මෙන් යටත් විජිත ගොඩනැගුවේය.1505 සිට 1948 දක්වා විවිධ ආකාරයේ යටත් විජිත අද්දැකීමක් අපට ඇත. අධිරාජ්‍යවාදීන්ගේ මේ ලෝකය මංකොල්ල කෑමේ ව්‍යාපෘතිය තුළ ඔවුන් අපේ ශ්‍රමය පමණක් සූරකා නිකන් හිටියේ නැත.ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආගම අපට පැටෙව්වේය. අපට ඔවුන්ගේ තුප්පහි සංස්කෘතිය පැටෙව්වේය.අප වෙනුවෙන් නීතියක් සකස් කළේය.අපට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අප මත පැටෙව්වේය.මේ මහා මංකොල්ලයට සුදුසු දේශපාලන ව්‍යුහයක් හා තක්කඩි දේශපාලන කුලීකාර පැලැන්තියක් අප මත පැටෙව්වේය.ඒ සියලුදේ කිරීම වෙනුවෙන් ඔවුන් බලහත්කාරය අප මත යෙදෙව්වේය.ඒ වෙනුවෙන් මහා යුද යන්ත්‍රයක් ඔවුන් සතුව ඇත.මේ සමස්ථයට මමත් විමල් වීරවංශ මහතාත් කීවේ අධිරාජ්‍යවාදය කියායි.
    දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු යම් තරමක අර්බුදයකට ගිය අධිරාජ්‍යවාදය එය පියමං කරගත්තේ සෘජු යටත් විජිතවාදයෙන් නව යටත්විජිතවාදයට මාරු වෙමිනි.ඒ යටතේ දේශපාලන නිදහස කියා අධිරාජ්‍යවාදීන්ගේ මනදොළ පිනවන දේශීය කළු සුද්දන් පරම්පරාවක් අතට අපේ රටේ දේශපාලන බලය හුවමාරු විය.ඒ හැර අනෙක් හැම අතින්ම යටත් විජිත බූවල්ලාඅපව වෙලාගෙන තිබිණි.අධිරාජ්‍යවාදයේ වෙනසකට ඇති වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙනුවට ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝකය තුළ දැවැන්ත ලෙස නැගී සිටීමයි.ඒ සමගම අධිරාජ්‍යවාදය සමග සෘජුව ගැටුණු සමාජවාදී කදවුරද සෝවියට් සමූහාණ්ඩුවේ බිදවැටීමත් සමග වලපල්ලට ගොස් අවසන් විය.අද අධිරාජ්‍යවාදය නව යටත්විජිතවාදයෙන් යලියටත් විජිතකරණයකට මාරුවෙමින් තිබේ.පසුගිය දශක කීපය තුළදී අප ඉරාකයේ දුටුවේ එයයි. සිරියාවේදී,ඇෆ්ගනිස්ථානයේදී, නැගෙනහිර ටිමෝරයේදී දුටුවේ එයයි.එය විමලුත් මමත් පිළිගන්නා අධිරාජ්‍යවාදයයේ නුතන ස්වභාවයයි.එය අපේ අතට හසුවන්නේ නැත.එහි බෝඩ් කොහේවත් දමා නැත.නමුත් එය මිහිපිට යථාර්ථයකි.
    විමල්ගේ ජනප්‍රිය වාක්‍ය කණ්ඩයක් වන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ,ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන වාක්‍ය කණ්ඩ බිදී ආවේ ඒ තුළනි.එසේම දකුණු ආසියානු රටක් වන අපට නිතර ඉන්දියානු බලපෑම එල්ල වන බව රහසක් නොවේ.ඉන්දියාව සැමවිටම අප වෙත බලහත්කාරය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළේය.ගුරු රෝහණ විජේවීර සහෝදරයා එය හැදින්වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදය ලෙසයි. ඉතිහාසයේ පටන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ නීරස අද්දැකීම් අපට ඇත.මෑත කාලීනව ඊට ඇති හොඳම උදාහරණය වන්නේ 1987 දී ජේ.ආර් දණගස්සවා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමයි.අදත් ඉන්දියාව අපට දහතුනෙන් ඔබ්බට යන ලෙස හැමවිටම බල කරමින් සිටී. ඉන්දියාව අපේ දේපල මංකොල්ල කමින් සිටී. ඉන්දියාව තවමත් කොළඹ වරාය දෙස ඇහැ ගහගෙන සිටින බව රහසක් නොවේ.එසේම ත්‍රිකුණාමල වරායට,මත්තල ගුවන් තොටුපලටත් එසේමය.
    පසුගිය කාලයේ ඉන්දියාව අපට 1990 ගිලන්රථ සේවය ලබා දෙනවිට විමල් කෑගැසුවේ එම ගිලන්රථවල රියදුරන් ලෙස රෝ ඔත්තුකරුවන් පැමිණෙන බව කියමිනි. විමල් මෙන් එවන් විහිළු සහගත උදාහරණ ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන නොකීවද මාද විමල් මෙන්ම ඉන්දියන් ව්‍යාප්තවාදය යථාර්තයක් බව පිලිගනී.විමල් පසුගිය ආණ්ඩු පවතින විට ඉන්දියන් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙහි එනවිට කළු කොඩි දමන්න කියා කීවේ ඒ අර්ථයෙන් විය යුතුය.ඉන්දියන් ව්‍යාප්තවාදයත් අතට අසුවන්නේ නැත.එහි බෝඩ් කොහිවත් දමා නැත.එහෙත් එයද අධිරාජ්‍යවාදය මෙන්ම සුරාකන මුග්ධ සංකල්පයකි.දැන් සිදුව ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදය හා ඉන්දියන් ව්‍යාප්තවාදයද එකට ගිවිසුම් ගසා ආක්‍රමණය අරඹා තිබීමයි.
    ලෝකයේ සමාජවාදී කදවුරද බිදවැටුනත් එම වලල්ලේ සිටි රටවලින් චීනය හා රුසියාව අද නැවතත් ලෝකය තුළ හිස ඔසවාගෙන නැගී සිටී.ඊට හේතුව වන්නේ ඒ රටවලට හිමිවූ බුද්ධිමත් නායකත්වයයි.රුසියාවේ පුටින්, චීනයේ ඩෙන් ෂෙයාවෝ ෆින්ගේ සිට වත්මන් නායක ෂි ජින් පින් ඊට උදාහරණයි.එහෙත් අද මෙම රටවල් දෙකේ සමාජවාදය නැත.
    චීනය යනු ලෝකය තුළ තනි චීනයක් වෙනුවෙන් සටන් කරන යෝදයෙකි.ඇත්ත වශයෙන්ම අද ලෝකයේ සිටින දක්ෂතම මෙන්ම කෛරාටික වෙළෙන්දා චීනා යැයි කීම වරදක් නොවේ.එම නිසා ලෝකයේ වෙළඳ බලය ඇල්ලීමේ ආර්ථික සැළසුමක් චීනයට ඇතී බව රහසක් නොවේ.නුතන චීනයේ ආර්ථික උපායමාර්ගය එයයි.එම නිසා මෙම සියලු ආර්ථික සැලසුම් හදන්නේ චීනයයි.එසේ නැතිව පෝට් සිටිය යනු මහින්ද රාජපක්ෂ නැමති දේශප්‍රේමීයාගේ සිත තුළ ඇතිවූ පහන් සිතුවිල්ලක් නොවේ.එය චීනාගේ සිතතුළ ඇතිවී මහින්දලාට සැපදී දිනා ගත් චීන ආර්ථික උපායමාර්ගයක කොටසකි. හම්බන්තොට වරායේ කොටසක් හදන්න ණයදී ඉතිරිය හැදීමට ණය නොදුන්නේ චීනාගේ ඒ උපක්‍රමයට අනුවය.එහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය චීනය සතුවීමයි.ඒම නිසා චීනයේ මෙම ආර්ථික උපායමාර්ගය ඔස්සේ සිදුවන්නේ රටවල් ආර්ථික වශයෙන් සූරාකෑමයි.
    එම සූරාකන භූමිය චීන කොළනියක් කියා බෝඩ් ගසාගෙන සූරාකෑමට තරම් චීනය විමල් වීරවංශ මෙන් මෝඩ නැත.මේ සිදුවන්නේද බටහිර අධිරාජ්‍යවාදය මෙන්,ඉන්දියානු ව්යාප්තවාදය මෙන්ම චීන ව්‍යාප්තවාදයයි.එය චීනයට අනුව හරි වුවද අපට අනුව වැරදිය. අපේ රටේ මිනිසුන් ඊට කියන්නේ චීන කොළනියක් කිරීම කියායි.වෙනසකට ඇත්තේ ඇමරිකාව හා ඉන්දියාව මෙන් චීනය එය කරන්නේ බලහත්කාරයෙන් නොවීමයි.චීනය එය කරන්නේ නායකයන්ට පගාව දීගෙනය. දෙකෙන්ම සිදුවන්නේ එකම දෙයයි.නමුත් තමන්ගේ වාසියට විමල් වීරවංශ නැමති දේශපාලන අනාථයාට එය පෙනෙන්නේ නැත. එම නිසා ඇමරිකන් අධිරාජ්‍යයවාදයේ බෝඩ් සෙවීමට උනන්දු නොවන විමල් වීරවංශ, ඉන්දියානු ව්‍යාප්තවාදයේ බෝඩ් සෙවීමට උත්සහ නොවන විමල් වීරවංශ,චීන කොළනිය නම් බෝඩ් එක කොහේදැයි අපෙන් විමසයි. විමල්ගේ එම නිර්ලජ්ජිත උත්සාහය රටට හෙලි කිරීම අපගේ වගකීමයි.බෝඩ් එක දැන් ඇත්තේ විමල්ගේ පිටේය.ඒ දේශද්‍රෝහී බෝඩ් එකයි.එම නිසා අපට අවසාන වශයෙන් කීමට ඇත්තේ විමල් මේ කිසිත් නොතේරෙන බබෙකු නොව දේශපාලන තක්කඩියෙකු බවයි.
    - ප්‍රියන්ජිත් විතාරණ-
    (ජාතික නිදහස් පෙරමුණේ හිටපු මහ ලේකම් )
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    View attachment 126626

    මූ විතරක්ද, අර ගෙවිදු ගෙවලයා රෙන්නෙත් කටින් දැන්..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කුරුදු බීඩි
    කුරුදු බීඩි
    කුරුදු බීඩි

    කුරුදු බීඩියක්, ටොෆියක්, පෙපරමින්ට් එකක්, කූල් වතුර බෝතලයක්